වෙසක් සද අහසේ නොතිබුනත් ඒ වෙසක් මාසයේ තවත් එක් උණුසුම් දවසකි. කණ් බිහිරි කරවන තරම් ඌ නලා ශබ්දයත්, බැලු බැලු අත ඇති වාහන තද බදයත් හේතුවෙන් ඒ උණුසුම් සන්ද්‍යාව විඩාබර අලස සන්ද්‍යාව බවට පත් වෙමින් තිබුණි. තවද වාහන වලින් පිටවන දුම නිසා පරිසරයේ ඇති උෂ්ණත්වය තවත් වැඩි වෙමින් තිබුණි. "බලනකොට මම විතරක් නෙවෙයි රුපියල් 500 දීල ග්‍රීන් ටෙස්ට් එක පාස් කරගෙන තියෙන්නෙ." යැයි අමල්ට සිතිනි.
අමල්, මිටි, තරබාරු සිරුරකට හිමිකම් කියන මැදි වියේ රාජ්‍ය සේවකයෙකි.අමල් තම කාර්යාල බෑගයත් අතැතිව ඈතින් බස් නැවතුම වෙත එන තම මිතුරා දෙස බලා සිටියි. අමල්ගේම වයසෙහි පසුවන, මදක් උස, උසට සරිලන සිරුරක් ඇති පුද්ගලික අංශයේ රැකියාවක් කරන ඔහු නමින් කමල් ය.
අමල් :- මොකද මේ දවස් වල වැඩිය පේන්න හිටියෙ නැත්තෙ. වෙසක් එකට පස්සෙ අද දැක්කෙ.
කමල්:- අපිට ඉතින් උබලට වගේ නෙවෙයි නෙ බං. ගිය සති දෙකේ හදිස්සි වැඩ වගයක් තිබිල රෑ වෙනකල් වැඩ කරන්න වුනා. ඉතින් මොනවද අලුත් විස්තර එහෙම.
අමල් :- මේ දවස් වල නම් ඉතින් එහෙමටම කියල විස්තරයක් නෑ වෙසක් නෙ.
කමල් :- ගියෙ නැද්ද පවුලෙ කට්ටිය එක්ක වන්දනා ගමනක්වත් වෙසක් එකට
අමල් :- මොන වන්දනා ගමන් ද බං මේ ටිවුෂන් කාරයොත් එක්ක. අපේ පොඩි කෙල්ලට වෙසක් දවසෙත් උදේ පන්තියක් තිබුන. හවස් වරුවේ ගමේ පන්සලට ගිහිල්ල එන ගමන් හන්දියේ තොරණ බලාගෙන ගෙදර ආව.
කමල් :- මටත් නම් ඉතින් මේ ටිකේ තිබුන වඩාත් එක්ක කොහේටවත් යන්න වුනේ නෑ. පොසොන් එකටවත් යන්න ඕනෙ අටමස්ථානෙ වැදල එන්න.
අමල් :- ඒක නෙවෙයි මේ පාර හන්දියේ තිබුණ තොරණට මාර මාතෘකාව නෙ දාල තිබුනෙ.
කමල් :- මොකක්ද ?
අමල් :- මරා පරාජය
කමල් :- ඒක නම් මේ කපේට කරන්න වෙන්නෙ නෑ අපේ ලංකාවෙ ඇස්, කණ් නැති මිනිස්සු ඉන්නකන්.
අමල්:- මොකක්ද කරන්න වෙන්නෙ නැත්තෙ
කමල්:- මරා පරාජය තමයි. ඕක කරනවනම් ඉතින් කරන්න ක්‍රමයකුත් තියනව. (කමල් වට පිට බලා අමල් ගේ කණට ලංව) TV කාරයෝ ලග තියෙන සංරක්ෂණය දර්ශන ටික ඉස්සුවනම් වැඩේ ගොඩ.
අමල් :- ඒ කොහොමද?
කමල් :- මේක නේ සීන් එක. චන්දයක් ලං වුනාම මරාට ශපෝට් කරන TV කාරයෝ ටික කරන්නෙ අර යුද්දෙ කාලේ ගත්ත වීඩියෝ ටික දාන එකන. එතකොට අපේ ශී‍්‍ර ලංකිකයන්ට ජාතික ආලය ඇති වෙලා ගිහිල්ල මරාට චන්දෙ දාල ඇවිල්ල මාස දෙක තුනකට පස්සෙ බනිනව පලු යන්න. කෑම ගණන් අරක ගණන් මේක ගණන් කිය කිය.
අමල් :- ඊලග චන්දෙටත් මරාට යුද්දෙ විකුණන්න පුළුවන් වෙයිද ඔය කියන විදිහට.
කමල් :- සංරක්ෂණ දර්ශනය ටික තිබුනොත් පුළුවන්. දැන් බලපන් මචන් අපේ ගෑණි ගෙ අම්මට ඇස් පේනව අඩුයි. ඒත් TV එක බලනව. ගිය සැරේ චන්දෙ ලංවෙලා TV එකේ එක එක වැඩ සටහන් යන අස්සේ යුද්දෙ කාලේ මල්ටි බැරල් එකකින් වෙඩි තියන සීන් එකක වීඩියෝ එකක් ගියා. ගෑණි ගෙ අම්ම අහපි අපේ පුතා ගෙන්. පුතේ මොනවද අර දේවතා එලි වගේ උඩ යන්නෙ කියල. ඉතින් පුතා කිව්වා ඒ ආච්චියෙ අර යුද්දෙ දිනපුවනෙ කියල.
එතකොටම ගෑණිගෙ තාත්ත කියපි උඩු රැවුල තියෙන එකෙක්ම ඉන්න ඕනේ රට කරන්න කියල.(අමල් තම උඩු රැවුල පිරිමදිමින්) අම්මත් ඒ වට හූමිටි දීල බැරිබර ගාතෙ ගිහිල්ල චන්දෙ දාල ආව. ඔන්න ඔහොමයි වෙන්නේ.
අමල් :- මට තිබුන අවුල මචන් තොරණෙ නම මරා පරාජය වුනාට තිබුනෙ ඒකෙ තිබුනෙ රූප වල කිසි ගැලපීමක් නෑ මාතෘකාවට. ගෑණු කට්ටියක් බාගෙට ඇදුම් ඇදන් නටන එව්වා. මුහුද ගොඩ ගලනව වගේ එව්වා. ඊතල ගොඩක් බුදුහාමුදුරුවන්ගෙ පැත්තට යනවා වගේ එව්ව තමයි තිබුනෙ.
කමල් :- හික් හික් හික්. එහෙනම් ඔය මාර පරාජය කියල ගහන්න ඕන තැන පාපිල්ලක් එහා මෙහා වෙලා මරා පරාජය වෙලා තියෙන්නෙ හික් හික් හික්. අපේ ටවුන් එකේ නම් පොසොන් එකට හොද වැඩක් කරන්න යන්නෙ.
