නීරස
මතෘකාවක් ගැන අද මම මේ පොස්ට් එක ලියන්න හදන්නෙ. හැබැයි ඉතින් කියවන අයට
නම් ලොකු වෙනසක් තේරෙන එකක් නෑ. මොකද මම වෙනද ලියපු පොස්ට් වලින් එහෙම රස
නහර පිනා යන ගතියක් තිබුනේ නැති හින්ද.
මම
ඉපදුන වෙලාවෙ මගෙ උප්පැන්නෙ හදන්න යන්න ඇත්තෙ මගෙ තාත්ත. ඉතින් ඒ වෙලාවෙ
රෙජිස්ටාර් අහන්න ඇති තාත්තගෙන්, තාත්තගෙ ආගම මොකක්ද කියල. තාත්ත කියන්න
ඇති බෞද්ධ කියල. ඒ හින්ද රෙජිස්ටාර් ලියන්න ඇති මගෙ උප්පැන්නෙ බෞද්ධ කියල
ලියන්න ඇති. අන්න එදා ඉදල මම බෞද්ධයෙක්
මම
බෞද්ධ වුන එක ගැන කිසිම ගැටළුවක් නෑ. ඇත්තටම මම සතුටු වෙනව මගෙ ආගම බෞද්ධ
වුන එකට. ඒ වගේම මම දුක් වෙනව මගෙ ආගම බෞද්ධ ආගම වුන ක්‍රමයට. තේරුම, මම
හිතන විදියට තමන්ට කැමැති ආගමක් තෝරගන්න වත් අඩුම තරමෙ අයිතියක් තියෙන්න
ඕනෙ. කවුරු හරි කෙනෙක් කියන්න පුළුවන් ඒ අයිතිය අපිට තියනව කියල. ඔව් මම ඒ
දේ පිළිගන්නවා. ඒත් හැමෝටම ඒ අයිතිය තියනවද කියන එකයි ගැටලුව. කොහොම
වුනත් මේ පෝස්ට් එකට ආගම් ගැන එහෙම සෘජු සම්බන්දයක් නම් නෑ. ඒත්,
ආයෙත්,
කතාව පටන් ගන්න කලින් කියන්න ඕනෙ මේක දැනට මම දරණ මතය මිස 100%ක් ම හරි
මතයක් නොවෙන්න පුළුවන්. ඒ දැනට මම ඒක හරියි කියල හිතන් ඉන්නව වැරදියි කියල
ඔප්පු කරන්න තරම් සාක්ෂි “මම” දැකල නැති නිසා. එහෙම සාක්ෂි තියනවනම් ඕනෑම
වෙලාවක මගෙ මතය වැරදියි කියල පිළිගන්න මම සූදානම්.
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴..............................෴෴෴෴෴෴෴෴෴෴෴
අද
පොඩි සංවාදයක් ගියා ඔෆිස් එකේ. ඒ සංවාදයට මූල වුනේ මේ දවස් වල fb එකේ
තියන ආදම් ගෙයි ඒව ගෙයි බුරුයයි, සොෆී ගෙ ලෝකය පොතේ තිබුන මුලින්ම ආවෙ
කවුද? කුකුල් පැටියාද නැත්නම් "සංකල්ප" කුකුල් පැටියද කියන එකයි. ඇත්තටම ඒක
හරි විකාරයි. ඔෆිස් එකේ වැඩක් නැති හින්ද මම නිකමට ඔය දේ ඇදල ගත්තෙ. පොඩි
ෆන් එකක් ගන්නත් එක්ක. ඒත් ඒ සේරම අවුල් ජාලයක් වුනේ ආදමුයි ඒවයි දෙවියන්
වහන්සේ විසින් මැව්ව කියල විශවාස කරණ කෙනෙක් අපේ ඔෆිස් එකේ හිටිය එකයි. මම
එකේ කිසිම වැරද්දක් දකින්නෙ නෑ. ඕනෑම කෙනෙක්ට ඕනෑම දෙයක් විශ්වාස කරන්න,
අදහන්න අයිතියක් තියනව.
