Wednesday, December 7, 2011

අහිමි වුනත් නුබ ලදේ මට අඩන්න අවසර නෑ




ය උඩ තියෙන්නෙ වෙලාව, ඒක තමයි වෙලාව 6:21. ඔෆිස් එකේ වැඩ ඉවර වෙලා ගෙදර ආවට පස්සෙ කොහෙවත් යන්න අකමැති වුනාට සමහර ගමන් තියනව නොයා ඉන්න බැරි. ඉතින් ඊයෙත් ඒවගේ ගමනක් සෙට් වුනා. ගෙදරින් එලියට එනකොටම,
බාප්ප : කොහෙ හරි යන්ඩද හදන්නෙ
මම : ඔවූ බාප්පෙ මේ ලුලු එක ලගට ගිහිල්ල එන්න (ලුලු කියන්නෙ මෙහෙ තියන සුපර් මාකට් එකක්)
බාප්ප : ආ.... මේ බෙහෙත් ටික ෆාමසියකින් ගෙනත් දීලා යන්න පුලුවන්ද
මම : හරි බාප්පෙ.
බාප්ප : මොනවද ඔය බෑග් වල තියෙන්නෙ.
මම : යාලුවෙක් ලංකාවට යනව බාප්පෙ මේ බෑග් ටික එයාට ගිහිල්ල දෙන්න යන්නෙ ලුලු එක ලගට
බාප්ප : හා...
ඔන්න ඔය වෙලාවෙ තමයි "ටිංටිං” කියල ඔය උඩ මම දාල තියන මැසේජ් එක ආවෙ. ෆෝන් එක ගන්නෙ කොහොමද අතින් කටින් බෑග් එල්ලගෙන. බෑග් ටික කාර් එකට දාල බැලුව මොකක්ද කියල බැලින්නම් “එයා” (ඔය නම කපල තියෙන්නෙ එයා තමයි “එයා” ) මම යවපු ෆෙන්ඩ් රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරලලු.
මොන කුණුහරප කතාවක්ද දෙයියනේ මේ මම කවදද මෙයාට රික්වෙස් එකක් දැම්මෙ. බොරු කියන්නෙ මොකටද ඉස්සර නම් ඉතින් නිතරම වගේ සර්ච් කරනව එයා ෆේස් බුක් ඉන්නවද කියල. ඒත් ඉතින් ඒ එයා එකවුන්ට් එක හදල තියෙන්නෙ නොවැම්බර් 30 නෙ. දවස් 6කට කලින්. කොහොම හරි කමක් නෑ එයා දැන් මාව ඇඩ් කරගෙනනෙ.

කවුද දැන් මේ “එයා.“ ඔය මම ඉස්කෝලෙ යන දවස් වල පස්සෙන් ගියපු ගෑණු ළමයනේ, මෙයා ඉතින් මට කවදාවත් කැමති වුනේ නෑ අර පාස්වර්ඩ් එක අමතක වුන පලවෙනි බ්ලොග් එක ලියන්න හැදුවෙ මෙයා ගැනනෙ. හොද වෙලාවට ඒ බ්ලොග් පාස්වර්ඩ් එක නැති වුනේ නැත්තන් තවත් ආදර අදෝනාවක් සිංහල බ්ලොග් අවකාශෙට එකතු වෙනවා. මේ බ්ලොග් එකේ නම් ඔය කතාව නොලිය ඉන්න තමයි හිතුවෙ. ඉස්සරහට හිත වෙනස් වෙයිද දන්නෙ නෑ මේ යන විදියට.