අමල් :- මොකක්ද?
කමල් :- තොරණක් පොලේ ගහන්න යන්නෙ.
අමල් :- තොරණක් පොලේ ගහන්න. අර ටවුන් එකේ ඉන්න මුස්ලිම් කාරයෝ ටික එකතු වෙලා නේද ඔය වැඩේ කරන්න හදන්නෙ. හරි හොද වැඩේ ඉතින්. ටවුන් එකේ ඉන්න සිංහල මිනිස්සු ටිකට එකතු වෙලා ඕක නවත්තන්න බැරි වුනා නෙ ඇත්තට. ඒත් උබලගෙ කතාව නම් ආණ්ඩු පෙරලන්න.
කමල් :- මුස්ලිම් කට්ටිය නම් තමා ඒ වැඩේ කරන්නෙ. කවුරු කරත් මොකක්ද තියන වැරැද්ද ඒකෙ.
අමල්:- දැන් උබ කියන්නෙ තොරණක් පොලේ ගහන එක හොද වැඩක් කියලද එතකොට.
කමල් :- අපේ ටවුන් ඒකෙ වෙන තැනක් නෑ නෙ බං ඉතින් තොරණක් හදන්න. තියන එකම තැන තමයි පොළ. ඉතින් මුස්ලිම් කට්ටිය එකතුවෙලා එතන තොරණක් හදන එකේ මට නම් කිසිම වරදක් පේන්නෙ නෑ.
අමල් :- ආ..... තොරණක් පොලේ හදනවද? මම හිතුවෙ පොලේගහල කියල. අපේ ගමේ කොල්ලො ටිකත් වෙසක් එකට අලුත් වැඩක් කලා.
කමල් :- මොකක්ද?
අමල් :- පැට්‍රල් දන්සලක් දුන්නනේ. ගමේ යෞවන සමිතියෙන් වැඩේ කලේ. හැබැයි වැඩේ නම් නියමෙට තිබුණ.
කමල් :- එහෙනම් පැය භාගෙන් ඉවර වෙන්න ඇති.
අමල් :- පිස්සුද දවස් දෙකක් දීලත් ඉවර කරගන්න බැරි වුනා.
කමල් :- එහෙනම් පැට්‍රල් බවුසරයක් විතර ගේන්න ඇති. කොහෙන්ද ඒ තරම් සල්ලි හොයා ගත්තෙ. බූලි අරන් ආපු අයටත් පැට්‍රල් දුන්නද?
අමල් :- අප්පෝ එච්චර පැට්‍රල් ගෙනාවෙ නෑ. බැරල් දෙකයි අරන් ආවේ මුළු වැඩේටම. ඒකත් ගෙනාවෙ වටේම තියන ගම් වලින් සල්ලි එකතු කරල.
කමල් :- ඉතින් බැරල් දෙකක පැට්‍රල් ඇති උනාද බං දවස් දෙකක් දෙන්න
අමල් :- මෙහෙමනේ වුනේ. පැට්‍රල් දුන්නෙ ප්ලාස්ටික් කෝප්ප වලට දාල නෙ. ඒ දුන්නෙත් පුට්සයිකල් වල යන වුන්ට විතරයි. කවුරුත් ගත්තෙ නෑ ඉතින්. ඔය අස්සෙ බීගෙන ආපු දෙතුන්දෙනෙක් නම් සරුවත් කියල හිතල බීල තිබුණ. හොස්පිටල් එක ලග තිබුණ හින්ද අවුලක් වුනේ නෑ.
කමල් :- ඔයින් ගියා ඇති. පුදුමයි කට්ටිය එකතු වෙලා ගහපු නැති එක.
අමල් :- දැන් අහල පහල ගම් වල සෙට් එක අපේ කොල්ලො ටික එලියට බහිනකන් බලන් ඉන්නෙ ගහන්න
කමල් :- ඒ මොකද?
අමල් :- නෑ. ඉතින් දවස් දෙකක් දන්සල දීලත් ගෙනාපු පැට්‍රල් ටික ඉවර කරන්න බැරි වුන හින්ද ඒ ටික සමිතියේ කොල්ලො ටික බෙදා ගත්ත. ඉතින් ඕක ආරංචි වෙලා වටේම ඉන්න ගමවල් වල කට්ටිය ඉන්නෙ අපේ උන් එලියට බහිනකල්. අල්ලාගෙන නෙලන්න.
කමල් :- ඔය වගේ වැඩ කරන උන්ට නම් ගම් වල මිනිස්සු ටික එකතු වෙලා ගහන්න ඕනෙ. ආයේ ඒ වගේ වැඩ නොකරන්න.
අමල් :- එව්ව කොහෙද. පිට ගම් වලින් ඇවිත් අපේ කොල්ලන්ට ගහන්න දෙන්න පුලුවන්ද? අනික යෞවන සමිතියෙ සභාපත් අපේ ලොකු එකා. බස් එකක් එනව මං යනවා.
ප.ලි
අයියෝ බං වෙන නම් දෙකක් දාල ලියන්න තිබුණ නෙ. අමල්, කමල් කියපුවහම හරි චාටර් නෙ. නම් ඇත්තෙම නැත්තන් A මිනිහ B මිනිහ කියල දාල ලිව්වනම් ඉවරනේ.
අප්පෝ බං එතකොට අරේ සහ මරේ ගෙන් කොපි කළා වගේ වෙනවනෙ. ඒ හින්ද ඔහොම හොදයි.
මංසලකුණු The landmarks
ජීවන ගමනෙහි රැදි මංසලකුණු The Landmarks of Life's Journey
Sunday, May 20, 2012
Wednesday, May 2, 2012
එක් දෙයකටවත් සමත් වෙමුද
අද
මැයි මාසෙ පළවෙනිදා උනාට මෙහෙ වැඩ කරන කම්කරුවන්ට නම් තවත් එක දිනයක්
විතරයි. සමහර විට මේ රටේ වැඩ කරන කම්කරුවො දන්නවද දන්නෙත් නෑ අද කම්කරු
දිනේ කියල. කොහොම හරි මම අද ලියන්න අදහස් කරන්නෙ නම් මැයි දිනේ ගැන නෙවෙයි
වුනත් කතාව පටන් ගන්නෙ කම්කරුවෙක්.
