Saturday, February 4, 2012

කිරුළ දැයට ද

අම්ම :- ගමේ ඉන්න හැමෝම කොඩියක් දාල අපේ ගෙදර විතරයි නැත්තෙ. (තරහෙන්)
මම :- අපේ ගමේ විතරක් නෙවෙයි අම්මෙ එහා ගමේ කට්ටියත් දාල (සිනා සෙමින්)
අම්ම :- හන්දියේ කඩේ කොඩි ඉවර වෙලා තිබුනෙ නැත්තන් මම අරගෙන ඇවිල්ල දානව ආයෙ කාටවත් කිය කිය ඉන්නෙ නෑ

මීට අවුරුදු 3කට විතර කලින් වෙච්ච දෙබසක් තමයි ඔය මම දාල තියෙන්නෙ. මට හරියටම මතක නෑ ඔය සිදුවීම වුනේ ප්‍රභාකරන් මැරිච්ච වෙලාවද, නිදහස් උත්සවයක් වේලාවෙද, එහෙමත් නැත්තන් වෙන මොකක් හරි උත්සවයකට කියල. හැබැයි ඒ වෙනකොට රටේ හිටපු මිනිස්සුන්ගෙන් බහුතරය තමන්ගෙ ගෙවල් වල ජාතික කොඩියක් දාගෙන තමයි හිටියෙ. ඉතින් ඒ කොඩි වැලින් සමහරක් කොඩි, ගෙවල් ඉස්සරහ ගේට්ටු කණුව, එහෙමත් නැත්තන් වහලෙ කොනක තිරස් අතට ගහපු කෝටුවක, තවත් ගෙදරක  ඉස්සරහ තියන උසම ගහේ. ලොකු කොඩි, පොඩි කොඩි, සිංහය කහ පාටින් ඉන්න කොඩි, සිංහයා තැබිලි පාටින් ඉන්න කොඩි, ඔය වගේ නානාප්‍රකාර කොඩි ලංකාව පුරාම. ඉතින් මේ කොඩි අව්වට වේලෙමින් වැස්සට තෙමෙමින් පුරා මාසයක් විතර ලෙළදිදී තිබුණ. එදා ඔන්න ඔය විදියට ජාතික කොඩියට වද දීපු පිරිස දේශප්‍රේමීන් වෙනකොට, කොඩි නොදාපු සුළුතරය (අපේ ගෙදර උදවියත් ඇතුළුව) දේශද්‍රෝහීන් වුනා. පොඩි කාලෙ අපිට ජාතික කොඩිය ගැන උගන්වනකොට, එයට ගෞරව කරන ආකාරය උගන්වන්න ඒ ගුරුතුමිය අමතක කලේ නෑ. ඒ උගන්වපු සමහර කරුණු එදා දවසෙත් මට මතක තිබුණ නිසා අපේ ගෙදර හැමෝටමත් දේශද්‍රෝහීන් වෙන්න වාසනාව ගෙනාව.  මට මේ කතාව මතක් වුනේ ඊයෙ ෆේස් බුක් එකේ ඉන්නකොට ඒකෙ හිටපු මිතුරෙක් මට එවපු මැසේජ් එකක් හින්ද.

"මොකද කියන්නේ අපි හැමොම තව පාරක් රට වෙනුවෙන් එකතු වෙමුද..? අපේ ජාතික නිදහස් උත්සවය වෙනුවෙන්..අපි හැමොගෙම ප්‍රොෆයිල් පික්චස් වලට ලන්කාවේ කොඩිය දලා රටට අපේ ජාතික කොඩියට උපහාරයක් කරමුද...බල කිරීමක් නෑ කැමති කට්ටියට නොකර ඉන්න පුළුවන්...එත් ලංකිකයෙක් වීම පිළිවද ආඩම්බර වෙන හැමොටම මම ආරධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න..ලංකියකෙකු වීම මා හට ආඩම්බරයකි...බොගොම ස්තූති...."

