
ආයුබෝවන් කියලම පටන් ගන්නම් මගේ පළමු බ්ලොග් අඩවියේ පළමු ලිපියට. එහෙම කියන්නත් බෑ මේ මගේ දෙවැනි බ්ලොග් එකනෙ. පලවෙනි බ්ලොග් එක හදන්න පාවිච්චි කරපු ඊ මේල් එකේ පාස්වර්ඩ් එක අමතා උනා නෙ. කොහොම හරි මේක තමයි මම මංසලකුණු බ්ලොග් එකට ලියන පළමු ලිපිය.
මුලින්ම මතක් කරන්න ඕනෙ මම කියපු පලවෙනි බ්ලොග් එක දුකා බ්ලොග් එක, සුභාෂ් අයිය ලියන. ඒ මීට වසර 2කට විතර කලින්. මට මුලින්ම ආරාධනාව ආවෙත් දුකා අයියගෙන් බ්ලොග් එකක් ලියන්න කියල. ඉතින් ඒ ආරාධනාව පිළිගෙන මම මුලින්ම ලියන්න පටන් ගත්ත බ්ලොග් එකේ එකම පෝස්ට් එකක්වත් දාන්න බැරි උනා.ඔන්න ඊළගට තමයි මංසලකුණු පටන්ගන්නෙ. දුකා අයිය ඇතුළු මට බ්ලොග් එකක් පටන්න කියල මාව දිරිමත් කරපු සියලුම දෙනාට ස්තුතිය.
එහෙම නම් හැම දෙනාටම ආරධනා කරනවා මංසලකුණු කියවල සලකුණක් තියල යන්න කියල. ඒ වගේම මගෙ තියන අඩුපාඩු, හදාගන්න ඕන තැන් පෙන්නල දෙනවනම් මම ගොඩක් කැමති.
අවසරයි බ්ලොග් කරලියට රුචා ටත් පැමිණීමට. ආයුබෝවන්...!!!
එළ මචං සුභ පැතුම්...
ReplyDeleteදිගටම කරගෙන යමු :)
එල රුචා... ඔෆිස් එකට වෙලා නිදාගන්න වෙලාව දැං හරවත් වැඩකට යොමු කරලා.. අන්න මිනිස්සු..
ReplyDeleteජය වේවා...
දිගටම ලියපං!ජයවේවා!
ReplyDeleteSubapathum...!!!
ReplyDeleteජය වේවා...දිගටම ලියන්න...
ReplyDelete"ආරභථ නික්කමථ"
ReplyDeleteපටන් ගත්තා වාගේම කරගෙන යන්නත් ලැබේවා.
අපි එන්නම් කියවන්න
ඔන්න අපිත් ආවා බලල යන්න. මේ වර්ඩ් වෙරිෆිකේෂන් එහෙමත් අයින් කරමු නේද. අපිට උඩ පැන පැන කමෙන්ට් කරන්න...:DDD
ReplyDeleteරුචා වැදගත් දවසක වැදගත් වැඩක් පටන් අරගෙන නේ.. හි හි සුබ පැතුම්.. දිගටම කරගෙන යන්න .. ජය වේවා..!
ReplyDeleteසුභ පැතුම් නැවතවතාවක් බ්ලේග් අවකාසෙට ආවාට
ReplyDeleteමුලින්ම සුභ පැතුම්..! ඊ ළඟට බැනුං...
ReplyDeleteමොකද යකෝ ළමා සාරි ඇඳන් බුලත් දෙන්නේ..?
මුලින්ම වර්ඩ් වෙරිෆිකේෂන් අයිං කරහං.. ඒ විතරක් නෙවෙයි මේ කමෙන්ට් කරන්න තියෙන විදියත් වෙනස් කලානං තවත් පහසුයි.. ඒ කිව්වේ පෝස්ට් එකට යටින් කමෙන්ට් බොක්ස් එක එන විදියට...
උඹේ මං සලකුණු ගැනනං මට ටිකක් හිතා ගත්තැකි.. ඕකේ ලියවෙන තරමක් නිදිමත හා නිදා ගැනීම ගැන ලියවෙයි කියලා මං හිතනවා.. ඒ උඹ ඇහැරිලාද..?
සුභ පැතුම් ... හිතුමතේගෙනුත්
ReplyDeleteපටන් අරන් විතරක් මදි ඔන්න දිගටමලියාගෙනත් පලයන් මචන්. :-D
ReplyDeleteසුභක්!!!!
ජයවේවා ! ලියමු ලියමුcongans
ReplyDeleteසුභ පැතුම් සඳරුවන්. පටන් ගත්ත වගේම පවත්වා ගෙන යෑමට අවශ්‍ය අඩුමකුඩුම යහමින් ලැබේවායි පතන්නම්. word verification අයින් කළානම් කමෙන්ට් කරන අයට පහසු වෙයි...
ReplyDeleteඅඩේ ජය වේවා . . .