මාසෙ පළවෙනිද හින්දමත් නෙවෙයි අද වැඩ ටිකක් වැඩිපුර තිබුන නිසා හරි වෙලාවටම ඔෆිස් එකට යන්න ගෙදරින් පිටත් වුනා. කිව්වට මොකද ජනවාරි පළවෙනිදා ගියාට පස්සෙ එච්චර උදෙන් ඔෆිස් එකට ගියාමයි. අපේ ඔෆිස් එක තියන බිල්ඩින් එකේ තියන අනිත් හැම ඔෆිස් එකක්ම හා හැම ශොප් එකක්ම උදේ නමයට වැඩ පටන්ගත්තට අපේ ඔෆිස් එක විතරක් 7.30 වෙනකට වැඩ අල්ලනව. (අපි සාපේක්ෂව වෙනස් ද කොහෙද) කොහොම හරි මමත් කුකුලවත් අතින් අරන් (කුකුළා කිව්වට කුකුළම නෙමයි චිකන් සැන්විච් එකක්) බිල්ඩින් එක පල්ලෙහා හිටපු සිකුයුරිටි ගාඩ් ටත් මෝනින් පාරක් දාගෙන එස්කලේටර් එකට නගින කොටම, ඒ රළු මදුර හඩ මගෙ දෙසවනට වැටුන. මම රළු කියල කිව්වෙ ඒක පිරිමියෙකුට ඔබිණ හඩක් වුන නිසා.
මම එස්කලේටරයට තැබූ පය නැවත ගැනීමට සැරසුනත්, සිකුයුරිට නක්කලයට සිනා සෙමින් මා දිහා බලාගෙන සිටිය නිසා, මා එස්කලේටරයේ ඉහලටම ඇදෙන්නට උණා. හින්දි වචන වලට හුගක්ම ලැදි නේපාල් වචන මට දැන් ටිකක් විතර හුරු නිසා ඒ ගීතය නේපාල් ගීතයක් ලෙස මම උපකල්පනය කළා. තවද ඔවු ගායනා කල විලාෂයෙන් ඒ ගීතය විරහ ගීතයක් දෝ කියලත් මට හිතුන. කොහොම නමුත් එවන් කටහඩක් තියෙන ඔහුගේ රැකියාව ගොඩනැගිලි සුද්ද පවිත්‍ර කරන එක. ඔහුගේ හැකියාවන් ඔහු හරියාකරව හදුනා ගත්තනම්......
ලස්සනට කවි, සිංදු ලියන්න පුළුවන් සිංහල බ්ලොගස්ල කී දෙනක් නම් බ්ලොග් අවකාශෙ ඉන්නවද? එහෙම ඉදලත් අපි අහනන අලුත් සිංදු බොහොමයක් මෙලෝ රහක් නැති, කිසි හරයක් නැති සිංදු උනේ කොහොමද?
අදත් Susan Boyle මේ වීඩියෝ එක බලද්දී මගෙ ඇහැට කදුලක් එන එක ගැන මම පුදුම
වෙන්නෙ නෑ . යූ ටියුබ් එකේ මැයගෙ තිබුණ වීඩියෝ ටික බලල, අහල නොනැවතුන මම
ඕඩියෝ ඇල්බම් දෙකකුත් හොයාගෙන මාස දෙකක් විතර එක දිගටම ඒ ගීත රසවිඳ.ඉතින්
අවුරුදු 47 ගිහිල්ලත් තමන්ගෙ උත්සාහය අත් නොහැරිය ගැහැනියක් ගැන තව කවර කතා
ද?
ලොවින් එකෙක් ඒක දෙයකට වෙයි සමත යන කවි පදය අද කාලයට ගැලපෙන පරිදි “ලොවින් එකෙක් ඒක දෙයකට හෝ වෙයි සමත” යනුවෙන් වෙනස් කළහොත් ඕනෑම පුද්දගලයෙක් අඩුම තරමින් එක දෙයකට වත් සමත් යන අදහස එයි. ඔබ කුමකටද වඩා දක්ෂ කියා ඔබම සොයා බලන්න. ඉන්පසු උත්සහ කරන්න ඔබට ජයගත හැකියි.
ප.ලි
මම මගේ හැකියාවන් අදුන ගන්න කොට මම හිටියෙ 5 වසරෙ. අම්මගෙ, මල්ලිගෙ, පස්සෙ නංගීගෙත් සීතල වතුර පහරවල් හමුවේ එය තව වර්ධනය කරගන්න බැරි උනත් දැන් නැවත මම උත්සහ ගන්නව එය වර්ධනය කරගන්නට. මගේ එකම අරමුණ වැඩිම වෙලාවක් නිදාගෙන ගිනස් වාර්තාවක් තියන්න.
මාසෙ පළවෙනිද හින්දමත් නෙවෙයි අද වැඩ ටිකක් වැඩිපුර තිබුන නිසා හරි වෙලාවටම ඔෆිස් එකට යන්න ගෙදරින් පිටත් වුනා. කිව්වට මොකද ජනවාරි පළවෙනිදා ගියාට පස්සෙ එච්චර උදෙන් ඔෆිස් එකට ගියාමයි. අපේ ඔෆිස් එක තියන බිල්ඩින් එකේ තියන අනිත් හැම ඔෆිස් එකක්ම හා හැම ශොප් එකක්ම උදේ නමයට වැඩ පටන්ගත්තට අපේ ඔෆිස් එක විතරක් 7.30 වෙනකට වැඩ අල්ලනව. (අපි සාපේක්ෂව වෙනස් ද කොහෙද) කොහොම හරි මමත් කුකුලවත් අතින් අරන් (කුකුළා කිව්වට කුකුළම නෙමයි චිකන් සැන්විච් එකක්) බිල්ඩින් එක පල්ලෙහා හිටපු සිකුයුරිටි ගාඩ් ටත් මෝනින් පාරක් දාගෙන එස්කලේටර් එකට නගින කොටම, ඒ රළු මදුර හඩ මගෙ දෙසවනට වැටුන. මම රළු කියල කිව්වෙ ඒක පිරිමියෙකුට ඔබිණ හඩක් වුන නිසා.
මම එස්කලේටරයට තැබූ පය නැවත ගැනීමට සැරසුනත්, සිකුයුරිට නක්කලයට සිනා සෙමින් මා දිහා බලාගෙන සිටිය නිසා, මා එස්කලේටරයේ ඉහලටම ඇදෙන්නට උණා. හින්දි වචන වලට හුගක්ම ලැදි නේපාල් වචන මට දැන් ටිකක් විතර හුරු නිසා ඒ ගීතය නේපාල් ගීතයක් ලෙස මම උපකල්පනය කළා. තවද ඔවු ගායනා කල විලාෂයෙන් ඒ ගීතය විරහ ගීතයක් දෝ කියලත් මට හිතුන. කොහොම නමුත් එවන් කටහඩක් තියෙන ඔහුගේ රැකියාව ගොඩනැගිලි සුද්ද පවිත්‍ර කරන එක. ඔහුගේ හැකියාවන් ඔහු හරියාකරව හදුනා ගත්තනම්......
