පලවෙනි කොටස කියවන්න බැරි වුනා නම් මෙතනට ගිහින් මුලින්ම ඒක කියවල එන්න.
2012 ජනවාරි 01
වෙලාව හවස 5ට විතර, රෙස්ටුරන්ට් එකක 6ට කපපු විශාල ෆීසා රොටියක් තිබුණු මේසයක් වටේ ඉදගෙන හිටපු මිනිසුන් 4දෙනෙක්. එහි සිටි එකෙකු ඔහුගේ වසර කිහිපයක් පැරණි කුළුදුල් ප්‍රේම වෘතාන්තය (නෑ එතනට එන්න ඕන හොදම වචනෙ ඒකපාර්ශවික ප්‍රේමය) ගැන පවසමින් සිටී. අනෙක් තිදෙනා එයා අසනවා සේ පෙන්වමින්, ෆීසා කමින් සිටියි. ඒක වරම ඒ තිදෙනාගෙන් එකෙක්, "මල්ලි තරහ වෙන්න එපා මෙහෙම කිව්වට ඒ කෙල්ල උබව කඩේ ඇරල", කතාව කියූ තැනැත්තා මේ බව දැන නොසිටියාම නෙවෙයි ඒත් ඒ දවස්වල ඔහුගේ හිතේ සිටියේ ඇය පමණයි. (දැනුත් එහෙමද දන්නෙ නෑ) එනිසා ඇය කුමක් කීවත්, කුමක් කලත්, ඇයගේ නොහොදක් ඔහුට නොපෙනුණි (හිත ගිය තැන මාලිගාව කියල කියනවනෙ). " එතකොට ඔය කෙල්ලවත් හම්බ වෙලා එන්නද යන්නේ. මම හිතුව එකපාරටම උබ ලංකාවට යනවා කියල කියපුවහම " ඒ එතන සිටිය තවත් අයෙකි. "එහෙම තමයි අයියෙ හිතාගෙන හිටියෙ. ඒත් එයාව කන්ටැක් කරගන්න විදියක් නෑ. ෆේස් බුක් එකෙනුත් අයින් වෙලා මොබයිල් එක වැඩ කරන්නෙත් නෑ"
2012 ජනවාරි 02
1වෙනි ෆෝන් නම්බර් එක "ඔබ ඇමතූ ජංගම දුරකථනය ආවරණ කලාපයෙන් බ්ලා බ්ලා.........."
2 වෙනි ෆෝන් නම්බර් එක "ඔබ ඇමතූ ...... දුරකතනයෙන් ප්‍රතිචාරයක් නොමැත කරුණා කර පසුව අමතන්න"
2012 ජනවාරි 03
1වෙනි ෆෝන් නම්බර් එක "ඔබ ඇමතූ ජංගම දුරකථනය ආවරණ කලාපයෙන් බ්ලා බ්ලා.........."
2 වෙනි ෆෝන් නම්බර් එක "ඔබ ඇමතූ ...... දුරකතනයෙන් ප්‍රතිචාරයක් නොමැත කරුණා කර පසුව අමතන්න"
2012 ජනවාරි 04
1වෙනි ෆෝන් නම්බර් එක "ඔබ ඇමතූ ජංගම දුරකථනය ආවරණ කලාපයෙන් බ්ලා බ්ලා.........."
2 වෙනි ෆෝන් නම්බර් එක "ඔබ ඇමතූ ...... දුරකතනයෙන් ප්‍රතිචාරයක් නොමැත කරුණා කර පසුව අමතන්න"
2012 ජනවාරි 05
ගුවන් ගතවීමට මොහොතකට පෙර
1වෙනි ෆෝන් නම්බර් එක "ඔබ ඇමතූ ජංගම දුරකථනය ආවරණ කලාපයෙන් බ්ලා බ්ලා.........."
2 වෙනි ෆෝන් නම්බර් එක, ටික වෙලාවක් රිංස් ගිහිල්ල කට් වුනා.
2012 ජනවාරි 06 (කතාවෙ අන්තිම දවස)
ලංකාවට ගොඩ බහිනකොට පාන්දර 3 විතර වෙන්න ඇති. කිසිම දෙයක් අරගෙන ආපු නැති නිසා වැඩි රස්තියාදුවක් නැතිව පාන්දර 4 විතර වෙනකොට ගෙදර එන්න පුළුවන් වුනා. ෆ්ලයිට් එකේ හොද නින්දක් දාගෙන ආපු නිසා නිදිමතක් අහලකවත් නෑ. අම්මයි මල්ලියි එක්ක කතා කර කර 6 විතර වෙනකම් ඉදල මම ඇදට ගියා. වෙනදට ඇදට පැනපු ගමන් නින්ද යන මට එදා ඇදට ගිහිල්ල පැය බාගයක් ඉදලත් නින්ද ගියෙ නෑ. ඒ හින්ද මම එයාට කෝල් එකක් ගත්ත. එයාට අමතක වෙලා තිබුන මගෙ ලංකාවෙ නම්බර් ඒකෙන්.
එයා :- හෙලෝ කවුද කතාකරන්නෙ ?
මම :- නංගි මේ ........... (හිස් තැනට රුචා කියලම දාමු)
එයා :- ආ අයිය කවදද ආවෙ ? මට කටහඩ අදුරගන්නත් බැරි වුනා (මාව අදුරගන්න බැරිවුනා කෙනා කොහොමද මගෙ කටහඩ අදුරගන්නේ)
මම :- ඔව් නංගි මේ දවස් හෙම්බිරිස්සාව හැදිලා.
එයා :- ඒ කටහඩ ලස්සනයි හෙම්බිරිස්සාව හැමදාම තියා ගන්න. (ඔයා කියනකන් හිටියෙ)
මම :- ඒක නෙවෙයි නංගි එදා අහපු දේට මොකද කියන්නෙ. හම්බවෙන්න පුලුවන්ද?