ඉතින් මම ඒ වෙලාවෙ ඒ මිතුරට මට එසේ කිරීමට නොහැකි බවත් එයට මම කණගාටු වෙන බවත් පවසා හිටිය. මම මේ පෝස්ට් එක ටයිප් කරන මොහොත වෙන විටත්  (2/4/2012  01.45) ෆේස් බුක් එකේ මගෙ මිතුරන් ලැයිස්තුවෙ සිටින  කිහිප දෙනෙක්ම තම ප්‍රොෆයිල් පික්චර් එක වෙනුවට ජාතික කොඩිය දමාගෙන ඇති නමුත් ජාතික කොඩිය දිස් වෙන්නෙ බාගෙටය. සමහරක සිංහයාගේ නැට්ට සහ ඉන් පිටු පස කොටස නැත. තවත් සමහරක සිංහයා පමණකි. මෙය ඔවුන් විසින් නොදැනුවත්ව හෝ දැනුවත්ව කරනවා විය හැක. මෙයින් ඔවුන් රටට ජාතියට ඔවුන්ගේ ලැදියාව පෙන්විමට හදනවා විය හැක. ඔවුන්ගේ සිතුවෙල්ල හොද මුත් එය ක්‍රියාවට නංවීමෙදී යම්කිසි හානියක් ජාතික කොඩියට සිදූ වී ඇතැයි මට සිතේ.

තව කතාවක් මතක් වුනා.  මේක වුනේ 2009 අවුරුද්දෙ එතකොට මම ඩුබායි වලට ආපු අලුත. මගෙ ඤාති සහෝදරයගෙ පාසැල් යාලුවෙක් හිටිය. ඔහු පකිස්ථානු ජාතිකයෙක්. පොඩි කාලෙ ඉදලම ඔහු ඉදල තියෙන්නෙ ඩුබායි වල. මමත් මෙහෙ ආවට පස්සෙ මේ කියන පුද්ගලයව මට අදුර ගන්න ලැබුන. හැම තිස්සෙම මේ රටටයි මේ රටේ ඉන්න මිනිස්සුන්ටයි බනින එක තමයි මෑන්ගෙ වැඩේ. 2009 දෙසැම්බර් 2 ඒ කියන්නෙ මෙහෙ නිදහස් දවසෙ මෙයා අපේ ගෙදර ආව දවල් 2ට විතර. ඇවිත් අපෙන් අහනව අද කොහෙවත් යන්නෙ නැද්ද කියල. අපි නෑ කියපුවහම මෑන්ස් අපිට කියනව මම නම් කාර් එකෙත් ගැහුවා u.a.e වල කොඩිය කියල. අපිත් පහලට ගිහිල්ල බැලුව කාර් එක වැඩේ ඇත්ත. 365ස් දවසෙම මේ රටට මේ රටේ මිනිස්සුන්ටයි බැන බැන ඉන්න මිනිහ ලොකු ගානක් වියදම් කරල කාර් එක පුරාම ලොකු කොඩියක් ගහල. පකිස්තානෙ නිදහස් දිනේටවත් මූ එහෙම දෙයක් කරල නෑ. ඔන්න මිනිස්සු.


කොඩි කතාව ඇදුන වැඩිද මන්ද. ඒත් මම කියන්න හිතාගෙන හිටිය කතාව කෙටියෙන් හරි කියන්න වෙනව. නැත්තන් පෝස්ට් එකේ දාල තියන මාතෘකාවයි ලියල තියන දේවලුයි ගැලපීමක් නැති වෙනව. (මගෙ අනිත් පෝස්ට් වගේම වෙනව) ඔව් මේ කතාකරන්න හදන්නෙ දැයට කිරුළ ගැන. හෙට ඉදල ගොඩක් කට්ටිය යයි දැයට කිරුළ බලන්න. මමත් ලංකාවෙ ඉන්නකොට දෙපාරක්ම ගියා. මෙදා සැරේ නම් දැයට කිරුළත් බලල ශ්‍රී මහ බෝධිය, රුවන්වැලි සෑය එහෙමත් වැදල එන්න පුළුවන් දබුලු ගිහින් තලගොයි මරාගෙන එන මැතඩ් එක දාල. (මම නම් එහෙමයි) හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ ඔය කියන කිරුළ දැයට ලැබුනද කියන එකයි. දැන් අවුරුදු ගානක් ඉදන් කිරුළ, දැයට පෙන්න පෙන්න ඉන්නව ඒත් ඒක ලැබෙන පාටක් නම් පේන තෙක් මානෙක නෑ.

