Wednesday, March 21, 2012

බ්ලැක් පවර්


"කෝ බං උබ අර කතාව බ්ලොග් එකේ දානවා කිව්වට තවම දැම්මෙ නෑ නෙ "  ගිය සති අන්තෙ රවී අයිය ඔහොම මගෙන ඇහුවෙ,  මීට සති තුනකට විතර කලින්  එයා කියපු කතාව තවම මගෙ බ්ලොග් එකේ දාපු නැති හින්ද වෙන්න ඕනෙ.  හැමදාම මේ කතාව ලියනවා ලියනව කියල හිතුවට කෝ වෙලාවක් හම්බ වුනේ නෑ නෙ. බල්ලට ඇති වැඩකුත් නෑ හිමින් ගමනකුත් නෑ කියන්නෙ කටකහනවට නෙවෙයි නෙ නේද? කොහොමින් කොහොම හරි අද මම ලියන්න යන්නෙ රවී අයියගෙ කතාව.  හ්ම්ම් තව පොඩි දෙයක්  කියන්න තියනව කතාව පටන්ගන්න කලින්, ඒ තමයි මේ කතාවෙ ඉන්න රවී අයියගෙ ඇත්ත ජිවිතේ නම රවී නෙවෙයි.

1998 අවුරුද්ද වෙනකොට රවී අයිය හිටියෙ 9 පංතියේ. ඒ පාසල ගැන මම වැඩිය මුකුත් කියන්නෙ නෑ. නමුත් ගම්පහ දිස්ත්‍රික්කෙ තියන ප්‍රධාන පෙලේ බාලක පාසලක් කියල  විතරක් කියන්නම්.  9,10 වසරවල ඉගෙන ගන්න ළමයි කියන්න හරි කුතුහලෙන් ඉන්න ළමයි කොටසක් කියල තමයි මම නම් හිතන්නෙ.  ඉතින් ඔය කුතුහලය නිසාම එක එක දේවල් අත්හදා බලන්න ගිහිල්ල අමාරුවේ වැටුන අවස්ථා මටත් තියනව. ඒව පසුවට
ඉතින් මේ රවී අයිය ඇතුළු යාළුවො පිරිසට පත්තරයක් බලන්න ඕන කියල අවිහිංසක ආසා‌‍‌‍වක් ඇතිවුනා. පත්තරයක් කිව්වට ඉතින්  ප්‍රවෘත්ති පත්තරයක් නම් නෙවෙයි. හරි ඉතින් වැල පත්තරයක් කියලම කියමුකො එහෙනම්. ඉතින් මේ කාලේ වෙනකොට මේ වැල පත්තරයක මිල රුපියල් වලින් 300ක් විතර වුනාලු. රවී අයියට මාසෙ වියදමට තාත්ත දෙන රුපියල් 500න් 300ක් ම පත්තරේ ගන්න යෙදෙව්වට මොකද පත්තරේ ගන්න කොලබම යන්න ඕනෙලු. ඉතින් කොලබ යන අයිය කෙනෙකුට රුපියල් 300ත් දීල  a/c බස් එකේ කොලබට යන්න තව රුපියල් 40කුත් එකතු කරලා දුන්නලු. (දැන් කාලේ වගේ නෙවෙයි ඒ දවස්වල ගම්පහ ඉදල කොලබටම යන්න  a/c බස් එකේ ටිකට් එක රුපියල් 20ලු)   

ඔන්න කොහොම හරි රවී අයියටත් පත්තරේ හම්බ වුනාලු. ලස්සනේ බෑලු. පාට පාට පින්තූර ගොඩාක් එක්ක ඉංග්‍රීසියෙන් මොනවද ලියලත් තිබුනලු. රවී අයිය යාළුවො ටිකත් එක්ක පංතියේ පිටිපස්සෙ පෝලිමට එකතු වෙලා පත්තරේ තිබුන පින්තූර ටික ඔක්කොම බැලුවාලු. ඉංග්‍රීසියෙන් ලියපුව පස්සෙ කියවන්න ඉතුරු කළාලු.

"ශික් පින්තූර විතරක් බලන්න 300ක් ගෙවපු එක පාඩු නැද්ද අයියෙ" මම එහෙම ඇහුවෙ ඇත්තටම රුපියල් 300ක් කියන්නෙ ඒ කාලෙලොකු ගානක් හින්ද

"චුට්ටක් හිටපන්කො බං පනින්නෙ නැතුව අපි ඒකෙන ඊට වඩා හෙව්වා" රවී අයිය එහෙම කියපු නිසා මම ආයෙ පනින්නෙ නැතුව කතාව අහගෙන හිටිය.

"අපේ සෙට් එක පත්තරේ බලල ඉවර උනාට පස්සෙ අපි ඒක රෙන්ට් කරන්න පටන්ගත්ත. පත්තරේ ටොයිලට් එකට ගෙනිහිල්ල අනිත් පන්ති වල උන්ට කියවන්න දීල සල්ලි ගන්නව. ඔහොම සතියක් විතර ගියා. ආ කියන්න අමතක වුනා නෙ ඔය කාලෙ අපේ ලොකු පන්තිවල හිටපු උන් ටික ප්‍රින්සිපල් ව (රවී අයිය නම් කිව්වෙ පිනා කියල එහෙම දාන්න බැරි හින්ද ප්‍රින්සිපල් කියල දැම්මෙ)  එලවන්න ට්‍රයි එක. ඒක හින්ද
වැඩිය උගන්නන්න කවුරුත් එන්නෙත් නෑ. අපිත් පත්තරේ අරන් යනව ටොයිලට් එකට." රවී අයිය ඔහොම කතාව කියාගෙන යන හමන්,

"හා හා මල්ලි පාර බලාගෙන යමන් බං " කියල කාර් එකේ පිටිපස්සෙ ෂිට් එකේ හිටපු යොහාන් අයිය කෑ ගහනවත් එක්කම කණ ලගින් වාහනයක් හෝන් එක ගහගෙන ගියා.

"මල්ලි අපි හිමිහිට යමු නේ" කියන ගමන් රවී අයිය දාඩිය පිහිනව.

