Thursday, August 23, 2012

කෙට්ටු වෙන්න කැමති හැමෝටම……. මෙන්න ක්‍රමේ.! අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.

 

(ආ) කොටස

මේ ලෝකෙ තියන ඕනෑම වැඩක් තනියම කරනවට වඩා සාර්ථකත්වය වැඩයි කට්ටියක් එක්ක එකතු වෙලා සාමූහිකව ඒ වැඩේ කරනව නම්. අද මම මේ කියා දෙන්න යන දේත් අන්න ඒ වගේ සාමූහිකව කරන්න ඕනේ වැඩක් .  එතකොට දැනටමත් ඔයාලට තේරෙනව ඇති නෙ මේක කට්ටියත් එක්ක එකතුවෙලා කරන්න ඕනෙ දෙයක් කියල.

හරි අපි බලමු මොනවද තව අපිට ඕන කරන දේවල් කියල. මේකට  අපිට ඕනෙ වෙනව ;

  • හොදට ඉදුණු ලොකු පළතුරු වට්ටියයි. (කට්ටිය වැඩි නම් පළතුරු වට්ටි දෙක තුනක් අරන් ගියත් කමක් නෑ.) වරක, අනෝද, දූරියන් වගේ පළතුරුත් තියනවා නම් තවත් හොදයි .
  • කුඩා පිහියක්. (ගොඩාක්ම කුඩා එකක් හරියන්නෙ නෑ)
  • හොදට ලෙලි ගහල මුඩ්ඩ අයින් කරපු වේලිච්ච පොල් ගෙඩි එකයි.
  • කපුරු පෙති පැකට් එකයි (ඇදුම් අල්මාරි වල දාන කපුරු බෝල පැකට් එක නෙවෙයි අනිත් එක)
  • සාම්බ්‍රානි පැකට් එකයි.
  • අරලිය හදුන් කූරු පැකට් එකයි
  • ගිණි පෙට්ටි එකයි.
  • මලුයි. (ඒ කියන්නෙ එක මලකට වඩා වැඩි ගානක්)

මේ ටික ඔක්කොම ලෑස්ති කරගන්න පුළුවන් නම් ඔයාලටත් පුළුවන්  මම මේ කියන ක්‍රමේ අත්හදා බලන්න. තව එක දෙයක්. පන්සල ලග පාතක වෙලක් එහෙමත් තියනවනම් මේ වැඩේට තවත් හොදයි.

අසන්නෙක් : පන්සල් යනකොට තෙල්, පහන්තිර එහෙමත් අරන් යනව නේද. ඒත් මේ ලිස්ට් එකේ එව්ව නෑ නෙ.

“ටිකක් ඉන්නකෝ කියල ඉවර වෙනකල් පනින්නෙ නැතුව.”

හරි මම අර කිව්ව  කළමනා ටිකත් ලෑස්ති කරගෙන යාළුවො ටිකත් එක්ක හොදට පේ වෙලා ගෙදර අයටත් කියල එලියට බහින්ඩයි තියෙන්නෙ.

පන්සල් යනකොටත් හරිම විමසිල්ලෙන් යන්න ඕනෙ. වෙලට මායිම් වන, පන්සලට කිට්ටුව පාලු වත්තක් එහෙම තියනවද කියල බලන්න. (පන්සල ගාව වෙලක් නැති උනත් කමක් නෑ පාලුවට ගිය වත්තක් තියනවා නම් )

කට්ටියම මේ වත්තට යන්න ඕනෙ. ගිහිල්ල මුලින්ම කරන්න තියෙන්නෙ වත්තෙ හොද තැනක් බලල හදුන් කූරු ටික පත්තු කරන එක. කට්ටියටම එතන ඉදගන්නත් පුළුවන් නම් තවත් හොදයි. ඊට පස්සෙ අර ගෙනාපු මල් ටික පාවිච්චියට ගන්න පුළුවන්. මල් පාවිච්චි කරල ඉවර උනාට පස්සෙ හොද බඩගින්නක් එයි. අන්න ඒ වෙලාවට  අර ගෙනාපු පළතුරු ටික කෑවනම් හරියටම හරි.  ඔය ඔක්කොම ඉවර වුනාට පස්සෙ පන්සලට ගිහිල්ල ටිකක් කැරකිලා ලොකු හාමුදුරුවන්ටත් වැදලා තමා ගෙදර එන්න ඕනෙ. ඒ ඇවිල්ල ගෙදර උයල තියන බත් එකෙත් මල්ලිගෙ පංගුවත් එක්ක කන්න ඕනෙ. මේක ඉතින් දවසක් දෙකක් කරල නම් හරියන්නෙ නෑ. මාසයක් වත් එකදිගට නොකඩවා කරන්න ඕනෙ. හැමදාම එකම පන්සලකට යන්නෙත් නැතුව මාරු වේවි යාලුවන්ගෙ ගම් වල පන්සල් වලටත් ගියාට කමක් නෑ, මේ ටික හරියටම කරොත් මහත් වෙන එක නවත්තන්න වයිමටවත් බෑ.

