හයියෙන් ආපු බෙන්ස් කාර් එකක් නවත්තනව, ඒ කාර් එකෙන් බහිනව දනිස්ස ගාවට විතර දිග ගවුමක් ඇදපු ලස්සන ගෑනු ළමයෙක්. (තවම කැමරාව තියෙන්න බිම) ගෑනු ළමය ටික දුරක් ඇවිදන් යනකොට එකපාරටම එනව ලොකූ හුලගක් ඔය හුළගට ගෑනු ළමයගේ කරේ හරි, කොහෙ හරි තිබුන සාළුවක් පාවෙලා යනව. (දැන් කැමරාවත් මේ සාලුව පස්සෙන් යනව) මේ සාළුව හැන්සම් කොල්ලෙක්ගෙ මුනෙ දැවටෙනව . අනේ ඒ කොල්ල හරි දුප්පත්. .............................................................කොල්ලයි කෙල්ලයි යාලු වෙනව. අබ මල් වලින් පිරුණ වත්තක විනාඩි 10 විතර සින්දුවක් යනවා. සිංදුව ඉවර වුන ගමන් කෙල්ලගෙ තාත්ත මේ සම්බන්දෙට විරුද්ද වෙනව....................................................................කොල්ල කෙල්ලගෙ තාත්තව මරනව. ෆිල්ම එක ඉවරයි.
මීට වඩා වෙනස් ස්ටෝරි තිබුන හින්දි ෆිල්මුත් තිබුන ඒ කාලෙ. ඒත් සමස්තයක් විදිහට මම දැකපු ෆිලම් වල නම් (1990 -2000 ) තිබුනෙ ඔය කතාවම තමයි. ඊට වඩා පරණ ෆිලම් වල වෙනස් කතා මොනව හරි තිබුනද මම දන්නේ නෑ. මොකද මම පරණ ෆිල්ම් බලල නැති නිසා. ඔය කොච්චර මොනව කිව්වත් කවුද අකමැති ඒ ෆිලම් බලන්න. කවුරු අකමැති උනත් අනේ මම නම් හරී කැමතියි. පිස්තෝලයක් අරන් ගිහින් පන්සීයක් විතර මරල කෙල්ලගෙ තාත්තට වෙඩි තියන්න යනකොට උණ්ඩ ඉවරයි. බලන්න කොයි තරම් තාත්විකද කියල.
මමත් දැන් සති දෙකකට විතර කාලින දඩ්කන්(2000) ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කළා ආපහු පාරක් බලන්න ඕනෙ කියල හිතුන හින්ද. ඔන්න ඊයෙ තමයි බලල ඉවර කරන්න පුළුවන් වුනේ. මේකත් පටන් ගන්නෙ අර මම උඩ කියපු විදිහටම තමයි. කෙල්ල පෝසත් කොල්ල දුප්පත්, පස්සෙ නම් ඉතින් කතාව වෙනස් වෙනව. හැබැයි ඉතින් මේ ෆිල්ම එකේ තියන සින්දු ගැන නම් ඉතින් කියන්න වචනයක් නෑ ඒ තරමට ලස්සනයි. ඔය මම පහලින් දාල තියන වීඩියෝ එකත් එක්කම ඒ සිංදුව අහල බලන්නකෝ හරියටම නොතේරුණත් මොන වගේ හැගීමක් ද එන්නෙ කියල.
මොකද හිතන්නෙ මියුසික් ප්ලේයර් වල තියන ශෆල් බට්න් එක ගැන. ආයෙ ඉතින් මොනව හිතන්නද ඔබපුවහම තියන ඔක්කොම සින්දු ටික කලවම් වෙලා නිකන් කොක් ටේල් එකක් වගේ වෙනව. වික්ටර් රත්නායක මහත්මය වේදිකාවෙන් බැහැපු ගමන් මෙන්න ලින්කින් පාක්ල කෑ ගහනවා නෝ මෝ සෝරොව් කියල. හැබැයි ඉතින් ඒකෙත් පොඩි ආතල් එකක් තියනව.