"ඔන්න ඉතින් අපි ටොයිලට් එකේ පත්තරේ බල බල ඉන්නකොට එකපාරටම ටොයිලට් එක ඇතුලට  පත්තු කරපු බට්ටෙක් ආව කොල්ලො ටික දඩ බඩ ගාල එලියට දිව්ව. මමත් පත්තරේ අහුලගෙන දුවන්න පටන් ගත්ත.  එකපාරටම මාව ගිහිල්ල ඇගක හැප්පිලා වැටුන. යොහාන් උබ දන්නවද කාගෙ ඇගේද හැප්පුනේ කියල. ගාමිණි ජයසේකර සර් ගෙ ඇගේ බං."

"අම්ම ගහයි.... ඉතින් සර්ට අහුවුනාද පත්තරේ" පිටිපස්සෙ හිටපු යොහාන් අයිය.

"කවුද රවී අයියෙ ගාමිණි ජයසේකර කියන්නෙ" මම වෙන ඉස්කෝලෙකට ගිය හින්ද එහෙම ඇහුවෙ.

"අපේ ශෙක්ෂන් හෙඩ් යකෝ. එයා (ඌ කියල තමයි කිව්වෙ ඉතින්) මාව අල්ලාගෙන පත්තරෙත් අතට ගත්ත. එතකොටම ලොකු උන් සෙට් එකක් ඇවිත් සර් ගෙන් ගේම ඉල්ලන්න පටන්ගත්ත. මම පත්තරේ සර් ගෙ අතින් උදුරගෙන ගෙදරම දිව්ව. පත්තරේ අදාළ තැනින් තියල මම නිදා ගත්ත"

"එතකොට පොත් බෑග් එක" මටත් කට පියාගෙන ඉන්ඩම බෑ නෙ

"බෑග් එක පංතියේ ඊලග දවසෙ ගන්ඩ පුලුවන් නෙ කියල හිතාගෙන තමයි ආවෙ. නිදාගෙන ඇහැරෙනකොට තාත්ත ඇවිත් තාත්ත කියනව ආ කොල්ලො ටික එකතුවෙලා හොද වැඩක් කරල තියෙන්නෙ කියල .මම
හිතුව වැඩේ තාත්තට මාට්ටු වෙලා තමයි කියල. බැලින්නම් ඉස්කෝලෙ මාසෙකට නිවාඩු දීල අලුත් ප්‍රින්සිපල් කෙනෙක් එනකන්."

"එතකොට පොත් බෑග් එක" ආයෙත් මම ම තමයි.

"පොඩ්ඩක් ඉන්නවකො බෑග් එක ලගට එනකන්. ඉතින් මාස එකහමාරක් විතර ගෙදර ඉදල ආපහු ඉස්කෝලෙ පටන්ගත්ත දවසට පස්සෙ දවසෙ ඉස්කෝලෙට ගියා. පටන්ගත්ත දවසෙම ගාමිණිය පන්තියට ඇවිත් අපේ උන්ගෙන් පත්තරේ ගැන අහල උන් කියල පත්තරේ මගෙ කියල. මමත් ඉතින් පන්සිල් ගත්තටත් පස්සෙ අත් දෙක වන වන පංතියට ගියා. පන්තිහාර බාර මිස් කියනව. අන්න රවී ව ගාමිණි සර් හොයනවා කියල. ගාමිණි සර්ත් පංතියට ඇවිත් මගෙ බෑග් එක චෙක් කරන්න හදනව. මම කිව්වා බෑග් එකේ මුකුත් නෑ ම කියල ඒත් ඇහුවෙ නෑ ඇරල පොත් ටික එලියට ගන්න කිව්වා. බෑග් එක ඇරිය විතරයි මුළු පන්තියම ගද ගහන්න පටන්
ගත්ත. එදා ගෙනාපු කෑම එක ඒ වෙනකොටත් බෑග් එකේ. ගණන් අච්චු පොත එලියට ගන්නකොට ඒකෙ පනුවෙකුත් හිටිය බං”

ඉතින් කොහොම හරි දැන් සර් රවී අයියගෙන් පත්තරේ ගැන අහනවලු. රවී අයිය කියනවලු එහෙම පත්තරයක් තිබුනෙ නෑ ඒක ඉංගී‍්‍රසි මැගසින් එකක්ම කියල. මොකද සර් දැකල තියෙන්නෙ මුල පිටුව විතරයි. මුල පිටුවෙ තිබිල තියෙන්නෙ ටයිටැනික් ෆිල්ම් එකේ ෆොටෝ එකක්. ඉතින් අන්තිමට රවී අයිය පිලිගන්නෙ නැතිම තැන සර් පංතියේ හිටපු, ඒ පත්තරේ බලපු අනිත් ලමයින්වත් නැගිට්ටවල ඇහුවලු. රවී අයියගෙ යාළුවො රවී අයියට පක්ෂපාතිව උත්තර දුන්න නිසා රවී අයියට වේවැල් පාරවල් 10ක සංග්‍රහයක් ගාමිණි සර් ගෙන් ලැබුනලු.

“මූ පුකට පාරවල් 10කුත් ගහල තාත්තවත් එක්කන් එන්න කිව්වනෙ බං. මම කිව්ව තාත්තට යාපනේට ට්‍රාන්සර් එකක ඇවිත් ඒ හින්ද තාත්ත ගෙදර එන්නෙ මාසෙකට සැරයි කියල. ඊට පස්සෙ ගෙදර ටෙලිෆෝන් නම්බර් එක ඉල්ලනව. මම කිව්ව ගෙදර ටෙලිෆෝන් නෑ කියල. පස්සෙ ගෙදර ඇඩ්රස් එක ඉල්ලගෙන ටෙලිග්‍රෑම් එකක් එවල තිබුන මම ඒක ගෙදර කට්ටියට කලින් අරගත්තා. පස්සෙ තාත්තට ආපු  ට්‍රාන්සර් ලෙටර් එකේ කොපියක් ගිහිල්ල දුන්නට පස්සෙ වැඩේ ශේප් වුනා.”

“එතකොට අයියල ගෙ තාත්ත යාපනේද හිටියෙ ඒ දවස් වල”

“පිස්සුද බං තාත්ත යාපනේ ගියෙ නෑ. ඊට පස්සෙ 10 වසරෙත් වාර දෙකක් ඉවරවුනාට පස්සෙ පන්තිකවයක් තිබුන. ඒකට තාත්තව එක්කගෙන ගියෙ වෙලාවෙ කොහොම හරි ගාමිණි සර් ට මාට්ටු වුනා. සර් තාත්තගෙන් අහනව තවම යාපනේද ඉන්නෙ කියල තාත්ත කිව්ව නෑ කියල. පස්සෙ තාත්තට සීන් එක කිව්ව නේ බං.

