බ්‍රවුන් පේපර් පිටකවරයක්, පියානෝ එකක ස්ටිකර් එකක්, ඊට උඩින් ඉටි කොලයක් දාපු පිටු 120 CR පොතත් අරගෙන බටහිර සංගීතෙ ඉගන ගන්න ගිය පලවෙනි දවස නම් මට ඒ තරම් මතකයක් නෑ. එදා අපිට ලොකු දෙයක් උගන්නන්න නැතුව ඇති. ඒත් ඊලග දවසෙ එනකොට රූල් 5ක් තියන පොතක් තියනව අන්න ඒ පොතකුත් අරගෙන එන්න කියල ඒ ගුරුතුමිය කිව්ව වගේ මතකයි. දෙවැනි දවසෙ ඒ රූල් 5,5 තියන පොතත් අරගෙන (ඩබල් රූල් පොත වගේ රූල් තියන පොතක් ඒ පොතට කියන විශේෂ නමක් තිබුන මට ඒක දැන් මතක නෑ) අපි ගියා බටහිර සංගීතය ඉගෙන ගන්න. හැමෝම වගේ ඒ විශේෂ පොත අරගෙන ඇවිත් තිබුන. එදා අපේ පාඩම වුනේ ට්‍රේබල් ක්ලෙෆ් ( Treble clef) එකයි (Bass clef) එකයි අදින එක. ඉතින් අර කිව්ව පොතේ පිටු දෙකක් පිරෙන්නෙ අපි මෙව්ව ඇන්ද. බටහිර සංගීතෙ ඉගන ගන්න අන්තිම දවස එදා කියල අපි එදා දැනගෙන හිටියෙ නෑ. තුන්වෙනි දවසෙ බටහිර සංගීතෙ ඉගන ගන්න යනකොට ඒ ගුරුතුමිය මාරුවීමක් හදා ගෙන වෙන පාසලකට ගිහින්. ඒ කාලෙ වෙනකොට වෙන ගුරුවරියෙක් අපේ පාසලේ හිටපු නැති නිසා බටහිර සංගීත විෂය උගන්වන්න අපිට සිද්ද වුනා සෞන්දර්ය විෂය මාරු කරන්න. මාත් එක්ක එකට බටහිර සංගීතය ඉගන ගන්න ගිය සමහර ළමයි නැටුම් විෂයත් තවත් සමහරෙක් චිත්‍ර විෂයත් තෝර ගන්නකොට මා ඇතුලු තවත් පිරිසක් පෙරදිග සංගීත විෂය තෝරා ගත්ත.
මට ඇහිල තියනව මිනිස්සු කියනව " සංගීත කියන දේ ඇගේ තියෙන්න ඕන දෙයක් " කියල. ඉතින් ඒ කියමන ඇත්ත නම් අපිට පෙරදිග සංගීතය උගන්නපු ගුරුතුමියගෙ ඇගෙත් සංගීතෙ තියෙන්න ඕනේ. ඉතින් ඒ තරම් හීනි (කෙට්ටු ) මිස් කෙනෙක් ගෙ ඇගේ සංගීතෙ තිබුනනම් මගේ ඇගේ කොයි තරම් සංගීතෙ තියෙන්න ඕනෙද, කියල මට ඒ කාලෙ හිතුන ඒත් මම කාටවත් කියන්න ගියෙ නෑ. පෙරදිග සංගීත ඉගෙන ගන්න ගිය පලවෙනි දවසෙම ඒ උගන්වන මිස් ලොකු දේශනයක් දුන්න. අලුතින් ගිය අපේ සෙට් එකෙන් භාගයක් එදාම චිත්‍ර වලට ගියා. කොහොම හරි මම බටහිර සංගීත විෂයට ගත්ත CR පොතටම තව ලොකු CR පොතක් අලවල කොටස් 5කට බෙදල පෙරදිග සංගීත විෂය කරන්න පටන් ගත්ත