අනික ගෙදරට කියන්න පුළුවන් විභාගෙ හොදට කරන්න පුළුවන් වෙන්න බෝධි පුජා කරන්න යනව කියල. එහෙම නැත්තන් ජොබ් එකේ පඩි වැඩි වෙන්න කියල බෝධි පුජා කරන්න යනව කියල. ඔය මොනවා කිව්වත් ගෙදරින් ෆුල් සපෝට් එක ලැබෙනව මේ වැඩේ ට. සමහර විට පළතුරු ගන්නම සල්ලිත් දෙයි.

හරි ඕක තමයි ඉතින් මහත් වෙන්න තියන ලේසිම විදිහ. හරි කාට හරි ප්‍රශ්න එහෙම තියනවද අහන්.

නැවත අසන්නෙක්  : අර මල් ජාතිය අපි දන්න මල් ජාතිය නෙවෙයි ද වෙනස් එකක් ද?

“ඇත්තටම  උඩින්ම තියන  (අ.) කොටස කියවල ආව නම් මේ ප්‍රශ්ණය අහන්න ඕනෙ නෑ. (අ) කොටසට අනුව වෙලා සකසා ගන්නා ඒ ද්‍රව්‍යට සාමාන්‍ය විවාහාරයේ “මල්” කියල කියනවා. “

එම ආසන්නම : ඒත් (අ.) කියල කොටසක් නෑ නෙ

“ඇත්තටම  ඒ කොටස අදාළ බලදාරියා විසින් කපා හැරලා”

තවක් අසන්නෙක් : සාම්බ්‍රානි, කපුරු පෙති පැකට්, පොල් ගෙඩියක් අරන් යන්නම ඕනෙ ද

“දැන් මෙහෙම නේ. සමහර ගම් වල තියන හදුන් කූරු ඒ තරම් සුවද නෑ ඒ වගේ වෙලාවට අර පොල් ගෙඩිය බිදල පොල් මදේ ටික අයින් කරල  පොල් කට්ටට කපුරු පෙති ආධාරයෙන් පුච්චල ගින්න නිවල සාම්බ්‍රානි ටිකක් දාගත්තම හොද සුවදයි”

විද්වත්  අසන්නෙක් : (එටකොට අර කලින් ඔක්කොම අවිද්වත් ද)  මේ වගේ මාධ්‍ය වල ඔබතුමාලා මේ වගේ කතා කියන එක හරිද? ඊලග පරපුර මෙව්වයින් ගන්න ආදර්ශය මොකක් ද?

“හරි අපි එහෙනම්  +17 කියල කියමු. එතකොට ඕන දෙයක් කියන්න පුළුවන් නෙ”

 

……………………………………………………………………………………………….

ක්‍රින් ක්‍රින් ක්‍රින්   ක්‍රින්ක්‍රින්ක්‍රින්

මම : හලෝ (නිදි මතින්)

එහා පැත්තෙන්  : මල්ලි අදත් නායි වගේ. දැනටමත් නාල තියෙන්නනේ

මම : ඇයි.

එහා පැත්තෙන් : නෑ.. කෙට්ටු වෙන්න ක්‍රමයක් කියල කියල ටයිටල් එක දාල මහත් වෙන හැටි ලියල තියෙන්නෙ.

මම : අප්පටසිරි මහත  ක්‍රමයක් කියන එක වෙනුවට වැරදිලා කෙට්ටු කියල නේද වැටිල තියෙන්නෙ.