“නෑ..... එච්චර කල් ඕක මතක තිබිලද”

“ඔව් නෙ බං. මමත් ඉතින් ගෙදර ගිහින් ගැහි ගැහි හිටිය තාත්ත මොනව කියයිද දන්නෙ නෑ නෙ. තාත්ත ආවට පස්සෙ මට කිව්ව ඔය වයසට ඔව්ව බැලුවට කමක් නෑ බලල මාට්ටු වෙලා අපේ සායම විතරක් අරින්න එපා කියල කිව්ව ”

ඔන්න ඔහොම තමයි රවී අයියගෙ කතාව ඉවර වුනේ. රවී අයියගෙ තාත්ත වත්  ගාමිණි ගුරුතුමා වත් මේ ප්‍රශ්නෙ ඒ තරම් දුරදිග ගෙනිච්චෙ නැති නිසා රවි අයියටවත් වෙනින් කාටවත් ලොකු හානියක් වුනේ නෑ.  නමුත් මෙවැනිම  ප්‍රශ්නෙකදි විදුහල්පතිවරයෙක් ගත්ත වැරදි තීරණයක්‌ නිසා ඒ අදාළ ශිෂ්‍යයා ගේ තාත්ත බෙල්ලෙ වැල දාගෙන මිය ගිය සිද්දියකුත්, තවත් වරක සිසුවියක් පාසල් ගොඩනැගිල්ලකින් බිමට පැනපු සිද්දියකුත් අපිට මෑත වකවානුවේ අහන්න ලැබුන.  

පොස්ට් එක ඉවර කරන්න කලින් දුකා අයිය කියපු කතාවකුත් මතක වුනා.
“මල්ලි ගුරුවර ගුරු විභාගෙ විතරක් පාස් වුනාට වැඩක් නෑ. සමාජ විද්‍යාවත් උගන්නන්න වෙනව”
අත්තාටම තමනුත් පොඩි කාලෙ කරපු දේවල් තමන්ගෙ ළමයි කරපුවහම ඒවාට උවමනාවටත් වඩා දඩුවම් දෙන දෙමාපියන් ගුරුවරුන් ගැන කුමක් නම් කියන්නද ?

ප.ලි
මේ ලිපිය පොඩි ළමයින්ට බලන්න හොද නෑ කියල වැඩිහිටියන්ට හිතෙනවනම් ඒ අයට බලන්න දෙන්න එපා.
ප.ප.ලි
ඔය ටයිටල් එකට දාල තියෙන්නෙ, බ්ලැක්  පවර් (black power)   කියන්නෙ රවී අයියගෙ පත්තරේ නම හොදේ.

Tuesday, February 28, 2012

එක් නිමේශයෙන් සබදකම් වෙනස් විය හැක

යියෙන් ආපු බෙන්ස් කාර් එකක් නවත්තනව, ඒ කාර් එකෙන් බහිනව දනිස්ස ගාවට විතර දිග ගවුමක් ඇදපු ලස්සන ගෑනු ළමයෙක්. (තවම කැමරාව තියෙන්න බිම) ගෑනු ළමය ටික දුරක් ඇවිදන් යනකොට එකපාරටම එනව ලොකූ හුලගක් ඔය හුළගට ගෑනු ළමයගේ කරේ හරි, කොහෙ හරි තිබුන සාළුවක් පාවෙලා යනව. (දැන් කැමරාවත් මේ සාලුව පස්සෙන් යනව)  මේ සාළුව හැන්සම් කොල්ලෙක්ගෙ මුනෙ දැවටෙනව . අනේ ඒ කොල්ල හරි දුප්පත්. .............................................................කොල්ලයි කෙල්ලයි යාලු වෙනව. අබ මල් වලින් පිරුණ වත්තක විනාඩි 10 විතර සින්දුවක් යනවා. සිංදුව ඉවර වුන ගමන් කෙල්ලගෙ තාත්ත මේ සම්බන්දෙට විරුද්ද වෙනව....................................................................කොල්ල කෙල්ලගෙ තාත්තව මරනව. ෆිල්ම එක ඉවරයි.

මීට වඩා වෙනස් ස්ටෝරි තිබුන හින්දි  ෆිල්මුත් තිබුන ඒ කාලෙ. ඒත් සමස්තයක් විදිහට මම දැකපු ෆිලම් වල නම් (1990 -2000 ) තිබුනෙ ඔය කතාවම තමයි. ඊට වඩා පරණ ෆිලම් වල වෙනස් කතා මොනව හරි තිබුනද මම දන්නේ නෑ. මොකද මම පරණ ෆිල්ම් බලල නැති නිසා. ඔය කොච්චර මොනව කිව්වත් කවුද අකමැති ඒ ෆිලම් බලන්න. කවුරු අකමැති උනත් අනේ මම නම් හරී කැමතියි. පිස්තෝලයක් අරන් ගිහින් පන්සීයක් විතර මරල කෙල්ලගෙ තාත්තට වෙඩි තියන්න යනකොට උණ්ඩ ඉවරයි. බලන්න කොයි තරම් තාත්විකද කියල.      

මමත් දැන් සති දෙකකට විතර කාලින දඩ්කන්(2000) ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කළා ආපහු පාරක් බලන්න ඕනෙ කියල හිතුන හින්ද. ඔන්න ඊයෙ තමයි බලල ඉවර කරන්න පුළුවන් වුනේ. මේකත් පටන් ගන්නෙ අර මම උඩ කියපු විදිහටම තමයි. කෙල්ල පෝසත් කොල්ල දුප්පත්, පස්සෙ නම් ඉතින් කතාව වෙනස් වෙනව. හැබැයි ඉතින් මේ ෆිල්ම එකේ තියන සින්දු ගැන නම් ඉතින් කියන්න වචනයක් නෑ ඒ තරමට ලස්සනයි. ඔය මම පහලින් දාල තියන වීඩියෝ එකත් එක්කම ඒ සිංදුව අහල බලන්නකෝ හරියටම නොතේරුණත් මොන වගේ හැගීමක් ද එන්නෙ කියල.


මොකද හිතන්නෙ මියුසික් ප්ලේයර් වල තියන ශෆල් බට්න් එක ගැන. ආයෙ ඉතින් මොනව හිතන්නද ඔබපුවහම තියන ඔක්කොම සින්දු ටික කලවම් වෙලා නිකන් කොක් ටේල් එකක් වගේ වෙනව. වික්ටර් රත්නායක මහත්මය වේදිකාවෙන් බැහැපු ගමන් මෙන්න ලින්කින් පාක්ල කෑ ගහනවා නෝ මෝ සෝරොව් කියල. හැබැයි ඉතින් ඒකෙත් පොඩි ආතල් එකක් තියනව.

