ඔෆිස් එකේ මට කරන්න තියන වැඩ අඩුවේගෙන ගිහිල්ල අන්තිමට කරන්න වැඩක් නැති තැනටම ආවට පස්සේ මම පටන්ගත්ත ඔෆිස් එකේ ටිකක් නාදාගන්න. ටිකක් කිවුවට ඇත්තටම ටිකක්මත් නෙවෙයි. ඒ දවස් වල අපේ බාප්පත් ඔෆිස් එන එක අඩු කරල තිබුනෙ. ඔෆිස් එකේ වැඩ බැලුවේ බාප්පාගේ පුතා. ඉතින් අපි දෙන්න (මමයි බාප්පගෙ පුතයි) උදේට ඔෆිස් ආපුවහම මට තියන ඔය පොඩි පොඩි වැඩ ටික ඉවර කරලා නවකතා පොතකුත් අරගෙන මම ය
නවා අපේ බාප්පගෙ පුතාගෙ රූම් එකට. යාහු නිවුස් වලින් පටන්ගන්න අපේ කතාව ඉවර වෙන්නෙ ෆේස් බුක් එකේ අලුතින් අප්ඩේට් කරලා තියන ෆොටෝස්, වීඩියෝස් ටිකත් බලල ඉවර උනහම තමයි. ඊට පස්සෙ මම පොත කියවන්න පටන්ගන්නවා. ඔන්න ඉතින් පොත ටිකක් කියවගෙන එනකොට ඇස්දෙක පියවෙන්න එනව ඉතින් පොත පැත්තකින් තියල ටිකක් නාදා ගන්නවා. ඔය වෙද්දී වෙලාව 12ට විතර ඇති. 2ක විතර වෙනකොට නගිටෙන්නෙ හොද බඩගින්නකුත් එක්ක. ගෙදරට ගිහිල්ල දවල්ට කාල ආයෙත් ඔෆිස් එකට එනකොට හවස 3 විතර වෙනවා. ඒ ආවට පස්සෙ බ්ලොග් දෙක තුනක් කියවල ෆෝන් එකෙන් ගේම් එකක් එහෙම ගහද්දි ඔෆිස් එක වහන වෙලාව හරි. මාස එකහමාරකට විතර කලින් මේක තමයි මගෙ සාමාන්‍ය දින චර්යාව. සතියකට දවසක් දෙකක් විතර මේක පොඩ්ඩක් වෙනස් වෙන්නෙ ඔෆිස් එකේ වැඩ වලා එලියට යන්න වෙන හින්ද. කැලේ වෙනස් උනාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නෙ නෑ වගේ, මම ඔෆිස් එකෙන් පිට හිටිය කියල මගෙ නිදා ගනිල්ලා වෙනස් වෙන්නෙ නෑ. වාහනේ එලවන ගමනුත් නින්ද ගිය අවස්ථා එමටයි. සිග්නල් එකක හිටියොත් අනිවාර්යෙන් නින්ද ගිහින්, පිටිපස්සෙ වාහන වල හෝන් එකට තමයි නගිටෙන්නෙ.ඔන්න ඔහොම තමයි මාස එකහමාරකට කලින් මම ඔෆිස් එකේ වැඩ කෙරුවෙ, ඒත් අහම්බෙන් ඇහුන සින්දුවක් හින්ද, වැඩ කරන වේලාවට නිදා ගන්න සම්පුර්ණයෙන්ම නැවැත්තුව. ඒ සින්දුව ඒ තරමට මගෙ හිතට වැදුන. "ඇවිදින විටත් නිදියන දූ පුතුන් ලද මේ මගෙ නිජබිමයි ලෝකෙන් උතුම් රට" මෙන්න මේ පද පේලිය ඇහෙන කොට මට හැගුන මමත් ඔය කියන ජාතියේම කෙනෙක් නේද කියල. හරිම ලැජ්ජාවක් දැනුන. මම නිදාගෙන ඉන්න ෆොටෝ ෆේස් බුක් එකේ තිබුනත් මට මෙතරම් ලැජ්ජාවක් දැනිල නෑ. රටේ මේදේ වෙනස් වෙන්න ඕනෙ, අර දේ වෙනස් වෙන්න ඕනෙ කියල නිතරම වාද කරන මමත් මෙහෙමද කියල මට හිතුන.
මේ සින්දුව තියන සී
ඩි (නෑසෙන ගී නද- නන්දා මාලිනි) ඒක මම ගත්තෙ මීට මාස 6කට විතර උඩදි, ලංකාවෙ ගුවන්තොටුපොලෙන්. ඒත් ඒකෙ තියන ඔක්කොම සින්දු ටික අහන්නත් කලින් මිතුරෙක් ඒ සීඩි එක ඉල්ලන් ගියා අද වනතුරුත ඒක ලැබුනේ නෑ. කොපියක් දාගත්ත නිසා ඒක ඉල්ලන්න උවමනා උනෙත් නෑ. මේ සැරේ ලංකාවට ගිහිල්ල එනකොට තමයි ඒ සින්දුව පලවෙනි වතාවට අහන්න ලැබුනේ. තව දෙතුන් පාරක් ඒ සින්දුවම ඇහුවෙ ඒක මගෙ සිතට තදින්ම කා වැදුණු නිසා වෙන්න ඇති.කොහොම නමුත් මේ සින්දුව මගෙ ජිවිතේ ලොකු වෙනසක් කළා.පලවෙනි දවස් දෙක තුන හරිම අමාරුවෙන් හිටියෙ නින්ද යන්නම එනව. ඒ වෙලාවට පුටුවෙන් නැගිටලා ඔෆිස් එකේ ඇවිදිනවා, එහෙමත් නැත්නම් තේ එකක් බොනවා. වාහනේ යද්දිත්
පොඩි වතුර බෝතලයක් අරගෙන ගියා. සිග්නල් එකක නැවතුනාම මූඩියට වතුර ටිකක් අරගෙන මුණ හොද ගත්ත. දැන් මම ඔෆිස් වෙලාවෙ නිදා ගන්නෙ නෑ.
පෙර රජ දවස වැවු දාගැබ් ගණන් කොට
ගල් කණු අතර හප කරමින් බුලත් විට
ඇවිදින විටත් නිදියන දූ පුතුන් ලද
මේ මගෙ නිජබිමයි ලෝකෙන් උතුම් රට
කහට කෝප්පේ පොගවා ගිලින්නට
පාන් කෑල්ලක් යදිනා දනන් හට
ඇස් නැත සිදුව ඇති දේ ගැන දකින්නට
එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට
රැවටී සුවහසක් බොරුකාරයින් හට
පාඩම් ලබා නැත යුග යුග ගනන් සිට
දෑසේ කදුළු ඉතිරිව නැත අඩන්නට
එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට
උගසට තබා මගෙ රට පිට රටුන් හට
ලොව බලවතුන් අභිමුඛයෙ දනින් සිට
සිග්මන් යදිමු සාගින්දර නිවන්නට
එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට
සින්දුව ඩවුන්ලෝඩ් කරගන්න මෙතනින්
මෙන්න මේ සින්දුවට පින්සිද්ද වෙන්න දැන් මම ඔෆිස් එකේ ඇහැරගෙන ඉන්නව. තව ගොඩක් දේවල් මේ සිංදුවෙන් අපට ඉගෙනගන්න පුළුවන්. නමුත් ඒ දේවල් ගැන කතා කරන්න ගියොත් මගෙ බ්ලොග් එකත් දේශපාලන බ්ලොග් එකක් වෙන නිසා මම මෙතනින් ලිපිය නවත්තනවා.

