Thursday, November 24, 2011

ඇවිදින විටත් නිදියන දූ පුතුන් ලද

"ෆිස් එක බලාගන්න ඉන්න කට්ටියත් මම එනකොට හොදට ගොරව ගොරව නිදි " පෙරේදා (22/11/2011) ඔෆිස් එකේ මමයි, බාප්පයි, බාප්පාගේ පුතයි කතා කරකර ඉන්නකොට බාප්පා විහිළුවෙන් වගේ කිවුව කතාවක්. මේ කතාව ඇහුනාම මට පොලොව පලාගෙන යන්න හිතුන. මොකද ඔය ඔතන කට්ටියත් කියල කිවුවෙ මට හින්ද.

ඔෆිස් එකේ මට කරන්න තියන වැඩ අඩුවේගෙන ගිහිල්ල අන්තිමට කරන්න වැඩක් නැති තැනටම ආවට පස්සේ මම පටන්ගත්ත ඔෆිස් එකේ ටිකක් නාදාගන්න. ටිකක් කිවුවට ඇත්තටම ටිකක්මත් නෙවෙයි. ඒ දවස් වල අපේ බාප්පත් ඔෆිස් එන එක අඩු කරල තිබුනෙ. ඔෆිස් එකේ වැඩ බැලුවේ බාප්පාගේ පුතා. ඉතින් අපි දෙන්න (මමයි බාප්පගෙ පුතයි) උදේට ඔෆිස් ආපුවහම මට තියන ඔය පොඩි පොඩි වැඩ ටික ඉවර කරලා නවකතා පොතකුත් අරගෙන මම යනවා අපේ බාප්පගෙ පුතාගෙ රූම් එකට. යාහු නිවුස් වලින් පටන්ගන්න අපේ කතාව ඉවර වෙන්නෙ ෆේස් බුක් එකේ අලුතින් අප්ඩේට් කරලා තියන ෆොටෝස්, වීඩියෝස් ටිකත් බලල ඉවර උනහම තමයි. ඊට පස්සෙ මම පොත කියවන්න පටන්ගන්නවා. ඔන්න ඉතින් පොත ටිකක් කියවගෙන එනකොට ඇස්දෙක පියවෙන්න එනව ඉතින් පොත පැත්තකින් තියල ටිකක් නාදා ගන්නවා. ඔය වෙද්දී වෙලාව 12ට විතර ඇති. 2ක විතර වෙනකොට නගිටෙන්නෙ හොද බඩගින්නකුත් එක්ක. ගෙදරට ගිහිල්ල දවල්ට කාල ආයෙත් ඔෆිස් එකට එනකොට හවස 3 විතර වෙනවා. ඒ ආවට පස්සෙ බ්ලොග් දෙක තුනක් කියවල ෆෝන් එකෙන් ගේම් එකක් එහෙම ගහද්දි ඔෆිස් එක වහන වෙලාව හරි. මාස එකහමාරකට විතර කලින් මේක තමයි මගෙ සාමාන්‍ය දින චර්යාව. සතියකට දවසක් දෙකක් විතර මේක පොඩ්ඩක් වෙනස් වෙන්නෙ ඔෆිස් එකේ වැඩ වලා එලියට යන්න වෙන හින්ද. කැලේ වෙනස් උනාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නෙ නෑ වගේ, මම ඔෆිස් එකෙන් පිට හිටිය කියල මගෙ නිදා ගනිල්ලා වෙනස් වෙන්නෙ නෑ. වාහනේ එලවන ගමනුත් නින්ද ගිය අවස්ථා එමටයි. සිග්නල් එකක හිටියොත් අනිවාර්යෙන් නින්ද ගිහින්, පිටිපස්සෙ වාහන වල හෝන් එකට තමයි නගිටෙන්නෙ.