ආයෙ කතාවට. මම ඉතින් මුලින්ම කලේ මේ එයාමද කියල බලපු එක. කවුද දන්නෙ එක නම තියන කි දෙනෙක් මේ අන්තර් ජංජාලෙ සැරි සරනවද කියල. එයාම තමයි ෆොටෝ 3ක් ම අප්ලෝඩ් කරල තිබුන.
කොයිතරම් ආශාවෙන්ද හිටියෙ ඔය මූණ බලාගන්න. මේ ගමන් ටික ගිහිල්ල ගෙදර එනකම් සිහියක් නෑ.
ෆෝන් එකෙන් පේනවට වඩා ලොකුවට ලැප්ටොප් ස්කීන් එකෙන් මේ ෆොටෝ 3 බලන්න. මට හිතා ගන්න බැරි මේ සිදුවීමට මම සතුටු වෙන්න ඕනෙ ද නැති නම් දුක වෙන්න ඕනෙද කියන එක. අවුරුදු දෙකහමාරක් තිස්සෙ අමතක කරන්න හදන, අමතක කරන්න අමාරු අතීතය මේ මැසේජ් එකත් එක්ක ආයෙමත් මතක් වෙන්න පටන් ගත්ත.

කාටද කතා කරන්නෙ. වෙන කාටද ඉතින් හැමෝගෙම දුක් ගැනවිලි අහන දුක්ගන්න රාළට මිසක්. යන ගමන්ම දුකා අයියට කතාව කිවුව. ඊට පස්සෙ ඉතින් හම්බවෙලා ෆොටෝ ටිකත් පෙන්නුව. ෆොටෝ ටික බැලුවට පස්සෙ දුකා අයිය අහනව දැන් ඉන්න ගෑණු ලමයටද මේ ගෑණු ලමයටද වැඩිපුර කැමති කියල. ඔන්න මම නම් ඒකට උත්තර දෙන්න ගියේ නෑ . ඉක්මනට එන්න හිතාගෙන ගියාට දුකා අයියයි තව එයාගෙ යාළුවෙකුයි එක්ක කාල ටිකක් කතා කරල ගෙනාපු බෑග් ටිකත් දුකා අයියට දීලා මම එන්න පිටත් උනා. ඒත් මම එන්න හදනව හදනවා එවෙන්නෙ නෑ. පස්සෙ දැක්කෙ පාකින් ගියර් එකට දාල ඇස්ලෙටරේ පාගල තියෙන්න. එන ගමන් මතක් වුනේම දුකා අයිය අහපු එක තමයි.

අතුරු ආන්තරාවක් නැතුව කොහොම හරි ගෙදරට ආව. ආපු ගමන් කෙලින්ම ෆේස් බුක් එකට. අනේ එයා ඉස්සරට වඩා ලස්සන වෙලාද? නෑ ඉස්සර මිට වඩා ලස්සනද කොහෙද? ප්‍රශ්න වැලයි. ඔය ඕන ප්‍රශ්නයකට උත්තර හොයන්න ලේසි ක්‍රමයක් තියෙනවලුනෙ ඉතින් මමත් ඒ ක්‍රමේ පාවිච්චි කලා අප්පේ තියන සනීපෙ.
ස්ලැබ් එක හිල් වෙලාද දන්නෙ නෑ කම්මුලේ පුංචි වතුර බිදුවක් තිබිල ඇගිල්ලෙන් අයින්කලා. මට මතක් වුණා එයා අන්තිමට එවපු මැසේජ් එකක තිබුන සින්දුවක්. එදා මට ඒ සිංදුවේ තේරුම හොයාගන්න බැරි වුණා. තවමත් මම මේ සිංදුවේ තේරුම දන්නෙ නෑ. ඒ සින්දුවත් මතක් කරගෙනම ඇදට ගියා.

කවිය ඔබ, තුන් තිස්පැයක්
නිදි වරා වෙහෙසී
සිත දෙගිඩියාවෙන් තවම නොලියූ
කවිය ඔබ කවිය ඔබ




දැන් නම් ඉතින් මේ සිංදුවේ තේරුම දැනගත්තයි කියල වැඩක් නෑ. ඒ උනාට කමක් නෑ දන්න කෙනෙක් කියල යන්නකෝ බලන තව කෙනෙක්ට ප්‍රයෝජන වෙන්නෙ නැතෑ.
මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.

