බාප්පගෙ ලොකු පුතා, රොජර්ගේ උපන්දිනෙ මේ මස 12 වෙනි දිනට යෙදී ඇති නිසා අද දින අප නිවසෙ සර්ව රාත්රීක පාටියකි. බ'ර්ත් ඩේ එකට කලින් තියන මේ පාටිය බ'ර්ත් ඩේ රියේසල් පාටියක් දැයි කියාත් මට සිතේ. කොහොම උනත් පාටියක් ඇති නිසා අපට අද වෙරි වීමට පුළුවන් ය. පාටියක් නැතත් බ්රහස්පතින්දා යනු අපි සාමන්යෙන් වෙරි වෙන දවසකි. ඒ නිසා එහි මහ ලොකු වෙනසක් මට නොමැත.
නමුත් අද මා වැඩ නිමවී ගෙදර එන විට එය නයිට් ක්ලබ් එකක සිරි ගනීම ගැටලුවකට කරුණක් නිසා මම අපේ තවත් නෑදෑ වෙන සොහොයුරෙකුගෙන්(හසිත අයිය) මේ පිලිගදව විමසුවෙමි. මා එන විටත් ඔහු සද්දෙට නටන ලේසර් සවි කරමින් සිටි නිසා මා ඒ පිලිබදව බොහෝ කරුණු නොවිමසුවෙමි. ෆිජ් එක ඇර බලූ මට දකිනට ලැබුන පළතුරු ජූස් වලින් මම තවත් නිගමනයකට පැමිණියෙමි. එනම් අද වෙරි වෙන්නේ රුසියාවෙන් බවයි. ඇමරිකාවෙන්, ඉතාලියෙන්,රුසියාවෙන් හෝ කොහෙන් ආවත් වෙරිය වෙරියම නිසා මා ඒ ගැන වැඩි දුර නොසිතයි.
මා දැනගත් හා හසිත අයියා කියූ පරිදි අද පාටියට රොජර් ගේ යහළුවන් බොහෝමයක් පැමිණෙයි. එයින් වැඩි පිරිස ගැහැණු ළමයි වෙයි. ඉලක්කමෙන් කියතොත් 20කි. ගෑනු ළමයි 20 දෙනෙක් ඉන්න පාටියකට සභාගීවීමට ඇති නිසා මමත් නෑ ගත්තෙමි. නමුත් කම්මැලි කම නිසා රැවුල නොකැපුවෙමි.
ඩේස් කෝඩ් එක යෙලෝ හා රතු ය. මේ කහ පාට රතු පාට ඇදුම් ඇදන් එනෙ කෙල්ලන් රුචා මෙන් කලු වුන් නොවන්නෙ උන් පිලිපීනයේ උපන් නිසාය. තව කොතරම් දේ ලිවීමට සිතේ තිබුනත් කුකුල් මස් ඩෙවල් එකෙන් එන සුවදින් ඒ සියල්ල අමතක කර දමයි. ඒත් තව කිව යුතු එක කරුණක් ඇත. එනම්
කෙල්ලනේ වරෙව්/එන්න
කාපියව්/කන්න
බීපියව්/බොන්න
සින්දු කියපියව්/කියන්න
නටපියව්/නටන්න
වමනෙ කරන්න ඕන උන්/අය වමනෙ කරපියව්/කරන්න (මගෙ බාත්රූම් එක ඒකට යූස් කරනවානම් කොමඩ් එක විතරක් යූස් කරන්න සින්ක් එක යූස් නොකර මොකද මම රැවුල කපන්නෙ සින්ක් එකට වතුර පුරවල)
ඒත් වෙරි හිදුන් නැත්තන් මගේ ඇදේ නිදාගනියවූ/නිදා ගන්න (කිසිම ගැටළුවක් නෑ ඇද හොදට අස් කරල තියෙන්නෙ)
මේ මොන දේ කලත් වෙරි වූ මට මගේ ලෝකයේ ඉන්න දියව්/දෙන්න
ප.ලි
මෙම ලිපියේ ඇති රතු පැහැ වචන ඉතා කුඩා දරුවන්ට හා සුකුමාල තරුණියන්ට නොගැලපෙන බැවින් සැම විටම "/" ලකුණට පසුව තිබෙන වචනය කියවන්න.