ReplyDeleteදැන් එහෙනම් නිදා ගන්න එක අඩු කරන්නද යන්නේ?
රුචා, ඔන්න මගෙනුත් උණුසුම් සුභ පැතුම්....! දැන් ඉතින් ගෝණුස්සෙක් වගේ ලියන්න තමයි තියෙන්නෙ, වලිගෙත් උඩ දාගෙන...!
ReplyDelete@පූසා : ස්තුතියි මචන්. ඔන්න උබ තමයි මුලින්ම කමෙන්ට් කරල තියෙන්න.
ReplyDelete@සිහින : දැන් ඔෆිස් එකේ නිදාගන්නෙ නෑ මල්ලි ඒක බස් පදිනව වගේ හරවත් වැඩකට යොමු කරල තියෙන්නෙ. :D
@sabith : ස්තුතියි මචන්.
@beetle : ස්තුතියි මචන්.
@දිමා : අනිවා දිගටම ලියනව පටන් ගත්ත ගමන නවත්තල බෑ නෙ :D ස්තුතියි මචන්.
@තිස්ස දොඩන්ගොඩ : "ආරභථ නික්කමථ" තරහ නැතුව අයියෙ මේකෙ තේරුමත් ඊලග පාර ආපුවහම කියනවද. ගොඩක් ස්තුතියි අයිය කමෙන්ට් එකට.
@priyantha : ස්තුතියි ප්‍රියා අයිය word verification ගැන දැනුම දුන්නට මට තවම මේක අයින් කරන හැටි හොයා ගන්න බැරුව ඉන්නෙ. බස් එකක් දාලම බලන්න වෙයි වගෙ
@හසී : හසී නංගි දවස වැදගත් කියල කිවුවෙ නංගිගෙ උපන්දිනෙ නිසාද. :D ස්තුතියි නංගි කමෙන්ට් එකට.
@සුදු හංසි : ස්තුතියි සුදු හංසි
@මාරයාගේ හෝරාව : අයියෙ ඒ බුලත් අත අරන් ඉන්නෙ අපෙ නංගි. :D තවම word verification අයින් කරන හැටි හොයා ගන්න බැරි උනා අයියෙ. මේක මොන අස්සෙ තියනවද දන්නෙ නෑ.
අයිය හිතපු විදිය හරියටම හරි නිදා ගෙන හොද පළපුරුද්දක් තියන එකේ ඒක ගැන නොලිය බෑ නෙ. ගොඩක් ස්තුතියි අයියගෙ කමෙන්ට් එකට හා වැරැද්දක් පෙන්නල දුන්නට.
@හිතුමතේ : ගොඩක් ස්තුතියි.
@ම : අයියට ඉස්සරහට ඊමේල් එක වෙනස් කරගන්න වෙයිද දන්නෙ නෑ. මොකද ඉතින් මම මොකක් හරි අහන්න ඕනෙනම් අයියටනෙ මේල් එකක් දාන්නෙ. :D ස්තුතියි අයියෙ.
@නිශ් : ගොඩක් ස්තුතියි.
@සොදුරු සිත : word verification අයින් කරන හැටි හොයා ගන්න බැරුව ඉන්නෙ අක්කෙ තවම. ගොඩක් ස්තුතියි අක්කෙ.
@දුකා : මෙන්න ඇවිත් මගෙ බ්ලොග් පියා :D මට පේන විදිහට නිදාගන්න එක අඩු කරන්න වෙයි වගෙ. ගොඩක් ස්තුතියි අයිය ඇවිල්ල ගියාට.
@දුමී : අයියෙ ගෝනුස්ස ලියන්නෙ වමතින්ද දකුණෙන්ද. :D ගොඩක් ස්තුතියි දුමී අයිය.
සුභ පැතුම්... අයියේ
ReplyDeleteමේ ඒත් ඔයා කවුද අනේ අදමයි දැක්කේ හි හි හි
test
ReplyDeleteටැස්ට් 1
ReplyDeleteරුචා නියමයි මචං... මාර සන්තෝසයි උඹත් බ්ලොග් එකක් ලියන්න ගත්ත එකට... සුභ පැතුම් මචං...
ReplyDeleteජය වේවා මල්ලි ! එහෙනම් ලස්සන දේවල් ලියන්න , අපි එනවා කියවන්න හොඳේ... :)
ReplyDeleteනියමයි රුචා දිගටම ලියමු පරක්කු උනාට සොරි වෙන්න ඕනේ .......:D
ReplyDeleteඑළ එළ රුචෝ... දිගටම ලියපන් හරිය....
ReplyDeleteජය...!!!!
එළ එළ රුචෝ... දිගටම ලියපන් හරිය....
ReplyDeleteජය...!!!!
මගෙන් සුභපැතුම්!
ReplyDeleteසිංහල බ්ලොග්කරණයේ දිගු ගමනකට කෙටි සුභ පැතුමක් :))
ReplyDelete