කොහොම නමුත් අපිට මෙන්න මේ වගේ දෙයක් හිතල  64වෙනි නිදහස් සැමරුම දවසෙ සතුටු වෙන්න පුළුවන්

කිරුළ දැයට නැති වුනත් රජුට කිරුළ හිමි නිසා අපිට සතුටු වෙන්න පුළුවන්
ඒ කිරුළේ බලයෙන් රජුගෙ පවුලෙ උදවියත් වැඩ ගන්න නිසා අපිට සතුටු වෙන්න පුළුවන්
රජුගෙ පවුලෙ ලගම  ඤාති මේ කිරුළෙන් වැඩ ගන්න නිසා අපිට සතුටු වෙන්න පුළුවන්
රජුගෙ පවුලෙ දුර  ඤාති මේ කිරුළෙන් වැඩ ගන්න නිසා අපිට සතුටු වෙන්න පුළුවන්
රජුගෙ ඇමති මණ්ඩලේ මේ කිරුළෙන් වැඩ ගන්න නිසා අපිට සතුටු වෙන්න පුළුවන්
ඒ ඇමති මණ්ඩලේ පවුලෙ උදවියත් මේ කිරුළෙන් වැඩ ගන්න නිසා අපිට සතුටු වෙන්න පුළුවන්
මේ අයගෙ ඤාති වරුත් කිරුළෙන් වැඩ ගන්න නිසා අපිට සතුටු වෙන්න පුළුවන්
මේ ඇමතිල ගාව වැඩ (ජඩ වැඩ) කරන අයත් මේ කිරුළෙන් වැඩ ගන්න නිසා අපිට සතුටු වෙන්න පුළුවන්
ඔය කියපු අය වෙනුවෙන් කඩේ යන අයටත් මේ කිරුළෙන්  ඉදිරියෙදි වැඩක් ගන්න පුළුවන් වෙන්න  කියල හිතලත් අපිට සතුටු වෙන්න පුළුවන්

හප්පේ සතුටු වෙන්න කාරණා ගොඩක් තියෙන නිසා මට හරි සතුටුයි. නන්දා මලිනී මහත්මියගෙ නිදහසේ බයිලාව ඇහෙන කොට මට තවත් සතුටුයි.

මාස්ටර් බයිලා අපෙ ගෙතු රස කරලා
ඇහිද ගනිල්ලා මේව නිදහස් බයිලා
කතරට සහරා ගලන ලෙස රස දහරා
එලි සම නොමරා ගයමු නිදහස සමරා

නිදහස ලැබුනා මල්ලි නිදහස ලැබුනා
තලු මරන්න මිහිරි අකුරු හතරක් ලැබුනා
ගීයක් ලැබුනා ජාතික කොඩියක් ලැබුනා
එලි වෙනකොට නිදහස අහසෙන් ගෙට වැටුනා

කොඩිය සුද්දගේ මල්ලි සිංහයා අපේ
ලනුව සුද්දගේ වුනත්  කොඩිගහ අපගේ
නෑ බැට කෑවේ නේරු පාතෙල් වගේ
නෑ දිවි දුන්නේ මහත්ම ගාන්දි වාගේ

ලේ හැලුනේ නෑ සුද්ද තරහ වුනෙත් නෑ
යන්න ගියෙත් නෑ නොගිහින් හිටියෙත් නෑ
අදත් බොමූ ඒ නිදහස් පානෙ සුමිහිරී
තවත් සුමිහිරී අද ඒ පානෙ මිතුරනී

හිතන්න නිදහස ලියන්න කියන්න නිදහස
බනින්න නිදහස ඇති රට මේ උත්තම රට
බයිල කියා පුද දෙමු අපි ස්වෛරි සිරි ලක
නිවන් දකිත්වා අපගේ ජන නායක කැල

බයිල කියා පුද දෙමු අපි ස්වෛරි සිරි ලක
නිවන් දකිත්වා අපගේ ජන නායක කැල

හරි එහෙනම් මම යනව නිදා ගන්න. ඒ යන්න කලින් බගත්සින් ෆිල්ම් එක ඩවුන්ලෝඩ් වෙන්න දාල යන්න ඕනෙ හෙට බලන්න. එහෙනම් සියලු දෙනාටම (මොකක්ද දාන්ඩ හොද වචනෙ මෙතනට හ්ම්ම්ම්) ජය වේවා.......!!!

31 comments:

  1. දැයට කිරුලෙ IT ස්ටොල් එකකට මේ පාරත් මට ඉන්විටෙශන් එකක් තියෙනවා... මම නම් යන්නැ..
    දැයට කිරුල නෙවෙ
    දැයට රිජිෆොම් මාලිගා..

    ReplyDelete
    Replies
    1. සිරා කතාව මචන් කිසි තේරුමක් නැති පට්ට බොරු වියදමක් විතරයි

      Delete
  2. හොඳ ලිපියක්..