හැමදාම අපේ සංගීත කාලපරිච්ඡේදය වුනේ විවේක කාලෙට පස්සෙ තියන කාලපරිච්ඡේදය හෝ දෙකයි . ඉස්කෝලෙ ඉන්න ගුරුවරුන්ගෙන් භාගයක් විතර විවේක කාලේදී කෑම එක උස්සන් හෝ නැතුව කෑම කන්න එන්නෙ සංගීත කාමරේට. ඉතින් ඒ ඇවිත් කෑම කාල විතරක් නොනවතින ගුරුවරුන් ඊට පසුකාලපරිච්ඡේදය ඉවර වෙනකල් කතා බහ කරලා තමයි පංති වලට යන්නෙ. ඔන්න ඔහොම තමයි මට තේරුණේ සංගීතය කියන්නෙ විශ්ව භාෂාවක් කියල. සංගීතය ඉගෙන ගන්න හැම කෙනෙක්ම මොකක් හරි වාද්‍ය භාණ්ඩයක් වාදනය කරන්න දැනගෙන ඉන්න ඕනේ වුනා. මොකද ඒ කාලෙ වෙනකොට සාමාන්‍ය පෙළ විභාගෙට සංගීතය පැට්‍රිකල් එකක් තිබුන. වයලීන් එක නිකට යටින් තියාගෙන වාදනය කරන්න කොයිතරම් උත්සහ කලත් බෙල්ල කොට නිසා ඒ උත්සාහය අසාර්ථක වුණා. ඊලගට බටනාලාව පිබින්න පටන් ගත්ත. ඒත් ඒ වැඩෙත් වැඩි කල් අල්ලල ගියෙ නෑ. ඔන්න ඔය කාලෙ තමයි අපේ පංතියට අලුතෙන් ළමයෙක් ආවේ.එයාගෙ නම හෂාන්. හෂාන් ඉස්කෝලෙට එනකොට අපි හිටියෙ 8 වසරෙ. මේ හෂානුත් සෞන්දර්ය විෂය විදියට තෝර ගත්තෙ සංගීතය. මේ අලුතෙන් ආපු ළමය වාදන කරන්න තෝර ගත්ත වාද්‍ය භාණ්ඩය වුනේ ගිටාර් එක. අන්න ඒ වෙලාවෙ මටත් පොඩි ආසාවක් ආව ගිටාර් ගහන්න ඉගෙන ගන්න. බටනලාව අතඇරපු මම, වාද්‍ය භාණ්ඩය විදියට ගිටාර් එක තෝර ගත්ත. (හෂාන් දැන් ඩොක්ටර් බෑන්ඩ් එකේ ලීඩ් ගිටාර් ගහනව, හෂාන් ලගෙ අයිය දුෂාන් දැන් ජිප්සීස් බෑන්ඩ් එකේ කීබෝඩ් ගහනව)
ගිටාර් එක තෝර ගත්ත වගේ නෙවෙයි. ඒක ගහන්න ඉගෙන ගන්නත් ඕනෙ. ඒකට ගිටාර් එකක් ගන්නත් ඕනෙ. ඉතින් මම ගිටාර් ගැන දන්න හෂාන්ට කිව්ව මටත් ගිටාර් එකක් ගන්න ඕන කියල. එයා කිව්ව එයාලගෙ අයිය පාවිච්චි කරපු බොක්ස් ගිටාර් එකක් තියනව ඕනෙ නම් ඒක මට ගන්න කියල. ඉතින් මම ඒ ගිටාර් එක අරගෙන ගිටාර් ක්ලාස් ගිහිල්ල ගිටාර් ගහන්න පුරුදු වේගෙන එනකොටම අපේ සංගීත ගුරුතුමිය කිව්ව අපේ අවුරුද්දෙ සාමාන්‍ය පෙළ විභාගෙට සංගීත පැට්‍රිකල් නෑ කියල. අන්න ඒ නිවුස් එක ඇහුන දවසෙම මම තීරණය කලා ගිටාර් පංති යන එක නවත්තන්න.
කාලය ගෙවිල ගියා සාමාන්‍ය පෙළ විභාගෙ පටන් ගත්ත. සංගීත විෂය තිබුනෙ අන්තිම දවස් වල. සංගීත ප්‍රශ්න පත්තරේ තියන දවස් දෙකකට ඉස්සෙල්ල මම ගත්ත මගෙ 6 වසරෙ ඉදල 11 වසරට වෙනකල් ලියපු , පිටු 120 CR පොතට තව පිටු ගොඩක් තියන CR පොතක් අලවල පහට බෙදපු, ඉස්සරහ පිටුවෙ පියානෝ එකක් අලවල තිබුන සංගීත පොත. එක කොටසක භිලාවල් රාගයයි, තව කොටසක සුළු මැදුම් තනි තිතයි ඇරුනහම තව ඒ පොතේ ලියල තිබුනෙ මකුලොලුව මහතා ගැන විතරමයි. සංගීත පීරියඩ් එක කට් කරල චිත්‍ර කරන ළමයි එක්ක වොලිබෝල් ගහපුව මතක් වුණා පොත පෙරලලා ඉවර වෙද්දි. වෙලාවට ඤාති අයිය කෙනෙක් හිටිය සංගීත කරපු එයාගෙ පොත ඉල්ලගෙන පාඩම් කරල විභාගෙට ගියා.
