Wednesday, March 21, 2012

බ්ලැක් පවර්


"කෝ බං උබ අර කතාව බ්ලොග් එකේ දානවා කිව්වට තවම දැම්මෙ නෑ නෙ "  ගිය සති අන්තෙ රවී අයිය ඔහොම මගෙන ඇහුවෙ,  මීට සති තුනකට විතර කලින්  එයා කියපු කතාව තවම මගෙ බ්ලොග් එකේ දාපු නැති හින්ද වෙන්න ඕනෙ.  හැමදාම මේ කතාව ලියනවා ලියනව කියල හිතුවට කෝ වෙලාවක් හම්බ වුනේ නෑ නෙ. බල්ලට ඇති වැඩකුත් නෑ හිමින් ගමනකුත් නෑ කියන්නෙ කටකහනවට නෙවෙයි නෙ නේද? කොහොමින් කොහොම හරි අද මම ලියන්න යන්නෙ රවී අයියගෙ කතාව.  හ්ම්ම් තව පොඩි දෙයක්  කියන්න තියනව කතාව පටන්ගන්න කලින්, ඒ තමයි මේ කතාවෙ ඉන්න රවී අයියගෙ ඇත්ත ජිවිතේ නම රවී නෙවෙයි.

1998 අවුරුද්ද වෙනකොට රවී අයිය හිටියෙ 9 පංතියේ. ඒ පාසල ගැන මම වැඩිය මුකුත් කියන්නෙ නෑ. නමුත් ගම්පහ දිස්ත්‍රික්කෙ තියන ප්‍රධාන පෙලේ බාලක පාසලක් කියල  විතරක් කියන්නම්.  9,10 වසරවල ඉගෙන ගන්න ළමයි කියන්න හරි කුතුහලෙන් ඉන්න ළමයි කොටසක් කියල තමයි මම නම් හිතන්නෙ.  ඉතින් ඔය කුතුහලය නිසාම එක එක දේවල් අත්හදා බලන්න ගිහිල්ල අමාරුවේ වැටුන අවස්ථා මටත් තියනව. ඒව පසුවට
ඉතින් මේ රවී අයිය ඇතුළු යාළුවො පිරිසට පත්තරයක් බලන්න ඕන කියල අවිහිංසක ආසා‌‍‌‍වක් ඇතිවුනා. පත්තරයක් කිව්වට ඉතින්  ප්‍රවෘත්ති පත්තරයක් නම් නෙවෙයි. හරි ඉතින් වැල පත්තරයක් කියලම කියමුකො එහෙනම්. ඉතින් මේ කාලේ වෙනකොට මේ වැල පත්තරයක මිල රුපියල් වලින් 300ක් විතර වුනාලු. රවී අයියට මාසෙ වියදමට තාත්ත දෙන රුපියල් 500න් 300ක් ම පත්තරේ ගන්න යෙදෙව්වට මොකද පත්තරේ ගන්න කොලබම යන්න ඕනෙලු. ඉතින් කොලබ යන අයිය කෙනෙකුට රුපියල් 300ත් දීල  a/c බස් එකේ කොලබට යන්න තව රුපියල් 40කුත් එකතු කරලා දුන්නලු. (දැන් කාලේ වගේ නෙවෙයි ඒ දවස්වල ගම්පහ ඉදල කොලබටම යන්න  a/c බස් එකේ ටිකට් එක රුපියල් 20ලු)   

ඔන්න කොහොම හරි රවී අයියටත් පත්තරේ හම්බ වුනාලු. ලස්සනේ බෑලු. පාට පාට පින්තූර ගොඩාක් එක්ක ඉංග්‍රීසියෙන් මොනවද ලියලත් තිබුනලු. රවී අයිය යාළුවො ටිකත් එක්ක පංතියේ පිටිපස්සෙ පෝලිමට එකතු වෙලා පත්තරේ තිබුන පින්තූර ටික ඔක්කොම බැලුවාලු. ඉංග්‍රීසියෙන් ලියපුව පස්සෙ කියවන්න ඉතුරු කළාලු.