මම අද වැඩ ඉවර වෙලා එන ගමන් මගෙ ෆෝන් එකත් කාර් එකට කනෙක්ට් කරල  ශෆල් බට්න් එකත් ඔබල ප්ලේ කලා. ගේ ලගට එනකොට සිංදු තුනක් ගායනයයි වාදනයයි දෙකම එකට වුනා. ඒකෙනුත් මම මේ කියන්න යන්නෙ මුල්ම සිංදු දෙක ගැන.

1 වෙනි සිංදුව නන්දා මාලිනී මහත්මිය ගයනා කරන "ඔබේ පැල පැලේ පිල" කියන ගීතය.

ඔබේ පැල පැලේ පිල
පිලේ නිදි පැදුර මත
මට මගේ මල් යහන
මත නොමැති සුවය ඇත

බාල කාලේ එකම  ගුරු ගෙදර  අකුරු කර
එකම කෙලි මඩල වැද කෙලි දෙලෙන් ඇවිද ගිය
ඔබ මෙදා පැල් පතක මා සදැල්ලකය අද
යස ඉසුරු පවුරකින් මට අහිමි වීය ඔබ

ඔබේ පැල පැලේ පිල
පිලේ නිදි පැදුර මත
මට මගේ මල් යහන
මත නොමැති සුවය ඇත

ගාමිණී නොවේ ඔබ චිත්‍රාව සොයා ආ
සාලියත් නොවේ ඔබ මාලාව සොයා ආ
සදාකල් ඔබ පැලේ මා සදැල්ලේ මෙතැන
පැතුම පමණකි සතුට කදුල පමණකි උරුම

සිංදුවක් රසවිදින්න හැකියාවක් තිබුනත් ඒක ගැන ලොකු විග්‍රහයක් කරන්න නම් මට දැනුමක් නෑ. ඒ හින්ද මේ ගීතයෙ තේරුම ගැන මම මුකුත්ම කියන්නේ නෑ. ඒත් මට එක නොතේරෙන තැනක් තියනව,

ඔබේ පැල පැලේ පිල
පිලේ නිදි පැදුර මත
මට මගේ මල් යහන
මත නොමැති සුවය ඇත
කොහොමද ඇය කියන්නෙ එයාගෙ මල් යහනට වඩා ඔහුගෙ පැදුර සුවපහසුයි කියල? මේ ප්‍රශ්නෙ මෙතන හාරවුස්සන්න ගියොත් අනිත් සිංදුව දාන්න වෙන්නෙ නෑ. ඒ හින්ද ඒක ගැන කතා නොකර ඉමු.

මෙන්න ප්ලේ ලිස්ට් එකේ නම්බර් 2 වෙනි සිංදුව, කසුන් කල්හාරයන් ගායනා කරන "කවුලු පියන්පත් වහන්න" ගීතය

කවුලු පියන්පත් වහන්න සදලු තලාවේ
ඔබ දුරයි නෙතට මා සිටිනා ලවැලි තලාවේ

විලක දුරක මල් පිපුනේ අපට නොවේ මැයි
ඔරු පාරු ඇවිත් බලා යාවි විල් දිය ගැබුරුයි  
මල් සුවද උරා ඇදී යන්නෙ බඔරුන් කෝ මැයි
සදලු තලාවට පැල්පත දුර නම් බෝ මැයි

කවුලු පියන්පත් වහන්න සදලු තලාවේ
ඔබ දුරයි නෙතට මා සිටිනා ලවැලි තලාවේ

කිරි සිනා සලන සදවත අහසෙම රැදුනාවේ
ඉගි මරණ තරු කැලුම් අහසට නොම පෙනුනාවේ
සිත ඈත අරන් යන විමනේ සදලු තලාවේ
කවුලු පියන් වසනු මැනවි නේතුකැන් හමුවේ


"මල් සුවද උරා ඇදී යන්නෙ බඔරුන් කෝ මැයි" අනේ මන්ද මට නම් තේරෙන්නෙ නෑ ඔව්ව. 

ඉතින් මම මේ අහන්න  තැටමුවෙ ෆිල්ම් එක ඉවර වෙන්නත් කලින් තාත්තව මරල කොල්ලයි කෙල්ලයි බදින එකද, නැත්තන් නන්දා මාලනියන් කියනව වගේ මල් යහනෙ නැති සුවේ පිලේ පැදුරෙන් ලබල උබ ගාමිණී වගෙත් නෙවයි, උබ සාලිය වගෙත්

නෙවෙයි මාව හොයාගෙන ආවෙ නෑ ඒ හින්ද මම අඩ අඩ ඉන්නම් කියල ඉන්න එකද, නැත්තම් මල් සුවද උරා ඇදී යන්නෙ බඔරුන් කෝ මැයි කියල අහල පස්සෙ කවුලු පියන් වසනු මැනවි කියල කියන එකද, වඩා හොද කියල.

මෙලෝ තේරුමක් නැති විකාරයක් කියෙව්වා වගේද?
එහෙනම් සොරි  

Thursday, February 9, 2012

සර්ව රාත්‍රික පාටියට සියල්ල සුදානම්

බාප්පගෙ ලොකු පුතා, රොජර්ගේ  උපන්දිනෙ මේ මස 12 වෙනි දිනට යෙදී ඇති නිසා අද දින අප නිවසෙ සර්ව රාත්‍රීක පාටියකි. බ'ර්ත් ඩේ එකට කලින් තියන මේ පාටිය බ'ර්ත් ඩේ රියේසල් පාටියක් දැයි කියාත් මට සිතේ. කොහොම උනත් පාටියක් ඇති නිසා අපට අද වෙරි වීමට පුළුවන් ය. පාටියක් නැතත් බ්‍රහස්පතින්දා යනු අපි සාමන්යෙන් වෙරි වෙන දවසකි. ඒ නිසා එහි මහ ලොකු වෙනසක් මට නොමැත.