සාමාන්‍ය පෙළ විභාගෙන් පස්සෙ ගිටාර් එක මොනවා වුනාද දන්නෙ නෑ. කොයි තරම් ආසාවක් තිබුනත් ආපහු සංගිත භාණ්ඩයක් ගන්නෙ නෑ කියල හිතා ගත්ත. ඒත් කාලයත් එක්ක හැම දෙයක්ම වෙනස් වෙනවනෙ. මම ඩුබායි ඇවිල්ලත් කාලෙකට පස්සෙ ජේමිස් බ්ලන්ට්ගෙ ( james blunt) සිංදුවක් ඇහුන. ලංකාවෙ ඉන්න කාලේ ඉදල මේ සින්දු සෙට් එක මගේ ලග තිබුනත් ඒව හරියට ඇහුවෙ මෙහෙ ආවට පස්සෙ. ඉතින් ඒ සිංදු අහනකොට ආපහු ගිටාර් ගහන්න තිබුන ආසාව එලියට ආව. මම ආපහු ගිටාර් එකක් ගත්ත. අරගෙන තනියම ඉගෙන ගන්න ට්‍රයි කළා. ඒත් වැඩේ හැරිහියෙ නෑ. ඊට පස්සෙ සර් කෙනෙක්ව හොයාගෙන මාසයක් විතර කලාස් ගියා ඒත් අන්තිමට වැඩේ අත ඇරල දැම්ම. ඊට පස්සෙ ජේමිස් බ්ලන්ට්ගෙ සිංදු අහන එකත් නවත්තල දැම්ම.
මාස දෙක තුනකට කලින් රවී අයියගෙ ගෙදර යනකොට එයා සිංදුවක් අහනව. මමත් ගිහිල්ල බැලුව ලස්සන සිංදුව බෑන්ඩ් එකේ නම මොකක්ද කියල අහපුවහම රවී අයිය කිව්වා ඒ බුලට් ෆෝ මයි වැලන්ටයින් ( Bullet for My Valentine) මෙටල් බෑන්ඩ් එකක්. මේ වෙනකොට මෙටල් පිස්සුව මටත් තිබුන නිසා මමත් ගෙදර ආපු හැටියෙ මේ බෑන්ඩ් එකේ ඇල්බම් 3,4ක් ඩවුන්ලෝඩ් කරගෙන අහන්න පටන්ගත්ත. දැන් මාස දෙකක් විතර එක දිගට සිංදු අහන. ඔහොම අහගෙන ඉන්නකොට තමයි මටත් එහෙම ඩ්‍රම් ගහන්න ඉගෙන ගන්න ආසාවක් ආවෙ.
ගිය සතියෙ මට සෙට් වුණා බාප්පගෙ වැඩකට සංගීත බඩු කඩයකට යන්න. මෙන්න එතැන තියනවා විකුණන්න එකෝස්ටික් ඩ්‍රම් සෙට් එකක්. එච්චර ලොකු ගානක් වුනේ නැති වුනාට මාසෙ අන්තිමට කෝඩෙට ආහුවෙලා හිටපු හින්ද ගන්න සල්ලි තිබුනෙ නෑ. ඉතින් යොහාන් අයියගෙන් ණයක් ඉල්ලගෙන අපි ගිහිල්ල ගත්ත ඩ්‍රම් සෙට් එක. අරගෙන කොහොම හරි අටව ගත්ත (සෙට් කරගත්ත). ඩ්‍රම් ලෙසන්ස් වගයකුත් නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගත්ත
ඉස්සරම මට ගිටාර් එකක් නොතිබුන කාලෙ මට හොදට නින්ද ගියා. හීන පෙනුන. ඊට පස්සෙ ගිටාර් එකත් කාම්බරේට ආපුවහම මට තවත් හොදට නින්ද ගියා. දැන් ගිටාර් එකකුයි ඩ්‍රම් සෙට් එකකුයි දෙකක් තියනවා. ඊයේ මම ගෙදර ගිහිල්ල හවස 6ට විතර නිදා ගත්ත අද උදේ 7 වෙනකල් හොදට නින්ද ගියා. ලස්සන හීන පෙනුන. මට කොයිතරම් සතුටුද කියනවනම් මේ සැරේ පඩි හම්බ උනහම මම කීබෝඩ් එකකුත් ගන්න හිතා ගත්ත. එතකොට තව ලස්සන හීන බලන්න පුළුවන් නෙ.