ටික
වෙලාවක් සංවාදය ගියා ඒක හරවත් එකක්ද එහෙම නැත්තන් කිසිම හරයක් නැති
සංවාදයක්ද කියල මට ඒ තරම් තේරුමක් තිබුනෙ නෑ. මොකද සංවාදෙ එක් පාර්ශවයක්
නියෝජනය කලේ මම නිසා. කොහොම උනත් අවසානයෙදී සිද්ද වුනේ දෙපැත්තෙන්ම හින්ට්
ගහ ගන්න ඒක. පැය භාගයකට විතර පස්සෙ සියල්ල යථාතත්වයට පත් වුනා. මම හිතුව
මම දිනුම් කියල. ඒ වගේම ඔහුත් හිතන්න ඇති ඔහු දිනුම් කියල.
කවුරු
දිනුවත් කවුරු පැරදුනත් ඒක ඒ තරම්ම වැදගත් දෙයක් නෙවෙයි. ඒත් වැඩ ඇරිල
ගෙදර ඇවිත් කොමඩ් එක උඩ ඉදන් ඉන්න ගමන් කල්පනා කළා මේ දේ ගැන. ඒ වෙලාවෙ මට
හිතුන,
1. දෙවියන් වහන්සේ මිනිසුන් මැව්ව නම් ඒ කොයි කාලෙද? (ක්රිස්තුපුර්ව කී වෙනි සියවසේ ද?)
2.
දෙවියන් වහන්සේ මිනිසා මැව්වේ ඒ ප්රාග් ෛඑතිහාසික යුගයට කලින් නම්
(ඩයිනෝසෝරයින් පෟථිවි ජීවත් වෙන්නත් කලින්) ප්රාග් ෛඑතිහාසි යුගයේදිත්
මිනිසුන් ඩයිනෝසෝරයින් සමග වාසය කළාද ?
3.
නොඑසේනම් මිනිසුන්ව මැවුවේ ප්රාග් ෛඑතිහාසික යුගයට පසුව නම්, දෙවියන්
වහන්සේ විසින් මුලිනම මවන ලද්දේ ඩයිනෝසෝරයින්වද? එසේ නොමැතිනම් නම් උන්
හටගත්තේ ඩාවින්චිගේ පාරිනාම වාදයට අනුවද?
4. ආදම් හා ඒවා ගෙන් අපි සියලු දෙනාම පැවත එන්නෙ නම් මිනිස් සිරුරේ ලේ වර්ග ගණන 4ක් දක්වා වෙනස් වුනේ ඇයි?
සමහර විට මේවා මහ මෝඩ ප්‍රශ්ණ වෙන්න පුළුවන් ඒත් කොමඩ් එක උඩ වාඩිවෙලා ඉන්නකොට ඔයිට වඩා දේවල් හිතෙනව හරි අඩුයි ඉතින්.
මේ ඔක්කොම දේවල් හිතිල ඉවර උනාට පස්සෙ නන්දා මාලනී මහත්මිය ගායනා කරන මේ සිංදුවත් මතක් වුනා
ආදම් ඒව මැවුවේ අපී අපී
මහබභු හැදුවේ වැදුවේ අපී අපී
වසන්තය ගිම්හානෙන් වෙන් කලේ අපී
දහවල රාත්‍රියෙන් වෙන් කලේ අපී
විශ්වය වටහා ගත්තේ
වර්ණය හදුනා ගත්තේ
දෙවියන් බමුන් නොවේ
අපී අපී අපිමයි
ආදම් ඒව මැවුවේ අපී අපී
මහබභු හැදුවේ වැදුවේ අපී අපී
කුසුම් තුරු ළපළු ලතා හැඩ කළේ අපී
සාගර ජාල දහරා නම් කළේ අපී
භගවත්හට ගීතා ගැයුවේ
කුරාණ බයිබල ලිව්වේ
දෙවියන් බමුන් නොවේ
අපී අපී අපිමයි
ප.ලි
මේ මම හිතන් ඉන්න විදිහ කියවන ඔයාල මිට වඩා වෙනස් විදියකට හිතන්න පුළුවන්. ඒ දේ හරි වෙන්නත් පුළුවන.