"ශික් පින්තූර විතරක් බලන්න 300ක් ගෙවපු එක පාඩු නැද්ද අයියෙ" මම එහෙම ඇහුවෙ ඇත්තටම රුපියල් 300ක් කියන්නෙ ඒ කාලෙලොකු ගානක් හින්ද

"චුට්ටක් හිටපන්කො බං පනින්නෙ නැතුව අපි ඒකෙන ඊට වඩා හෙව්වා" රවී අයිය එහෙම කියපු නිසා මම ආයෙ පනින්නෙ නැතුව කතාව අහගෙන හිටිය.

"අපේ සෙට් එක පත්තරේ බලල ඉවර උනාට පස්සෙ අපි ඒක රෙන්ට් කරන්න පටන්ගත්ත. පත්තරේ ටොයිලට් එකට ගෙනිහිල්ල අනිත් පන්ති වල උන්ට කියවන්න දීල සල්ලි ගන්නව. ඔහොම සතියක් විතර ගියා. ආ කියන්න අමතක වුනා නෙ ඔය කාලෙ අපේ ලොකු පන්තිවල හිටපු උන් ටික ප්‍රින්සිපල් ව (රවී අයිය නම් කිව්වෙ පිනා කියල එහෙම දාන්න බැරි හින්ද ප්‍රින්සිපල් කියල දැම්මෙ)  එලවන්න ට්‍රයි එක. ඒක හින්ද
වැඩිය උගන්නන්න කවුරුත් එන්නෙත් නෑ. අපිත් පත්තරේ අරන් යනව ටොයිලට් එකට." රවී අයිය ඔහොම කතාව කියාගෙන යන හමන්,

"හා හා මල්ලි පාර බලාගෙන යමන් බං " කියල කාර් එකේ පිටිපස්සෙ ෂිට් එකේ හිටපු යොහාන් අයිය කෑ ගහනවත් එක්කම කණ ලගින් වාහනයක් හෝන් එක ගහගෙන ගියා.

"මල්ලි අපි හිමිහිට යමු නේ" කියන ගමන් රවී අයිය දාඩිය පිහිනව.

"ඔන්න ඉතින් අපි ටොයිලට් එකේ පත්තරේ බල බල ඉන්නකොට එකපාරටම ටොයිලට් එක ඇතුලට  පත්තු කරපු බට්ටෙක් ආව කොල්ලො ටික දඩ බඩ ගාල එලියට දිව්ව. මමත් පත්තරේ අහුලගෙන දුවන්න පටන් ගත්ත.  එකපාරටම මාව ගිහිල්ල ඇගක හැප්පිලා වැටුන. යොහාන් උබ දන්නවද කාගෙ ඇගේද හැප්පුනේ කියල. ගාමිණි ජයසේකර සර් ගෙ ඇගේ බං."

"අම්ම ගහයි.... ඉතින් සර්ට අහුවුනාද පත්තරේ" පිටිපස්සෙ හිටපු යොහාන් අයිය.

"කවුද රවී අයියෙ ගාමිණි ජයසේකර කියන්නෙ" මම වෙන ඉස්කෝලෙකට ගිය හින්ද එහෙම ඇහුවෙ.

"අපේ ශෙක්ෂන් හෙඩ් යකෝ. එයා (ඌ කියල තමයි කිව්වෙ ඉතින්) මාව අල්ලාගෙන පත්තරෙත් අතට ගත්ත. එතකොටම ලොකු උන් සෙට් එකක් ඇවිත් සර් ගෙන් ගේම ඉල්ලන්න පටන්ගත්ත. මම පත්තරේ සර් ගෙ අතින් උදුරගෙන ගෙදරම දිව්ව. පත්තරේ අදාළ තැනින් තියල මම නිදා ගත්ත"

"එතකොට පොත් බෑග් එක" මටත් කට පියාගෙන ඉන්ඩම බෑ නෙ

"බෑග් එක පංතියේ ඊලග දවසෙ ගන්ඩ පුලුවන් නෙ කියල හිතාගෙන තමයි ආවෙ. නිදාගෙන ඇහැරෙනකොට තාත්ත ඇවිත් තාත්ත කියනව ආ කොල්ලො ටික එකතුවෙලා හොද වැඩක් කරල තියෙන්නෙ කියල .මම
හිතුව වැඩේ තාත්තට මාට්ටු වෙලා තමයි කියල. බැලින්නම් ඉස්කෝලෙ මාසෙකට නිවාඩු දීල අලුත් ප්‍රින්සිපල් කෙනෙක් එනකන්."