ඔන්න ඔහොම තමයි මාස එකහමාරකට කලින් මම ඔෆිස් එකේ වැඩ කෙරුවෙ, ඒත් අහම්බෙන් ඇහුන සින්දුවක් හින්ද, වැඩ කරන වේලාවට නිදා ගන්න සම්පුර්ණයෙන්ම නැවැත්තුව. ඒ සින්දුව ඒ තරමට මගෙ හිතට වැදුන. "ඇවිදින විටත් නිදියන දූ පුතුන් ලද මේ මගෙ නිජබිමයි ලෝකෙන් උතුම් රට" මෙන්න මේ පද පේලිය ඇහෙන කොට මට හැගුන මමත් ඔය කියන ජාතියේම කෙනෙක් නේද කියල. හරිම ලැජ්ජාවක් දැනුන. මම නිදාගෙන ඉන්න ෆොටෝ ෆේස් බුක් එකේ තිබුනත් මට මෙතරම් ලැජ්ජාවක් දැනිල නෑ. රටේ මේදේ වෙනස් වෙන්න ඕනෙ, අර දේ වෙනස් වෙන්න ඕනෙ කියල නිතරම වාද කරන මමත් මෙහෙමද කියල මට හිතුන.


මේ සින්දුව තියන සීඩි (නෑසෙන ගී නද- නන්දා මාලිනි) ඒක මම ගත්තෙ මීට මාස 6කට විතර උඩදි, ලංකාවෙ ගුවන්තොටුපොලෙන්. ඒත් ඒකෙ තියන ඔක්කොම සින්දු ටික අහන්නත් කලින් මිතුරෙක් ඒ සීඩි එක ඉල්ලන් ගියා අද වනතුරුත ඒක ලැබුනේ නෑ. කොපියක් දාගත්ත නිසා ඒක ඉල්ලන්න උවමනා උනෙත් නෑ. මේ සැරේ ලංකාවට ගිහිල්ල එනකොට තමයි ඒ සින්දුව පලවෙනි වතාවට අහන්න ලැබුනේ. තව දෙතුන් පාරක් ඒ සින්දුවම ඇහුවෙ ඒක මගෙ සිතට තදින්ම කා වැදුණු නිසා වෙන්න ඇති.කොහොම නමුත් මේ සින්දුව මගෙ ජිවිතේ ලොකු වෙනසක් කළා.


පලවෙනි දවස් දෙක තුන හරිම අමාරුවෙන් හිටියෙ නින්ද යන්නම එනව. ඒ වෙලාවට පුටුවෙන් නැගිටලා ඔෆිස් එකේ ඇවිදිනවා, එහෙමත් නැත්නම් තේ එකක් බොනවා. වාහනේ යද්දිත්
පොඩි වතුර බෝතලයක් අරගෙන ගියා. සිග්නල් එකක නැවතුනාම මූඩියට වතුර ටිකක් අරගෙන මුණ හොද ගත්ත. දැන් මම ඔෆිස්‌ වෙලාවෙ නිදා ගන්නෙ නෑ.

පෙර රජ දවස වැවු දාගැබ් ගණන් කොට
ගල් කණු අතර හප කරමින් බුලත් විට
ඇවිදින විටත් නිදියන දූ පුතුන් ලද
මේ මගෙ නිජබිමයි ලෝකෙන් උතුම් රට

කහට කෝප්පේ පොගවා ගිලින්නට
පාන් කෑල්ලක් යදිනා දනන් හට
ඇස් නැත සිදුව ඇති දේ ගැන දකින්නට
එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට

රැවටී සුවහසක් බොරුකාරයින් හට
පාඩම් ලබා නැත යුග යුග ගනන් සිට
දෑසේ කදුළු ඉතිරිව නැත අඩන්නට
එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට

උගසට තබා මගෙ රට පිට රටුන් හට
ලොව බලවතුන් අභිමුඛයෙ දනින් සිට
සිග්මන් යදිමු සාගින්දර නිවන්නට
එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට



සින්දුව ඩවුන්ලෝඩ් කරගන්න මෙතනින්
මෙන්න මේ සින්දුවට පින්සිද්ද වෙන්න දැන් මම ඔෆිස් එකේ ඇහැරගෙන ඉන්නව. තව ගොඩක් දේවල් මේ සිංදුවෙන් අපට ඉගෙනගන්න පුළුවන්. නමුත් ඒ දේවල් ගැන කතා කරන්න ගියොත් මගෙ බ්ලොග් එකත් දේශපාලන බ්ලොග් එකක් වෙන නිසා මම මෙතනින් ලිපිය නවත්තනවා.