නමුත් අද මා වැඩ නිමවී ගෙදර එන විට එය නයිට් ක්ලබ් එකක සිරි ගනීම ගැටලුවකට කරුණක් නිසා මම අපේ තවත් නෑදෑ වෙන සොහොයුරෙකුගෙන්(හසිත අයිය) මේ පිලිගදව විමසුවෙමි.  මා එන විටත් ඔහු සද්දෙට නටන ලේසර් සවි කරමින් සිටි නිසා මා ඒ පිලිබදව බොහෝ කරුණු නොවිමසුවෙමි. ෆිජ් එක ඇර බලූ මට දකිනට ලැබුන පළතුරු ජූස් වලින් මම තවත් නිගමනයකට පැමිණියෙමි. එනම් අද වෙරි වෙන්නේ රුසියාවෙන් බවයි. ඇමරිකාවෙන්, ඉතාලියෙන්,රුසියාවෙන් හෝ කොහෙන් ආවත් වෙරිය වෙරියම නිසා මා ඒ ගැන වැඩි දුර නොසිතයි.

මා දැනගත් හා හසිත අයියා කියූ පරිදි අද පාටියට රොජර් ගේ යහළුවන්  බොහෝමයක් පැමිණෙයි. එයින් වැඩි පිරිස ගැහැණු ළමයි වෙයි. ඉලක්කමෙන් කියතොත් 20කි. ගෑනු ළමයි 20 දෙනෙක් ඉන්න පාටියකට සභාගීවීමට ඇති නිසා මමත් නෑ ගත්තෙමි. නමුත් කම්මැලි කම නිසා රැවුල නොකැපුවෙමි.

ඩේස් කෝඩ් එක යෙලෝ හා රතු ය. මේ කහ පාට රතු පාට ඇදුම් ඇදන් එනෙ කෙල්ලන් රුචා මෙන් කලු වුන් නොවන්නෙ උන් පිලිපීනයේ උපන් නිසාය. තව කොතරම් දේ ලිවීමට සිතේ තිබුනත් කුකුල් මස් ඩෙවල් එකෙන් එන සුවදින් ඒ සියල්ල අමතක කර දමයි. ඒත් තව කිව යුතු එක කරුණක් ඇත. එනම්

කෙල්ලනේ වරෙව්/එන්න
කාපියව්/කන්න
බීපියව්/බොන්න
සින්දු කියපියව්/කියන්න 
නටපියව්/නටන්න
 
වමනෙ කරන්න ඕන උන්/අය වමනෙ කරපියව්/කරන්න (මගෙ බාත්රූම් එක ඒකට යූස් කරනවානම් කොමඩ් එක විතරක් යූස් කරන්න සින්ක් එක යූස් නොකර මොකද මම රැවුල කපන්නෙ සින්ක් එකට වතුර පුරවල) 
ඒත් වෙරි හිදුන් නැත්තන් මගේ ඇදේ නිදාගනියවූ/නිදා ගන්න (කිසිම ගැටළුවක් නෑ ඇද හොදට අස් කරල තියෙන්නෙ)
මේ මොන දේ කලත් වෙරි වූ මට මගේ ලෝකයේ ඉන්න දියව්/දෙන්න  

ප.ලි
මෙම ලිපියේ ඇති රතු පැහැ  වචන ඉතා කුඩා දරුවන්ට හා සුකුමාල තරුණියන්ට නොගැලපෙන බැවින් සැම විටම "/" ලකුණට පසුව තිබෙන වචනය කියවන්න.

Saturday, February 4, 2012

කිරුළ දැයට ද

අම්ම :- ගමේ ඉන්න හැමෝම කොඩියක් දාල අපේ ගෙදර විතරයි නැත්තෙ. (තරහෙන්)
මම :- අපේ ගමේ විතරක් නෙවෙයි අම්මෙ එහා ගමේ කට්ටියත් දාල (සිනා සෙමින්)
අම්ම :- හන්දියේ කඩේ කොඩි ඉවර වෙලා තිබුනෙ නැත්තන් මම අරගෙන ඇවිල්ල දානව ආයෙ කාටවත් කිය කිය ඉන්නෙ නෑ

මීට අවුරුදු 3කට විතර කලින් වෙච්ච දෙබසක් තමයි ඔය මම දාල තියෙන්නෙ. මට හරියටම මතක නෑ ඔය සිදුවීම වුනේ ප්‍රභාකරන් මැරිච්ච වෙලාවද, නිදහස් උත්සවයක් වේලාවෙද, එහෙමත් නැත්තන් වෙන මොකක් හරි උත්සවයකට කියල. හැබැයි ඒ වෙනකොට රටේ හිටපු මිනිස්සුන්ගෙන් බහුතරය තමන්ගෙ ගෙවල් වල ජාතික කොඩියක් දාගෙන තමයි හිටියෙ. ඉතින් ඒ කොඩි වැලින් සමහරක් කොඩි, ගෙවල් ඉස්සරහ ගේට්ටු කණුව, එහෙමත් නැත්තන් වහලෙ කොනක තිරස් අතට ගහපු කෝටුවක, තවත් ගෙදරක  ඉස්සරහ තියන උසම ගහේ. ලොකු කොඩි, පොඩි කොඩි, සිංහය කහ පාටින් ඉන්න කොඩි, සිංහයා තැබිලි පාටින් ඉන්න කොඩි, ඔය වගේ නානාප්‍රකාර කොඩි ලංකාව පුරාම. ඉතින් මේ කොඩි අව්වට වේලෙමින් වැස්සට තෙමෙමින් පුරා මාසයක් විතර ලෙළදිදී තිබුණ. එදා ඔන්න ඔය විදියට ජාතික කොඩියට වද දීපු පිරිස දේශප්‍රේමීන් වෙනකොට, කොඩි නොදාපු සුළුතරය (අපේ ගෙදර උදවියත් ඇතුළුව) දේශද්‍රෝහීන් වුනා. පොඩි කාලෙ අපිට ජාතික කොඩිය ගැන උගන්වනකොට, එයට ගෞරව කරන ආකාරය උගන්වන්න ඒ ගුරුතුමිය අමතක කලේ නෑ. ඒ උගන්වපු සමහර කරුණු එදා දවසෙත් මට මතක තිබුණ නිසා අපේ ගෙදර හැමෝටමත් දේශද්‍රෝහීන් වෙන්න වාසනාව ගෙනාව.  මට මේ කතාව මතක් වුනේ ඊයෙ ෆේස් බුක් එකේ ඉන්නකොට ඒකෙ හිටපු මිතුරෙක් මට එවපු මැසේජ් එකක් හින්ද.