ලස්සනට කවි, සිංදු ලියන්න පුළුවන් සිංහල බ්ලොගස්ල කී දෙනක් නම් බ්ලොග් අවකාශෙ ඉන්නවද? එහෙම ඉදලත් අපි අහනන අලුත් සිංදු බොහොමයක් මෙලෝ රහක් නැති, කිසි හරයක් නැති සිංදු උනේ කොහොමද?
මීට
මාස කීපයකට උඩදි යූ ටියුබ් එකේ සිංදුවක් අහගෙන ඉන්නකොට, දකුණු පැත්තෙ
තිබුන ලින්ක් එකක් ක්ලික් කරල මම මගේ ජීවිතයෙන් වැඩකට නොගෙන ගෙවා දමන්න
තිබුණ පැය ගානක් ඉතා ඉහළ රස වින්දනයකට හා ජීවිතයට අලුත් අත්දැකීමකුතඑකතු
කරගන්න යොදාගත්ත. මේ වීඩියෝ එක, මේ බ්ලොග් එක කියවන හැමෝම වගේ බලල ඇති ඒත්
ආපහු පාරක් බැලුව කියල ඒ විනාඩි 6 අපතෙ යන්නෙ නෑ.
ලොවින් එකෙක් ඒක දෙයකට වෙයි සමත යන කවි පදය අද කාලයට ගැලපෙන පරිදි “ලොවින් එකෙක් ඒක දෙයකට හෝ වෙයි සමත” යනුවෙන් වෙනස් කළහොත් ඕනෑම පුද්දගලයෙක් අඩුම තරමින් එක දෙයකට වත් සමත් යන අදහස එයි. ඔබ කුමකටද වඩා දක්ෂ කියා ඔබම සොයා බලන්න. ඉන්පසු උත්සහ කරන්න ඔබට ජයගත හැකියි.
ප.ලි
මම මගේ හැකියාවන් අදුන ගන්න කොට මම හිටියෙ 5 වසරෙ. අම්මගෙ, මල්ලිගෙ, පස්සෙ නංගීගෙත් සීතල වතුර පහරවල් හමුවේ එය තව වර්ධනය කරගන්න බැරි උනත් දැන් නැවත මම උත්සහ ගන්නව එය වර්ධනය කරගන්නට. මගේ එකම අරමුණ වැඩිම වෙලාවක් නිදාගෙන ගිනස් වාර්තාවක් තියන්න.
Thursday, April 12, 2012
ටිෂූ නැත්තන් කුබුස්
පාන්, පහුගිය දවස් වල ලංකාවෙ ඈයිට ටිකක් උච්චාරණය කරගන්න අමාරු වුන වචනයක්. බෝනස්, බටා, තව තව දේවල් අවුරුද්දට ලැබුන හින්ද ද කොහෙද හැමෝම බොහොම සාමකාමී වෙලා. ජනතාව සාමකාමී
වෙලා ඉන්න මේ වෙලාවෙ පොඩි ජෝක් එකක් කරල අපිට ෆන් එකක් දෙන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නෙ නැති එකනම් හරිම අපරාදයක්.

දවස් දෙකකට විතර උඩදි ගූගල් + එකේ වුන සංවාදයක් හින්ද පාන් ගැන පොඩි කතාවක් මතක් වුනා. හැබැයි මේ කතාව නම් ලංකාවෙ තියන අච්චු පාන් ගැනවත් තැටි පාන් ගැනවත් නෙවෙයි අරාබි පාන් ජාතියක් ගැන.
හැබැයි ඉතින් ලංකාවෙ පාන් වගේ නම් නෙවෙයි. රොටියකට ටිකක් විතර සමානයි. කුබූස් (khubz) කියල තමයි කියන්නෙ. ලංකාවෙ නම් තියනවද කියල කියන්න මම දන්නෙ නෑ.අරාබි කට්ටිය ඕක කන්නෙ කොහොමද කියල මට ඒ තරම් දැනීමක් නම් නෑ. හැබැයි අපේ ගෙදර කන්න දෙයක් නැතිම වුණහම කුබූස් එකක් අරගෙන බටර් තලියක් ගාල කාපු අවස්ථාන නම් එමටයි. ගෙදර වැඩට ඉන්න කෙනෙකුට කියල බිත්තර ඔම්ලට් එකක් හදාගෙන කුබුස් කාපු දවසුත් තියනව. මම මේ කියන්න යන්නෙ වැඩි ඈතක සිද්ද වුන කතාවක් නෙවෙයි. මාස 3ක් විතර පරණ කතාවක්. ඒ වගේම ටිකක් විතර සංයමයකින් කියන්න ඕන කතාවක් :)
එදා වැහිබර කාල ගුණයක් තිබුන දවසක් ද කියල මම දන්නෙ නෑ.මොකද මම වැඩ ඇරිල ගෙදර ආවට පස්සෙ මගෙ කාම්බරෙන් එලියට යන්නෙ බොහොම කලාතුරකින්. සිංදුවක් අහන්න, ෆිල්ම් එකක් බලන්න, fb එකේ චැට් එකක් දාගෙන ඉන්න, පොතක් කියවන්න, කම්මැලිම නම් නිදා ගන්නව ඇරෙන්න එලියට යන්නෙ නිමාඩු දවසකට විතරයි. මේ කියන දවසෙත් මම ෆිල්ම් එකක් බලමින් ඉන්න කොට මගෙ ඥාති සහෝදරය ඇවිත් කන්න යන්න කතා කළා. මම ඉතින් ටිකක් ආදී මදි කරපු නිසාම පොඩ්ඩක් විතර එක එක දේවල් කිය කිය එයත් ෆිල්ම් එක බලන්න සෙට් වුනා. ඔය අතරෙ බඩ ගින්න වැඩිම වුන හින්දද කොහෙද මගෙ ඥාති සොහොයුරා ගිහින් කුස්සියෙන් කුබූස් උරයක් අරගෙන ආව. ඔම්මල්ට් දෙකකුත් හදාගෙන එන්න කියල වැඩ කරන කෙනෙකුට කියල ඇවිත් තිබුන. ඔම්ලට් දෙකයි තේ දෙකකුයි බන්දේසියක තියාගෙන ආපු ගෘහ සේවිකාව ඒක මගෙ කාම්බරේ තිබුණ ස්ටූල් එක උඩ තියල යන්න ගියා. අපි දෙන්න ෆිල්ම් එක බලන ගමන් ඔම්ලට් එක්ක කුබුස් කාල තේ බිව්ව.