ක්රීරීරීරීරීරීරීරීං.... ක්රීරීරීරීරීරීරීරීං.... වෙලාව උදේ 7:44යි, වැඩ පටන්ගන්නෙ 7:30ට මම තවම ඇදේ. බෙල්ල ගාවට වෙනකම් ඇග නැගිට්ටට ඔලුව නැගිටෙන්නෙම නෑ . අත්දෙකෙන් හයියෙන් අල්ලල ඔලුවත් නැගිට්ටව ගත්ත. බුදු අම්මෝ ඔලුවෙ බර. ඊයෙ රෑ උත්තර හොයන්න පාවිච්චි කරපු ක්‍රමේ වැරදිලා වගේ. මුළු ඔලුවම රිදෙනව. ඔලුව පැත්තකින් තියල හරි වැඩට යන්න එපෑ. වැඩක් කරන්න නම් මෙලෝ සිහියක් නෑ. ටිකක කැරකි කැරකි හිටිය ඔෆිස් එකේ, ඉන්නකොට බාප්ප එනවා.

බාප්ප : මොකද?
මම : ඔලුව රිදෙනව බාප්පෙ. ඊයෙ රෑ ටිකක් බි
බාප්පා : ආ එහෙනම් ගෙදර ගිහිල්ල සමහන් එකක් බිල නිදාගන්න. අද ලොකු වැඩක් නෑ නෙද?
මම : නෑ බාප්පෙ

බාප්පට පිං දිදී මම ගෙදර එනකොට වික්ටර් රත්නායක මහත්තය කියනව “අහිමි උනත් නුබ ලදේ මට අඩන්න අවසර නෑ” කියල. ඒ ආණ්ඩුව තියන කාලෙ ඉපදුනේ නැති එක හොදට ගියා නැත්තන් අඩන්නත් අවසර ගන්න එපෑ. දැන් නම් ඉතින් හැම දේටම අඩනවනෙ අවසර ඕනෙ නෑ නෙ.



ලස්සන සින්දුවක්, ලග නැත්තන් ඩවුන්ලෝඩ් කරගන්න.

මම ගෙදර ඇවිල්ල හොදට නිදා ගත්ත. ඇහැරෙනකොට හවස 6:35යි. ඔලුවෙ කැක්කුමත් එහෙන්මමයි.
ෆෝන් එකේ,
මිස් කෝල් 3යි. ඒ දැන් ඉන්න ගෑණු ළමයාගෙන්.
ෆේස් බුක් මැසේජ් එකයි. ඒක එයා ගෙන්..
මේසෙ උඩ,
සමහන් හදල දාපු උණුවතුර බෝතලයයි, කෝප්පයයි, පැනඩෝල් කාඩ් එකයි. ඒ ටික බාප්පාගෙන්.

මම නැගිටල මේසෙ ලගට ඇවිල්ල සමහන් එක බිවුව.
සමහන් සමගින් සුවපත් වේවා ආයුබෝවේවා....!!!


35 comments:

  1. දැං ඉන්න ගෑනු ලමයයි....පරන එකයි...හප්පේ සමහන් බොන්න වෙයි දවස ගානේ....

    ReplyDelete
  2. දුවන මුවන් දැක නොදමව් නෙලූ පලා

    ReplyDelete
  3. ඉස්සරහට තව සෑහෙන්න සමහන් ඕන වෙයි වගේ...

    ReplyDelete
  4. ඔක්කොමත් හරි, "තරහ වෙලාද?" කියලා අහන කොට කොහොමෙයි ඉන්නේ?

    හිතන කොට දාල යන, ආයේ ලංවෙන ඒ ආදරෙයි, තමන්ගේම දරුවෙක් වගේ තමාව බලාගන්න බාප්පාගේ ආදරෙයි අහසට පොලව වාගෙයි නේද?

    ReplyDelete
  5. හ්ම්ම් සමහන් නම් බිව්වට කමක් නෑ..ඒත්..

    ReplyDelete
  6. ඉස්සරහට සමහන් කන්ටේනර් එකක්ම ගෙන්න ගන්න වෙයි..

    ReplyDelete
  7. අතීතය සිහිනයක් පමණයි
    සැබෑ සුවඳක් නැහැ
    එදා සෙනෙහෙන් නොබැඳුණා නම්
    මෙදා වියොවක් නැහැ

    ReplyDelete
  8. මේ වගේම කතාවක් මම උඹට කලින් කියලා තියෙනවනේ . .