රුචා හරවත් සංවාදයකට මුල පුරලා තියන නිසා කරදර කරන එක හරි නැහැනෙ..ඒ හන්දා මම පස්සෙ එන්නං..
ReplyDeleteප.ලි.
දෙවියන් වහන්සෙ මුලින්ම මැව්වෙ කිකිලියෙක්වත් බිත්තරයක්වත් නෙවෙයි..කුකුළෙකුයි කිකිළියකුයි..
කුකුළෙක් නැතිව කිකිලි මොන කෙහෙල්මලක් කරන්නද...
කිකිලියි බිත්තරෙයි නෙවෙයි අයියෙ.
Deleteකුකුල් පැටියයි සංකල්ප කුකුල් පැටියයි :D
උඹට ඉතින් අලි තඩි සරීරයක් තියෙන නිසා අවුලක් නෑ මේවා කියලා ගුටි කන්න...
ReplyDeleteඅපිනම් කයි ගුටි.
Deleteගහන්න ආවොත් වදිනව දනගල
මටත් එන තරමක් විකාර ඔලුවට එන්නෙ ටොයිලට් එකේදි බන්... ;)
ReplyDeleteඅයියත් රට පිට ඉන්න හින්ද වෙන්න ඇති ඒ. :D
Deleteඒත් ඉතින් ඔක්කොම දේවල් ඉවර වෙලා වතුර පාර වදිනකොට පියවි සිහියට එන්නෙ උඩ විසි වෙලා
අම්මෝ නෑ... මම මේ රටෙන් පිටට අඩියක් තියල නෑ බන්... මං ඉන්නෙ ලංකාවෙ...
Deleteආදම් සහ ඒවට බුරි නෑනේ... ඩගියටත් නෑ...
ReplyDeleteදෙයියෝ මැව්වේ තුන්දෙනයිලු බුරිය නැතුව...
ආදම් සහ ඒව සමග ඩගියා කොලුවව...
එතකොට අයියෙ ඒගොල්ලන්ව මැව්වෙ ඩයිනෝසෝරයින්ට ඉස්සෙල්ලද පස්සෙද
Deleteඑහෙනං රාමසානුත් එකේ, නිවාඩුව මේක බලපන්කෝ :)
Deletehttp://youtu.be/nl2a4C7X8l4
තෑන්කූඌඌ බීටලේ..එලස්...මම දැන් බලනවා...
Deleteමමත් ඩවුන්ලෝඩ් වෙන්න දැම්ම. ටැංකූ වේවා
Deleteකවුරු මුලින් මැව්වත් අපේ මොකෝ?
ReplyDeleteමොකද අපිටවත් අපේ වැඩ වලටවත් තඹේක වාසියක් වෙනවා කියලා එකක්යැයි.
නැද්ද හා??
ඒකනම් ඇත්ත තමයි ඒත් පොඩි ෆන් එකක් ගන්න පුළුවන් නෙ කවුරු හරි එක්ක විවාදෙකට පැටලුනොත්
Deleteරුචා ඔය කොමඩ් එකේ ඉදගෙන අනවශ්‍ය දේ හිතන්නේ නැතුව පහසුවෙන් උවමනා වැඩේ කර ගනින්කෝ
ReplyDeleteලෝකය දෙවියන් මැවුවා නම් මීට වඩා ලස්සනට අපිව මහවන්න තිබුනා නෙවත....අපිට තියෙන එක අවුලක් තමා පස්සට ඇස් දෙකක් නැති එක...ඒ වගේ පස්සට ඇස් දෙකක් තිබුනනම් අපිට පුලුවනි අපේ පස්සෙං එන කෙල්ලො බලාගන්න....