කාලය ගෙවිල ගියා. කුබුස් කාල ෆිල්ම් එක බලල ඉවර වුනාට පස්සෙ මගෙ ඥාති සොහොයුරා එයාගෙ කාම්බරේට ගිහින් දොර වහගත්ත. මමත් දොර වහල ලයිට් එක නිවල ඇවිත් ආයෙමත් ලැප් එක ඉස්සරහ ඉදගත්ත. අපි පොඩි කාලෙත් එපා කියන දේවල් ඕන තරම් කරල තියනව. එතින් එහෙව් අපි, කවුරු හරි යන්න එපා කියල බ්ලොක් කරල තියන වෙබ් සයිට් වලට නොයා ඉදියි කියල හිතන්න පුලුවන්ද.ඉතින් එදත් මම, මං ලග තියන පොඩි සොෆ්ට් වෙලා කෑල්ලක් පාවිච්චි කරල අර බ්ලොක් කරල තියන වෙබ් සයිට් වලින් කීපයකට ලොග් වුනා.
කදුළු එන්නෙ දුක් වුණහමද, එහෙමත් නැත්තම් අඩපුවහම විතරද. මම නම් හිතන්නෙ අපිගොඩක් සතුටින් ඉන්න සමහර වෙලාවටත් කදුළු එන්න පුළුවන්. ඉතින් එදා මම අර බ්ලොක් කරපු වෙබ් සයිට් වලට ගිහින්
ගොඩක් සතුටු වුනා. කොච්චර සතුටු වුනාද කියනවනම් මට කදුලුත් ආව. ඉතින් මම ඉක්මනට නැගිට්ට ස්ටූල් එක උඩ තිබුන ටිෂූ බොක්ස් එකෙන් එකෙන් ටිෂූ එකක් අරගෙන කදුලු පිහදාගන්න. කදුලු පිහදාන්න තිබුන
හදිස්සියයි, කාම්බරේ ලයිට් නිමල හින්ද තිබුන කරුවලයි හින්ද ටිෂූ වෙනුවට ඉතුරු වෙලා තිබුන කුබූස් එකකින් තමයි කදුලු පිහදමුනෙ.
සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙලන රෑ
මකුළු දැලෙන් සිරි සිරියේ වියන් බදින රෑ
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ
සදෙන් සදට මුවා වෙලා කල දවසක් ගෙවී ගිහින්
නෙතට නුහුරු කදුලු බිංදු පැදුරට මුහුවෙලා හොරෙන්
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ
යහන් තලා සැප හිදිනා පලදී නැතුවා පෙර පිං
මාල වළලු නොතිත් අයට අප අමතක වෙලා ගිහින්
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ
ප.ලි
ලබන්නාවූ නව වසර සියලු ප්‍රාර්ථනා ඉටු වන සුභ නව වසරක් වේවා කියල ප්‍රර්ථනා කරනවා

Wednesday, March 21, 2012
බ්ලැක් පවර්
"කෝ
බං උබ අර කතාව බ්ලොග් එකේ දානවා කිව්වට තවම දැම්මෙ නෑ නෙ " ගිය සති අන්තෙ
රවී අයිය ඔහොම මගෙන ඇහුවෙ, මීට සති තුනකට විතර කලින් එයා කියපු කතාව තවම
මගෙ බ්ලොග් එකේ දාපු නැති හින්ද වෙන්න ඕනෙ. හැමදාම මේ කතාව ලියනවා ලියනව
කියල හිතුවට කෝ වෙලාවක් හම්බ වුනේ නෑ නෙ. බල්ලට ඇති වැඩකුත් නෑ හිමින්
ගමනකුත් නෑ කියන්නෙ කටකහනවට නෙවෙයි නෙ නේද? කොහොමින් කොහොම හරි අද මම
ලියන්න යන්නෙ රවී අයියගෙ කතාව. හ්ම්ම් තව පොඩි දෙයක් කියන්න තියනව කතාව
පටන්ගන්න කලින්, ඒ තමයි මේ කතාවෙ ඉන්න රවී අයියගෙ ඇත්ත ජිවිතේ නම රවී
නෙවෙයි.
1998 අවුරුද්ද වෙනකොට රවී අයිය හිටියෙ 9 පංතියේ. ඒ පාසල ගැන මම වැඩිය මුකුත් කියන්නෙ නෑ. නමුත් ගම්පහ දිස්ත්‍රික්කෙ තියන ප්‍රධාන පෙලේ බාලක පාසලක් කියල විතරක් කියන්නම්. 9,10 වසරවල ඉගෙන ගන්න ළමයි කියන්න හරි කුතුහලෙන් ඉන්න ළමයි කොටසක් කියල තමයි මම නම් හිතන්නෙ. ඉතින් ඔය කුතුහලය නිසාම එක එක දේවල් අත්හදා බලන්න ගිහිල්ල අමාරුවේ වැටුන අවස්ථා මටත් තියනව. ඒව පසුවට
ඉතින් මේ රවී අයිය ඇතුළු යාළුවො පිරිසට පත්තරයක් බලන්න ඕන කියල අවිහිංසක ආසාවක් ඇතිවුනා. පත්තරයක් කිව්වට ඉතින් ප්‍රවෘත්ති පත්තරයක් නම් නෙවෙයි. හරි ඉතින් වැල පත්තරයක් කියලම කියමුකො එහෙනම්. ඉතින් මේ කාලේ වෙනකොට මේ වැල පත්තරයක මිල රුපියල් වලින් 300ක් විතර වුනාලු. රවී අයියට මාසෙ වියදමට තාත්ත දෙන රුපියල් 500න් 300ක් ම පත්තරේ ගන්න යෙදෙව්වට මොකද පත්තරේ ගන්න කොලබම යන්න ඕනෙලු. ඉතින් කොලබ යන අයිය කෙනෙකුට රුපියල් 300ත් දීල a/c බස් එකේ කොලබට යන්න තව රුපියල් 40කුත් එකතු කරලා දුන්නලු. (දැන් කාලේ වගේ නෙවෙයි ඒ දවස්වල ගම්පහ ඉදල කොලබටම යන්න a/c බස් එකේ ටිකට් එක රුපියල් 20ලු)
ඔන්න කොහොම හරි රවී අයියටත් පත්තරේ හම්බ වුනාලු. ලස්සනේ බෑලු. පාට පාට පින්තූර ගොඩාක් එක්ක ඉංග්‍රීසියෙන් මොනවද ලියලත් තිබුනලු. රවී අයිය යාළුවො ටිකත් එක්ක පංතියේ පිටිපස්සෙ පෝලිමට එකතු වෙලා පත්තරේ තිබුන පින්තූර ටික ඔක්කොම බැලුවාලු. ඉංග්‍රීසියෙන් ලියපුව පස්සෙ කියවන්න ඉතුරු කළාලු.