මම අද වැඩ ඉවර වෙලා එන ගමන් මගෙ ෆෝන් එකත් කාර් එකට කනෙක්ට් කරල ශෆල් බට්න් එකත් ඔබල ප්ලේ කලා. ගේ ලගට එනකොට සිංදු තුනක් ගායනයයි වාදනයයි දෙකම එකට වුනා. ඒකෙනුත් මම මේ කියන්න යන්නෙ මුල්ම සිංදු දෙක ගැන.
1 වෙනි සිංදුව නන්දා මාලිනී මහත්මිය ගයනා කරන "ඔබේ පැල පැලේ පිල" කියන ගීතය.
ඔබේ පැල පැලේ පිල
පිලේ නිදි පැදුර මත
මට මගේ මල් යහන
මත නොමැති සුවය ඇත
බාල කාලේ එකම ගුරු ගෙදර අකුරු කර
එකම කෙලි මඩල වැද කෙලි දෙලෙන් ඇවිද ගිය
ඔබ මෙදා පැල් පතක මා සදැල්ලකය අද
යස ඉසුරු පවුරකින් මට අහිමි වීය ඔබ
ඔබේ පැල පැලේ පිල
පිලේ නිදි පැදුර මත
මට මගේ මල් යහන
මත නොමැති සුවය ඇත
ගාමිණී නොවේ ඔබ චිත්‍රාව සොයා ආ
සාලියත් නොවේ ඔබ මාලාව සොයා ආ
සදාකල් ඔබ පැලේ මා සදැල්ලේ මෙතැන
පැතුම පමණකි සතුට කදුල පමණකි උරුම
සිංදුවක් රසවිදින්න හැකියාවක් තිබුනත් ඒක ගැන ලොකු විග්‍රහයක් කරන්න නම් මට දැනුමක් නෑ. ඒ හින්ද මේ ගීතයෙ තේරුම ගැන මම මුකුත්ම කියන්නේ නෑ. ඒත් මට එක නොතේරෙන තැනක් තියනව,
ඔබේ පැල පැලේ පිල
පිලේ නිදි පැදුර මත
මට මගේ මල් යහන
මත නොමැති සුවය ඇත
කොහොමද ඇය කියන්නෙ එයාගෙ මල් යහනට වඩා ඔහුගෙ පැදුර සුවපහසුයි කියල? මේ ප්‍රශ්නෙ මෙතන හාරවුස්සන්න ගියොත් අනිත් සිංදුව දාන්න වෙන්නෙ නෑ. ඒ හින්ද ඒක ගැන කතා නොකර ඉමු.
මෙන්න ප්ලේ ලිස්ට් එකේ නම්බර් 2 වෙනි සිංදුව, කසුන් කල්හාරයන් ගායනා කරන "කවුලු පියන්පත් වහන්න" ගීතය
කවුලු පියන්පත් වහන්න සදලු තලාවේ
ඔබ දුරයි නෙතට මා සිටිනා ලවැලි තලාවේ
විලක දුරක මල් පිපුනේ අපට නොවේ මැයි
ඔරු පාරු ඇවිත් බලා යාවි විල් දිය ගැබුරුයි
මල් සුවද උරා ඇදී යන්නෙ බඔරුන් කෝ මැයි
සදලු තලාවට පැල්පත දුර නම් බෝ මැයි
කවුලු පියන්පත් වහන්න සදලු තලාවේ
ඔබ දුරයි නෙතට මා සිටිනා ලවැලි තලාවේ
කිරි සිනා සලන සදවත අහසෙම රැදුනාවේ
ඉගි මරණ තරු කැලුම් අහසට නොම පෙනුනාවේ
සිත ඈත අරන් යන විමනේ සදලු තලාවේ
කවුලු පියන් වසනු මැනවි නේතුකැන් හමුවේ
"මල් සුවද උරා ඇදී යන්නෙ බඔරුන් කෝ මැයි" අනේ මන්ද මට නම් තේරෙන්නෙ නෑ ඔව්ව.