එයා :- මම අයියාට මැසේජ් එකක් එවන්නද?
මම :- හා
එයා :- එහෙනම් මම තියන්නද?
මම :- හා
ෆෝන් එක අත් දෙකෙන්ම අල්ලාගෙන තව විනාඩි 15ක් විතර බලන් ඉන්න ඇති. බැරිම තැන
මම : නංගිගෙ මැසේජ් එක එනකම් බලන් ඉන්නවා. (කියල මැසේජ් එකක් යැව්වා.)
එයා :දැන් මම ගෙදර. තව ටිකකින් ගම්පහ එනව. ඕන නම් එන්න. නැත්තන් කැම්පස් එක ලගට ඕන වෙලාවක එන්න. නැත්තන් හවස 4.30ට විතර ගම්පහට එන්න.මොකද කරන්නෙ? මැසේජ් මී
(හ්ම්ම් ඔෆ්ෂන් 3ක් තියනව උදේ,දවල්,හවස මම නම් ඉතින් ඔය 3ටම කැමතියි)
මම :- නංගිට පහසු වෙලාව මොකක්ද
එයා :- ඕන එකක්. මට මොකත් එකයි. ඉක්මනට කියන්න.
මම :- හරි නංගි මම දැන් එන්නම්
ෆෝන් එක රිං වෙන සද්දෙට මම ඇහැරුනා. එතකොටත් මම විනාඩි 20ක් විතර නිදාගෙන.
මම : -හෙලෝ
එයා :- අයිය කොහෙද ඉන්නෙ. මම ගම්පහ බස් ස්ටෑන්ඩ් එකේ. (තවම ගෙදර නංගි කිව්වොත් කෙල්ල යනව)
මම :- මම මේ එන්න එලියට බැස්ස විතරයි. මට විනාඩි 15ක් දෙන්න
එයා :- විනාඩි 15ක්. මට ගොඩක් වෙලා නම් මෙතන ඉන්න බෑ. අයිය ඉක්මනට එන්න. නැත්තන් මම යන්නම්
මම :- නෑ මම විනාඩි පහළො...(එයා ෆෝන් එක කට් කළා)
මතුවට සම්බන්දයි....!!!
❅❅❅❅❅❅❅❅❅❅❅❅❅❅
❅❅❅❅❅❅❅❅❅❅❅❅❅❅
ප.ලි
සොරි වෙන්න ඕනෙ අදත් ඉවර කරගන්න බැරි වුනා. නිදි මතයි. ඊලග කොටසින් නම් ඉවර කරනව කරනව කරනවමයි.
තූ තෝ . . . . !!! මදැයි . . . දැං හිටපංකෝ නියවගෙන ඊලඟ එක එනකං
ReplyDeleteහොඳම හරියට එනකොට ඇඩ් එකක් දාලනේ.....
ReplyDeleteමාර නින්දක්නේ නිදාගෙන තියෙන්නේ :)
ReplyDeleteඅනේ උඹට ඔටුවෙක් පයින් ඇනපිය....අදත් මගින් නවත්තලා..
ReplyDeleteඔන්න ඕනෙ වෙඩිමක් කියලා මම ඉතුරු ටික කියනවා අයියේ.
මම එයාව මීට් වුනා.ඊට පස්සෙ එයා කිව්වා..
(කිව්ව දේ දැනගන්න හෙඩිම බලන්න.)
ඉතින් ඔය ඔක්කොම අමතක කරලා රූමස්සල ගිහින් පට්ට සැපක් ගත්තා..
ඉවරනේ කතාව.. හූ..හූ..
අපොයි විනාඩි පහලවෙන් පලයං මචං මිස්වෙයි කෑල්ල.. :)
ReplyDeleteඉතිරිය ඕනේ ඉක්මනට.. ;)
හයට කපපු පීට්සා එකක් හතරදෙනෙක් කන නිසයි මේ ඔක්කොම ප්‍රස්න!!!!
ReplyDeleteමට ප්‍රශ්නයක් තියනවා // 1වෙනි ෆෝන් නම්බර් එක "ඔබ ඇමතූ ජංගම දුරකථනය ආවරණ කලාපයෙන් බ්ලා බ්ලා.........."
ReplyDelete2 වෙනි ෆෝන් නම්බර් එක "ඔබ ඇමතූ ...... දුරකතනයෙන් ප්‍රතිචාරයක් නොමැත කරුණා කර පසුව අමතන්න"//
…
…මෙවා කියුවෙ සිංහලෙන්ද ? :D
රට ඉඳල ලංකාවට ගත්තම කියන්නේ සිංහලෙන් තමයි
Deleteඒක කියන්නේ ලංකාවේ දුරකථන අයතනයේ ඉන්න අර අක්කනේ... :)
ඒ නිසා පට්ට සිංහලෙන් තමයි
අපෝ එපා වෙනවා දෙන්න හිතෙනවා හොම්බට හැටක්
ReplyDeleteහප්පා.. වැඩේ ටිකක් සීරියස් වගේ...
ReplyDeleteහයියෝ......
ReplyDeleteඋබ යකෝ පුදුම ඩයල් එකක් නේ... කතාව පටන් ගද්දිම මතු සම්බන්ධයි...
ReplyDeleteමොනවද යකෝ වෙලාවට වැඩ කරපන්කෝ...
ReplyDeleteකෝ ඉතින් ඉතුරු ටික, මෙතන කස කාරයෝ විතරනේ
ReplyDeleteපෙරහැර නැහැනේ :(
ඉතිරියත් දාන්නෝ.. :)
ReplyDelete