Sunday, January 29, 2012

ගන්න ගන්න මාගෙ රූපෙ මං ෆොටෝජනික්‌


"ලෝකෙ ඉන්න මිනිස්සුන්ගෙන් බහුතරයක් තමන් ප්‍රිය කරන චරිතයක් (පුද්ගලයෙක්) අනුකරණය කිරීමට පෙලබෙති." මේ ඉතින් මට හිතෙන හැටි, එහෙම නැතුව කවුරුවත් කියපු වාක්‍යක් නම් නෙවෙයි. මේක කියවන කවුරු හරි හිතුවොත් එහෙම "මූට පිස්සුද මම නම් ඔය කවුරුවත්ම අනුකරණය කරන කෙනෙක් නෙවෙයි" කියල  ඒකෙ කිසිම වරදක් නෑ. මොකද මම කියල තියෙන්නෙ බහුතරය අනුකරණය කරනව කියල මිස, ලෝකෙ ඉන්න සියලුම දෙනා අනුකරණය කරනව කියල නෙවෙයිනෙ.ඔය කියපු විදියට අර බහුතර පිරිස ඒ අය ප්‍රිය කරන පුද්ගලය අදින විදිහ, ඇවිදින විදිහ, කතා කරන විදිහ විතරක් නෙවෙයි කොන්ඩ මෝස්තරය, පිරිමි චරිතයක් නම් රැවුල කපල තියන විදිහ පවා අනුකරණය කරන්න පෙලෙගෙනව. මෙච්චර මේ වැල් වටාරම් ගහල මම කියන්න හැදුවෙ මමත් ඔය දේ කළා කියන එක තමයි.

එතකොට මම ඉස්කෝලෙ 10 වසරෙ විතර, ඒ කාලෙ ටීවී එකේ ගියා 24 කියල ටීවී සීරියස් එකක්. මේ සීරිස් එක නොබලපු කෙනෙක් නෑ මම හිතන්නෙ. ඒ තරමටම ප්‍රසිද්දයි. ඕකෙ එක චරිතයක් තිබුන ටෝනි කියල
ඒ චරිතෙට පන පෙව්වෙ කාර්ලොස් බර්නාඩ් කියන නළුව. ඔය පල්ලෙහා ෆොටෝ එකේ ඉන්නෙ. ඉතින් ඒ නළුවගෙ රැවුල් මෝස්තරයට මම හරි කැමැත්තෙන් හිටියෙ. (හරි හරි කෝපි කඩේ සුවදත් ඔය ස්ට්‍රයිල් එකට තමයි රැවුල කපල තිබුනෙ ඒත් මම කැමති වුනේ ටෝනිගෙ රැවුල දැක්කට පස්සෙ) ඒ කාලෙ ඉතින් අපේ මොන රැවුල් ද, තිබුන රැවුල් ගස් ටික එහෙන් මෙහෙන් කපල ඔය විදියටම නැතත් ඔයිට සමාන විදියකට හදාගෙන මමත් ඉස්කෝලෙ ගියා. සතියක් විතර යනකොට ශිෂ්‍යනායක බාර සර් ට අහුවෙලා ඒ තිබුණු රැවුල් ගස් ටිකත් කපල දැම්ම. (ටොකු දෙකකුත් ඇන්න) ඊට පස්සෙ ඉස්කෝලෙ ඉවර වෙනකම් ඒ වගේ මෝස්‌තර දැම්මෙ නෑ.