"ශික් පින්තූර විතරක් බලන්න 300ක් ගෙවපු එක පාඩු නැද්ද අයියෙ" මම එහෙම ඇහුවෙ ඇත්තටම රුපියල් 300ක් කියන්නෙ ඒ කාලෙලොකු ගානක් හින්ද
"චුට්ටක් හිටපන්කො බං පනින්නෙ නැතුව අපි ඒකෙන ඊට වඩා හෙව්වා" රවී අයිය එහෙම කියපු නිසා මම ආයෙ පනින්නෙ නැතුව කතාව අහගෙන හිටිය.
"අපේ සෙට් එක පත්තරේ බලල ඉවර උනාට පස්සෙ අපි ඒක රෙන්ට් කරන්න පටන්ගත්ත. පත්තරේ ටොයිලට් එකට ගෙනිහිල්ල අනිත් පන්ති වල උන්ට කියවන්න දීල සල්ලි ගන්නව. ඔහොම සතියක් විතර ගියා. ආ කියන්න අමතක වුනා නෙ ඔය කාලෙ අපේ ලොකු පන්තිවල හිටපු උන් ටික ප්‍රින්සිපල් ව (රවී අයිය නම් කිව්වෙ පිනා කියල එහෙම දාන්න බැරි හින්ද ප්‍රින්සිපල් කියල දැම්මෙ) එලවන්න ට්‍රයි එක. ඒක හින්ද
වැඩිය උගන්නන්න කවුරුත් එන්නෙත් නෑ. අපිත් පත්තරේ අරන් යනව ටොයිලට් එකට." රවී අයිය ඔහොම කතාව කියාගෙන යන හමන්,
"හා හා මල්ලි පාර බලාගෙන යමන් බං " කියල කාර් එකේ පිටිපස්සෙ ෂිට් එකේ හිටපු යොහාන් අයිය කෑ ගහනවත් එක්කම කණ ලගින් වාහනයක් හෝන් එක ගහගෙන ගියා.
"මල්ලි අපි හිමිහිට යමු නේ" කියන ගමන් රවී අයිය දාඩිය පිහිනව.
"ඔන්න ඉතින් අපි ටොයිලට් එකේ පත්තරේ බල බල ඉන්නකොට එකපාරටම ටොයිලට් එක ඇතුලට පත්තු කරපු බට්ටෙක් ආව කොල්ලො ටික දඩ බඩ ගාල එලියට දිව්ව. මමත් පත්තරේ අහුලගෙන දුවන්න පටන් ගත්ත. එකපාරටම මාව ගිහිල්ල ඇගක හැප්පිලා වැටුන. යොහාන් උබ දන්නවද කාගෙ ඇගේද හැප්පුනේ කියල. ගාමිණි ජයසේකර සර් ගෙ ඇගේ බං."
"අම්ම ගහයි.... ඉතින් සර්ට අහුවුනාද පත්තරේ" පිටිපස්සෙ හිටපු යොහාන් අයිය.
"කවුද රවී අයියෙ ගාමිණි ජයසේකර කියන්නෙ" මම වෙන ඉස්කෝලෙකට ගිය හින්ද එහෙම ඇහුවෙ.
"අපේ ශෙක්ෂන් හෙඩ් යකෝ. එයා (ඌ කියල තමයි කිව්වෙ ඉතින්) මාව අල්ලාගෙන පත්තරෙත් අතට ගත්ත. එතකොටම ලොකු උන් සෙට් එකක් ඇවිත් සර් ගෙන් ගේම ඉල්ලන්න පටන්ගත්ත. මම පත්තරේ සර් ගෙ අතින් උදුරගෙන ගෙදරම දිව්ව. පත්තරේ අදාළ තැනින් තියල මම නිදා ගත්ත"
"එතකොට පොත් බෑග් එක" මටත් කට පියාගෙන ඉන්ඩම බෑ නෙ
"බෑග් එක පංතියේ ඊලග දවසෙ ගන්ඩ පුලුවන් නෙ කියල හිතාගෙන තමයි ආවෙ. නිදාගෙන ඇහැරෙනකොට තාත්ත ඇවිත් තාත්ත කියනව ආ කොල්ලො ටික එකතුවෙලා හොද වැඩක් කරල තියෙන්නෙ කියල .මම
හිතුව වැඩේ තාත්තට මාට්ටු වෙලා තමයි කියල. බැලින්නම් ඉස්කෝලෙ මාසෙකට නිවාඩු දීල අලුත් ප්‍රින්සිපල් කෙනෙක් එනකන්."
"එතකොට පොත් බෑග් එක" ආයෙත් මම ම තමයි.
"පොඩ්ඩක් ඉන්නවකො බෑග් එක ලගට එනකන්. ඉතින් මාස එකහමාරක් විතර ගෙදර ඉදල ආපහු ඉස්කෝලෙ පටන්ගත්ත දවසට පස්සෙ දවසෙ ඉස්කෝලෙට ගියා. පටන්ගත්ත දවසෙම ගාමිණිය පන්තියට ඇවිත් අපේ උන්ගෙන් පත්තරේ ගැන අහල උන් කියල පත්තරේ මගෙ කියල. මමත් ඉතින් පන්සිල් ගත්තටත් පස්සෙ අත් දෙක වන වන පංතියට ගියා. පන්තිහාර බාර මිස් කියනව. අන්න රවී ව ගාමිණි සර් හොයනවා කියල. ගාමිණි සර්ත් පංතියට ඇවිත් මගෙ බෑග් එක චෙක් කරන්න හදනව. මම කිව්වා බෑග් එකේ මුකුත් නෑ ම කියල ඒත් ඇහුවෙ නෑ ඇරල පොත් ටික එලියට ගන්න කිව්වා. බෑග් එක ඇරිය විතරයි මුළු පන්තියම ගද ගහන්න පටන්
ගත්ත. එදා ගෙනාපු කෑම එක ඒ වෙනකොටත් බෑග් එකේ. ගණන් අච්චු පොත එලියට ගන්නකොට ඒකෙ පනුවෙකුත් හිටිය බං”
ඉතින් කොහොම හරි දැන් සර් රවී අයියගෙන් පත්තරේ ගැන අහනවලු. රවී අයිය කියනවලු එහෙම පත්තරයක් තිබුනෙ නෑ ඒක ඉංගී‍්‍රසි මැගසින් එකක්ම කියල. මොකද සර් දැකල තියෙන්නෙ මුල පිටුව විතරයි. මුල පිටුවෙ තිබිල තියෙන්නෙ ටයිටැනික් ෆිල්ම් එකේ ෆොටෝ එකක්. ඉතින් අන්තිමට රවී අයිය පිලිගන්නෙ නැතිම තැන සර් පංතියේ හිටපු, ඒ පත්තරේ බලපු අනිත් ලමයින්වත් නැගිට්ටවල ඇහුවලු. රවී අයියගෙ යාළුවො රවී අයියට පක්ෂපාතිව උත්තර දුන්න නිසා රවී අයියට වේවැල් පාරවල් 10ක සංග්‍රහයක් ගාමිණි සර් ගෙන් ලැබුනලු.