    මගෙත් හැඟීම ජාතික කොඩිය ඉස්සුවට බුදු ටෝක් දුන්නට දේශප්‍රේමීන් වෙන්න බෑ..

    දැයට කිරුළ ගැනනම් කියන්න තියෙන්නෙත් ඕක කවදාවත් වැටෙන එකක් නෙමෙයි..

    --
    හරී
    http://dreamsofharee.blogspot.com/
    --

    ReplyDelete
    Replies
    1. රට දිනන - හෙට දිනට
      අපි හෙට වෙනකම් බලන් ඉමු

      Delete
  3. ඕකට අපි කියන්නේ "පුතුට කිරුල " කියලා . දැයට කෙසේ වෙතත් පුතුට නම කිරුල දෙන්න සැහෙන ට්‍රය් එකක් තියෙන නිසා.

    ReplyDelete
  4. Man nam hithanne.adata obina post ekak.Mata hithennet oya dema thama.mokada oya pitata penda karata ewala harayak ne.Serama pita opaya withrai.Oya dayata kirule saba arthaya enda nam e sankalpa hariyata kiriyatmaka wenda one.eth itin podiyata hari , namata hari wena eka gana sathutui.game duwadaruwanta katak arala kiwwa haki wpit jaathika nidahas uthsawayak baluwa kiyala.Api parathana karamau,rajatai, hamaotamai, jayawenda.Mokada api hamoma,ekama dayaka,ekama le walin upan minissu(wandaweegena yana).Jayaweva!

    ReplyDelete
  5. අනේ බුදු මල්ලියේ . . මේ ගැන හිතෙන දේවල් කියන්න ගිහින් ඇඟේ ලේ ටික රත් කර ගන්න ඕනද උදේ පාන්දරම?

    හවස් අතේ හෙට අනිද්දා දිහාට යමක් ලියන්නම්කෝ ඈ . .

    එතකම් මේ මම ගිය අවුරුද්දේ පෙබරවාරි මාසේ ලියපු බඩගැත්තරයාට සමාව බයබෝයි පෝස්ට් එකේ කෑල්ලක් . ..

    අනින්ඩ හාන්දුනන්නේ අනින්ඩ
    පිට පොත්තටම ඇලුනු බඩ පොත්තටම අනින්ඩ
    රුපියල් හැත්තෑවේ හාල් ඔලින් බැරි නම්
    රුපියල් පනහේ පොල් ගෙඩියෙන් හරි අනින්ඩ
    කැවුත්ත කුඩු වෙන්ටම අනින්ඩ . . .!

    දැයට කිරුලේ පාට පාට බලුප් වල එලියට
    ගිනිකනවැටුනු දෑහින් තරු විසි වෙන්ටම අනින්ඩ
    රත්තරන් මුදු දමාපු ඔය අතින්
    බඩ පොත්තට කැවුත්තට ඉතරක් නම් මොකෑ
    ඉහ මොල කුඩු පට්ටම් වෙන්ට ඇන්නත්
    හැබෑ සනීපයි ආයොබෝං . .. !

    ReplyDelete
    Replies
    1. උදේ පාන්දරම ලේ රත් කළා නම් සමාවෙයන් අයියෙ....
      ඒත් ඉතින් මොනව කාරන්නද මේව දකිනකොට ලේ රත් කරගන්නව ඇරෙන්න

      Delete
  6. hmm ape gedarath ada mama kodiyak elluwa :)))

    ReplyDelete
    Replies
    1. 2013 පෙබරවාරි 4 වෙනිදට කලින් ගලවන්න. නැත්තන් ඉතින් 65 වෙනි නිදහස් සැමරුම වෙනකොට ඔයාගෙ කොඩියෙ ඉන්න සිංහය සුදු පාට වෙලා ඉදියි

      Delete
  7. ඇත්ත කතාව මචන් මමත් 100 % එකඟයි මේ පොස්ට් එකත එක්ක

    ReplyDelete
  8. වෙලාවකට ඔය ජාතික ආලය කියන එකම තමයි මේ හැම ප්‍රශ්නෙකටම මුලත්.

    ReplyDelete
    Replies
    1. ජාතික ආලය කියලා දෙයක් තිබුණෙ නැතිනම් ඔය මහත්තයට මේ විදියට ලියන්නවත් හම්බ වෙන්නෙ නෑ. ඒක මතක තියාගන්න. එදා හිටපු බහුතරයක් හෙට ගැන හිතල වැඩ නොකෙරුවා නම්, අද මේ විදියට සිංහල කියල ජාතියක් වත් ඉතුරු වෙන එකක් නෑ. ඒවගෙම, ධර්මපාල තුමා නොහිටියනම් ඔබතුමාගෙ නමත් සිමියොන්, එඩ්වින්, හරි රොබට් වගේ නමක් වෙන්න තිබුණ.

