Thursday, April 12, 2012

ටිෂූ නැත්තන් කුබුස්‌


පාන්, පහුගිය දවස් වල ලංකාවෙ ඈයිට ටිකක් උච්චාරණය කරගන්න අමාරු වුන වචනයක්. බෝනස්, බටා, තව තව දේවල් අවුරුද්දට ලැබුන හින්ද ද කොහෙද හැමෝම බොහොම සාමකාමී වෙලා. ජනතාව සාමකාමී
වෙලා ඉන්න මේ වෙලාවෙ පොඩි ජෝක් එකක් කරල අපිට ෆන් එකක් දෙන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නෙ නැති එකනම් හරිම අපරාදයක්.



දවස් දෙකකට විතර උඩදි ගූගල් + එකේ වුන සංවාදයක් හින්ද පාන් ගැන පොඩි කතාවක් මතක් වුනා. හැබැයි මේ කතාව නම් ලංකාවෙ තියන අච්චු පාන්  ගැනවත් තැටි පාන් ගැනවත් නෙවෙයි අරාබි පාන් ජාතියක් ගැන.
හැබැයි  ඉතින් ලංකාවෙ පාන් වගේ නම් නෙවෙයි.  රොටියකට ටිකක් විතර සමානයි. කුබූස් (khubz) කියල තමයි කියන්නෙ. ලංකාවෙ නම් තියනවද කියල කියන්න මම දන්නෙ නෑ.අරාබි කට්ටිය ඕක කන්නෙ කොහොමද  කියල මට ඒ තරම් දැනීමක් නම් නෑ. හැබැයි අපේ ගෙදර කන්න දෙයක් නැතිම වුණහම කුබූස් එකක් අරගෙන බටර් තලියක් ගාල කාපු අවස්ථාන නම් එමටයි. ගෙදර වැඩට ඉන්න කෙනෙකුට කියල බිත්තර ඔම්ලට් එකක් හදාගෙන කුබුස්‌ කාපු දවසුත් තියනව. මම මේ කියන්න යන්නෙ වැඩි ඈතක සිද්ද වුන කතාවක්  නෙවෙයි. මාස 3ක් විතර පරණ  කතාවක්. ඒ වගේම ටිකක් විතර සංයමයකින් කියන්න ඕන කතාවක් :)



එදා වැහිබර කාල ගුණයක් තිබුන දවසක් ද කියල මම දන්නෙ නෑ.මොකද මම වැඩ ඇරිල ගෙදර ආවට පස්සෙ මගෙ කාම්බරෙන් එලියට යන්නෙ බොහොම කලාතුරකින්. සිංදුවක් අහන්න, ෆිල්ම් එකක් බලන්න, fb එකේ චැට් එකක් දාගෙන ඉන්න, පොතක් කියවන්න,  කම්මැලිම නම් නිදා ගන්නව ඇරෙන්න එලියට යන්නෙ නිමාඩු දවසකට විතරයි.  මේ කියන දවසෙත් මම ෆිල්ම් එකක් බලමින් ඉන්න කොට මගෙ ඥාති සහෝදරය ඇවිත් කන්න යන්න කතා කළා. මම ඉතින් ටිකක් ආදී මදි කරපු නිසාම පොඩ්ඩක් විතර එක එක දේවල් කිය කිය එයත් ෆිල්ම් එක බලන්න සෙට් වුනා. ඔය අතරෙ බඩ ගින්න වැඩිම වුන හින්දද කොහෙද  මගෙ ඥාති සොහොයුරා ගිහින් කුස්සියෙන් කුබූස් උරයක් අරගෙන ආව. ඔම්මල්ට් දෙකකුත් හදාගෙන එන්න කියල වැඩ කරන කෙනෙකුට කියල ඇවිත් තිබුන.  ඔම්ලට් දෙකයි තේ දෙකකුයි බන්දේසියක තියාගෙන ආපු ගෘහ සේවිකාව ඒක මගෙ කාම්බරේ තිබුණ ස්ටූල් එක උඩ තියල යන්න ගියා. අපි දෙන්න ෆිල්ම් එක බලන ගමන් ඔම්ලට් එක්ක කුබුස්‌ කාල තේ බිව්ව.

කාලය ගෙවිල ගියා. කුබුස්‌ කාල ෆිල්ම් එක බලල ඉවර වුනාට පස්සෙ මගෙ ඥාති සොහොයුරා එයාගෙ කාම්බරේට ගිහින් දොර වහගත්ත. මමත් දොර වහල ලයිට් එක නිවල ඇවිත් ආයෙමත් ලැප් එක ඉස්සරහ ඉදගත්ත. අපි පොඩි කාලෙත් එපා කියන දේවල් ඕන තරම් කරල තියනව.  එතින් එහෙව් අපි, කවුරු හරි යන්න එපා කියල බ්ලොක් කරල තියන වෙබ් සයිට් වලට නොයා ඉදියි කියල හිතන්න පුලුවන්ද.ඉතින් එදත් මම, මං ලග තියන පොඩි සොෆ්ට් වෙලා කෑල්ලක් පාවිච්චි කරල අර බ්ලොක් කරල තියන වෙබ් සයිට් වලින් කීපයකට ලොග් වුනා.

කදුළු එන්නෙ දුක් වුණහමද, එහෙමත් නැත්තම් අඩපුවහම විතරද.  මම නම් හිතන්නෙ අපිගොඩක්  සතුටින් ඉන්න සමහර වෙලාවටත් කදුළු එන්න පුළුවන්.  ඉතින් එදා මම අර බ්ලොක් කරපු වෙබ් සයිට් වලට ගිහින්
ගොඩක් සතුටු වුනා. කොච්චර සතුටු වුනාද කියනවනම් මට කදුලුත් ආව.  ඉතින් මම ඉක්මනට නැගිට්ට ස්ටූල් එක උඩ තිබුන ටිෂූ බොක්ස් එකෙන් එකෙන් ටිෂූ එකක් අරගෙන කදුලු පිහදාගන්න. කදුලු පිහදාන්න තිබුන
හදිස්සියයි, කාම්බරේ ලයිට් නිමල හින්ද තිබුන කරුවලයි හින්ද ටිෂූ වෙනුවට ඉතුරු වෙලා තිබුන කුබූස් එකකින් තමයි කදුලු පිහදමුනෙ.

සිරියහනේ ලණු ඉහිරී  සුසුම් හෙලන රෑ
මකුළු දැලෙන් සිරි සිරියේ  වියන් බදින රෑ
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ

සදෙන් සදට මුවා වෙලා කල දවසක් ගෙවී ගිහින්
නෙතට නුහුරු කදුලු බිංදු පැදුරට මුහුවෙලා හොරෙන්
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ

යහන් තලා සැප හිදිනා පලදී නැතුවා පෙර පිං
මාල වළලු නොතිත් අයට අප අමතක වෙලා ගිහින්
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ


ප.ලි
ලබන්නාවූ නව වසර සියලු ප්‍රාර්ථනා ඉටු වන සුභ නව වසරක් වේවා කියල ප්‍රර්ථනා කරනවා


Real Time Web Analytics