"මොකද කියන්නේ අපි හැමොම තව පාරක් රට වෙනුවෙන් එකතු වෙමුද..? අපේ ජාතික නිදහස් උත්සවය වෙනුවෙන්..අපි හැමොගෙම ප්‍රොෆයිල් පික්චස් වලට ලන්කාවේ කොඩිය දලා රටට අපේ ජාතික කොඩියට උපහාරයක් කරමුද...බල කිරීමක් නෑ කැමති කට්ටියට නොකර ඉන්න පුළුවන්...එත් ලංකිකයෙක් වීම පිළිවද ආඩම්බර වෙන හැමොටම මම ආරධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න..ලංකියකෙකු වීම මා හට ආඩම්බරයකි...බොගොම ස්තූති...."

ඉතින් මම ඒ වෙලාවෙ ඒ මිතුරට මට එසේ කිරීමට නොහැකි බවත් එයට මම කණගාටු වෙන බවත් පවසා හිටිය. මම මේ පෝස්ට් එක ටයිප් කරන මොහොත වෙන විටත්  (2/4/2012  01.45) ෆේස් බුක් එකේ මගෙ මිතුරන් ලැයිස්තුවෙ සිටින  කිහිප දෙනෙක්ම තම ප්‍රොෆයිල් පික්චර් එක වෙනුවට ජාතික කොඩිය දමාගෙන ඇති නමුත් ජාතික කොඩිය දිස් වෙන්නෙ බාගෙටය. සමහරක සිංහයාගේ නැට්ට සහ ඉන් පිටු පස කොටස නැත. තවත් සමහරක සිංහයා පමණකි. මෙය ඔවුන් විසින් නොදැනුවත්ව හෝ දැනුවත්ව කරනවා විය හැක. මෙයින් ඔවුන් රටට ජාතියට ඔවුන්ගේ ලැදියාව පෙන්විමට හදනවා විය හැක. ඔවුන්ගේ සිතුවෙල්ල හොද මුත් එය ක්‍රියාවට නංවීමෙදී යම්කිසි හානියක් ජාතික කොඩියට සිදූ වී ඇතැයි මට සිතේ.

තව කතාවක් මතක් වුනා.  මේක වුනේ 2009 අවුරුද්දෙ එතකොට මම ඩුබායි වලට ආපු අලුත. මගෙ ඤාති සහෝදරයගෙ පාසැල් යාලුවෙක් හිටිය. ඔහු පකිස්ථානු ජාතිකයෙක්. පොඩි කාලෙ ඉදලම ඔහු ඉදල තියෙන්නෙ ඩුබායි වල. මමත් මෙහෙ ආවට පස්සෙ මේ කියන පුද්ගලයව මට අදුර ගන්න ලැබුන. හැම තිස්සෙම මේ රටටයි මේ රටේ ඉන්න මිනිස්සුන්ටයි බනින එක තමයි මෑන්ගෙ වැඩේ. 2009 දෙසැම්බර් 2 ඒ කියන්නෙ මෙහෙ නිදහස් දවසෙ මෙයා අපේ ගෙදර ආව දවල් 2ට විතර. ඇවිත් අපෙන් අහනව අද කොහෙවත් යන්නෙ නැද්ද කියල. අපි නෑ කියපුවහම මෑන්ස් අපිට කියනව මම නම් කාර් එකෙත් ගැහුවා u.a.e වල කොඩිය කියල. අපිත් පහලට ගිහිල්ල බැලුව කාර් එක වැඩේ ඇත්ත. 365ස් දවසෙම මේ රටට මේ රටේ මිනිස්සුන්ටයි බැන බැන ඉන්න මිනිහ ලොකු ගානක් වියදම් කරල කාර් එක පුරාම ලොකු කොඩියක් ගහල. පකිස්තානෙ නිදහස් දිනේටවත් මූ එහෙම දෙයක් කරල නෑ. ඔන්න මිනිස්සු.


කොඩි කතාව ඇදුන වැඩිද මන්ද. ඒත් මම කියන්න හිතාගෙන හිටිය කතාව කෙටියෙන් හරි කියන්න වෙනව. නැත්තන් පෝස්ට් එකේ දාල තියන මාතෘකාවයි ලියල තියන දේවලුයි ගැලපීමක් නැති වෙනව. (මගෙ අනිත් පෝස්ට් වගේම වෙනව) ඔව් මේ කතාකරන්න හදන්නෙ දැයට කිරුළ ගැන. හෙට ඉදල ගොඩක් කට්ටිය යයි දැයට කිරුළ බලන්න. මමත් ලංකාවෙ ඉන්නකොට දෙපාරක්ම ගියා. මෙදා සැරේ නම් දැයට කිරුළත් බලල ශ්‍රී මහ බෝධිය, රුවන්වැලි සෑය එහෙමත් වැදල එන්න පුළුවන් දබුලු ගිහින් තලගොයි මරාගෙන එන මැතඩ් එක දාල. (මම නම් එහෙමයි) හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ ඔය කියන කිරුළ දැයට ලැබුනද කියන එකයි. දැන් අවුරුදු ගානක් ඉදන් කිරුළ, දැයට පෙන්න පෙන්න ඉන්නව ඒත් ඒක ලැබෙන පාටක් නම් පේන තෙක් මානෙක නෑ.

කොහොම නමුත් අපිට මෙන්න මේ වගේ දෙයක් හිතල  64වෙනි නිදහස් සැමරුම දවසෙ සතුටු වෙන්න පුළුවන්

කිරුළ දැයට නැති වුනත් රජුට කිරුළ හිමි නිසා අපිට සතුටු වෙන්න පුළුවන්
ඒ කිරුළේ බලයෙන් රජුගෙ පවුලෙ උදවියත් වැඩ ගන්න නිසා අපිට සතුටු වෙන්න පුළුවන්
රජුගෙ පවුලෙ ලගම  ඤාති මේ කිරුළෙන් වැඩ ගන්න නිසා අපිට සතුටු වෙන්න පුළුවන්
රජුගෙ පවුලෙ දුර  ඤාති මේ කිරුළෙන් වැඩ ගන්න නිසා අපිට සතුටු වෙන්න පුළුවන්
රජුගෙ ඇමති මණ්ඩලේ මේ කිරුළෙන් වැඩ ගන්න නිසා අපිට සතුටු වෙන්න පුළුවන්
ඒ ඇමති මණ්ඩලේ පවුලෙ උදවියත් මේ කිරුළෙන් වැඩ ගන්න නිසා අපිට සතුටු වෙන්න පුළුවන්
මේ අයගෙ ඤාති වරුත් කිරුළෙන් වැඩ ගන්න නිසා අපිට සතුටු වෙන්න පුළුවන්
මේ ඇමතිල ගාව වැඩ (ජඩ වැඩ) කරන අයත් මේ කිරුළෙන් වැඩ ගන්න නිසා අපිට සතුටු වෙන්න පුළුවන්
ඔය කියපු අය වෙනුවෙන් කඩේ යන අයටත් මේ කිරුළෙන්  ඉදිරියෙදි වැඩක් ගන්න පුළුවන් වෙන්න  කියල හිතලත් අපිට සතුටු වෙන්න පුළුවන්

හප්පේ සතුටු වෙන්න කාරණා ගොඩක් තියෙන නිසා මට හරි සතුටුයි. නන්දා මලිනී මහත්මියගෙ නිදහසේ බයිලාව ඇහෙන කොට මට තවත් සතුටුයි.