ReplyDeleteඒක තමා, ඇයි අහවල් එකත් එළි පහළියෙ හිටින්න මැවුවනං මෙච්චර වදයක් නෑනෙ.
Deleteඔය සේරටම කලිං මට ප්‍රශ්නයක් තියෙනවා. දෙයියන්ව මැව්වේ කවුද?
ReplyDelete(මට හිතෙන විදිහට දෙයියන්ව මැව්වේ මිනිස්සුමයි. මිනිස්සු දෙයියන්ව මවලා ආයෙත් දෙයියන්ට කියලා මිනිස්සුන්ව මැව්වා. ඒකත් මාර ආතල් වැඩක්! :D)
මාත් කොමඩ් එක උඩ වාඩි වෙලා කම්පනා කලා මුකුත් එන්නෙ නෑ ඔළුවට..අල්ලලා දාන්න රුචා ..
ReplyDeleteඑහෙනං කල්පනා කරපුවා කොමොඩ් එකට වැටෙන්න ඇති! :D
Delete"තාත්තගෙ ආගම මොකක්ද කියල. තාත්ත කියන්න ඇති බෞද්ධ කියල. ඒ හින්ද රෙජිස්ටාර් ලියන්න ඇති මගෙ උප්පැන්නෙ බෞද්ධ කියල ලියන්න ඇති. අන්න එදා ඉදල මම බෞද්ධයෙක්"
ReplyDeleteඇත්තටම මම හිතන්නේ අනාගතේදී හරි වෙන්න ඕන උපතේදී කිසිම ළමයකු ආගමකට සම්බන්ධ නොකර කුඩා පන්තියේ ඉදන් හැම ප්‍රධාන යැයි සැලකෙන ආගමක්ම හදාරන්න අවස්ථාව දෙන්න ඕන... කුඩා කුඩා ආගම් ගැන පසු කාලීනව ළමයින්ටම හොයා දැන ගන්න පුළුවන් වෙන විදියේ ස්වයං අධ්‍යයනය වැඩ පිළීවෙලකුත් එක්ක... මූලික අධ්‍යාපනයේදී කිසිම තෝරා ගැනීමක් කරන්න දෙන්න නරකයි මෙ මේ ආගම් පමණයි කියලා... ඒ ඒ ආගම් ඉගැන්වීමේදී ඒ ඒ ආගම්වල ප්‍රධාන ආගමික නායකයින්ගේ (දැනට ඉන්න) අදහස් මත විෂය නිර්දේශ සකස් කරල යුතුයි.. එවිට ඔවුන්ට පුළුවන් තමන්ගේ ආගම්වල ඇති මූලික හර පද්ධතීන් ළමයින්ට කියා දෙන්න... ළමයින්ට කාලයක් එක්ක හැකියාව ලැබෙයි ඒ ඒ ආගම් එක්ක සංසන්දනය කරමින් ලෝකය ගැන හදාරන්න... වැඩිහිටි වෙනකොට ඒ අයම තෝරගනී තමන් ආගමක් ඇදහිය යුතුද නැද්ද යන්න... මොකද විද්‍යාවත් ළමයින්ගේ විෂය ධාරාවේ තියෙන නිසා...
ඔය ක්‍රමය ඇති කිරීම නම් මලාට කරන්න වෙන්නේ නැහැ සමහර ආගමික නායකයින් එක්ක... හැබැයි විය යුත්තේ ඒක...
(උඹ මේ බුරියක් ඇදලා අරං දෙබරයක් අවුස්ස ගනීද මංදා..යකෝ කොමඩ් එක උඩ වාඩි වෙලා ඉන්න ගමන් උඹට හිතන්න දෙයක් ඇත්තේම නැත්තං ඒක උඩත් නිදා ගනින්...)