ප.ලි
හැමෝම නයි එක්ක සෙල්ලම් දාන හින්ද මටත් හිතුන පොඩි නයි සෙල්ලමක් දාන්න. ඕනෙ වුනේ ඩ්‍රම් එකක් ගත්ත කියල කියන්න විතරයි ඒත් මේ නයා හෙන දුර ගියා. සොරි වෙන්න ඕනෙ.
අනේ හරි අහිංසක නයෙක් අප්පා..
ReplyDeleteසන්තෝෂයි මල්ලී... එතකොට ඔය එක එක කාමරේට එද්දි ඕව එකපාර එක්කෙනාට වයන්න බෑනෙ... ඒකට විකල්පෙ මොකක් වේවිද?
උඹට දැන් වටේ ගෙවල් වලින් ගොඩක් ගෙවනවා ඇති නේ :-D
ReplyDeleteහම්මෝ... මූ කියලා තියන දේවල්.. ඔව්වා කියද්දි උඹේ ඇස් වලට කඳුළු ආවෙ නැද්ද මචං........
ReplyDeleteඑළ කිරි, අපිටත් මේ හදීසියකට ඩ්‍රම් සෙට් එකක් ඉල්ලගන්න කෙනෙක් නැතිව තමයි හිටියේ.... උඹේ නයාට පින් සිද්ද වෙන්න ඒකත් දැන් හරි....!
ReplyDeleteඅනේ හිත හිත හිරි වට්ටන නයි පොඩ්ඩ....හුරතල්......
ReplyDeleteමේ පාර රුචක අයියට "පො" යන්න ලොකුවට දාන්න අමතක වෙලා. නියම ඩ්‍රම් සෙට් එක ඈ. ලංකාවට ආව කාලෙක ඕකට තඩි බාන්න අපටත් අවස්ථාව ලැබේවා !!
ReplyDeleteකී බෝඩ් එක ගත්තම ඒකටත් පෝස්ට් එකක් දාමු ඈ. දැං නයා කන්සෙප්ට් එක නැගලම යනව නෙහ් ?
කොහොම උනත් යොහාන්ට ණය දීපු එකෙන් පාඩුවක් වෙන්නෙ නෑ.. ඕක දිගටම ගහන්න වෙන්නෙ යොහාන්ටනේ... ඒත් මට දුක අර රොෂාන් මලය ගැන .. පව් ඌ මේ සතියෙනම් නිදාගෙන ඉවරයි...
ReplyDeleteHurathal nayi patiyaa....
ReplyDeleteLucky
රුචක මචන් වටේ ගෙවල් වල වුන් උඹට පින් දෙනව ඇතිනේ. උඹ වගේ ඩ්‍රමර්ස්ලා තමයි ලෝකෙට ඕන කියල හිතනව ඇති!!!
ReplyDeleteAne umbata bullet for my valentine ahanna deela mama karapu winasayak.
ReplyDeleteහිකි හිකි :ඩී
ReplyDeleteහරි යන්නේ නැහැ අපිත් ඉවසුවා ඇති වගේ...
ReplyDeleteඔය සංගීත භාණ්ඩ වාදනය නොකරනවට අහල පහල උන් සෑහෙන ගානක් ගෙවනවද?
ReplyDeletehenryblogwalker the Dude
මේක ඔහොම දිගටම තියෙන්න අරින්න එපා... බාත් රුම් එකට වගේ යන ගමන්වත් සිම්බල් එකට තට්ටුවක් දාගෙන පලයන්...
ReplyDeleteඅද මමත් එනවනේ ඔය පැත්තේ . . දෙන්නම් නයාට ඇස්ටි හැලෙන්න . .
ReplyDeleteමේ ටිකේ හැම තැනම නයි නේ... :)
ReplyDeleteහැබෑට ඕක ගහනවට අහල පහල ගෙවල් වලින් නැද්ද දෝස් මුරයක්... මමත් මේ නහින දෙහින වයසෙ තබ්ල කොටයක් වත් අරන් පුරුදුවෙන්න ඉන්නෙ...
ReplyDeleteයකෝ මේ ඩ්‍රම් නයෙක් නේ,,උබට ඕක ගහන්න පුලුවන්ද ඉතින්
ReplyDeleteනයෙක් ගිය දුරක් :D
ReplyDeleteනාග රාජයෙක් නේ !
ReplyDeleteඋඹත් එක්ක ගිහිල්ලා චිත්‍ර විෂය තෝරගත්තු එකෙක් තමයි මමත්.......අනේ හොඳයි උඹ ඔය බෙර ටික ගත්තු එක.
ReplyDeleteමූට ළඟදිම ලංකාවට එන්න නොමිලේම ටිකට් එකක් ලැබෙයි වගේ! :D
ReplyDelete