Friday, December 16, 2011

ලකී ෆිෂ්

මොකක්ද මතක් වුනේ මාතෘකාව දැක්කහම. නෑ මම මේ කියන්න හදන්නෙ ඔයාල හිතපු ලකී ෆිෂ් ගැන නම් නෙවෙයි හැබැයි. හැබෑටම එහෙනම් මේ මොකක් ගැනද? මේ කතාව කියවල ඉවර වුනාට පස්සේ මගෙන අහන්න එපා ඔන්න "මොකක් ගැනද ඔය උඩ කියල තියෙන්නෙ" කියල. ඒක නොදන්න කට්ටිය දන්න කෙනෙක්ගෙන් අහගන්න මොකද මමත් හරියටම දන්නෙ නෑ. අහල තියනව විතරයි.

සතියකට විතර කලින් වුන සිදුවීමක් ගැන තමයි මම අද කියන්න යන්නෙ. වෙලාව හවස 4.30ට විතර, ඒ වෙලාවෙ මම ඔෆිස් එකේ ගජරාමෙට වැඩ. (ඔය කිව්වට ඉතින් කිසි වැඩක් නෑ ඔය වෙලාවට, බස් පදින එක තමයි කරන්නෙ) අපේ ඔෆිස් එකේ පියන් මොකක්ද කුප්පියකුත් උස්සගෙන ඔෆිස් එකට ආවේ ඔන්න ඔය වෙලාවෙ. පියන් මගෙ ලගට ඇවිල්ල ඒ කුප්පියත් මට දීල කියනව "බොස් මේක රුවන් සර්ට දෙන්න කිව්ව" කියල. (ඔය පියන් තවම අලුත් කෙනෙක් ඒකයි මට සර් කියන්නෙ) ඔය ෆොටෝ එකේ තියන හිස් කුප්පිය දැන් මං ලග. ආයෙ ඉතින් අහන්න දෙයක් නෑ මේ හිස් කුප්පිය මට දුන්නෙ මොකටද කියල . මොකද මේකෙ මම මල් හිටවන්න යෑ. 5.00 වෙනකම් ඔෆිස් එකේ ඉදල මම මේ කුප්පියත් අරගෙන ගියා මිනී මැදුරක් සමාවෙන්න මින් මැදුරක් හොයාගෙන.


මගෙ වාසනාවට වැඩිය දුර යන්න වුනේ නෑ ඔෆිස්‌ එක ලගම එකක් තිබුන. හැබැයි ඒක මින්මැදුරක් නම් නෙවෙයි වෙන මොකක්ද එකක්. බෝඩ් එකේ නම් ගහල තිබුනෙ පෙට් ෂොප් කියල ඇතුලට ගියහමයි දැක්කෙ ඒකෙ මාලු, පූසෝ, ගෙම්බො, හාවො, නයි, පොලොඟු, කටුස්සෝ තව එක එක උන් හිටිය ඒක ඇතුලෙ. මාර පෙට්ස්ල තමයි. මම ඇතුලට ගියාට වඩා ඉක්මනට එලියට ආව. බුදු අම්මෝ ඒකෙ තිබුණු ගඳ. එක ගඳක් නෙවෙයි ගඳවල් කීපයක සම්මිස්ශ්‍රනයක්.පෙනහලු දෙකේ ඉදල උණ්ඩුක පුච්චෙ ලගට යනකම් තියන ඔක්කොම අවයව ටික පිරෙන්නෙ ලොකු හුස්මක් අරගෙන ආයෙත් ගියා කඩේ ඇතුලට ගිහිල්ල කුප්පිය පෙන්නල තියනවද කියල ඇහුව. කඩේ හිටිය මෑන් කුප්පිය අතට අරගෙන හොදට කරකවල බලල ටික වෙලාවකට පස්සෙ කියපි "වී ඩෝන්ට් හෑව්" කියල. මම හිරකරගෙන හිටිය හුස්ම ටික බකස් ගාල එලියට පැන්න. (සන්තෝසෙ වැඩි කමට) ලේන්සුවක් පාවිච්චි නොකරන මට ඒ වෙලාවෙ පිහිටට හිටියෙ ෂර්ට් එකේ කොලර් එක විතරයි. කොලර් එකෙන් නහය තදකරගෙන මම ඇහුව මේක කොහෙන්ද හොයා ගන්න පුළුවන් කියල. කඩේ මිනිහ "ගෝ කරාම" කියල කිව්ව. මූ ගාව ලෝකෙ ඉන්න ඔක්කොම සත්තු ටික ඉන්නව උන්ට දෙන්න කෑම නෑ, මම ඉතින් කඩේ මිනිහට හිතින් පිං දිදී එලියල ආවා.

