
අද අපේ අම්ම ගෙ 52 වෙනි උපන්දිනේ ඉතින් හිතුන මටත් අපෙ අම්ම ගැන ලිපියක් ලියන්න. සමහර දේවල ගැන ලියන්න, කතා කරන්න ගියහම පටන් ගන්න තැනක් ඉවර කරන්න තැනක් හරි ලේසියෙන් හොයා ගන්න පුළුවන්. ඒත් අම්ම,තාත්ත ගැන ලියන කොට ඒ ආදරය, ඒ කරුණාව, ඒ දයාව ගැන කොතනින් පටන්ගෙන කොතනින් ඉවර කරන්නද කියල තවම මට සිතා ගන්න අමාරුයි.
මට මතකයි මම පොඩි කාලෙ එතකොට මම 3 වසරෙ විතර, ඉස්කෝලේ හැරිලා ගෙදර ආපුවහම මගෙ පොත් ටික බලල වැරැද්දක් අඩුපාඩුවක් තියනවනම් ඒවා කියා දුන්නු හැටි. පිටු ගනන් කැතට ලියල තිබුන අකුරු මකවල ආයෙත් ලියවපු හැටි. ඒ දවස් වල පොඩි තරහක් ආවට දැන් ඒ දේවල් මතක් වෙනකොට එන හැගීම කියන්න වචන ගලපගන්න බෑ. උසස් පෙළ කරන කාලෙ මම පාඩම් කරන්න නැගිටින්නත් කලින් අම්ම නැගිටල තේ එක මේසෙ උඩින තියල යනව. අපි උසස් පෙළ කරන කාලෙ හැමෝම කේවළ ව්‍යාපෘතියක් කරන්න ඕනෙ. මගෙ ව්‍යාපෘතියෙන් බාගෙකට වඩා කලෙත් අපේ අම්ම.
මගේ මල්ලිව හම්බුන දවස් වල අම්ම මල්ලිව නිදිකරවල මාවත් තුරුළු කරගෙන නිදියනව එතකොට මට වයස අවුරුදු 4ක් විතර ඇති. අදටත් මම ලංකාවට ගියහම මම ආසම කෑම ජාති හදල මට කන්න දෙන්නෙ
හරිම ආදරෙන්. වැරදිලාවත් ගෙදරින් නොකා හිටියොත් අම්මට හරි දුකයි. ඉතින් මම කොහෙන් කාල ආවත් ගෙදරිනුත් කන්න අමතක කරන්නෙ නෑ (ලංකාවට ගිහිල්ල සතියක් ඉදල ආවොත් බර කිලෝ 3ක් විතර වැඩි වෙනව)
සමහර වලාවට අම්මත් එක්ක රණ්ඩු වුන වෙලාවලුත් නොතිබුනාම නෙමේ. එහෙම වෙලාවට අපි නොකා නොබී ඉන්නකොට අම්ම කොයිතරන් නම් අඩන්න ඇද්ද. ඒ දැනුම් තේරුම අඩු කාලෙ කරපු දේවල් වලට සමාවෙන්න අම්මේ. අපි පොඩි කාලෙ කොයි තරම් දේවල් වලට ආස කලාද, කොයිතරම් දේවල් ඔයාගෙන් බලාපොරොත්තු වුනාද. ඒත් අද ඔයා අපෙම් බලාපොරොත්තු වෙන්නෙ ආදරේ විතරමයි.ඔයා ආස කරන්නෙ මගෙ රූපෙ බලාගෙන මාත් එක්ක ස්කයිප් එකෙන් කතා කරන්න විතරයි. ඒ කතා කලත් මුලින්නම් අහන්නෙ පුතා දැන් කාලද ඉන්නෙ, කවද්ද ආයෙ ලංකාවට එන්නෙ කියල. සතියක් දෙකක් විතර කතා නොකර ඉදල කතා කරපුවහම "පුතාට අපිව දැන් අමතක වෙලා ද" කියල අහපුවහම හැම දෙයක්ම දාල ලංකාවට යන්න හිතෙන්නෙත් අම්මගෙ ආදරේ වැඩිකම නිසාම වෙන්න ඇති.
හැමදාම අපේ උපන්දින වලට කිරිබත් හදල අපිට කවනවා. ඒත් තවම අපිට ඒ දේ අම්මට කරන්න බැරි වුනා. අඩුම තරමෙ ලගම තියන ගමේ පන්සලට එක්කගෙන යන්න. හැමදාම වගේ උදේම නැගිටල සුභ උපන්දිනයක් කියන්න විතරයි පුළුවන් උනේ. මට වඩා බාලසහෝදරයෙකුයි, සහෝදරියෙකුයි හිටියත් මට, අපේ අම්මට මම තවම චූටි පුතා. ඒ චූටි පුතා අම්මට ආයෙමත් සුහ උපන්දිනයක් කියල ප්‍රර්ථනා කරනවා...!!!
කවියක් ලියන්න වචන ගලපන්න අමාරුයි . ඒ හින්ද මම ආසම මවුගුණ ගීතය දාන්නම්. මෙ ගීතය හැම මවකටම උපහාරයක් වේවා...!!!