මාස්ටර් බයිලා අපෙ ගෙතු රස කරලා
ඇහිද ගනිල්ලා මේව නිදහස් බයිලා
කතරට සහරා ගලන ලෙස රස දහරා
එලි සම නොමරා ගයමු නිදහස සමරා

නිදහස ලැබුනා මල්ලි නිදහස ලැබුනා
තලු මරන්න මිහිරි අකුරු හතරක් ලැබුනා
ගීයක් ලැබුනා ජාතික කොඩියක් ලැබුනා
එලි වෙනකොට නිදහස අහසෙන් ගෙට වැටුනා

කොඩිය සුද්දගේ මල්ලි සිංහයා අපේ
ලනුව සුද්දගේ වුනත්  කොඩිගහ අපගේ
නෑ බැට කෑවේ නේරු පාතෙල් වගේ
නෑ දිවි දුන්නේ මහත්ම ගාන්දි වාගේ

ලේ හැලුනේ නෑ සුද්ද තරහ වුනෙත් නෑ
යන්න ගියෙත් නෑ නොගිහින් හිටියෙත් නෑ
අදත් බොමූ ඒ නිදහස් පානෙ සුමිහිරී
තවත් සුමිහිරී අද ඒ පානෙ මිතුරනී

හිතන්න නිදහස ලියන්න කියන්න නිදහස
බනින්න නිදහස ඇති රට මේ උත්තම රට
බයිල කියා පුද දෙමු අපි ස්වෛරි සිරි ලක
නිවන් දකිත්වා අපගේ ජන නායක කැල

බයිල කියා පුද දෙමු අපි ස්වෛරි සිරි ලක
නිවන් දකිත්වා අපගේ ජන නායක කැල

හරි එහෙනම් මම යනව නිදා ගන්න. ඒ යන්න කලින් බගත්සින් ෆිල්ම් එක ඩවුන්ලෝඩ් වෙන්න දාල යන්න ඕනෙ හෙට බලන්න. එහෙනම් සියලු දෙනාටම (මොකක්ද දාන්ඩ හොද වචනෙ මෙතනට හ්ම්ම්ම්) ජය වේවා.......!!!

Sunday, January 29, 2012

ගන්න ගන්න මාගෙ රූපෙ මං ෆොටෝජනික්‌


"ලෝකෙ ඉන්න මිනිස්සුන්ගෙන් බහුතරයක් තමන් ප්‍රිය කරන චරිතයක් (පුද්ගලයෙක්) අනුකරණය කිරීමට පෙලබෙති." මේ ඉතින් මට හිතෙන හැටි, එහෙම නැතුව කවුරුවත් කියපු වාක්‍යක් නම් නෙවෙයි. මේක කියවන කවුරු හරි හිතුවොත් එහෙම "මූට පිස්සුද මම නම් ඔය කවුරුවත්ම අනුකරණය කරන කෙනෙක් නෙවෙයි" කියල  ඒකෙ කිසිම වරදක් නෑ. මොකද මම කියල තියෙන්නෙ බහුතරය අනුකරණය කරනව කියල මිස, ලෝකෙ ඉන්න සියලුම දෙනා අනුකරණය කරනව කියල නෙවෙයිනෙ.ඔය කියපු විදියට අර බහුතර පිරිස ඒ අය ප්‍රිය කරන පුද්ගලය අදින විදිහ, ඇවිදින විදිහ, කතා කරන විදිහ විතරක් නෙවෙයි කොන්ඩ මෝස්තරය, පිරිමි චරිතයක් නම් රැවුල කපල තියන විදිහ පවා අනුකරණය කරන්න පෙලෙගෙනව. මෙච්චර මේ වැල් වටාරම් ගහල මම කියන්න හැදුවෙ මමත් ඔය දේ කළා කියන එක තමයි.

එතකොට මම ඉස්කෝලෙ 10 වසරෙ විතර, ඒ කාලෙ ටීවී එකේ ගියා 24 කියල ටීවී සීරියස් එකක්. මේ සීරිස් එක නොබලපු කෙනෙක් නෑ මම හිතන්නෙ. ඒ තරමටම ප්‍රසිද්දයි. ඕකෙ එක චරිතයක් තිබුන ටෝනි කියල
ඒ චරිතෙට පන පෙව්වෙ කාර්ලොස් බර්නාඩ් කියන නළුව. ඔය පල්ලෙහා ෆොටෝ එකේ ඉන්නෙ. ඉතින් ඒ නළුවගෙ රැවුල් මෝස්තරයට මම හරි කැමැත්තෙන් හිටියෙ. (හරි හරි කෝපි කඩේ සුවදත් ඔය ස්ට්‍රයිල් එකට තමයි රැවුල කපල තිබුනෙ ඒත් මම කැමති වුනේ ටෝනිගෙ රැවුල දැක්කට පස්සෙ) ඒ කාලෙ ඉතින් අපේ මොන රැවුල් ද, තිබුන රැවුල් ගස් ටික එහෙන් මෙහෙන් කපල ඔය විදියටම නැතත් ඔයිට සමාන විදියකට හදාගෙන මමත් ඉස්කෝලෙ ගියා. සතියක් විතර යනකොට ශිෂ්‍යනායක බාර සර් ට අහුවෙලා ඒ තිබුණු රැවුල් ගස් ටිකත් කපල දැම්ම. (ටොකු දෙකකුත් ඇන්න) ඊට පස්සෙ ඉස්කෝලෙ ඉවර වෙනකම් ඒ වගේ මෝස්‌තර දැම්මෙ නෑ.