Thursday, November 10, 2011

නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ නිවසේ දෙවියන් අම්මා

ම්ම්ම්... කොහොමද පටන්ගන්නෙ. දෙවැනි මංසලකුණ අම්ම ගැන. හරි එහෙම හොදයි.
අද අපේ අම්ම ගෙ 52 වෙනි උපන්දිනේ ඉතින් හිතුන මටත් අපෙ අම්ම ගැන ලිපියක් ලියන්න. සමහර දේවල ගැන ලියන්න, කතා කරන්න ගියහම පටන් ගන්න තැනක් ඉවර කරන්න තැනක් හරි ලේසියෙන් හොයා ගන්න පුළුවන්. ඒත් අම්ම,තාත්ත ගැන ලියන කොට ඒ ආදරය, ඒ කරුණාව, ඒ දයාව ගැන කොතනින් පටන්ගෙන කොතනින් ඉවර කරන්නද කියල තවම මට සිතා ගන්න අමාරුයි.

මට මතකයි මම පොඩි කාලෙ එතකොට මම 3 වසරෙ විතර, ඉස්කෝලේ හැරිලා ගෙදර ආපුවහම මගෙ පොත් ටික බලල වැරැද්දක් අඩුපාඩුවක් තියනවනම් ඒවා කියා දුන්නු හැටි. පිටු ගනන් කැතට ලියල තිබුන අකුරු මකවල ආයෙත් ලියවපු හැටි. ඒ දවස් වල පොඩි තරහක් ආවට දැන් ඒ දේවල් මතක් වෙනකොට එන හැගීම කියන්න වචන ගලපගන්න බෑ. උසස් පෙළ කරන කාලෙ මම පාඩම් කරන්න නැගිටින්නත් කලින් අම්ම නැගිටල තේ එක මේසෙ උඩින තියල යනව. අපි උසස් පෙළ කරන කාලෙ හැමෝම කේවළ ව්‍යාපෘතියක් කරන්න ඕනෙ. මගෙ ව්‍යාපෘතියෙන් බාගෙකට වඩා කලෙත් අපේ අම්ම.

මගේ මල්ලිව හම්බුන දවස් වල අම්ම මල්ලිව නිදිකරවල මාවත් තුරුළු කරගෙන නිදියනව එතකොට මට වයස අවුරුදු 4ක් විතර ඇති. අදටත් මම ලංකාවට ගියහම මම ආසම කෑම ජාති හදල මට කන්න දෙන්නෙ
හරිම ආදරෙන්. වැරදිලාවත් ගෙදරින් නොකා හිටියොත් අම්මට හරි දුකයි. ඉතින් මම කොහෙන් කාල ආවත් ගෙදරිනුත් කන්න අමතක කරන්නෙ නෑ (ලංකාවට ගිහිල්ල සතියක් ඉදල ආවොත් බර කිලෝ 3ක් විතර වැඩි වෙනව)

සමහර වලාවට අම්මත් එක්ක රණ්ඩු වුන වෙලාවලුත් නොතිබුනාම නෙමේ. එහෙම වෙලාවට අපි නොකා නොබී ඉන්නකොට අම්ම කොයිතරන් නම් අඩන්න ඇද්ද. ඒ දැනුම් තේරුම අඩු කාලෙ කරපු දේවල් වලට සමාවෙන්න අම්මේ. අපි පොඩි කාලෙ කොයි තරම් දේවල් වලට ආස කලාද, කොයිතරම් දේවල් ඔයාගෙන් බලාපොරොත්තු වුනාද. ඒත් අද ඔයා අපෙම් බලාපොරොත්තු වෙන්නෙ ආදරේ විතරමයි.ඔයා ආස කරන්නෙ මගෙ රූපෙ බලාගෙන මාත් එක්ක ස්කයිප් එකෙන් කතා කරන්න විතරයි. ඒ කතා කලත් මුලින්නම් අහන්නෙ පුතා දැන් කාලද ඉන්නෙ, කවද්ද ආයෙ ලංකාවට එන්නෙ කියල. සතියක් දෙකක් විතර කතා නොකර ඉදල කතා කරපුවහම "පුතාට අපිව දැන් අමතක වෙලා ද" කියල අහපුවහම හැම දෙයක්ම දාල ලංකාවට යන්න හිතෙන්නෙත් අම්මගෙ ආදරේ වැඩිකම නිසාම වෙන්න ඇති.

