සතියකට විතර කලින් වුන සිදුවී
මගෙ වාසනාවට වැඩිය දුර යන්න වුනේ නෑ ඔෆිස් එක ලගම එකක් තිබුන. හැබැයි ඒක මින්මැදුරක් නම් නෙවෙයි වෙන මොකක්ද එකක්. බෝඩ් එකේ නම් ගහල තිබුනෙ පෙට් ෂොප් කියල ඇතුලට ගියහමයි දැක්කෙ ඒකෙ මාලු, පූසෝ, ගෙම්බො, හාවො, නයි, පොලොඟු, කටුස්සෝ තව එක එක උන් හිටිය ඒක ඇතුලෙ. මාර පෙට්ස්ල තමයි. මම ඇතුලට ගියාට වඩා ඉක්මනට එලියට ආව. බුදු අම්මෝ ඒකෙ තිබුණු ගඳ. එක ගඳක් නෙවෙයි ගඳවල් කීපයක සම්මිස්ශ්රනයක්.පෙනහලු දෙකේ ඉදල උණ්ඩුක පුච්චෙ ලගට යනකම් තියන ඔක්කොම අවයව ටික පිරෙන්නෙ ලොකු හුස්මක් අරගෙන ආයෙත් ගියා කඩේ ඇතුලට ගිහිල්ල කුප්පිය පෙන්නල තියනවද කියල ඇහුව. කඩේ හිටිය මෑන් කුප්පිය අතට අරගෙන හොදට කරකවල බලල ටික වෙලාවකට පස්සෙ කියපි "වී ඩෝන්ට් හෑව්" කියල. මම හිරකරගෙන හිටිය හුස්ම ටික බකස් ගාල එලියට පැන්න. (සන්තෝසෙ වැඩි කමට) ලේන්සුවක් පාවිච්චි නොකරන මට ඒ වෙලාවෙ පිහිටට හිටියෙ ෂර්ට් එකේ කොලර් එක විතරයි. කොලර් එකෙන් නහය තදකරගෙන මම ඇහුව මේක කොහෙන්ද හොයා ගන්න පුළුවන් කියල. කඩේ මිනිහ "ගෝ කරාම" කියල කිව්ව. මූ ගාව ලෝකෙ ඉන්න ඔක්කොම සත්තු ටික ඉන්නව උන්ට දෙන්න කෑම නෑ, මම ඉතින් කඩේ මිනිහට හිතින් පිං දිදී එලියල ආවා.
දැන් ඉතින් පලයන්කො "කරාම". මෙහෙ ඉන්න අයටනම් ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑ කරාම ගැන. හැමදෙයක්ම තියන පලාතක් හැබැයි ඉතින් කළුනික හොයනවටත් වඩා අමාරුයි මේ හරියෙ පාකින් එකක් හොයා ගන්නව කියන්නෙ එක. "රුචෝ උබ අද 8.00න් මෙහා ගෙදර යනව බොරු" කියල මම මටම කියාගෙන දැම්ම D එකට කරාම යන්න. ටික දුරක් යනකොට සද්දයක් එනව "බෙල්ට් එක දාගනින් බෙල්ට් එක දාගනින්" කියල නෙවෙයි ටින් ටින් කියල. ඒකත් ඇදල දා ගත්ත.