දැන් ඉතින් පලයන්කො "කරාම". මෙහෙ ඉන්න අයටනම් ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑ කරාම ගැන. හැමදෙයක්ම තියන පලාතක් හැබැයි ඉතින් කළුනික හොයනවටත් වඩා අමාරුයි මේ හරියෙ පාකින් එකක් හොයා ගන්නව කියන්නෙ එක. "රුචෝ උබ අද 8.00න් මෙහා ගෙදර යනව බොරු" කියල මම මටම කියාගෙන දැම්ම D එකට කරාම යන්න. ටික දුරක් යනකොට සද්දයක් එනව "බෙල්ට් එක දාගනින් බෙල්ට් එක දාගනින්" කියල නෙවෙයි ටින් ටින් කියල. ඒකත් ඇදල දා ගත්ත.

පොඩි මොලෙන් මැසේජ් එකක් එනව මේ ලගපාතකම තව මින්මැදුරක් තියනව කියල.(හප්පේ මේක උඩ උදේ ඉදල ඉදගෙන හිටියත් හොදට වැඩ) තව ටිකක් කල්පනා කරල බලද්දි මතක් වුනා ප්ලේස් එක. හරවාගෙන ගියා තැනට ගිහිල්ල බෝතලේ පෙනුවහම කඩේ හිටිය මිනිහ හොද හිනාවකුත් දාල ගත්තෙ නැතෑ ඇන්කර කිලෝ එකේ ටින් විතර ලොකු ටින් එකක්. (අතේ තියන තුට්ටු දෙකටත් කෙලින්න මූ හදන්නෙ) මම කිව්වා මේ සයිස්ම එකක් තියනවනම් දෙන්න නැත්තන් එපා කියල. කනේ ගෑවිලා තිබුණු මිනිහගෙ කටනම් ටිකක් විතර පැත්තට ගියා. හැබැයි මෑන් හොයල දුන්න මම ඉල්ලපු එක. ඒකත් අරගෙන මම එන්න පිටත් උනා.














ඔය ඉන්නෙ කැස්බෑ කෑම කන අපේ ගෙදර ඉබ්බෝ


ඒ එන ගමන් මතක් වුනා අපි පොඩි කාලෙ මාලු හදපු හැටි. අම්මෝ අපි පොඩි කාලෙ නම් රුපියල් 10ක් හම්බවෙන්න බෑ ගිහිල්ල මාළු ජෝඩුවක්‌ ගේනව. ඉතින් ඔහොම හැමදාම ගේන මාලු හුන්ඩුවක් විතර ටැංකියට දාන්න ඉඩ තියන එකක් යෑ. (ටැංකියේ හැමදාම හිටියෙ ගෝල්ඩ් ෆිෂ් ලා,බ්ලැක් මුවූර් ගෝල්ඩ් ෆිෂ් ලා, ඒන්ජල් වගේ මාලු. වලට වැටුනෙ ප්ලේටි, ගප්පි තමයි හැමදාම) ඉතින් පටන් ගන්නව හාරන්න. මුල්ම කාලෙ නම් ඔහොම හාරන වලවල් වලට හොද ඝනකම ඉටිකොලයක් දාල වතුර පුරවල මාලු දානවා. වල වටේට ඉටිකොලේ උඩින් ගල් තියනව. ගල් වලට උඩින් කුකුල් දැල. ඔය ඉතින් 5-6 වසරවල් වල ඉන්නකොට කරපු විදිහ. අපි ලොකුවෙනකොට ඔය ක්‍රමේ ටිකක් විතර වෙනස් වුනා. වලේ වට ප්‍රමානෙ වැඩි වුනා ගැබුර වැඩි වුනා. ඉටි කොලේ වෙනුවට සිමෙන්ති පාවිච්චි කරන්න ගත්ත. වලට මාලු දාන්න කලින් වතුරයි පොල් ලෙලියි දාල වලේ සිමෙන්ති වල සැර නැති කලා. ඔය මොනදේ කලත් වලේ මාලු හිටියෙ වැඩිම උනොත් මාසයයි නැත්තන් දෙකයි. ලොකු වැස්සක් ආපු ගමන් මාලු යනව පාර දිගට. ඉතින් වැස්ස පායනකොට මාලු එකෙක් වත් වලේ නෑ. කාලෙත් එක්කම මාලු හදන එක නැවතිලාම ගියා.