    එදත් මතක් කලේ . . .

    අද උන් දෙන්නා ඉන්නා ඉන්න තැන ගැන හිතුවාම මට උඹට දෙන්න තියෙන හොඳම ඇඩ්වයිස් එක තමා දුන්නේ . .

    "හැඟීම් වලට වහල් වෙන්න එපා . ..

    හොඳින් හිතලා බලලා තීරණය කරපන් . . .

    උඹට ජීවිතේ වඩා දිගු ගමනක් සතුටින් යන්න පුලුවන් කෙනා කවුද කියලා . . . "

    ආන්න එච්චරයි . . ..

    මොකද මගේ අර යාලුවෝ දෙන්නට උනු දේ වෙන කිසි කෙනෙක්ට වෙනව දකින්න මම ආස නෑ . ..

    ReplyDelete
  9. පුංචි කාලෙ සෙල්ලම් කරපු 1- 15 ට ඉලක්කම් තියෙනෙ එක මතක් වුණා... ඕක වැරදි වැරදි හදාගෙන ගිහිල්ල ගිහිල්ල සමහර විට එක තැනක් එනව 1-13 ට හරියට ඇවිල්ල ඊ ලඟට 15, 14 එනව... ඒක ආවොත් හදනව බොරු...

    ජීවිතෙත් වෙලාවකට මේ වගේ...

    ReplyDelete
  10. දැන් ඉන්න ළමයට අසාදාරනයක් නොකර ඕන දෙයක් ඔව්,

    ReplyDelete
  11. අනේ මංද.... මොනව කියන්නද කියල.. මගෙ ආදරෙත් දැං මගෙන් උදුරගෙන අවුරුදු එක හමාරකුත් උනා... ඇය යන්න ගියා මැකිලා කියල හිත හදාගන්න පුලුවන්නම් මම කොයි තරම් වාසනාවන්තද

    ReplyDelete
  12. සමකෝණී ත්‍රිකෝණයක් වගේ...
    ගියපු කෙනාට වන්න දුන්න නම් නේද හොද?
    කතාවක් තියෙනවා ආදරයට ආදරේ කරන්න කියලා..

    ReplyDelete
  13. හැඟීම් වලට වහල් නොවී ඕන තීරණයක් ගන්න අයියේ

    ReplyDelete
  14. හෆ්ෆේ එහෙත් ලව් මෙහෙත් ලව්.........
    එක සිත දෙතැනක නතරකරගන්න එහෙම එපා මචං :)

    ReplyDelete
  15. අතීතයයි වර්තමානයයි පටල ගන්න එපා බන් හිතට නිවනක් නැති වෙයි....

    මගේ ප්‍රස්නෙත් උඹ කාටද වැඩියෙන් ආදරේ කියලා තමා?

    සමහර දේවල් අපිට ලැබෙන්නෙ නෑ සමහර හේතු නිසා එහෙමයි කියලා අපි ඒවට වෛර කල යුතුත් නෑ

    ReplyDelete
  16. උබට හොදයි කියල හිතෙන එක තොර ගනින්...
    තොර ගන්න අමාරුනන් සමහන් ලොරියක් ඕඩර් කරමු...
    දෙකම හොදනන් :D

    ReplyDelete
  17. ඉස්කොලෙ යන කාලෙ එක්සෑම් වලට තිබ්බ ප්‍රශ්න මොනාද කියලා හිතෙනවා නේ බන්?

    ReplyDelete
  18. එදා සෙනෙහෙන් නොබැඳුණා නම් මෙදා වියොවක් නැහැ කියන්නේ මෙන්න මේවට තමා හැබැයි එපා ආවා කියලා යන්න ගියොත් දැන් කෙනා පව්නේද?

    ReplyDelete
  19. අප්පත්තියේ රුවාගෙ මං සලකුණුවලත් රැඳිලා තියෙන එව්ව ඈ... දැං ඉතිං ඔය බාප්ප දීපු අනං මනං ජාති සේරම එක හුම්මට බීල, පෝං ලැට්ටොප් සේරම ජාති නිවාදාල ගොහිං ඩිංගිත්තක් ඇල වෙයං.. ;)

    ReplyDelete
  20. තමන්ගේ හිතට අවංකව හිතලා බලන්න..

