Wednesday, May 2, 2012

එක් දෙයකටවත් සමත් වෙමුද

ද මැයි මාසෙ පළවෙනිදා උනාට මෙහෙ වැඩ කරන කම්කරුවන්ට නම් තවත් එක දිනයක් විතරයි. සමහර විට මේ රටේ වැඩ කරන කම්කරුවො දන්නවද දන්නෙත් නෑ අද කම්කරු දිනේ කියල. කොහොම හරි මම අද  ලියන්න අදහස් කරන්නෙ නම් මැයි දිනේ ගැන නෙවෙයි වුනත් කතාව පටන් ගන්නෙ කම්කරුවෙක්.

මාසෙ පළවෙනිද හින්දමත් නෙවෙයි අද වැඩ ටිකක් වැඩිපුර තිබුන නිසා හරි වෙලාවටම ඔෆිස් එකට යන්න ගෙදරින් පිටත් වුනා. කිව්වට මොකද ජනවාරි පළවෙනිදා ගියාට පස්සෙ එච්චර උදෙන් ඔෆිස් එකට ගියාමයි. අපේ ඔෆිස් එක තියන බිල්ඩින් එකේ තියන අනිත් හැම ඔෆිස් එකක්ම හා හැම ශොප්  එකක්ම උදේ නමයට වැඩ පටන්ගත්තට අපේ ඔෆිස් එක විතරක් 7.30 වෙනකට වැඩ  අල්ලනව. (අපි සාපේක්ෂව වෙනස් ද කොහෙද) කොහොම හරි මමත් කුකුලවත් අතින් අරන් (කුකුළා කිව්වට කුකුළම නෙමයි චිකන් සැන්විච් එකක්) බිල්ඩින් එක පල්ලෙහා හිටපු සිකුයුරිටි ගාඩ් ටත් මෝනින් පාරක් දාගෙන එස්කලේටර් එකට නගින කොටම, ඒ රළු මදුර හඩ මගෙ දෙසවනට වැටුන. මම රළු කියල කිව්වෙ ඒක පිරිමියෙකුට ඔබිණ හඩක් වුන නිසා. 

මම එස්කලේටරයට තැබූ පය නැවත ගැනීමට සැරසුනත්, සිකුයුරිට නක්කලයට සිනා සෙමින් මා දිහා බලාගෙන සිටිය නිසා, මා  එස්කලේටරයේ ඉහලටම ඇදෙන්නට උණා. හින්දි වචන වලට හුගක්ම ලැදි  නේපාල් වචන මට දැන් ටිකක් විතර හුරු නිසා ඒ ගීතය නේපාල් ගීතයක් ලෙස මම උපකල්පනය කළා. තවද ඔවු ගායනා කල විලාෂයෙන් ඒ ගීතය විරහ ගීතයක් දෝ කියලත් මට හිතුන. කොහොම නමුත් එවන් කටහඩක් තියෙන ඔහුගේ රැකියාව ගොඩනැගිලි  සුද්ද පවිත්‍ර කරන එක. ඔහුගේ හැකියාවන් ඔහු හරියාකරව හදුනා ගත්තනම්......

ලස්සනට කවි, සිංදු ලියන්න පුළුවන් සිංහල බ්ලොගස්ල කී දෙනක් නම් බ්ලොග් අවකාශෙ ඉන්නවද? එහෙම ඉදලත් අපි අහනන අලුත් සිංදු බොහොමයක් මෙලෝ රහක් නැති, කිසි හරයක් නැති සිංදු උනේ කොහොමද?  

මීට මාස කීපයකට උඩදි යූ ටියුබ් එකේ සිංදුවක් අහගෙන ඉන්නකොට, දකුණු පැත්තෙ තිබුන ලින්ක් එකක් ක්ලික් කරල මම මගේ ජීවිතයෙන් වැඩකට නොගෙන ගෙවා දමන්න තිබුණ පැය ගානක් ඉතා ඉහළ රස වින්දනයකට හා  ජීවිතයට අලුත් අත්දැකීමකුතඑකතු කරගන්න යොදාගත්ත. මේ වීඩියෝ එක, මේ බ්ලොග් එක කියවන හැමෝම වගේ බලල ඇති ඒත් ආපහු පාරක් බැලුව කියල ඒ විනාඩි 6 අපතෙ යන්නෙ නෑ.

අදත් Susan Boyle මේ වීඩියෝ එක බලද්දී මගෙ ඇහැට කදුලක් එන එක ගැන මම පුදුම වෙන්නෙ නෑ . යූ ටියුබ් එකේ මැයගෙ  තිබුණ වීඩියෝ ටික බලල, අහල නොනැවතුන මම ඕඩියෝ ඇල්බම් දෙකකුත් හොයාගෙන මාස දෙකක් විතර එක දිගටම ඒ ගීත රසවිඳ.ඉතින් අවුරුදු 47 ගිහිල්ලත් තමන්ගෙ උත්සාහය අත් නොහැරිය ගැහැනියක් ගැන තව කවර කතා ද? 
  
ලොවින් එකෙක් ඒක දෙයකට වෙයි සමත යන කවි පදය අද කාලයට ගැලපෙන පරිදි “ලොවින් එකෙක් ඒක දෙයකට හෝ වෙයි සමත” යනුවෙන් වෙනස් කළහොත් ඕනෑම පුද්දගලයෙක් අඩුම තරමින් එක දෙයකට වත් සමත් යන අදහස එයි. ඔබ කුමකටද වඩා දක්ෂ කියා ඔබම සොයා බලන්න. ඉන්පසු උත්සහ කරන්න ඔබට ජයගත හැකියි.


ප.ලි
මම මගේ හැකියාවන් අදුන ගන්න කොට මම හිටියෙ 5 වසරෙ. අම්මගෙ, මල්ලිගෙ, පස්සෙ නංගීගෙත් සීතල වතුර පහරවල් හමුවේ එය තව වර්ධනය කරගන්න බැරි උනත් දැන් නැවත මම උත්සහ ගන්නව එය වර්ධනය කරගන්නට. මගේ එකම අරමුණ වැඩිම වෙලාවක් නිදාගෙන ගිනස් වාර්තාවක් තියන්න.

7 comments:

  1. උඹේ ගිනස් වාර්තාවට සුභ පතනවා
    ඒකට කෑම සම්බන්ද එකකුත් දාගනින් මචන්

    ReplyDelete
  2. හොද අනාගතයක් මරු...

    ReplyDelete
  3. ගිනස් වාර්තාව නම් තියන්න වෙන්නෑ උඹට සුවර්... උඹට බඩගිනි වෙන විදියට හත් අට පාරක්වත් නින්දෙන් නැගිටින්න වෙනවා...

    ReplyDelete
  4. උඹට රෙකෝඩ් එක තියන්න මං ඉඩ දෙන්නෑ.. මේ දවල් වල මං ප්‍රැක්ටිස් කරනවා..

    පෝස්ට් එක ගැන කියන්න දෙයක් නෑ.. උපරිමයි....

    ReplyDelete
  5. උබ කොහෙද ඔහේ ඉදන් ඔය වාර්ථාව තියෙන්නේ... ලංකාවට වර ඒකට

    ReplyDelete
  6. නියම ගිනස් වාර්ථාවක්නේ තියන්න යන්නේ.. ඔන්න අපෙනුත් ඒකට උණුසුම් සුභ පැතුම්..

    ReplyDelete

Real Time Web Analytics