ඉතින් මම මේ අහන්න තැටමුවෙ ෆිල්ම් එක ඉවර වෙන්නත් කලින් තාත්තව මරල කොල්ලයි කෙල්ලයි බදින එකද, නැත්තන් නන්දා මාලනියන් කියනව වගේ මල් යහනෙ නැති සුවේ පිලේ පැදුරෙන් ලබල උබ ගාමිණී වගෙත් නෙවයි, උබ සාලිය වගෙත්
නෙවෙයි මාව හොයාගෙන ආවෙ නෑ ඒ හින්ද මම අඩ අඩ ඉන්නම් කියල ඉන්න එකද, නැත්තම් මල් සුවද උරා ඇදී යන්නෙ බඔරුන් කෝ මැයි කියල අහල පස්සෙ කවුලු පියන් වසනු මැනවි කියල කියන එකද, වඩා හොද කියල.
මෙලෝ තේරුමක් නැති විකාරයක් කියෙව්වා වගේද?
එහෙනම් සොරි
සින්දු තුනක් පේලේ උනා කිවිවා නේද
ReplyDeleteතුන්වැනි සින්දුව වෙනම එපිසොඩි එකකද එන්නේ
ඒ සින්දුව මොකක්ද බහුබූතයක් බං.
Deleteමේ රුචා ඇත්ත කියපං.. මට වගේ උඹටත් මේ දවස් වල උණද ? :D
ReplyDeleteඋණ නෑ තාම හෙම්බිරිස්සාව විතරයි බං
Deleteහික්. ෆිල්ම් වල පිස්තෝල ගැන නම් කියලා වැඩක් නෑ, එක මැගසින් එකේ 50-60 විතර මරණවා, හරියට ගේම් එකක අන්ලිමිටඩ් ඇමෝ චීට් එකක් ගහල වගේ.
ReplyDeleteඒත් වැඩේ කියන්නෙ බං අන්තිම කෙනාට වෙඩි තියන්න උණ්ඩ නෑ
Deleteඅපිනම් දන්නෙ නෑ ඔව්ව...
ReplyDeleteමටත් හරියටම තේරුමක් නෑ බං
Delete//කොහොමද ඇය කියන්නෙ එයාගෙ මල් යහනට වඩා ඔහුගෙ පැදුර සුවපහසුයි කියල?//
ReplyDeleteඑයාගේ මල් යහනේ කටු ඇති. :D
ඔවු රෝසමලෙත් කටුවෙ නටු නෙ නේද
Deleteමුල කියලා තිබුණු විදියට මම මෙහෙම ෆිල්ම් එකක් බලලා තියෙනවා
ReplyDeleteකෙල්ල බයික් එකේ කොල්ලාත් බයික් එකේ කෙල්ලට පිටිපස්සෙන් ට්‍රැෆික් ලයිට්ස් වල නවත්තනවා. කෙල්ලගේ සළුව කොල්ලගේ මුනට ගිහින් නවතිනවා. කෙල්ල බයික් ඒකෙන් බැහැලා සළුව ගන්න එනවා සොරි කියලා, කොල්ලට කෙල්ල ගැන හිතක් පහල වෙනවා. පස්සේ කෙල්ලයි කොල්ලයි යාළුවෙනවා. සාමාන්‍ය පවුලක් කෙල්ලගේ. කොල්ලගේ අම්මා තාත්තා නැහැ. ගෙදරින් විරුද්දව කොල්ලයි කෙල්ලයි පැනලා ගිහින් බදිනවා..