පොස්ට් එක නම් හිතුවට වඩා දිග් වුනා කෝ ඒත් මාතෘකාවෙ හිටපු ලකී ෆිෂ් ?
ලකී ෆිෂ් (Arowana) ගැන මට නම් කියන්න තියෙන්නෙ හරි පොඩි දෙයයි. ඒ තමයි ඌ හරි අන්ලකී ෆිෂ් කෙනෙක් කියන එක. මම දැකල කියන විදියට ඌව ඇතිකරන හැමෝම ඌව ඇතිකරන්නෙ වෙනම ටැංකියක. සමහර ලොකු ලකී ෆිෂ් ලව දාල තියෙන්නෙ උන්ට හැරෙන්නවත් ඉඩ නැති ටැංකි වල. මම නම් දන්නෙ නෑ මිනිස්සු ඌව ඇති කරන්නෙ වාසනාව ලගා කර ගන්නද කියල. හැබැයි ඒක උගෙනම් අවාසනාව.
ඔය යට ඉන්නෙ තවත් එක අවාසනාවන්ත ලකී ෆිෂ් කෙනෙක් ෆොටෝ එක ගත්තෙ දෙවනියට ගිය මින් මැදුරෙන්
මටත් හරි ප්‍රශ්නයක් වෙලා තිබුනෙ ඇයි මූට ලකී ෆිෂ් කියන්නෙ කියල. මෙන්න උත්තරේ ඔය බලාජි ආර් කියල තියෙන්නෙ



ප.ලි
ඇත්තටම මුලින්ම ලියන්න හිතාගෙන හිටියෙ ඔය යට තියන චේදෙ විතරයි. පස්සෙ තමයි උඩ තියන කතාව එකතුකලේ. කතාව දිග වැඩී,බෝරිං වගේ නම් සොරි වෙන්න ඕනෙ :D

Wednesday, December 7, 2011

අහිමි වුනත් නුබ ලදේ මට අඩන්න අවසර නෑ




ය උඩ තියෙන්නෙ වෙලාව, ඒක තමයි වෙලාව 6:21. ඔෆිස් එකේ වැඩ ඉවර වෙලා ගෙදර ආවට පස්සෙ කොහෙවත් යන්න අකමැති වුනාට සමහර ගමන් තියනව නොයා ඉන්න බැරි. ඉතින් ඊයෙත් ඒවගේ ගමනක් සෙට් වුනා. ගෙදරින් එලියට එනකොටම,
බාප්ප : කොහෙ හරි යන්ඩද හදන්නෙ
මම : ඔවූ බාප්පෙ මේ ලුලු එක ලගට ගිහිල්ල එන්න (ලුලු කියන්නෙ මෙහෙ තියන සුපර් මාකට් එකක්)
බාප්ප : ආ.... මේ බෙහෙත් ටික ෆාමසියකින් ගෙනත් දීලා යන්න පුලුවන්ද
මම : හරි බාප්පෙ.
බාප්ප : මොනවද ඔය බෑග් වල තියෙන්නෙ.
මම : යාලුවෙක් ලංකාවට යනව බාප්පෙ මේ බෑග් ටික එයාට ගිහිල්ල දෙන්න යන්නෙ ලුලු එක ලගට
බාප්ප : හා...
ඔන්න ඔය වෙලාවෙ තමයි "ටිංටිං” කියල ඔය උඩ මම දාල තියන මැසේජ් එක ආවෙ. ෆෝන් එක ගන්නෙ කොහොමද අතින් කටින් බෑග් එල්ලගෙන. බෑග් ටික කාර් එකට දාල බැලුව මොකක්ද කියල බැලින්නම් “එයා” (ඔය නම කපල තියෙන්නෙ එයා තමයි “එයා” ) මම යවපු ෆෙන්ඩ් රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරලලු.
මොන කුණුහරප කතාවක්ද දෙයියනේ මේ මම කවදද මෙයාට රික්වෙස් එකක් දැම්මෙ. බොරු කියන්නෙ මොකටද ඉස්සර නම් ඉතින් නිතරම වගේ සර්ච් කරනව එයා ෆේස් බුක් ඉන්නවද කියල. ඒත් ඉතින් ඒ එයා එකවුන්ට් එක හදල තියෙන්නෙ නොවැම්බර් 30 නෙ. දවස් 6කට කලින්. කොහොම හරි කමක් නෑ එයා දැන් මාව ඇඩ් කරගෙනනෙ.