ආයෙ තව කාලයක් යනකොට x men කියන කවුරුත් දන්න ෆිල්ම් සීරිස් එක ආව (පලවෙනි ෆිල්ම් එක නම් ආවෙ අපි ඉස්කෝලෙ යන කාලෙමද කොහෙද) ඉතින් ආයෙමත් මට හිතුන ඒකෙ ඉන්න වොල්වරීන් වගේ කොන්ඩෙයි රැවුලයි හදාගන්න ඕනෙ කියල. ඉතින් මම මාස 6ක් විතර කොන්ඩෙ වැව්ව. (වොල්වරින් කෙසේ වෙතත් සායි බබා ගෙ ෆේස් කට් එක නම් ඒ වෙනකොට ඇවිල්ල තිබුනෙ) මම ඉතින් වොල්වරින් ගෙ ෆොටෝ එකකුත් පත්තරේකින් හොයාගෙන සැලුන් එකකට ගිහිල්ල ෆොටෝ එක බාබර්ට පෙන්නල කිව්ව මේ විදියට කොන්ඩෙයි රැවුලයි කපාගන්න ඕනෙ කියල. බාබරුත් ටික වෙලාවක් ඒ ෆොටෝ එක දිහා බලං ඉදල, (හිතින්) "දෙන්නම් වැඩේ" කියල අඩුවයි මිටියයි අතට ගත්ත. නෑ බං කතුරයි පනාවයි අරගෙන වැඩේ පටන් ගත්ත . ටික වෙලාවකට පස්සෙ මෑන්ස් (බාබර්) මාව නැගිට්ටවල "මල්ලි කොහොමද, කොන්ඩෙ හොදයිද" කියල ඇහුව. මමත් ඇහැරිලා බැලින්නම් මෑන්ස් අමුතුම කට් එකක් දීල කොන්ඩෙට. වොල්වරින් කලේ. පස්සෙ මට වැඩේ මීටර් වුනා මෑන්ස් මගෙ කොන්ඩෙ කපල තියෙන්නෙ පත්තර පිටුවෙ අනිත් පැත්තෙ හිටපු මිනිහෙකුගෙ විදියට කියල. මොනව කරන්නද ඉතින්. ආයෙ කොන්ඩෙ තිබුන විදියට අලවන්න කියල යෑ. මම කොන්ඩෙයි රැවුලයි නෝට් එකටම කපල ගෙදර ගියා.




ඊටත් ටික කාලෙකට පස්සෙ linkin park සංගීත කණ්ඩායමේ මයික් විදියට කොන්ඩෙයි රැවුලයි හදාගන්න ආසාවක් ආව. ඒ වැඩේ නම් ඒ තරම් අමාරු වුනේ නෑ හැබැයි. හැබැයි මගෙ යාළුවො නම් කිව්වෙ මම හදල තිබුන විදිහයි මයික් ගෙ කොන්ඩෙයි රැවුලයි තිබුන විදිහයි සම්පුර්ණයෙන්ම වෙනස් කියල. ඊට පස්සෙ මම එක එක අය විදියට කොන්ඩ රැවුල් හදන එක නවත්තල දැම්ම. හිතුන දාට කොන්ඩෙ කොට වෙන්නම කැපුව, නැත්තන් ටිකක් දිග වෙනකන් කපන් නැතුව හිටිය. රැවුලත් වෙලාවකට කැපුවා, වෙලාවකට වැව්ව. (රැවුල නම් වැව්වෙ කපන්න කම්මැලි කමට)




මම කොයි තරම් උත්සහ ගත්තත් තව කෙනෙක්ව අනුකරණය කරන්න ඒ හැම මොහොතෙම මට අසාර්ථක  වුනා. ඒත් දෛයිවය කියනදේ මම වැඩිය විශ්වාස කලේ නැතත්, ඒ හැමදෙයක්ම වෙනස් කළා.

ඒක වුනේ මෙන්න මෙහෙමයි. මට ගිය සතියෙ ඔෆිස් එකේ වැඩකට කට්ටියක් හම්බවෙන්න වෙන ඔෆිස් එකකට යන්න වුනා. ඒ ඔෆිස් එක තිබුනෙ වෙනත් බිල්ඩින් එකක 6වෙනි තට්ටුවෙ. මම ඒ බිල්ඩින් එකට ගිහිල්ල ලිෆ්ට් එකට නැග්ග 6 වෙනි තට්ටුවට යන්න. ඒ ලිෆ්ට් එකේ එක පැත්තක උඩ ඉදන් යටට ම යනකම් ලොකු කණ්නාඩියක්‌ හයිකරල තිබුන. මම ඒ කණ්නාඩියෙන් දැක්ක දේ මට අදහ ගන්න බැරුව ගියා. ඇත්තටම තවමත් මට හිතා ගන්න බෑ මම ඒ දැකපු දේ. ඔව්‍ මම දැක්ක ඒ කණ්නාඩියෙන් ලෝකෙ ප්‍රසිද්ද වුන චරිතයක් මං දිහා බලාගෙන ඉන්නව . ඇත්තටම කණ්ණාඩියෙන් පෙනුන මගෙ ප්‍රතිබිම්බයෙන් මම ඔහුව දැක්ක. මම ගොඩක් දුක් වුනා මෙච්චර කලක් මට ඒ රූපෙ නොපෙනුන එක ගැන. එහෙම පෙනුන නම් මම වොල්වරින් වගේවත් මයික් වගේ වත් කොන්ඩ හදන්න දගලන්නෙ නෑ නෙ.

හරි හරි මම කියන්නම් මම ඒ වීදුරුවෙන් දැක්කෙ කාවද කියල. වෙන කවුරුවත් නෙවෙයි despicable me ෆිල්ම් එකේ ප්‍රදාන චරිතෙ රගපාන "ග්රූ" ව


 ඔව් පාටෙ පොඩි අප්සට් එකක් තියනව නම් තමයි. හැබැයි ශේප් එක නම් එමම තමයි. දැන් ඉතින් මගේ එකම අරමුණ මේ ශේප් එක ජීවත් වෙලා ඉන්නකම් එකම විදිහකට තියා ගන්න එක. මොන බාදා ආවත් ඒක වෙනස් වෙන්න දෙන්නෙ නෑ නෑ නෑ මයි.

ප.ලි
ඔබ අන්සතු ලදක් කියා ඇයි මට කිව්වෙ අවසාන කොටස ලගදීම දාන්නම්. :D 

Real Time Web Analytics