ආයෙ තව කාලයක් යනකොට x men කියන කවුරුත් දන්න ෆිල්ම් සීරිස් එක ආව (පලවෙනි ෆිල්ම් එක නම් ආවෙ අපි ඉස්කෝලෙ යන කාලෙමද කොහෙද) ඉතින් ආයෙමත් මට හිතුන ඒකෙ ඉන්න වොල්වරීන් වගේ කොන්ඩෙයි රැවුලයි හදාගන්න ඕනෙ කියල. ඉතින් මම මාස 6ක් විතර කොන්ඩෙ වැව්ව. (වොල්වරින් කෙසේ වෙතත් සායි බබා ගෙ ෆේස් කට් එක නම් ඒ වෙනකොට ඇවිල්ල තිබුනෙ) මම ඉතින් වොල්වරින් ගෙ ෆොටෝ එකකුත් පත්තරේකින් හොයාගෙන සැලුන් එකකට ගිහිල්ල ෆොටෝ එක බාබර්ට පෙන්නල කිව්ව මේ විදියට කොන්ඩෙයි රැවුලයි කපාගන්න ඕනෙ කියල. බාබරුත් ටික වෙලාවක් ඒ ෆොටෝ එක දිහා බලං ඉදල, (හිතින්) "දෙන්නම් වැඩේ" කියල අඩුවයි මිටියයි අතට ගත්ත. නෑ බං කතුරයි පනාවයි අරගෙන වැඩේ පටන් ගත්ත . ටික වෙලාවකට පස්සෙ මෑන්ස් (බාබර්) මාව නැගිට්ටවල "මල්ලි කොහොමද, කොන්ඩෙ හොදයිද" කියල ඇහුව. මමත් ඇහැරිලා බැලින්නම් මෑන්ස් අමුතුම කට් එකක් දීල කොන්ඩෙට. වොල්වරින් කලේ. පස්සෙ මට වැඩේ මීටර් වුනා මෑන්ස් මගෙ කොන්ඩෙ කපල තියෙන්නෙ පත්තර පිටුවෙ අනිත් පැත්තෙ හිටපු මිනිහෙකුගෙ විදියට කියල. මොනව කරන්නද ඉතින්. ආයෙ කොන්ඩෙ තිබුන විදියට අලවන්න කියල යෑ. මම කොන්ඩෙයි රැවුලයි නෝට් එකටම කපල ගෙදර ගියා.




ඊටත් ටික කාලෙකට පස්සෙ linkin park සංගීත කණ්ඩායමේ මයික් විදියට කොන්ඩෙයි රැවුලයි හදාගන්න ආසාවක් ආව. ඒ වැඩේ නම් ඒ තරම් අමාරු වුනේ නෑ හැබැයි. හැබැයි මගෙ යාළුවො නම් කිව්වෙ මම හදල තිබුන විදිහයි මයික් ගෙ කොන්ඩෙයි රැවුලයි තිබුන විදිහයි සම්පුර්ණයෙන්ම වෙනස් කියල. ඊට පස්සෙ මම එක එක අය විදියට කොන්ඩ රැවුල් හදන එක නවත්තල දැම්ම. හිතුන දාට කොන්ඩෙ කොට වෙන්නම කැපුව, නැත්තන් ටිකක් දිග වෙනකන් කපන් නැතුව හිටිය. රැවුලත් වෙලාවකට කැපුවා, වෙලාවකට වැව්ව. (රැවුල නම් වැව්වෙ කපන්න කම්මැලි කමට)




මම කොයි තරම් උත්සහ ගත්තත් තව කෙනෙක්ව අනුකරණය කරන්න ඒ හැම මොහොතෙම මට අසාර්ථක  වුනා. ඒත් දෛයිවය කියනදේ මම වැඩිය විශ්වාස කලේ නැතත්, ඒ හැමදෙයක්ම වෙනස් කළා.

ඒක වුනේ මෙන්න මෙහෙමයි. මට ගිය සතියෙ ඔෆිස් එකේ වැඩකට කට්ටියක් හම්බවෙන්න වෙන ඔෆිස් එකකට යන්න වුනා. ඒ ඔෆිස් එක තිබුනෙ වෙනත් බිල්ඩින් එකක 6වෙනි තට්ටුවෙ. මම ඒ බිල්ඩින් එකට ගිහිල්ල ලිෆ්ට් එකට නැග්ග 6 වෙනි තට්ටුවට යන්න. ඒ ලිෆ්ට් එකේ එක පැත්තක උඩ ඉදන් යටට ම යනකම් ලොකු කණ්නාඩියක්‌ හයිකරල තිබුන. මම ඒ කණ්නාඩියෙන් දැක්ක දේ මට අදහ ගන්න බැරුව ගියා. ඇත්තටම තවමත් මට හිතා ගන්න බෑ මම ඒ දැකපු දේ. ඔව්‍ මම දැක්ක ඒ කණ්නාඩියෙන් ලෝකෙ ප්‍රසිද්ද වුන චරිතයක් මං දිහා බලාගෙන ඉන්නව . ඇත්තටම කණ්ණාඩියෙන් පෙනුන මගෙ ප්‍රතිබිම්බයෙන් මම ඔහුව දැක්ක. මම ගොඩක් දුක් වුනා මෙච්චර කලක් මට ඒ රූපෙ නොපෙනුන එක ගැන. එහෙම පෙනුන නම් මම වොල්වරින් වගේවත් මයික් වගේ වත් කොන්ඩ හදන්න දගලන්නෙ නෑ නෙ.