දන්න දන්න අයට කියන්න ඔනි දාන තරමක් සින්ක් එකටම වමනේ දාන්න කියලා...:D
ReplyDeleteඅපිට කොයිද ඔහොම පාටි... අපිට් අතියෙන්නේ වාංපාටි!
ReplyDeleteඑපා කියපු නිසා මම නම් කලින්ම කිව්වා මම නම් වමනේ දාන්නේ සින්ක් එකටමයි කියලා . . .
ReplyDeleteඅපිට කොයින්ද බූල්... නේද බල්ලො???
ReplyDeleteආහ්හ්... නෑ නෑ ඔයට නෙමෙයි රුචෝ...
බීල ලෙඩවෙයවුකො අපි හැරිලවත් බලයිද බලන්න . . . .
ReplyDeleteසික් මොකද බන් රුචා උබලා දැන්ම ඔය දහ ජරාවට පුරුදු උනේ
ReplyDeleteඔයානම් කටේවත් තියන්න එපා ඔව්වා .
ReplyDeleteමොනවා උනත්, ගෑනු ලමයි ගැන හිතලා තියන එක ලොකු දෙයක්.:D
ReplyDeleteනොදකින් උබ බොනවද ? දන්නවනම් ආශ්රය කරනව තියා මේකට කමෙන්ට් කරන්නෙත් නෑ... සික් විතරක්. :D
ReplyDeleteඑකපාරක් නොදරුවාගේ ගෙදර සෙට් උනාම ඌත් කිව්වේ වමනේ දානවනම් සින්ක් එකට එපා කමෝඩ් එකට දාන්න මොකද සින්ක් එකේ හිර වෙන්න පුළුවන් නිසා කියලා.
ReplyDeleteඅපිට සිකුරාදා වගේ නේද උඹලට බ්රහස්පතින්දා :-D
සික් අපරාදේ බීල කොයි තරම් ට්රයි කලත් වමනේ ගියේ නෑනේ බන් . .
ReplyDeleteඅනික උඹ කිව්වට සර්ව රාත්රික කියලා අපි තුන්හාමාරට විතර ඔහෙන් ආවනේ බන් . . .
යකෝ සර්ව රාත්රික නම් එලිවෙන කම් තියෙන්න ඕන . . .
උඹ කලින්ම කට් වුනු හින්දා උබට නම් සර්ව දෙ රාත්රික කියලා රෑ දෙකක් වගේ දැනෙයි හැබැයි . .
කෝ මූ සින්ක් එකේම නිදිද..?
ReplyDeleteනියමයි පාටිය. ඒත් මතට තිත....
ReplyDeleteකාපියව් බිපියව් රුචාගේ ඇදේ නිදියපියව්
ReplyDeleteඑතකොට ඉතින් කොහොමත් වමනේ දාන්න වෙනවනේ
ඒක නිසා තමා ඔය කොමොඩි එක පාවිච්චි කරපියව් කියන්නේ
අනේ රුවෝ
කාලෙකින් පාටියකට ගියේ නැහැ
ReplyDeleteමරු බං පෝස්ට් එක
ReplyDeleteසික් විතරක් උඹ වගේ බේබද්දෙක්...
ReplyDeleteඊය! කට මාළු ගඳ පිල්ලියො එක්ක මොන පාටිද බාං?
ReplyDeleteඔන්න මං සලකුණු මං සෑමාගේ බ්ලොග් රෝලට දැම්මා.. ජය ශ්රී !
ReplyDelete