    ReplyDelete
  21. දුකයි මාරයයි මෙ සින් එකෙ ඉන්නවානෙ.. මම මෙකට ඔනා නැහැ.. මම නිකමට උඹව ඇවිල්ලා බැලුවෙ.... :D:D

    ReplyDelete
  22. ඔයා එයා ගැන වගේම මෙයා ගැනත් හිතල එයාටයි මෙයාටයි ඔයාටයි හොද වෙන දෙයක් කරන්න....

    ReplyDelete
  23. මටත් කියන්න තියෙන්නෙ ගිම්හානි අක්කා කියලා තියෙන එකම තමා ඕං... :( හැබැයි ඕවා ඩිය සමහන් බොන්න වෙන තරම් දුර දිග නොගෙනියාවනම් තමා හොඳ.. :)

    ReplyDelete
  24. පිස්සු කෙලින්න එපා බන්...
    සමහන් ටිකක් බීලා මෙච්චර දවස් හිටපු විදිහටම පාඩුවේ හිටපන්

    ReplyDelete
  25. බලපන් උඹලට තියෙන ප්‍රශ්න. කෙල්ලෝ වැඩි වෙලා.... අපි ඉන්නවා නිකමට එක කෙල්ලෙක් ඇහැක් ඇරලා බලන්නේ නෑනේ අපි දිහා :D

    ReplyDelete
  26. rucha, apita kawadada ban umbata "Suba mangalam" kiyanna lebenne....

    gimhanige cmnt ekata mara like. but ehema kalata wereddakuth ne, muwawa alla ganna beri unoth pala tika ahula ganna beriye.

    -goldfish-

    ReplyDelete
  27. අනේ ඇත්තට උඹ ඒ දවස්වල ඔය කෙල්ල හින්දා කාපු කට්ටක් නේද?අපිට එපා වෙන්නෙ උඹත් එක්ක කටු කන එක නෙමේ.....උඹ කාපුව අපිත් එක්ක ඇවිල්ල කියනකොටයි....ඇයි ඉතින් ජාතකේ ඉඳලම කියන්න පටන් ගන්නවනෙ......

    ReplyDelete
  28. මටනම් කියන්න තියෙන්නෙ අතෙ ඉන්න කුරුල්ලා අත්තෙ ඉන්න කුරුල්ලට වඩා හොඳයි කියලා තමයි

    ReplyDelete
  29. @ඔබ නොදු‍ටු ලොවක් : හොද වෙලාවට මෙහෙ සමහන් තියෙන්නෙ නැත්තන් ඉතින් ලංකාවටම යන්න වෙනව සමහන් ගේන්න

    @ගිම්හානි : කොහොම හරි ට්‍රයි එකක් දීලා මුවා අල්ල ගත්තොත් පලා වගේද :D

    @මාරයා : අයියෙ, මටත් එහෙම හිතෙනව.

    @තිසා : කතාව නම් සහතික ඇත්ත අයියෙ.

    @වෙනි : ඒත් කිවුවෙ :D

    @cjgayan : දැම්ම ඕඩර් කරලා තිබ්බනම් හරි වගේ

    @හසිත : එදා සෙනෙහෙන් බැදුනෙ නෑ බං.මම කිවුවෙ එයා සෙනෙහෙන් බැදුන් නෑ කියල :D

    @දුකා : මට මතකයි ඒ කතාව ඒත්....

    @සපතේරු උන්නැහේ : අයියෙ මේ කතාවනම් සිරා, මම තවම 13 ලගට ඇවිත් නෑ වගේ.

    @වර්ණා : හ්ම්ම්...