කවුද දැන් මේ “එයා.“ ඔය මම ඉස්කෝලෙ යන දවස් වල පස්සෙන් ගියපු ගෑණු ළමයනේ, මෙයා ඉතින් මට කවදාවත් කැමති වුනේ නෑ අර පාස්වර්ඩ් එක අමතක වුන පලවෙනි බ්ලොග් එක ලියන්න හැදුවෙ මෙයා ගැනනෙ. හොද වෙලාවට ඒ බ්ලොග් පාස්වර්ඩ් එක නැති වුනේ නැත්තන් තවත් ආදර අදෝනාවක් සිංහල බ්ලොග් අවකාශෙට එකතු වෙනවා. මේ බ්ලොග් එකේ නම් ඔය කතාව නොලිය ඉන්න තමයි හිතුවෙ. ඉස්සරහට හිත වෙනස් වෙයිද දන්නෙ නෑ මේ යන විදියට.

ආයෙ කතාවට. මම ඉතින් මුලින්ම කලේ මේ එයාමද කියල බලපු එක. කවුද දන්නෙ එක නම තියන කි දෙනෙක් මේ අන්තර් ජංජාලෙ සැරි සරනවද කියල. එයාම තමයි ෆොටෝ 3ක් ම අප්ලෝඩ් කරල තිබුන.
කොයිතරම් ආශාවෙන්ද හිටියෙ ඔය මූණ බලාගන්න. මේ ගමන් ටික ගිහිල්ල ගෙදර එනකම් සිහියක් නෑ.
ෆෝන් එකෙන් පේනවට වඩා ලොකුවට ලැප්ටොප් ස්කීන් එකෙන් මේ ෆොටෝ 3 බලන්න. මට හිතා ගන්න බැරි මේ සිදුවීමට මම සතුටු වෙන්න ඕනෙ ද නැති නම් දුක වෙන්න ඕනෙද කියන එක. අවුරුදු දෙකහමාරක් තිස්සෙ අමතක කරන්න හදන, අමතක කරන්න අමාරු අතීතය මේ මැසේජ් එකත් එක්ක ආයෙමත් මතක් වෙන්න පටන් ගත්ත.

කාටද කතා කරන්නෙ. වෙන කාටද ඉතින් හැමෝගෙම දුක් ගැනවිලි අහන දුක්ගන්න රාළට මිසක්. යන ගමන්ම දුකා අයියට කතාව කිවුව. ඊට පස්සෙ ඉතින් හම්බවෙලා ෆොටෝ ටිකත් පෙන්නුව. ෆොටෝ ටික බැලුවට පස්සෙ දුකා අයිය අහනව දැන් ඉන්න ගෑණු ලමයටද මේ ගෑණු ලමයටද වැඩිපුර කැමති කියල. ඔන්න මම නම් ඒකට උත්තර දෙන්න ගියේ නෑ . ඉක්මනට එන්න හිතාගෙන ගියාට දුකා අයියයි තව එයාගෙ යාළුවෙකුයි එක්ක කාල ටිකක් කතා කරල ගෙනාපු බෑග් ටිකත් දුකා අයියට දීලා මම එන්න පිටත් උනා. ඒත් මම එන්න හදනව හදනවා එවෙන්නෙ නෑ. පස්සෙ දැක්කෙ පාකින් ගියර් එකට දාල ඇස්ලෙටරේ පාගල තියෙන්න. එන ගමන් මතක් වුනේම දුකා අයිය අහපු එක තමයි.