හරි හරි මම කියන්නම් මම ඒ වීදුරුවෙන් දැක්කෙ කාවද කියල. වෙන කවුරුවත් නෙවෙයි despicable me ෆිල්ම් එකේ ප්‍රදාන චරිතෙ රගපාන "ග්රූ" ව


 ඔව් පාටෙ පොඩි අප්සට් එකක් තියනව නම් තමයි. හැබැයි ශේප් එක නම් එමම තමයි. දැන් ඉතින් මගේ එකම අරමුණ මේ ශේප් එක ජීවත් වෙලා ඉන්නකම් එකම විදිහකට තියා ගන්න එක. මොන බාදා ආවත් ඒක වෙනස් වෙන්න දෙන්නෙ නෑ නෑ නෑ මයි.

ප.ලි
ඔබ අන්සතු ලදක් කියා ඇයි මට කිව්වෙ අවසාන කොටස ලගදීම දාන්නම්. :D 

30 comments:

  1. එතකොට දැන් කවුරු වගේද කොන්ඩේ කපන්නේ..කොපි කඩේ සුවන්දගේ රැවුල ලස්සනයි තමා.ඔයාට හොඳට ගැලපෙයි. හි හි.

    ReplyDelete
    Replies
    1. දැන් නම් විශේෂයක් නෑ බාබර්ට ඕනෙ විදියට කොන්ඩෙ කපනව

      Delete
  2. අනුකරණය කරන්න හිතෙනව තමයි ඒත් තමන්, තමන් වගේ ඉන්න එක තමා වඩා හොඳ . එතකොට අනිත් අය ඔයා අනුකරණය කරාවි. D

    ReplyDelete
    Replies
    1. ඔය පොඩි කාලෙ කරපු දේවල් නෙ අක්කෙ :D

      Delete
  3. ඒ අරුගේ කකුල් දෙක උඹෙ වගේ නැනේ ? O_o

    මාත් bon jovi වගේ කොන්ඩෙ හදන්ට ගියා.. එත් වැඩෙ අතැරලා දැම්මා :D

    ReplyDelete
    Replies
    1. bon jovi..හුවෑහ් හැහ් හැහ්...

      මල්ලියේ බග්ස් බනී වගේ ගැලපෙන ඉට්ටැයිල් එකක් කරහං...

      Delete
    2. කකුල්දෙක විතරනෙ බං බනී මල්ලි මම වගේ නැත්තෙ. බලපන්කො බඩ, බෙල්ල දිහා

      Delete
  4. ඇයි කාලයක් කස්ටිය බෙකම් අයිය වගේ කොන්ඩේ කැපුවේ...කාලයක් කිව්වට ඉතින් තාමත් කරනවා :D

    ReplyDelete
    Replies
    1. ආ ඒකත් කළා නේන්නම්. හදිස්සියට ඒක ලියන්න අමතක වුනා නෙ.

      Delete
  5. අනේ අම්මපා රුචා....