    @සිහින : පැන්සලකින් වගේ ලිවුවනම් මැකිලා යයි :D

    @ගිනි කුරුල්ලා : කතාව නම් ඇත්ත තමා

    @ශානු : එහෙනම් ඉතින් ටොස්‌ එකක් දාල තමයි තීරණයක්‌ ගන්න වෙන්නෙ :D

    @ජේ.ඩී : එක සිත තැන් තුනක නතර වෙලා බං

    @නිශ් : අනේ නෑ බං කවදාවත් වෛර කරන්නෙ නෑ

    @දිමා :අමාරුම වැඩේ තමයි තෝරාගන්න එක

    @අනුරාධ : ඒකනේ බං. ඒ ප්‍රශ්න වල උත්තර දන්නෙ නැත්තන් ලග එකාගෙන් බලල හරි ලියන්න පුළුවන් ඊත් මේවට,

    @සුදු හංසි : හ්ම්ම්

    @පොඩි මහත්තයා : ඇල උනාට නින්ද යන්නෙ නෑ බං

    @හසී : හිතත් අවංක නෑ වගේ.......

    @රවා : එයාල වගේ නෙවෙයිනෙ බං උබ මගෙ වයසෙම එකානෙ ඒ හින්ද උබත් ඉන්නම ඕනෙ

    ……@මකුළු පැංචි : බලමුකෝ මොකද වෙන්නෙ කියල නේද

    @…ලොකු පුතා : මෙච්චර දවස් නම් සමහන් බිවුවෙ නෑ මචං දැන් නම් දිගටම බොන්න වෙයි වගේ

    …@පූසා : බලයි බලයි ඔහොම යනකොට.

    …@ගෝල්ඩ් ෆිෂ්… : එකම තමයි බං මමත් හිතුවෙ
    …කොමහරි ට්‍රයි කරලා මුවාව අල්ල ගන්න බලනවා. බැරි උනොත් ආයෙ ගිහිල්ල පලා ටික ගන්නව…

    …@දමියා : උබල ඒ දවස්වල අමාරුවෙන් හරි අහගෙන හිටපු එක නම් ලොකු දෙයක් බංස්….

    @ලොකු ඡෝන් : අත්තෙ… ඉන්න කුරුල්ලව ලගට ගෙන්න ගන්න ක්‍රමයක් නැද්ද බං.

    ReplyDelete
  30. ඔය ඔළුව හෙදෙන්න වැස්සේ ටිකක් දුවලා,කූල් වෙන්න අයිස් එකකුත් කාලා සීනි ටිකක් වැඩියෙන් දාලා සමහන් එකක් බොන්න බලන්න සමහරක් විට උත්තරයක් ලැබෙයි.. :)

    ReplyDelete
  31. මේකට සමහන් බීල හරි යන්නෑ. 'පස් පඩන්ගුව' සොරි 'පස් පංගුව' බොන්න වෙයි.

    ReplyDelete
  32. මේකට සමහන් බීල හරි යන්නෑ. 'පස් පඩන්ගුව' සොරි 'පස් පංගුව' බොන්න වෙයි.

    ReplyDelete
  33. බොන එක දුක නැති කරගන්න විදියක්ද?අනේ මන්ද.දැන් එක්කෙනෙක් ඉන්න නිසා පරණ කෙනාව අමතක කරොත් නරකද අය්යේ

    ReplyDelete
  34. මේ බ්ලොග් එකේ මේ කොටසට මම එකඟ නෑ..

    "මිස් කෝල් 3යි. ඒ දැන් ඉන්න ගෑණු ළමයාගෙන්.
    ෆේස් බුක් මැසේජ් එකයි. ඒක එයා ගෙන්.."

    මොකද අපි කාටත් මේ හුට පට තියනව... එත්.. මේ වගේ අවස්තාවක අර fb message එකට වඩා Missed call 3 වැදගත් බව බ්ලොග් රචකයා හෝ රුචකයා කිව යුතුයි...

    ReplyDelete
  35. මට හිතෙන්නේ තාමත් හිත දාලා ගිය එයා ගැන මිසක් ඉන්න කෙනා ගැන නෙවේ. මිස් කොල් තුනක් ගහලා කතා කරන්න බැරිවෙච්ච ගැණු දැරිවි දවසක දාලා ගියොත් එයා කියන්නේ නොලිවු කවිය කියලා නෙවෙයි. චපල පෙම්වතෙක් ගැන කියලා මේක කියව්වහම මට නිකමට වගේ හිතෙනවා.

    ReplyDelete

Real Time Web Analytics