“මූ පුකට පාරවල් 10කුත් ගහල තාත්තවත් එක්කන් එන්න කිව්වනෙ බං. මම කිව්ව තාත්තට යාපනේට ට්‍රාන්සර් එකක ඇවිත් ඒ හින්ද තාත්ත ගෙදර එන්නෙ මාසෙකට සැරයි කියල. ඊට පස්සෙ ගෙදර ටෙලිෆෝන් නම්බර් එක ඉල්ලනව. මම කිව්ව ගෙදර ටෙලිෆෝන් නෑ කියල. පස්සෙ ගෙදර ඇඩ්රස් එක ඉල්ලගෙන ටෙලිග්‍රෑම් එකක් එවල තිබුන මම ඒක ගෙදර කට්ටියට කලින් අරගත්තා. පස්සෙ තාත්තට ආපු ට්‍රාන්සර් ලෙටර් එකේ කොපියක් ගිහිල්ල දුන්නට පස්සෙ වැඩේ ශේප් වුනා.”
“එතකොට අයියල ගෙ තාත්ත යාපනේද හිටියෙ ඒ දවස් වල”
“පිස්සුද බං තාත්ත යාපනේ ගියෙ නෑ. ඊට පස්සෙ 10 වසරෙත් වාර දෙකක් ඉවරවුනාට පස්සෙ පන්තිකවයක් තිබුන. ඒකට තාත්තව එක්කගෙන ගියෙ වෙලාවෙ කොහොම හරි ගාමිණි සර් ට මාට්ටු වුනා. සර් තාත්තගෙන් අහනව තවම යාපනේද ඉන්නෙ කියල තාත්ත කිව්ව නෑ කියල. පස්සෙ තාත්තට සීන් එක කිව්ව නේ බං.
“නෑ..... එච්චර කල් ඕක මතක තිබිලද”
“ඔව් නෙ බං. මමත් ඉතින් ගෙදර ගිහින් ගැහි ගැහි හිටිය තාත්ත මොනව කියයිද දන්නෙ නෑ නෙ. තාත්ත ආවට පස්සෙ මට කිව්ව ඔය වයසට ඔව්ව බැලුවට කමක් නෑ බලල මාට්ටු වෙලා අපේ සායම විතරක් අරින්න එපා කියල කිව්ව ”
ඔන්න ඔහොම තමයි රවී අයියගෙ කතාව ඉවර වුනේ. රවී අයියගෙ තාත්ත වත් ගාමිණි ගුරුතුමා වත් මේ ප්‍රශ්නෙ ඒ තරම් දුරදිග ගෙනිච්චෙ නැති නිසා රවි අයියටවත් වෙනින් කාටවත් ලොකු හානියක් වුනේ නෑ. නමුත් මෙවැනිම ප්‍රශ්නෙකදි විදුහල්පතිවරයෙක් ගත්ත වැරදි තීරණයක් නිසා ඒ අදාළ ශිෂ්‍යයා ගේ තාත්ත බෙල්ලෙ වැල දාගෙන මිය ගිය සිද්දියකුත්, තවත් වරක සිසුවියක් පාසල් ගොඩනැගිල්ලකින් බිමට පැනපු සිද්දියකුත් අපිට මෑත වකවානුවේ අහන්න ලැබුන.
පොස්ට් එක ඉවර කරන්න කලින් දුකා අයිය කියපු කතාවකුත් මතක වුනා.
“මල්ලි ගුරුවර ගුරු විභාගෙ විතරක් පාස් වුනාට වැඩක් නෑ. සමාජ විද්‍යාවත් උගන්නන්න වෙනව”
අත්තාටම තමනුත් පොඩි කාලෙ කරපු දේවල් තමන්ගෙ ළමයි කරපුවහම ඒවාට උවමනාවටත් වඩා දඩුවම් දෙන දෙමාපියන් ගුරුවරුන් ගැන කුමක් නම් කියන්නද ?
ප.ලි
මේ ලිපිය පොඩි ළමයින්ට බලන්න හොද නෑ කියල වැඩිහිටියන්ට හිතෙනවනම් ඒ අයට බලන්න දෙන්න එපා.
ප.ප.ලි
ඔය ටයිටල් එකට දාල තියෙන්නෙ, බ්ලැක් පවර් (black power) කියන්නෙ රවී අයියගෙ පත්තරේ නම හොදේ.

Tuesday, February 28, 2012
එක් නිමේශයෙන් සබදකම් වෙනස් විය හැක
හයියෙන් ආපු බෙන්ස් කාර් එකක් නවත්තනව, ඒ කාර් එකෙන් බහිනව දනිස්ස ගාවට විතර දිග ගවුමක් ඇදපු ලස්සන ගෑනු ළමයෙක්. (තවම කැමරාව තියෙන්න බිම) ගෑනු ළමය ටික දුරක් ඇවිදන් යනකොට එකපාරටම එනව ලොකූ හුලගක් ඔය හුළගට ගෑනු ළමයගේ කරේ හරි, කොහෙ හරි තිබුන සාළුවක් පාවෙලා යනව. (දැන් කැමරාවත් මේ සාලුව පස්සෙන් යනව) මේ සාළුව හැන්සම් කොල්ලෙක්ගෙ මුනෙ දැවටෙනව . අනේ ඒ කොල්ල හරි දුප්පත්. .............................................................කොල්ලයි කෙල්ලයි යාලු වෙනව. අබ මල් වලින් පිරුණ වත්තක විනාඩි 10 විතර සින්දුවක් යනවා. සිංදුව ඉවර වුන ගමන් කෙල්ලගෙ තාත්ත මේ සම්බන්දෙට විරුද්ද වෙනව....................................................................කොල්ල කෙල්ලගෙ තාත්තව මරනව. ෆිල්ම එක ඉවරයි.
මීට වඩා වෙනස් ස්ටෝරි තිබුන හින්දි ෆිල්මුත් තිබුන ඒ කාලෙ. ඒත් සමස්තයක් විදිහට මම දැකපු ෆිලම් වල නම් (1990 -2000 ) තිබුනෙ ඔය කතාවම තමයි. ඊට වඩා පරණ ෆිලම් වල වෙනස් කතා මොනව හරි තිබුනද මම දන්නේ නෑ. මොකද මම පරණ ෆිල්ම් බලල නැති නිසා. ඔය කොච්චර මොනව කිව්වත් කවුද අකමැති ඒ ෆිලම් බලන්න. කවුරු අකමැති උනත් අනේ මම නම් හරී කැමතියි. පිස්තෝලයක් අරන් ගිහින් පන්සීයක් විතර මරල කෙල්ලගෙ තාත්තට වෙඩි තියන්න යනකොට උණ්ඩ ඉවරයි. බලන්න කොයි තරම් තාත්විකද කියල.