    ReplyDelete
  6. පුංචි නිවැරදි කිරීම් තුනක් කලොත් තරහද? 1. ෆොටෝජනික් නෙවෙයි ෆොටෝජෙනික් (Photojenic) (මේ වචනය වරක් සිංහල සිනමා විචාරකයන් කැළඹීමට පත් කරන්නට තරම් ප්‍රබල වුනා. 1967 දී තිරගත වූ 'ගැටවරයෝ' චිත්‍රපටියේ එන, නාරද දිසාසේකර ගයන, 'හාරිච්චි බෝරිච්චි' නමැති ගීතයේ එක තැනක තියනවා, 'ගන්න ගන්න මාගේ රූපෙ මං ෆොටෝජෙනික්' කියලා පදයක්. ඒ කාලයේ, සිංහල ගීතයකට ඉංග්‍රීසි වචනයක් දැම්මා කියලා, අර සාම්ප්‍රදායික විචාරකයෝ බනින්න පටන් ගත්තා. නමුත් ගීතය ලියපු මහා කලාකරු 'මහගම සේකර' හෝ සංගීතය සැපයූ 'ආචාර්ය පණ්ඩිත අමරදේව' හෝ ඒ විවේචන වලින් සැලුනේ නැහැ. ඇත්තෙන්ම ඒ ගීතයේ යටි පෙළ අර්ථය සඳහා ඒ වචනය කොතරම් උචිතදැයි බොහෝ දෙනෙක් තේරුම් ගත්තේ පසුවයි.)
    2. අනේ පුලුවන්නම් ටිකක් උක්තාඛ්‍යාත යෝගය ගැන හිතන්න. ලිපියේ පළමුවැනි වාක්‍යයේම තියනවනේ ලෝකේ ඉන්න මිනිස්සුන්ගේගෙන් බහුතරයක් . . . . . . . පෙළඹෙයි කියලා. එය 'පෙළඹෙති' යනුවෙන් ලිවීම තමයි වඩාත් නිවැරදි. එහෙම නැත්නම් සරල කතා කරන භාෂාවෙන් ලිවීමත් වරදක් නෙවෙයි.
    3. 'සීරියස්' නෙවෙයි නිවැරදි වචනය 'සීරිස්'. (serious = සීරියස් යනු ඉතා වැදගත්, දැඩි අවධානයෙන් යුත්, කියනදේ එලෙසින්ම අදහස් කරන, යන අර්ථ ගෙන දෙනවා. series = සීරිස් යනු ශ්‍රේණිගතව බැඳුනු, කොටස් එකතුකර සැකසූ මාලාව (සිනමා,නාට්‍ය,රූප,ගීත,කතා ආදී) යන අර්ථ ගෙන දෙනවා.

    ඔබේ කතාවේ හාස්‍ය රසය හා උපහාස රසය ඉතා ඉහලින් අගය කරනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වැරදි පෙන්නල දුන්නට හා ඒවා හදා ගන්න විදියත් කියල දුන්නට . මම අංක 2,3 වැරදි දෙක නිවැරදි කළා. ෆොටෝජනික් කියන වචනෙ නම් වෙනස් කලේ නෑ මොකද 'හාරිච්චි බෝරිච්චි' සින්දුවට වගේම මේ පොස්ට් එකටත් හරියන වචනෙ ඒක කියල මට හිතෙනව.

      "ඔබේ කතාවේ හාස්‍ය රසය හා උපහාස රසය ඉතා ඉහලින් අගය කරනවා."
      ඔබට නැවතත් ස්තුතියි.

      Delete
    2. මම මීට කලින් ලියපු පිළිතුරේ ටයිපින් වැරැද්දක් තිබුණු නිසා එය අවලංගු කර නැවත ලියන්නේ.
      වරදක් පෙන්වාදුන්විට එය පිළිගැනීමේ මහත්මා ගතිය නිසාම ඔබ උතුම් මනුෂ්‍යයෙක් බව පෙනෙනවා. මම කියන්නද අපේ කාලේ (1960 දශකයේ) කොණ්ඩ කැපිලි කතාවක්. ඒ කාලේ කොණ්ඩය හොඳටම කොටට කැපීම 'පොලිස් කට්' කියලා හැදින්වුනේ. ඒ කාලේ පොලිස් රාළහාමිලා තමයි වැඩිපුර දකින්න ලැබුනේ. අද වගේ හමුදා සොල්දාදුවන් දකින්නට නැහැ. මමත් දවසක් ලොක්ක වගේ අම්මගෙන් සත 15 ක් ඉල්ලගෙන ගියා කොණ්ඩේ කපන්න. ලොක්ක වගේ බාබර්ට කිව්වා 'පොලිස් කට්' කපන්න කියලා. බාබර් කිව්වා 'මේ ළමයෝ තමන්ගේ තරමට වැඩ කරනවා, ඉස්කෝලේ යන ළමයින්ට මොන පොලිස් කට් ද' කියලා හැමදම කපන 'ගොන් කට්' එකම කැපුවා.

      Delete
    3. මම ඩොංකි කට් එක කපපු කාලෙ මතක් උනා

      Delete
  7. මම නම් හිතන්නේ තමන්ගේ Role model එක තමන් ම වෙන්න ඕන කියලයි. ඒ මොකද ඔය පිටින් පේනවට වඩා හුණු ඔය කාගේ කාගේ කිල්ලෝට වලත් තියනවනේ! ඒ නිසා ස්වාධීන වෙන එක තමයි හොඳම කියලා මම හිතන්නේ!