හැමදාම අපේ උපන්දින වලට කිරිබත් හදල අපිට කවනවා. ඒත් තවම අපිට ඒ දේ අම්මට කරන්න බැරි වුනා. අඩුම තරමෙ ලගම තියන ගමේ පන්සලට එක්කගෙන යන්න. හැමදාම වගේ උදේම නැගිටල සුභ උපන්දිනයක් කියන්න විතරයි පුළුවන් උනේ. මට වඩා බාලසහෝදරයෙකුයි, සහෝදරියෙකුයි හිටියත් මට, අපේ අම්මට මම තවම චූටි පුතා. ඒ චූටි පුතා අම්මට ආයෙමත් සුහ උපන්දිනයක් කියල ප්‍රර්ථනා කරනවා...!!!

කවියක් ලියන්න වචන ගලපන්න අමාරුයි . ඒ හින්ද මම ආසම මවුගුණ ගීතය දාන්නම්. මෙ ගීතය හැම මවකටම උපහාරයක්‌ වේවා...!!!

සොම්නස හෝ සන්තාපය හමුවේ සිහිවේ සිහිවේ අම්මා
කරුණා ගුණයේ සාරය සොයලා නිමකට පිළිරුව අම්මා

ආදරයේ බලමහිමේ රතු ලේ සුදු වූවා
මෑණිය ගේ සෙනෙහසිනේ රට ජාතිය හැදුවා
නිල්මිණි රන්කැට මේවා ඕනේද ඕනෑ නෑ ළග අම්මා
නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ නිවසේ දෙවියන් අම්මා

පාවෙන සුළගේ සිසිලස මවමින් පෙන්වයි සාමය අම්මා
ජීවනයේ පුජාවෙන් පිදුවත් මදි අම්මා
නිල්මිණි රන්කැට මේවා ඕනේද ඕනෑ නෑ ළග අම්මා
නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ නිවසේ දෙවියන් අම්මා



මේ ලින්ක් එකෙන් සින්දුව ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්
http://www.mediafire.com/?jeyent23vmmyo3h

ප/ලි
හැමදාම වගේ මට උදවු කරන සුභාෂ් අයියට ස්තුතියි සින්දුව ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එක හොයල දුන්නට
වත් අක්කටත් ස්තුතියි Diveshare ගැන කියල දුන්නට

Sunday, November 6, 2011

ආයුබෝවන්...!!!


    ආයුබෝවන් කියලම පටන්ගන්නම් එහෙනම් හා හා පුරා කියල ලියන්න යන ලිපියට. (ෂා එහෙම කියන්න  බෑ නෙ මුලින් ලිපියක් ලිවුවනෙ රස කතා බ්ලොග් එකට.) එහෙනම් කොහොමද පටන් ගන්නෙ.
      ආයුබෝවන් කියලම පටන් ගන්නම් මගේ පළමු බ්ලොග් අඩවියේ පළමු ලිපියට. එහෙම කියන්නත් බෑ මේ මගේ දෙවැනි බ්ලොග් එකනෙ. පලවෙනි බ්ලොග් එක හදන්න පාවිච්චි කරපු ඊ මේල් එකේ පාස්වර්ඩ් එක අමතා උනා නෙ. කොහොම හරි මේක තමයි මම මංසලකුණු බ්ලොග් එකට ලියන පළමු ලිපිය.

            මුලින්ම මතක් කරන්න ඕනෙ මම කියපු පලවෙනි බ්ලොග් එක දුකා බ්ලොග් එක, සුභාෂ් අයිය ලියන. ඒ මීට වසර 2කට විතර කලින්. මට මුලින්ම ආරාධනාව ආවෙත් දුකා අයියගෙන් බ්ලොග් එකක් ලියන්න කියල. ඉතින් ඒ ආරාධනාව පිළිගෙන මම මුලින්ම ලියන්න පටන් ගත්ත බ්ලොග් එකේ එකම පෝස්ට් එකක්වත් දාන්න බැරි උනා.ඔන්න ඊළගට තමයි මංසලකුණු පටන්ගන්නෙ.  දුකා අයිය ඇතුළු මට බ්ලොග් එකක් පටන්න කියල මාව දිරිමත් කරපු සියලුම දෙනාට ස්තුතිය.

              එහෙම නම් හැම දෙනාටම ආරධනා කරනවා මංසලකුණු කියවල සලකුණක් තියල යන්න කියල. ඒ වගේම මගෙ තියන අඩුපාඩු, හදාගන්න ඕන තැන් පෙන්නල දෙනවනම් මම ගොඩක් කැමති.

  අවසරයි බ්ලොග් කරලියට රුචා ටත් පැමිණීමට. ආයුබෝවන්...!!!
Real Time Web Analytics