"එතකොට පොත් බෑග් එක" ආයෙත් මම ම තමයි.

"පොඩ්ඩක් ඉන්නවකො බෑග් එක ලගට එනකන්. ඉතින් මාස එකහමාරක් විතර ගෙදර ඉදල ආපහු ඉස්කෝලෙ පටන්ගත්ත දවසට පස්සෙ දවසෙ ඉස්කෝලෙට ගියා. පටන්ගත්ත දවසෙම ගාමිණිය පන්තියට ඇවිත් අපේ උන්ගෙන් පත්තරේ ගැන අහල උන් කියල පත්තරේ මගෙ කියල. මමත් ඉතින් පන්සිල් ගත්තටත් පස්සෙ අත් දෙක වන වන පංතියට ගියා. පන්තිහාර බාර මිස් කියනව. අන්න රවී ව ගාමිණි සර් හොයනවා කියල. ගාමිණි සර්ත් පංතියට ඇවිත් මගෙ බෑග් එක චෙක් කරන්න හදනව. මම කිව්වා බෑග් එකේ මුකුත් නෑ ම කියල ඒත් ඇහුවෙ නෑ ඇරල පොත් ටික එලියට ගන්න කිව්වා. බෑග් එක ඇරිය විතරයි මුළු පන්තියම ගද ගහන්න පටන්
ගත්ත. එදා ගෙනාපු කෑම එක ඒ වෙනකොටත් බෑග් එකේ. ගණන් අච්චු පොත එලියට ගන්නකොට ඒකෙ පනුවෙකුත් හිටිය බං”

ඉතින් කොහොම හරි දැන් සර් රවී අයියගෙන් පත්තරේ ගැන අහනවලු. රවී අයිය කියනවලු එහෙම පත්තරයක් තිබුනෙ නෑ ඒක ඉංගී‍්‍රසි මැගසින් එකක්ම කියල. මොකද සර් දැකල තියෙන්නෙ මුල පිටුව විතරයි. මුල පිටුවෙ තිබිල තියෙන්නෙ ටයිටැනික් ෆිල්ම් එකේ ෆොටෝ එකක්. ඉතින් අන්තිමට රවී අයිය පිලිගන්නෙ නැතිම තැන සර් පංතියේ හිටපු, ඒ පත්තරේ බලපු අනිත් ලමයින්වත් නැගිට්ටවල ඇහුවලු. රවී අයියගෙ යාළුවො රවී අයියට පක්ෂපාතිව උත්තර දුන්න නිසා රවී අයියට වේවැල් පාරවල් 10ක සංග්‍රහයක් ගාමිණි සර් ගෙන් ලැබුනලු.

“මූ පුකට පාරවල් 10කුත් ගහල තාත්තවත් එක්කන් එන්න කිව්වනෙ බං. මම කිව්ව තාත්තට යාපනේට ට්‍රාන්සර් එකක ඇවිත් ඒ හින්ද තාත්ත ගෙදර එන්නෙ මාසෙකට සැරයි කියල. ඊට පස්සෙ ගෙදර ටෙලිෆෝන් නම්බර් එක ඉල්ලනව. මම කිව්ව ගෙදර ටෙලිෆෝන් නෑ කියල. පස්සෙ ගෙදර ඇඩ්රස් එක ඉල්ලගෙන ටෙලිග්‍රෑම් එකක් එවල තිබුන මම ඒක ගෙදර කට්ටියට කලින් අරගත්තා. පස්සෙ තාත්තට ආපු  ට්‍රාන්සර් ලෙටර් එකේ කොපියක් ගිහිල්ල දුන්නට පස්සෙ වැඩේ ශේප් වුනා.”

“එතකොට අයියල ගෙ තාත්ත යාපනේද හිටියෙ ඒ දවස් වල”

“පිස්සුද බං තාත්ත යාපනේ ගියෙ නෑ. ඊට පස්සෙ 10 වසරෙත් වාර දෙකක් ඉවරවුනාට පස්සෙ පන්තිකවයක් තිබුන. ඒකට තාත්තව එක්කගෙන ගියෙ වෙලාවෙ කොහොම හරි ගාමිණි සර් ට මාට්ටු වුනා. සර් තාත්තගෙන් අහනව තවම යාපනේද ඉන්නෙ කියල තාත්ත කිව්ව නෑ කියල. පස්සෙ තාත්තට සීන් එක කිව්ව නේ බං.