    ReplyDelete
  8. අනේ මගෙ කට ... උඹට තියෙන්නේ ඔයවගේ කෝටු කකුල් දෙකක්ද බොල...

    ReplyDelete
  9. ඇති යාන්තම් අන්තිමට හරියන එක හම්බ වෙලා . .

    ReplyDelete
  10. ඒ කියන්නේ රුවාගේත් නහය දිගයි.....

    ReplyDelete
  11. උදේට උදේට දුවපන් ලෙඩ හදාගන්නේ නැතුව~

    ReplyDelete
  12. මම මට හිතෙන ඇත්තම දේ කියන්නම්...
    තමන් තමන් ගැන අධි තක්සේරුවකින් ඉන්න එකත් භයානකයි..
    ඒත් ඊටත් වඩා භයානකයි තමන් තමන් ගැන අව තක්සේරුවකින් ඉන්න එක..

    ලෝකෙ තියෙන හැම දෙයක්ම සාපේක්ෂයි සහෝ.(මන් දන්න තරම වෙන්ටෑ)
    කෙනෙකුට හොද දේ තව කෙනෙකුට නරක වෙන්න පුළුවන්..ඒ වගේමයි කෙනෙකුට නරක දේ තව කෙනෙකුට හොද වෙන්නත් පුළුවන්..

    "මගේ එකම අරමුණ මේ ශේප් එක ජීවත් වෙලා ඉන්නකම් එකම විදිහකට තියා ගන්න එක"
    පිස්සු කෙළින් නැතුව අර සබිත් මල්ලි කියලා තියෙන විදියට වැඩ කරහන් කම්මැළි නොවී..

    ප.ලි කෑල්ල ඉක්මන් කරපන්..

    ReplyDelete
  13. මචං ඒ චරිතෙනම් උඹ වගේම තමයි. පාට විතරයි වෙනස්! :D
    මාත් හොයාගන්න ඕනේ මං වගේ එකෙක්ව :D

    ReplyDelete
  14. බෑග් එකක් හරහට දාගෙන අක්කගේ කෝඩ් ශුශ් දෙක දාගෙන එකක් ක්ලාස් ආවා...බැලින්නං ඌ කේන් වගේ වෙන්න යනවලු......ක්වායි වෑන් කේන්.....කාඩ් එකකුත් වැදුනා ඌට කේන් කියලා.....

    ReplyDelete
  15. දාපන්කො යකො අන්සතු ලඳ ගැන

    ReplyDelete
  16. "u born as original, dont die as duplicate"

    සිරා බොල.. !

    ReplyDelete
  17. මම අසීමිත ආසාවෙන් ඉන්නවා.., පොන්ටින් කට් එකක් ගහගන්න.., කරුමේ කියන්නේ රැවුල් කැපීමට ඇති තදබල කම්මැලි කම නිසා ඒ බලාපොරොත්තුව යට යන්නේ ක්ෂණයෙනි..! :/

    ReplyDelete
    Replies
    1. ලීෂා . . . හරිම ලේසීයි වැඩේ . . . පොඩි සයිස් සබං පෙට්ටියක් අරං කට වැහෙන්න කෙලිං අතට තියාගෙන රේසරේ අරං සබං පෙට්ටියට එලියෙං තියන රැවුල ටික කපල දාපං . . . .

      Delete
  18. බලපං ඒකෙත් හැටි . . . . මෙච්චර කාලයක් උඹ මොඩල් එකක් හෙවුව . . . අන්තිමට මොඩල් එකක් උඹව හොයං ආව . . . .ඒකෙං අපි දැනගත්ත උඹේ කකුල් දෙක හරියට නිකං ලබ්බට ඉරටු ගහපු මොඩල් එකේ කියල

    ReplyDelete
  19. උඹ මොකා වෙන්න දැඟලුවත් කමක් නෑ ඒ කාලෙ.. ඔන්න ඔහෙ රුචා වගේ හිටින් බන් දැන්වත් !

    ReplyDelete
  20. පත්තරෙන් ඇවිත් මෙහේ නැද්ද යම් කෙනෙක්
    ගන්න ගන්න මාගේ රූපේ මම් ෆොටෝජෙනික්
    නමද ගමද වයස එක්ක පීන්තූරේ විස්තරේ
    පත්තරේට වැටෙන කල් අනේ
    රෑට නින්ද යන්නෙ නෑ අනේ :P :P

    D.

    ReplyDelete

Real Time Web Analytics