වෙලා ඉන්න මේ වෙලාවෙ පොඩි ජෝක් එකක් කරල අපිට ෆන් එකක් දෙන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නෙ නැති එකනම් හරිම අපරාදයක්.
දවස් දෙකකට විතර උඩදි ගූගල් + එකේ වුන සංවාදයක් හින්ද පාන් ගැන පොඩි කතාවක් මතක් වුනා. හැබැයි මේ කතාව නම් ලංකාවෙ තියන අච්චු පාන් ගැනවත් තැටි පාන් ගැනවත් නෙවෙයි අරාබි පාන් ජාතියක් ගැන.
හැබැයි ඉතින් ලංකාවෙ පාන් වගේ නම් නෙවෙයි. රොටියකට ටිකක් විතර සමානයි. කුබූස් (khubz) කියල තමයි කියන්නෙ. ලංකාවෙ නම් තියනවද කියල කියන්න මම දන්නෙ නෑ.අරාබි කට්ටිය ඕක කන්නෙ කොහොමද කියල මට ඒ තරම් දැනීමක් නම් නෑ. හැබැයි අපේ ගෙදර කන්න දෙයක් නැතිම වුණහම කුබූස් එකක් අරගෙන බටර් තලියක් ගාල කාපු අවස්ථාන නම් එමටයි. ගෙදර වැඩට ඉන්න කෙනෙකුට කියල බිත්තර ඔම්ලට් එකක් හදාගෙන කුබුස් කාපු දවසුත් තියනව. මම මේ කියන්න යන්නෙ වැඩි ඈතක සිද්ද වුන කතාවක් නෙවෙයි. මාස 3ක් විතර පරණ කතාවක්. ඒ වගේම ටිකක් විතර සංයමයකින් කියන්න ඕන කතාවක් :)
එදා වැහිබර කාල ගුණයක් තිබුන දවසක් ද කියල මම දන්නෙ නෑ.මොකද මම වැඩ ඇරිල ගෙදර ආවට පස්සෙ මගෙ කාම්බරෙන් එලියට යන්නෙ බොහොම කලාතුරකින්. සිංදුවක් අහන්න, ෆිල්ම් එකක් බලන්න, fb එකේ චැට් එකක් දාගෙන ඉන්න, පොතක් කියවන්න, කම්මැලිම නම් නිදා ගන්නව ඇරෙන්න එලියට යන්නෙ නිමාඩු දවසකට විතරයි. මේ කියන දවසෙත් මම ෆිල්ම් එකක් බලමින් ඉන්න කොට මගෙ ඥාති සහෝදරය ඇවිත් කන්න යන්න කතා කළා. මම ඉතින් ටිකක් ආදී මදි කරපු නිසාම පොඩ්ඩක් විතර එක එක දේවල් කිය කිය එයත් ෆිල්ම් එක බලන්න සෙට් වුනා. ඔය අතරෙ බඩ ගින්න වැඩිම වුන හින්දද කොහෙද මගෙ ඥාති සොහොයුරා ගිහින් කුස්සියෙන් කුබූස් උරයක් අරගෙන ආව. ඔම්මල්ට් දෙකකුත් හදාගෙන එන්න කියල වැඩ කරන කෙනෙකුට කියල ඇවිත් තිබුන. ඔම්ලට් දෙකයි තේ දෙකකුයි බන්දේසියක තියාගෙන ආපු ගෘහ සේවිකාව ඒක මගෙ කාම්බරේ තිබුණ ස්ටූල් එක උඩ තියල යන්න ගියා. අපි දෙන්න ෆිල්ම් එක බලන ගමන් ඔම්ලට් එක්ක කුබුස් කාල තේ බිව්ව.
කාලය ගෙවිල ගියා. කුබුස් කාල ෆිල්ම් එක බලල ඉවර වුනාට පස්සෙ මගෙ ඥාති සොහොයුරා එයාගෙ කාම්බරේට ගිහින් දොර වහගත්ත. මමත් දොර වහල ලයිට් එක නිවල ඇවිත් ආයෙමත් ලැප් එක ඉස්සරහ ඉදගත්ත. අපි පොඩි කාලෙත් එපා කියන දේවල් ඕන තරම් කරල තියනව. එතින් එහෙව් අපි, කවුරු හරි යන්න එපා කියල බ්ලොක් කරල තියන වෙබ් සයිට් වලට නොයා ඉදියි කියල හිතන්න පුලුවන්ද.ඉතින් එදත් මම, මං ලග තියන පොඩි සොෆ්ට් වෙලා කෑල්ලක් පාවිච්චි කරල අර බ්ලොක් කරල තියන වෙබ් සයිට් වලින් කීපයකට ලොග් වුනා.
කදුළු එන්නෙ දුක් වුණහමද, එහෙමත් නැත්තම් අඩපුවහම විතරද. මම නම් හිතන්නෙ අපිගොඩක් සතුටින් ඉන්න සමහර වෙලාවටත් කදුළු එන්න පුළුවන්. ඉතින් එදා මම අර බ්ලොක් කරපු වෙබ් සයිට් වලට ගිහින්
ගොඩක් සතුටු වුනා. කොච්චර සතුටු වුනාද කියනවනම් මට කදුලුත් ආව. ඉතින් මම ඉක්මනට නැගිට්ට ස්ටූල් එක උඩ තිබුන ටිෂූ බොක්ස් එකෙන් එකෙන් ටිෂූ එකක් අරගෙන කදුලු පිහදාගන්න. කදුලු පිහදාන්න තිබුන
හදිස්සියයි, කාම්බරේ ලයිට් නිමල හින්ද තිබුන කරුවලයි හින්ද ටිෂූ වෙනුවට ඉතුරු වෙලා තිබුන කුබූස් එකකින් තමයි කදුලු පිහදමුනෙ.
සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙලන රෑ
මකුළු දැලෙන් සිරි සිරියේ වියන් බදින රෑ
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ
සදෙන් සදට මුවා වෙලා කල දවසක් ගෙවී ගිහින්
නෙතට නුහුරු කදුලු බිංදු පැදුරට මුහුවෙලා හොරෙන්
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ
යහන් තලා සැප හිදිනා පලදී නැතුවා පෙර පිං
මාල වළලු නොතිත් අයට අප අමතක වෙලා ගිහින්
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ
ප.ලි
ලබන්නාවූ නව වසර සියලු ප්‍රාර්ථනා ඉටු වන සුභ නව වසරක් වේවා කියල ප්‍රර්ථනා කරනවා
හුටා :D
ReplyDeleteයටලීයෙන් නෙමේ කොම්පීතරෙන් නාරිලතා මල් පූදින්නේ! :D
ReplyDeleteඋඹටත් එසේම වේවා!
අයියෝ රුචා ඔයාටත් වෙන වැඩ.අපරාදේ කුබුස් එක.කදුළු හොදට පිහි දැමුනද?
ReplyDeleteහිකිස්.. මේක මට තේරුනා.. හුරේ !!!!
ReplyDeleteමටත් තේරුනා....
Deleteමූ අඩලා තියෙන්නේ "තනි ඇහෙන්".....
හික් හික්
Deleteකුබුස් අහලා නම් තිබුනා,,,ඕකෙන් හොටු පිස්සේ නෑද බන්,,,කොහොම හරි සුභ අලුත් අවුරුද්දක් වේවා!!!
ReplyDeleteහයියෝ රුචා.... ඊට පස්සේ කුබුස් එක කෑවද? ශීයා......
ReplyDeleteමම ඒ කුබුස් එක විසි කරල දැම්ම :D
Deleteනොදකින්... අවුරුද්දෙ ලියපු කතාව... ඔම්ලට් වලට දාපු ගම්මිරිස් ටිකක්වත් අර කුබුසෙ තිබුනනම් මරු වැඩේ....
ReplyDeleteඑහෙම තිබුනනම් ඉතින් ඇහැ දයි.......... :P
Deleteඔලුවට පිස්තෝලයක් තියලා කාපිය කිව්වත් ආයෙනම් කුබූස් කන්නෑ මේක මතක තියෙනකල්... :O
ReplyDeleteඋඹ ඒක කෑවද නැත්නම් අරූ ඒක කෑවද?
ReplyDeleteමලලසේකර අප්පුහාමි....
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් වේවා!!!
යකෝ කෝ මගේ කමෙන්ට් එක? ස්පෑම් ගොඩේ ඇති පොඩ්ඩක් බලපං :D
ReplyDeleteඋබ කුබුස් වලට කරපු මේ අපරාදේ අරාබි කාරයෙක් එහෙම දැනගත්තානම් උඹේ කපන එක කපනවා! මං කිව්වේ බෙල්ල :D
අනිව අනිත් එකාට දෙන්නැති ඒක.
ReplyDeleteහයියෝ සල්ලි....... රුචා........ හක් හක් හා...
ReplyDeleteරුචා උඹ කඳුලු පිහදාපු කුබූස් එක පහුවදා උදේ රොෂාන් "බඩ ගිනී බන් . . උදේටත් අද කුබුස්ද?" කියලා එපා කියන්න ත් කලින් කෑවා නේද?
ReplyDeleteමටත් ඔයිට සමාන වැඩ වෙලා තියෙනවා. රුවා, රොටියක් කියන්නෙත් බ්‍රෙඩ් එකක් තමයි. අනික ඔය අරාබිකරයෙ හැම රටටම ආවේනික බ්‍රෙඩ් එකක්(රොටියක්) තියෙනවලු නේද?
ReplyDeletehenryblogwalker the Dude
මමත් දැකල තියනව එක එක විදිහෙ රොටී වර්ග දෙක තුනක්
Deleteමේ ලෑබුවා වු නව වසර, සාමයෙන් සතුටෙන්, පිරි හුටපට, ලටපට,,ජල්තර, මරාල වලින් තොර සෞභාග්‍යමත් සුබ නව වසරක් වේවා !!!!!!!!!!!!!!!!
ReplyDeleteඅපිටනම් ආරංචි උනේ උඹ නැගිට්න්න කලින් උඹේ ඥාති සහෝදරයා පහුවෙනිදා උදේ ඒ කුබූස් එකයි, ඉතුරු කුබූස් එකයි කාල දාල කියලා....! එදා ඉඳන් ඌටත් බොන්සායි ගතියක් දැනෙනවාය කියලා...!
ReplyDeleteහායි යෝ මරු කතාව ඈ...වැඩිපුර විවරණ දෙන්න ගියොත් වැඩේ මාස්ටු වෙයි ඒ නිසා සද්ද නැතුව ඉන්නවා..
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteDeyyane man thamai oya kiyana nati sahodara(roshan) ada thamai man meka kiyawwe.. Man oka kawe ne ban ude... Mokada man nagitinneth 2.30 withara eka nisa awlak ne.. Eada re kawata passe aye man kawe ne.. Ammo man nil wela giya anthima hariya kinakota anika okkama un mata wihilu karaddi .. Yanthamen beruna.. Ufff
ReplyDeleteඑල කතාව :D :D :D
ReplyDelete