“නෑ..... එච්චර කල් ඕක මතක තිබිලද”

“ඔව් නෙ බං. මමත් ඉතින් ගෙදර ගිහින් ගැහි ගැහි හිටිය තාත්ත මොනව කියයිද දන්නෙ නෑ නෙ. තාත්ත ආවට පස්සෙ මට කිව්ව ඔය වයසට ඔව්ව බැලුවට කමක් නෑ බලල මාට්ටු වෙලා අපේ සායම විතරක් අරින්න එපා කියල කිව්ව ”

ඔන්න ඔහොම තමයි රවී අයියගෙ කතාව ඉවර වුනේ. රවී අයියගෙ තාත්ත වත්  ගාමිණි ගුරුතුමා වත් මේ ප්‍රශ්නෙ ඒ තරම් දුරදිග ගෙනිච්චෙ නැති නිසා රවි අයියටවත් වෙනින් කාටවත් ලොකු හානියක් වුනේ නෑ.  නමුත් මෙවැනිම  ප්‍රශ්නෙකදි විදුහල්පතිවරයෙක් ගත්ත වැරදි තීරණයක්‌ නිසා ඒ අදාළ ශිෂ්‍යයා ගේ තාත්ත බෙල්ලෙ වැල දාගෙන මිය ගිය සිද්දියකුත්, තවත් වරක සිසුවියක් පාසල් ගොඩනැගිල්ලකින් බිමට පැනපු සිද්දියකුත් අපිට මෑත වකවානුවේ අහන්න ලැබුන.  

පොස්ට් එක ඉවර කරන්න කලින් දුකා අයිය කියපු කතාවකුත් මතක වුනා.
“මල්ලි ගුරුවර ගුරු විභාගෙ විතරක් පාස් වුනාට වැඩක් නෑ. සමාජ විද්‍යාවත් උගන්නන්න වෙනව”
අත්තාටම තමනුත් පොඩි කාලෙ කරපු දේවල් තමන්ගෙ ළමයි කරපුවහම ඒවාට උවමනාවටත් වඩා දඩුවම් දෙන දෙමාපියන් ගුරුවරුන් ගැන කුමක් නම් කියන්නද ?

ප.ලි
මේ ලිපිය පොඩි ළමයින්ට බලන්න හොද නෑ කියල වැඩිහිටියන්ට හිතෙනවනම් ඒ අයට බලන්න දෙන්න එපා.
ප.ප.ලි
ඔය ටයිටල් එකට දාල තියෙන්නෙ, බ්ලැක්  පවර් (black power)   කියන්නෙ රවී අයියගෙ පත්තරේ නම හොදේ.

33 comments:

  1. හික්... ආතල් වැඩක් නෙව

    ReplyDelete
  2. සිරා කතාව මල්ලි... මේකෙ විනෝදය වගේම තවත් දෙයක් තියනව..... අපේ වගේ රටක ඔය (SEX) කියන දේ පිලිබඳව කතා කරද්දි අපේ දෙමාපියන් සහ ගුරුවරු ටිකක් හිතන්න ඕනෙ.. අර සදාචාරෙයි, අරකයි මේකයි කරන්න ගියාම අන්තිමට බිහි වන්නෙ ස්ත්‍රි දූශකයන් වෙන්න පුලුවන්. මේකට පිලියමක් අපේ අද්‍යපන රාමුවෙන්ම එන්න ඔනේ......

    ReplyDelete
  3. හප්පොච්චියේ ඔය කොයි කාලෙද බන් මල්ලියෙ ? අපි බලපුවා මාට්ටු උනා නම් එහෙම ඉතින්...කියලා වැඩක් නැත..අපේ සෙට් එකටම තිබුනා පත්තරේ ගන්න ටර්න් එකක්..ඒ කාලෙ නම් පත්තරේම රු. 10ද කොහෙද..ඔය පිටරට සඟරා නම් දැක්කෙ මෙහෙ ආවහම තමයි...