සොම්නස හෝ සන්තාපය හමුවේ සිහිවේ සිහිවේ අම්මා
කරුණා ගුණයේ සාරය සොයලා නිමකට පිළිරුව අම්මා
ආදරයේ බලමහිමේ රතු ලේ සුදු වූවා
මෑණිය ගේ සෙනෙහසිනේ රට ජාතිය හැදුවා
නිල්මිණි රන්කැට මේවා ඕනේද ඕනෑ නෑ ළග අම්මා
නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ නිවසේ දෙවියන් අම්මා
පාවෙන සුළගේ සිසිලස මවමින් පෙන්වයි සාමය අම්මා
ජීවනයේ පුජාවෙන් පිදුවත් මදි අම්මා
නිල්මිණි රන්කැට මේවා ඕනේද ඕනෑ නෑ ළග අම්මා
නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ නිවසේ දෙවියන් අම්මා
මේ ලින්ක් එකෙන් සින්දුව ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්
http://www.mediafire.com/?jeyent23vmmyo3h
ප/ලි
හැමදාම වගේ මට උදවු කරන සුභාෂ් අයියට ස්තුතියි සින්දුව ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එක හොයල දුන්නට
වත් අක්කටත් ස්තුතියි Diveshare ගැන කියල දුන්නට
Diveshare Account එකක් හදාගෙන , ඒකට මේ සින්දුව අප්ලෝඩ් කරලා , ඒකෙ ලින්ක් එක අරන් පෝස්ට් එකට පේස්ට් කරා නම් , සින්දුව මෙතනම අහන්න තිබ්බා සඳරුවන් මල්ලි.
ReplyDeleteකොච්චර කොයි තරම් ලිවත් , අම්ම තාත්ත ගැන ලියන්න ගියාහම ඇඟිලි තුඩු අන්ත අසරණ වෙනවා. ඒක නම් ඇත්ත. ඇඟිලි තුඩු වලට කරන්න බැරි වැඩේ හදවතයි ඇස් දෙකයි එකතු වෙලා කඳුළු වලින් සුසුම් වලින් කතා කරනවා.
ආරම්භය ගන්න හොඳ ලිපියක් මල්ලි.෴ජය෴
සුබ උපන්දිනයක් වගේම අම්මාට දිර්ගායුෂ ප්‍රාර්ථනා කරනවා...
ReplyDeleteමට මතක් උනා කාලෙකට කලින් ගිය ඇන්කර් ඇඩ් එකක්.. අම්ම අපේ හරි හොඳයි.. අපට ආදරෙයි..
ReplyDeleteඋඹලෑ අම්ම ගොඩක් හොඳයි රුචා. අපි ඒක දැක්ක.සුභ උපන් දිනයක් පැතුව කියන්න අපිත්..
ජය හා සතුට !
සුභ උපන්දිනයක් පතනවා මමත් අම්මට.. බ්ලොග් එකක ආරම්භයට දාන්න හොදම ලිපියක් මේක.. දිගටම ලියන්න.. ජය...
ReplyDeleteඅම්මාට සුභ උපන්දිනයක් වේවා.
ReplyDeleteරුචාගේ අම්මට සුභ උපන් දිනයක් වේවා .....!!!!
ReplyDelete…
…නියමයි රුචා දැන් ඉතින් දිගටම ලියමු .....:D
අදයි බන් බොගෙ බ්ලොගේ දැක්කෙ.
ReplyDeleteඅම්මට සුභම සුභ උපන්දිනයක් වේවා..!!!
ඊයේ බඩගින්නේ ඉඳලා දවසම ගෙදර ඇවිත් කෑම කන හදිස්ස්යෙන් හිටපු නිසා එන්න අමතක වුනා.
ReplyDeleteඒ උනාට මෙන්න මම ආවා.
අම්ම කිවුවම මට කවදාවත් හරියටම ඩෙෆිනිශන් එක හොයාගන්න නොහැකි වෙන, ඒ වෙනුවට ඇස් වල කඳුළු පුරවගෙන මූඩ් ගහන වචනේ කියලායි හිතෙන්නේ. ඒ අස්සේ තියෙන්නේ ආදරය විතරමයි. ඕනෙම දෙයකට ආදරය එක්ක එන්නේ අම්මා.
ඔයාගේ අම්මා වෙනුවෙන් ඔයාට තව ඕනෙ තරම් කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඒක හින්දා පුළුවන් හැමවෙලේම එයා බලාපොරොත්තුවෙන ආදරේ එයාට දෙන්න. කොයි අම්මත් බලාපොරොත්තුවෙන්නේ ඒ විතරමයි. ඒ අතින් ඔයා හෙන වාසනාවන්තයි. මම වගේ අයට නම් සමා වෙන්න කියන්නවත් ඉඩක් තියන්නෙ නැතිව එයා යන්න ගියා.
බ්ලොග් කලින් ඉඳන් ලියන කෙනෙක් නෙමෙයිද ඔයා?
අයියාගේ අම්මට සුභ උපන්දිනයක් වේවා ඒ වගේම දීර්ඝායුෂ ලැබේවා
ReplyDeleteඋඹ වගේ මනුස්සකමින් සපිරුනු පුතෙක් බිහිකරපු ඒ අම්මට සුභ උපන් දිනයක් වේවා . . . !!
ReplyDeleteමව් තුමියට සුභ උපන් දිනයක් වේවා !
ReplyDeleteඅම්මා... ජීවිතේ සුන්දර කරන ලස්සනම තාරකාව අම්මා..
ReplyDelete