මාරයියගේ මේ කතාවට සහ යෝජනාවට නම් මාත් 100% එකගයි. තමන්ගේ ආගම තෝරගන්න ඕනේ තමන්ම අවබෝධයක් ලැබුවාට පසුවයි. ඒත් ඉතිං පළවෙනි ඡන්දෙ දෙන්න යනකොට පුතේ මේ නොම්බර ටිකට කතිරෙ ගහපන් කියන තාත්තලා ඉන්න මේ රටේ නම් ඕක ආත්ම ගානකට වෙන්නේ නම් නෑ.
Delete"මම ඉපදුන වෙලාවෙ මගෙ උප්පැන්නෙ හදන්න යන්න ඇත්තෙ මගෙ තාත්ත. ඉතින් ඒ වෙලාවෙ රෙජිස්ටාර් අහන්න ඇති තාත්තගෙන්, තාත්තගෙ ආගම මොකක්ද කියල. තාත්ත කියන්න ඇති බෞද්ධ කියල. ඒ හින්ද රෙජිස්ටාර් ලියන්න ඇති මගෙ උප්පැන්නෙ බෞද්ධ කියල ලියන්න ඇති. අන්න එදා ඉදල මම බෞද්ධයෙක්"
ReplyDeleteඋප්පැන්නෙ අරන් බලන්ඩෝ.. ඒකෙ ආගම සඳහන් කරන්න තැනක් නෑ.. :)
අපිත් ඉස්කෝලෙදි ආගම උගන්වන ටීචර් කෙනෙකුගෙන් අහලා තියෙනවා 'මිස් ආදම්ට බුරියක් තියෙනවද' කියලා... අපි හිතලම ඇහුවා නෙමෙයි ඊට ඉස්සෙල්ලා පීරියඩ් එකේ උගන්නපු සර් මිස්ගෙන් ඒක අහන්න කියලා අපිට කියලයි ගියේ..
රුචක මල්ලී... මමත් උපතින් වගේම හැකි තරමට පැවතුමෙනුත් බෞද්ධ... නවසිය අසූ හතරෙ ( බොලා ඉපදිලත් නැතුව ඇති මහිතෙ ) සමස්තලංකා දහම් දැනුම තරඟෙන් ලංකාවෙ පළවෙනිය වුණේ මම.... මේ චූටි නයි පැටිය පාරට දැම්මෙ දැන් මෙතන හැමෝම එක පැත්තක් නිසාත් සංවාදයක් තියෙන්න ඕන නිසාත් තරමක වෙනස් අදහසක් ඉදිරිපත් කරන්න...
ReplyDeleteමට හිතෙන්නෙ මල්ලි ආපු ලේන් එක වැරදියි... ඒ කිව්වෙ.. මල්ලිට ඔය ප්‍රස්න හිතට ආපු එකේ වරදක් නෑ...ඒත් අර බුඩිස්ට් අයිඩෙන්ටිටි එක පෙන්නල ඔය ප්‍රශ්ණ අහපු එක හරි නෑ...මාරය මේක බලනවනම් සාක්කි දෙයි.. බුදු හාමුදුරුවො කිව්වෙ... ලෝක විෂය අචින්ත්‍යයි... සත්ව විෂය අචින්ත්‍යයි.. කියල... ඒ කිව්වෙ මේ පෘතග්ජන අපිට ඕව හිතල විසඳගන්න පුළුවන් දේවල් නෙමෙයි... ඒව ගැන හිතල වෙලාව නාස්ති කර ගන් නැතුව ඒ වෙලාව මේ සසර මග කෙටි කරගන්න පාවිච්චි කරන්න බලන්න...