    ReplyDelete
  4. හරියටම හරි කතාවක් කියලා තියනවා පොඩි උන්ට අපි කරපු වැරදි ට්‍රයි කරන්න දෙන්න ඔනෙ වැරැද්ද අපි දන්න නිසා ඇහැගහගෙන උන්නම ඇති.

    ReplyDelete
  5. ඔය කියන්නේ පත්තරයක් ගැන ද සඟරාවක් ගැනද බන් :-D

    ReplyDelete
  6. ඇති ඔයින් ගියා.....

    ReplyDelete
  7. මමත් ඒ කාලේ යාළුවොත් එක්ක එකතු වෙලා ඩෙස්ක් අස්සෙ හංගගෙන වැල පත්තර බලපු කාලේ මතක් උනා.

    ඒ වගේ කතා දෙක තුනක්ම තියෙනවා, ලියන්න තමයි වෙලාවක් නැත්තෙ....!

    ReplyDelete
  8. අයියෝ සංසාරෙ අපි නම් වැඩිය ඕවා ගැන හොයන්නෙ නෑ.... අපිට ගේම දුන්නොත් එහෙම!!! ඕවා ඉතින් ඔය වයසට ඔහොම තමා. :)

    ReplyDelete
  9. සංසාරේ සංසාරේ ඒ කාලේ 300ක් වුනේ නෑ බොලල්ලා.තොපිව රවට්ටලා.100යි ඒ කාලෙ.පස්සෙ 150 වුනා 1999-2000 විතර.

    ReplyDelete
    Replies
    1. ඒකනේ මාත් මේ දස අතේ කල්පනා කොරන්නේ.. මුන්ව අන්දලා :)

      Delete
    2. අන්දල ඕයි සැරටම

      Delete
  10. "මම මූට ඕනම දෙයක් කරන්න දෙනව.ප්‍රශ්නයක් උනොත් මම මූව බේර ගන්නව.ඒත් ඒ කරන හැම දෙයක්ම මූ මට කියන්න ඕනෙ."

    ඔය ජෝන් කිව්ව වගේම මාස තුනක පුතෙක් ඉන්න මගේ සහෝදරය මීට පැයවිසිහතරකටත් කලින් මට කියපු කතාවක්.

    තාත්තල පුතාල යාලුවො උනොත් පුතාල වැරදි නොකරයි කියල මම කියන්නෙ නෑ.නමුත් ඒ වැරදි කාටවත් හානියක් නොවෙන ඒවා වෙයි.කොටින්ම ඒව අත්දැකීම් පිරුනු 'බුද්ධිමත් වැරදි' වෙයි!

    ReplyDelete
    Replies
    1. සොල්දරේ, අපේ අප්පච්චි ගැන කියවලා ඇතිනේ... ඒත් මම වැරදි කෙරුවේ නැද්ද බන්... උඹේ කතාව හරි..

      Delete
  11. පිනා කියල කියනව නං එහෙම කිව්වම දන්නව නං ලිව්වම මොකද වෙන්නේ?

    අනික ඔය ලියලා තියෙන්නේ අපූරුවට?

    ReplyDelete
  12. අපේ පන්තියේ චාටර් උනේ මීට අන්ත විදියට... බලන බලන පත්තරේ වතුර පයිප්පේ අස්සේ ගහන්න පටන් ගත්තා... එක දවසක් වැස්සේ නැතෑ ඉස්කෝලේ උතුරන්න... :D

    ReplyDelete
  13. හික්ස් ඔය පත්තර හංගන විදි මතක් වෙද්දිත් තාම හිනා යනවා බන්

    ReplyDelete
  14. අපි නම් කවදාවත්ම මාට්ටු වෙලා නෑ... වාසනාවට...

    ReplyDelete
  15. ඒ පත්තර ඔච්චරම ගනන් ද ?
    අනික 88 වෙන කොට ටයිටැනික් ඇවිත් තිබ්බ ද?

    හෙහ් හෙහ්.........මේ අපේ රවි අයිය හෙම නෙමේ නේද ?

    ReplyDelete
  16. අපි හැංගුවේ වහලේ සීලිමේ පටියක් ගලවලා.. ඒ ක්‍රමේ කොච්චර ජනප්‍රිය උනාද කියනවානම් හැම පංතියේම සීලිමේ ලෑලි පටියක් ගලවලා තිබ්බා... ඕන වෙලාවට අත දැම්මා, ගත්තා...