මමත් දැන් සති දෙකකට විතර කාලින දඩ්කන්(2000) ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කළා ආපහු පාරක් බලන්න ඕනෙ කියල හිතුන හින්ද. ඔන්න ඊයෙ තමයි බලල ඉවර කරන්න පුළුවන් වුනේ. මේකත් පටන් ගන්නෙ අර මම උඩ කියපු විදිහටම තමයි. කෙල්ල පෝසත් කොල්ල දුප්පත්, පස්සෙ නම් ඉතින් කතාව වෙනස් වෙනව. හැබැයි ඉතින් මේ ෆිල්ම එකේ තියන සින්දු ගැන නම් ඉතින් කියන්න වචනයක් නෑ ඒ තරමට ලස්සනයි. ඔය මම පහලින් දාල තියන වීඩියෝ එකත් එක්කම ඒ සිංදුව අහල බලන්නකෝ හරියටම නොතේරුණත් මොන වගේ හැගීමක් ද එන්නෙ කියල.
මොකද හිතන්නෙ මියුසික් ප්ලේයර් වල තියන ශෆල් බට්න් එක ගැන. ආයෙ ඉතින් මොනව හිතන්නද ඔබපුවහම තියන ඔක්කොම සින්දු ටික කලවම් වෙලා නිකන් කොක් ටේල් එකක් වගේ වෙනව. වික්ටර් රත්නායක මහත්මය වේදිකාවෙන් බැහැපු ගමන් මෙන්න ලින්කින් පාක්ල කෑ ගහනවා නෝ මෝ සෝරොව් කියල. හැබැයි ඉතින් ඒකෙත් පොඩි ආතල් එකක් තියනව.
මම අද වැඩ ඉවර වෙලා එන ගමන් මගෙ ෆෝන් එකත් කාර් එකට කනෙක්ට් කරල ශෆල් බට්න් එකත් ඔබල ප්ලේ කලා. ගේ ලගට එනකොට සිංදු තුනක් ගායනයයි වාදනයයි දෙකම එකට වුනා. ඒකෙනුත් මම මේ කියන්න යන්නෙ මුල්ම සිංදු දෙක ගැන.
1 වෙනි සිංදුව නන්දා මාලිනී මහත්මිය ගයනා කරන "ඔබේ පැල පැලේ පිල" කියන ගීතය.
ඔබේ පැල පැලේ පිල
පිලේ නිදි පැදුර මත
මට මගේ මල් යහන
මත නොමැති සුවය ඇත
බාල කාලේ එකම ගුරු ගෙදර අකුරු කර
එකම කෙලි මඩල වැද කෙලි දෙලෙන් ඇවිද ගිය
ඔබ මෙදා පැල් පතක මා සදැල්ලකය අද
යස ඉසුරු පවුරකින් මට අහිමි වීය ඔබ
ඔබේ පැල පැලේ පිල
පිලේ නිදි පැදුර මත
මට මගේ මල් යහන
මත නොමැති සුවය ඇත
ගාමිණී නොවේ ඔබ චිත්‍රාව සොයා ආ
සාලියත් නොවේ ඔබ මාලාව සොයා ආ
සදාකල් ඔබ පැලේ මා සදැල්ලේ මෙතැන
පැතුම පමණකි සතුට කදුල පමණකි උරුම
සිංදුවක් රසවිදින්න හැකියාවක් තිබුනත් ඒක ගැන ලොකු විග්‍රහයක් කරන්න නම් මට දැනුමක් නෑ. ඒ හින්ද මේ ගීතයෙ තේරුම ගැන මම මුකුත්ම කියන්නේ නෑ. ඒත් මට එක නොතේරෙන තැනක් තියනව,
ඔබේ පැල පැලේ පිල
පිලේ නිදි පැදුර මත
මට මගේ මල් යහන
මත නොමැති සුවය ඇත
කොහොමද ඇය කියන්නෙ එයාගෙ මල් යහනට වඩා ඔහුගෙ පැදුර සුවපහසුයි කියල? මේ ප්‍රශ්නෙ මෙතන හාරවුස්සන්න ගියොත් අනිත් සිංදුව දාන්න වෙන්නෙ නෑ. ඒ හින්ද ඒක ගැන කතා නොකර ඉමු.
මෙන්න ප්ලේ ලිස්ට් එකේ නම්බර් 2 වෙනි සිංදුව, කසුන් කල්හාරයන් ගායනා කරන "කවුලු පියන්පත් වහන්න" ගීතය
කවුලු පියන්පත් වහන්න සදලු තලාවේ
ඔබ දුරයි නෙතට මා සිටිනා ලවැලි තලාවේ
විලක දුරක මල් පිපුනේ අපට නොවේ මැයි
ඔරු පාරු ඇවිත් බලා යාවි විල් දිය ගැබුරුයි
මල් සුවද උරා ඇදී යන්නෙ බඔරුන් කෝ මැයි
සදලු තලාවට පැල්පත දුර නම් බෝ මැයි
කවුලු පියන්පත් වහන්න සදලු තලාවේ
ඔබ දුරයි නෙතට මා සිටිනා ලවැලි තලාවේ
කිරි සිනා සලන සදවත අහසෙම රැදුනාවේ
ඉගි මරණ තරු කැලුම් අහසට නොම පෙනුනාවේ
සිත ඈත අරන් යන විමනේ සදලු තලාවේ
කවුලු පියන් වසනු මැනවි නේතුකැන් හමුවේ
"මල් සුවද උරා ඇදී යන්නෙ බඔරුන් කෝ මැයි" අනේ මන්ද මට නම් තේරෙන්නෙ නෑ ඔව්ව.
ඉතින් මම මේ අහන්න තැටමුවෙ ෆිල්ම් එක ඉවර වෙන්නත් කලින් තාත්තව මරල කොල්ලයි කෙල්ලයි බදින එකද, නැත්තන් නන්දා මාලනියන් කියනව වගේ මල් යහනෙ නැති සුවේ පිලේ පැදුරෙන් ලබල උබ ගාමිණී වගෙත් නෙවයි, උබ සාලිය වගෙත්
නෙවෙයි මාව හොයාගෙන ආවෙ නෑ ඒ හින්ද මම අඩ අඩ ඉන්නම් කියල ඉන්න එකද, නැත්තම් මල් සුවද උරා ඇදී යන්නෙ බඔරුන් කෝ මැයි කියල අහල පස්සෙ කවුලු පියන් වසනු මැනවි කියල කියන එකද, වඩා හොද කියල.
මෙලෝ තේරුමක් නැති විකාරයක් කියෙව්වා වගේද?
එහෙනම් සොරි

Subscribe to:
Posts (Atom)