අතුරු ආන්තරාවක් නැතුව කොහොම හරි ගෙදරට ආව. ආපු ගමන් කෙලින්ම ෆේස් බුක් එකට. අනේ එයා ඉස්සරට වඩා ලස්සන වෙලාද? නෑ ඉස්සර මිට වඩා ලස්සනද කොහෙද? ප්‍රශ්න වැලයි. ඔය ඕන ප්‍රශ්නයකට උත්තර හොයන්න ලේසි ක්‍රමයක් තියෙනවලුනෙ ඉතින් මමත් ඒ ක්‍රමේ පාවිච්චි කලා අප්පේ තියන සනීපෙ.
ස්ලැබ් එක හිල් වෙලාද දන්නෙ නෑ කම්මුලේ පුංචි වතුර බිදුවක් තිබිල ඇගිල්ලෙන් අයින්කලා. මට මතක් වුණා එයා අන්තිමට එවපු මැසේජ් එකක තිබුන සින්දුවක්. එදා මට ඒ සිංදුවේ තේරුම හොයාගන්න බැරි වුණා. තවමත් මම මේ සිංදුවේ තේරුම දන්නෙ නෑ. ඒ සින්දුවත් මතක් කරගෙනම ඇදට ගියා.

කවිය ඔබ, තුන් තිස්පැයක්
නිදි වරා වෙහෙසී
සිත දෙගිඩියාවෙන් තවම නොලියූ
කවිය ඔබ කවිය ඔබ




දැන් නම් ඉතින් මේ සිංදුවේ තේරුම දැනගත්තයි කියල වැඩක් නෑ. ඒ උනාට කමක් නෑ දන්න කෙනෙක් කියල යන්නකෝ බලන තව කෙනෙක්ට ප්‍රයෝජන වෙන්නෙ නැතෑ.
මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.

ක්රීරීරීරීරීරීරීරීං.... ක්රීරීරීරීරීරීරීරීං.... වෙලාව උදේ 7:44යි, වැඩ පටන්ගන්නෙ 7:30ට මම තවම ඇදේ. බෙල්ල ගාවට වෙනකම් ඇග නැගිට්ටට ඔලුව නැගිටෙන්නෙම නෑ . අත්දෙකෙන් හයියෙන් අල්ලල ඔලුවත් නැගිට්ටව ගත්ත. බුදු අම්මෝ ඔලුවෙ බර. ඊයෙ රෑ උත්තර හොයන්න පාවිච්චි කරපු ක්‍රමේ වැරදිලා වගේ. මුළු ඔලුවම රිදෙනව. ඔලුව පැත්තකින් තියල හරි වැඩට යන්න එපෑ. වැඩක් කරන්න නම් මෙලෝ සිහියක් නෑ. ටිකක කැරකි කැරකි හිටිය ඔෆිස් එකේ, ඉන්නකොට බාප්ප එනවා.

බාප්ප : මොකද?
මම : ඔලුව රිදෙනව බාප්පෙ. ඊයෙ රෑ ටිකක් බි
බාප්පා : ආ එහෙනම් ගෙදර ගිහිල්ල සමහන් එකක් බිල නිදාගන්න. අද ලොකු වැඩක් නෑ නෙද?
මම : නෑ බාප්පෙ

බාප්පට පිං දිදී මම ගෙදර එනකොට වික්ටර් රත්නායක මහත්තය කියනව “අහිමි උනත් නුබ ලදේ මට අඩන්න අවසර නෑ” කියල. ඒ ආණ්ඩුව තියන කාලෙ ඉපදුනේ නැති එක හොදට ගියා නැත්තන් අඩන්නත් අවසර ගන්න එපෑ. දැන් නම් ඉතින් හැම දේටම අඩනවනෙ අවසර ඕනෙ නෑ නෙ.



ලස්සන සින්දුවක්, ලග නැත්තන් ඩවුන්ලෝඩ් කරගන්න.

මම ගෙදර ඇවිල්ල හොදට නිදා ගත්ත. ඇහැරෙනකොට හවස 6:35යි. ඔලුවෙ කැක්කුමත් එහෙන්මමයි.
ෆෝන් එකේ,
මිස් කෝල් 3යි. ඒ දැන් ඉන්න ගෑණු ළමයාගෙන්.
ෆේස් බුක් මැසේජ් එකයි. ඒක එයා ගෙන්..
මේසෙ උඩ,
සමහන් හදල දාපු උණුවතුර බෝතලයයි, කෝප්පයයි, පැනඩෝල් කාඩ් එකයි. ඒ ටික බාප්පාගෙන්.

මම නැගිටල මේසෙ ලගට ඇවිල්ල සමහන් එක බිවුව.
සමහන් සමගින් සුවපත් වේවා ආයුබෝවේවා....!!!


Real Time Web Analytics