    මේ රවි අයියා බ්ලොග් ලියන රවි අයියානම් අපරාදෙ මෙච්චර කල් අයියා කිව්වේ....

    ReplyDelete
  17. ඕවා ඉස්කෝලවල නීත්‍යානුකූලව පෙන්නලා උගන්නන්නේ නැති එක තමා ලොකුම පරහ!හරි හමන් වයසකදි ඕවා කියලා දීලා විචි කිච්චාව නැති කලා නම් ඉවරයි!

    ReplyDelete
  18. රවී අයිය කලුද මචං.. බ්ලැක් පවර් කියපු නිසා ඇහුවේ..

    අපෙත් ඔය වගේ හොර බිස්නස් ගියා නොවැ..

    ReplyDelete
  19. හපෝ මුං ඒ දවස් වල ඉඳලම වලත්තයොනේ... බලපංකෝ එක්ට අපි... බෝ පැල වගේ...

    ReplyDelete
  20. නම මතක නෑ ඉංගිරීසි මැගසින් එකක් එකෙක් ගෙනැල්ලා පිංතූර කපලා 20 ගානේ වික්කා පොඩි පංතිවල කොල්ලන්ට ..ඌ උස්සලා තියෙන්නේ තාත්තගේ බෑග් එකෙන් රට ඉඳලා ආපු ...

    ReplyDelete
  21. පාසල් කාලේ හැමෝම මෙහෙම තමා නේද ? හොඳ ලිපියක් රුචා.

    ReplyDelete
  22. අපි නම් ඕවා වැඩි පුරම බැළුවේ කැඩෙට් රූම් එකේදි. ඒකට පිනාවත් එන්නේ නෑ දොරට තට්ටු නොකර. විනය ඒ තරමට තිබුනා අපි( කැඩෙට්ස්ලා) ගාව. ඒක ගුරුවරුනුත් දැනගෙන හිටියා.. :)

    දැන් එවුන් නම් මාට්ටු වෙන්නේ පෝන් එකේ තිබිලනේ. අනික ඉස්සර වගේ ආපහු මුදල් කරන්න දැන් විදියක් නෑ මයෙ හිතේ.. ඉස්සර නම් ඕක අපේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වෙලා තිබුනේ.. :)

    ReplyDelete
  23. ඉස්සර පිටකොටුවෙ ගුනසිංහපුර බස්ටෑන්ඩ් එකේ බස් අස්සට වෙලා (ගම්පහ, නිට්ටඹුව බස්) ඉන්නව පොත් මිටියක් පපුවට තුරුල්කරගත්ත පොරවල්. පන්ති යන පොඩි කෙල්ලො, නිවාඩුවට ගෙදර යන ආමි එකේ අය වගේ කට්ටිය (තව ඉන්නව ඈ) එහෙම ඒ හරියෙන් යද්දි ලගට කිට්ටු වෙලා කියනව "බ්ලූ පොතක්, පත්තරයක්" කියල. බුවාල ගාවනං පත්තරේ 100යි, සගරාව 150යි 1999 - 2001 කාලෙ. ඊට පස්සෙ කොහොමද දන්නෙ නෑ

    ReplyDelete
  24. ඇති ඔයින් ගියා.හොද ලිපියක් .

    ReplyDelete
  25. අඩේ ඒ කාලේ 300ක් කියන්නේ සෑහෙන ලොකු ගානක් නේ... අපිටනම් වැල පත්තර එහෙන් මෙහෙන් සෙට් උනා... අපේ එව්වො රෙන්ට් කරේ නැති නිසා වෙලාවට...

    ReplyDelete
  26. මොනාද අප්පේ මේ පත්තර ජාතිය?? තාම ඔහොම ඒවා ඇහැටවත් දැකලා නෑනේ GO මැගසින් එක වගේ එකක්ද?? මේ කාලේත් ඔහොම පත්තර තියෙනවද??... ඕං සීඩි එකක් වගේ කිව්වනම් දන්නවා

    ReplyDelete
  27. ඉස්සර අපේ එකෙකුටත් දීලා තිබ්බා වින්ද්‍යා මැගසින් එකක්....

    ReplyDelete

Real Time Web Analytics