      Delete
    2. මචං චන්දික මෙතැන මම කතා කලේ අපේ පැරණි ජාතික වීරයො ගැන නෙවෙයි. අද ඉන්න තමන් වීරයො යැයි කියා ගන්න පිරිස සහ ඔවුන් විසින් නිර්මාණය කල දේශප්‍රේමීන් ගැන

      Delete
    3. මම කොමෙන්ටුව දැම්මේ ඇනුරාධ කියපු එකට මචං.

      Delete
  9. බනියා කිව්වා වගේ මටත් ඉන්විටේෂන් එකක් තියෙනවා. ගිහින් බලලා එන්න බැරියෑ රජුට කිරුළ හරි දැයට කිරුළ හරි දැයට රිජිෆෝම් මාලිගා හරි ඕන මගුලක්

    ReplyDelete
    Replies
    1. වැඩිපුර ඉන්විටේෂන් එකක් තියනවනම් මටත් දීපන් මචං

      Delete
  10. ජාතික කොඩිය උස්සන්න තරං නිදහසක් අපිට ලැබිල තියනවද ??

    ReplyDelete
    Replies
    1. මටත් තියන ප්‍රශ්නෙ ඕකම තමයි අයියෙ

      Delete
    2. ඇයි යකෝ උඹලාගේ ගෙදර කොඩියක් උස්සන්න ගියාම කවුද ඇවිල්ලා පාට් දාන්නේ
      හුහ් මුන්ගේ කතාව

      Delete
    3. අයියල පාට් දාන්නෙ

      Delete
  11. දැයට කිරුල අවුරුදුපතා තියන එක නම් මහා නාස්තියක්! ඒ වගේ දෙයක් තියෙන්න ඕන තමයි!හැබැයි අවුරුදු පතා නෙවෙයි!

    ReplyDelete
  12. ඒක බිස්නස් එකක්. දැයට ලැබෙන දෙයක් නැහැ. අනික දේශපාලනික අරමුණක්..

    ReplyDelete
  13. ඔබතුමා ඉන්න රටට අපේ ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති ඇහෙන්නේ නැති නිසා ඔයාලා දන්නේ නැහැ මේ රටේ සංවර්ධනය ගැන
    මගේ කාමරේට ඇහෙන නිසා මන් දන්නවා
    පහුගිය ටිකේම ගියේ දැයට කිරුලට සමගාමීව උතුරුමැද පලාත සීඝ්‍ර සංවර්ධනයකට ලක් උනා කියලා ලබන අවුරුද්දේ නැගෙනහිර තියලා නැගෙනහිර පලාතේ සංවර්ධන කටයුතු ලබන අවුරුද්දේ ඉවර වෙනවා කිව්ව.

    නිකන් හිතලා බලන්න කෝටි 7ක් දීලා කක්කුස්සිම හදපු දිස්ත්‍රික්කෙක මිනිස්සුන්ට අඩුම ගානේ රෙන එකවත් ගැටළුවක් නෙමෙයි ඉතින් වෙන මොන ගැටළුද?

    ReplyDelete
    Replies
    1. අන්න කතාව.දාපං මචන් පහක් !

      Delete
    2. ඇයි ඩෝ කානු කපල ඌරො දාන්න තිබුනනෙ . . . . අඩු වියදමකිං කෑමයි රීමයි දෙකම කරන්න පුලුවං

      Delete
    3. //කෝටි 7ක් දීලා කක්කුස්සිම හදපු දිස්ත්‍රික්කෙක //

      රෙන්ඩ ‍ටොයිලට් තිබ්බට රෙන්ඩ පුකේ ගූ නැහැ මචං. භූමිතෙල් ලිපෙං උයලවත් කන්න බැහැ නොවැ.. හයියෝ රජ පවුලට විතරක් ගිය සල්ලි..

      Delete
  14. The best slots online | Dr. MSD
    Learn 남원 출장안마 about the 화성 출장샵 best slots online. This page offers reviews on some of the most popular and popular casino games, with details on slot 서귀포 출장안마 machine Slot machines online: slots; table games; 정읍 출장마사지 pokies; slots 구리 출장안마 online

    ReplyDelete

Real Time Web Analytics