ටැමිල් ෆිල්ම් එකක් .. හැබැයි ෆිල්ම් එකේ ලව් ස්ටෝරි එකට වඩා වෙන සීරියස් දෙයක් වෙන්නේ
මේක කියවල දැන්නම් මටත් උණ වගේ :D
ReplyDeleteපැනඩෝල් බොන්න. (නියමිත් මාත්රාවපිළිපදින්න)
Deleteමට වතුර එකක් දීපන් බොන්න.....:D
ReplyDelete(පැනඩෝල් පෙති දෙකකුත් එක්කම)
අයියෙ පැනඩෝල් නම් නෑ පොලිඩොල් තියනව ඕනෙද
Deleteඔලුව කොහේ හරි වැදුනද . . එක පාරට තැන් දෙක තුනක ඒවා ෆ්ලෑෂ් වෙවී එනවා එහෙම උනාම . . හික්ස්
ReplyDeleteඔව් අයියෙ නිදාගෙන ඉන්නකොට ඔලුව කෝට්ටෙ වැදුන :D
Delete//මෙලෝ තේරුමක් නැති විකාරයක් කියෙව්වා වගේද?//
ReplyDeleteඕක උඹ කියන්න ඕනෙ නෑ . . .
අඩේ සිරාවටම ඒ වගේද අයියෙ
Deleteමේකාට මක් වෙලාද.. හයියෝ මදෑ ඔලුව කොලොප්පං වෙලා තියෙද්දී ආවා පොස්ට් එකක් කියවන්න.. තවත් මඤ්ඤං උනා
ReplyDeleteපියවි සිහියට එමින් පවතියි
Deleteමෙලෝ රහක් නෑ නේ.. :/ මම කිව්වේ උඩ දාලා තියෙන විඩියෝව.. :P
ReplyDeleteසින්දුව අහල බලන්න කියපුවහම ඒක කාල බැලුවද?
Deleteහිතේ තියෙන දේවල් එලියට දාන එකත් හොඳයි පිස්සු තද කර ගන්නේ නැතුව!
ReplyDeleteඒකනෙ බං කියන්නෙ
Deleteඅර ෆිල්ම් එක ගැන කියපු කතාවටනම් මම එකගයි.. ඒකේ සිංදු මාරම ලස්සනයි.. හොදින් ඇහුවොත් ඕකේ හැම සිංදුවකම ඔය "දඩ්කන්" කියන වචනේ තියෙනවා...
ReplyDeleteමමත් ඒ ෆිල්ම් එකට කැමතියි
Deleteඋඹට පුළුවන්නම් කියනවද මේක කියවලා මට මොකද වුනේ කියලා? :)
ReplyDeleteමට විශ්වාසයි උබ මරුනෙ නම් නෑ කියල
Deleteදඩ්කන් බැලුවනම් ඔහොම කියන්නෑ.හිතට තදින්ම වදින ෆිල්ම් එක .මාත් බලල තියනවා .
Deleteදෙයියනේ.. මං ගැන වැරදියටනේ තේරුම් ඇරන් තියෙන්නේ...:(
Deleteමට කියන්න ඕනේ වුනෙත් ෆිල්ම් එක මතක් වුනා කියන එකනේ... :)
හත් දෙයියනේ උණ හැදිලා ඉඳලා යන්තම් සනීප වෙච්ච ගමන් මේක කියෙව්වා.. දැන් ආයි මුල ඉඳන් බෙහෙත් බොන්න වෙයිද හෙට උදේ ඉඳන්
ReplyDeleteරුචා... මචන් උබ හොඳින් නේද ??? :D
ReplyDeleteදැන්ද උබ අහන්නෙ :D
Deleteදැන්නෙ දැක්කේ.... අවුලක් නෑනේ.. හෙට රෑට සැරට දෙකක් දාහන් සියලු රෝග නිවාරනයි
Deleteමේක මම අදනෙ දැක්කෙ. අර ආංකල් ටිට්ටර් වේදිකාවෙන් බහිද්දි ලින්කින් පාර්ක් නෝ මෝ සරෝවු කියන එකනං පට්ට රුචා.මම දන්නව උඹ පට්ට LP ලෝලිය කියාල. ලියමුකො දවසක මම ආස බටහිර ගී කියල පෝස්ට් එකක් !!!
ReplyDelete