පොඩි මොලෙන් මැසේජ් එකක් එනව මේ ලගපාතකම තව මින්මැදුරක් තියනව කියල.(හප්පේ මේක උඩ උදේ ඉදල ඉදගෙන හිටියත් හොදට වැඩ) තව ටිකක් කල්පනා කරල බලද්දි මතක් වුනා ප්ලේස් එක. හරවාගෙන ගියා තැනට ගිහිල්ල බෝතලේ පෙනුවහම කඩේ හිටිය මිනිහ හොද හිනාවකුත් දාල ගත්තෙ නැතෑ ඇන්කර කිලෝ එකේ ටින් විතර ලොකු ටින් එකක්. (අතේ තියන තුට්ටු දෙකටත් කෙලින්න මූ හදන්නෙ) මම කිව්වා මේ සයිස්ම එකක් තියනවනම් දෙන්න නැත්තන් එපා කියල. කනේ ගෑවිලා තිබුණු මිනිහගෙ කටනම් ටිකක් විතර පැත්තට ගියා. හැබැයි මෑන් හොයල දුන්න මම ඉල්ලපු එක. ඒකත් අරගෙන මම එන්
ඔය ඉන්නෙ කැස්බෑ කෑම කන අපේ ගෙදර ඉබ්බෝ
ඒ එන ගමන් මතක් වුනා අපි පොඩි කාලෙ මාලු හදපු හැටි. අම්මෝ අපි පොඩි කාලෙ නම් රුපියල් 10ක් හම්බවෙන්න බෑ ගිහිල්ල මාළු ජෝඩුවක් ගේනව. ඉතින් ඔහොම හැමදාම ගේන මාලු හුන්ඩුවක් විතර ටැංකියට දාන්න ඉඩ තියන එකක් යෑ. (ටැංකියේ හැමදාම හිටියෙ ගෝල්ඩ් ෆිෂ් ලා,බ්ලැක් මුවූර් ගෝල්ඩ් ෆිෂ් ලා, ඒන්ජල් වගේ මාලු. වලට වැටුනෙ ප්ලේටි, ගප්පි තමයි හැමදාම) ඉතින් පටන් ගන්නව හාරන්න. මුල්ම කාලෙ නම් ඔහොම හාරන වලවල් වලට හොද ඝනකම ඉටිකොලයක් දාල වතුර පුරවල මාලු දානවා. වල වටේට ඉටිකොලේ උඩින් ගල් තියනව. ගල් වලට උඩින් කුකුල් දැල. ඔය ඉතින් 5-6 වසරවල් වල ඉන්නකොට කරපු විදිහ. අපි ලොකුවෙනකොට ඔය ක්රමේ ටිකක් විතර වෙනස් වුනා. වලේ වට ප්රමානෙ වැඩි වුනා ගැබුර වැඩි වුනා. ඉටි කොලේ වෙනුවට සිමෙන්ති පාවිච්චි කරන්න ගත්ත. වලට මාලු දාන්න කලින් වතුරයි පොල් ලෙලියි දාල වලේ සිමෙන්ති වල සැර නැති කලා. ඔය මොනදේ කලත් වලේ මාලු හිටියෙ වැඩිම උනොත් මාසයයි නැත්තන් දෙකයි. ලොකු වැස්සක් ආපු ගමන් මාලු යනව පාර දිගට. ඉතින් වැස්ස පායනකොට මාලු එකෙක් වත් වලේ නෑ. කාලෙත් එක්කම මාලු හදන එක නැවතිලාම ගියා.
පොස්ට් එක නම් හිතුවට වඩා දිග් වුනා කෝ ඒත් මාතෘකාවෙ හිටපු ලකී ෆිෂ් ?
ලකී ෆිෂ් (Arowana) ගැන මට නම් කියන්න තියෙන්නෙ හරි පොඩි දෙයයි. ඒ තමයි ඌ හරි අන්ලකී ෆිෂ් කෙනෙක් කියන එක. මම දැකල කියන විදියට ඌව ඇතිකරන හැමෝම ඌව ඇතිකරන්නෙ වෙනම ටැංකියක. සමහර ලොකු ලකී ෆිෂ් ලව දාල තියෙන්නෙ උන්ට හැරෙන්නවත් ඉඩ නැති ටැංකි වල. මම නම් දන්නෙ නෑ මිනිස්සු ඌව ඇති කරන්නෙ වාසනාව ලගා කර ගන්නද කියල. හැබැයි ඒක උගෙනම් අවාසනාව.
ඔය යට ඉන්නෙ තවත් එක අවාසනාවන්ත ලකී ෆිෂ් කෙනෙක් ෆොටෝ එක ගත්තෙ දෙවනියට ගිය මින් මැදුරෙන්
මටත් හරි ප්රශ්නයක් වෙලා තිබුනෙ ඇයි මූට ලකී ෆිෂ් කියන්නෙ කියල. මෙන්න උත්තරේ ඔය බලාජි ආර් කියල තියෙන්නෙ
ප.ලි
ඇත්තටම මුලින්ම ලියන්න හිතාගෙන හිටියෙ ඔය යට තියන චේදෙ විතරයි. පස්සෙ තමයි උඩ තියන කතාව එකතුකලේ. කතාව දිග වැඩී,බෝරිං වගේ නම් සොරි වෙන්න ඕනෙ :D