එහා පැත්තෙන් : මේ උබ ලංකාවෙ ඉන්නකොට හොදට මල් පාවිච්චි කරා නේද? මෙහෙ අපිට බබා පාට් එක දැම්මට

මම : සත්තයි නෑ

එහා පැත්තෙන් : එහෙනම් කොහොමද ඔච්චර හොදට දන්නෙ

මම : අපේ නැන්දගෙ පුතා  රොෂාන් එයා තමා මටත් කිව්වෙ නැත්තන් මම මෙව්ව දන්නෙ නෑ.

එහා පැත්තෙන් : හික් හික්. හරි හරි ටයිටල් එක වෙනස් කරල ආපහු පබ්ලිෂ් කරපන් එහෙනම්.

මම : මම මේ අයියගෙන් අහන්න හැදුවෙ මම පබ්ලිෂ් කරන්නත් කලින් කොහොමද අයිය කියෙව්වෙ කියල.

එහා පැත්තෙන් : මේ පබ්ලිෂ් වෙලා තියෙන්නෙ යස අගේට

මම : අඩේ බීටල් අයියගෙ පෝස්ට් එකේ තිබුන ආයුද මරු නෙ මම මේ Windows Live Writer එකෙන් බ්ලොග් එක ලියන ගමන් ඒකෙ තිබ්බ Publish බටන් එන විහිලුවට වගේ එබුවෙ. ඒ කියන්නෙ ඒක එබුවහම පෝස්ට් එක පබ්ලිෂ් වෙලාද?

එහා පැත්තෙන් : එහෙම තමා වෙන්න ඇත්තෙ. මේ මම යනව බං නිදා ගන්න ගුඩ් නයිට්

මම : එසේම වේවා……….!!!

 

 

ප.ලි

අද පෝස්ට් එකට ප.ලි කෑල්ල  නෑ..

15 comments:

  1. නියම කතාව. දැන් කාලෙ හැමෝටම අවශ්‍ය කරල තියන දෙයක් හැබැයි කෙට්ටු වෙන එක(තඩි බඩවල් අඩු කරන එක ) මේකෙ මල් වෙනුවට ආදේශකයක් නැද්ද පාවිච්චි කරන්න...

    ReplyDelete
  2. මදැ කොලා!
    මං ආවෙ කෙට්ටු වෙන්ඩ බලාන! :D

    ReplyDelete
  3. 1/2k wath kiyewwe nehe. moota pissu wage theruna nisa nawathwuwa.

    ReplyDelete
  4. මල් කියන්නේ දේශීය ඹෟෂධයක් !

    ReplyDelete
    Replies
    1. ඈ බං එතකොට මල් කියන්නෙ පූජ කරන එව්වට නෙවෙයිද

      Delete
  5. මච් අරලිය හදුන් කූරු පැකට් එක හොයාගන්න බැරිවුනා... නාමල් හරි යෝෂිත හරි... නෙමේ නෙමේ, නාමල් හරි සල්මල් හරි එකක් හරියන්නේ නැද්ද...

    ReplyDelete
  6. රුචා පන්සලක් ගාවම වෙන්න ඔනේද... ෆ්ලැට් එකේ වහල උඩ බැරිද?.......
    මෙහේ මල් හිඟයිලු.. ඒ හින්දා ගල් හරි පොල් හරි පාවිච්චි කරන්න බැරිද

    ReplyDelete
  7. පන්සල වටේ පාලු ඉඩමක් නෑනෙ...මාර කේස් එක..

    ReplyDelete
  8. පලතුරු වට්ටියට මස්කට් බූන්දි එහෙමත් තිබ්බට කමක් නැද්ද..?

    ReplyDelete
  9. බලපන් උඹේ කෙට්ටු . . . !!!

    ReplyDelete
  10. කෙට්ටුම එකා කියන්නේ...උඹත් නිකං අර උදේට ටිවි එකේ අනුන්ට ලස්සන වෙන්න කියලා දෙන්න එන මෙලෝ රහක් නැති බියුටි කචල් උන් වගේ!

    ReplyDelete
    Replies
    1. සික්! මූණටම ඔහොම කියන එක හොඳද? :D

      Delete
  11. ඕක අත්හදා බලලා රුචා මල්ලි කෙට්ටු උනදාට අපිත් පිලි පදින්නම් !

    ReplyDelete
  12. මල් ගෙන්නන එක තමා ප්‍රශ්නේ

    ReplyDelete

Real Time Web Analytics