හැමෝම ඕන දෙයක් තමුන්ගෙ වාසියට පාවිච්චි කරනව වගේ බුදු හාමුදුරුවොත් ඩා වින්චි ගෙ සාක්කි කාරයෙක් කරගන්නව... නමුත් ආහස්සර කායෙන් ජීවය චුතවෙලා මහ පොලොවෙ පහලවෙනව කියන එක මටනම් මුහුදෙ තිබුන අණු එකට හැප්පිලා ඉබේ ජීවය සෙට් වුණා කියනවට වඩා ෆිට්..
100% ක්ම එකඟයි අයියා...
Deleteඔව්වා හොයන්න ගෙහුන් නාස්ති වෙන කාලේ අපරාදේ.. මූට හොඳ නින්දක් දාන්න තිබුන වෙලාව... එක වංගියක් සැරියුත් හාමුදුරුවෝ ඔය දේවල් හොයන්න උත්තසහ කරලා තව පොඩ්ඩෙන් එන්න පාර හොයා ගන්න බැරිව අතරමං වෙනවා..එව්වා එහෙමනං මේ රුචා කොහොම එන්නද මං අහන්නේ..?
අපිට මැදිහත්ව හිතන්න අමාරු තැන් වලදී එක පැත්තක ඉඳන් අරවා මේවා හිත හිත ඉන්නවට වඩා හොඳා මංනං කියන්නේ ඒ ටයිම් එකෙත් රුචාගේ ජීවිතේ වැදගත්ම කාරිය කර ගත්තනං...
සපතේරු උන්නැහේට එකඟයි.. ඔය ටික මම කලින් කමෙන්ට් එකේ කියන්න ගියානම් කට්ටිය හිතාවි මූ කතෝලිකනෙ.. ඒක හින්දා උන්ගෙ ආගමේ එව්වා කියවද්දී මලපැනලා සිද්ධිය වහන්න යනවා කියලා..
Deleteඔය ප්‍රශ්නවලට මගේ පොඩි දැනුමින් උත්තර දෙන්න තිබුනා.. උඩ කමෙන්ට් එකෙත් ලියවුනා.. නමුත් මැකුවා.. තේරුමක් නෑනෙ.. මගේ ඒ විස්තරය බලන කෙනෙක් කියයි 'ආ.. එහෙනම් කියපන් මේක වුනේ කොහොමද?' එතකොට මාත් වලියට යයි.. ඔහොම ඔහොම දෙපැත්තම පිළිගන්නෙත් නෑ වලිය ඉවරත් නෑ..
නමුත් පෞද්ගලිකව මම කැමතියි කතෝලික ආගමේ ලෝකය මැවීම ගැන තියෙන්නෙ කොහොමද ? බෞද්ධාගමේ තියෙන්නෙ කොහොමද? ඉස්ලාමයේ තියෙන්නෙ කොහොමද? දැනගන්න. එච්චරයි මේක එහෙම වෙන්නේ කූමද මෙහෙම වෙන්නේ කොහොමද අහන එක සුදුසු නෑ. මොකද අපි අනික් ආගම්වල කරුණු ගැඹුරින්ම දන්නේ නෑනෙ. ඒ ඒ අය ඒ ඒ විදිහට පිළිගන්නෙ ඒ වටා තවත් හේතු තියෙන්න පුලුවන්..
අපි කොහෙන් ආවත් මොන ආගම ඇදහුවත් යහපත් දේ කිරීම තමයි වැදගත්..
@සපා
ReplyDeleteහා... විහිළුවට වගේ ඒක ෆිට්ම කියමුකෝ... ශාක ඇතිවුන හැටි ෆිට් කරගන්නේ කොහොමද..? බුදුදහමේ හැටියට විඥ්ඥානයක් නැති නිසා ශාක ජීවීන් කියලා ගන්නේ නෑනේ...
@මාරේ
සැරියුත් හාමුදුරුවෝ නෙමේ මුගලන් හාමුදුරුවෝ කියලයි තියෙන්නේ...
බීටා...
Deleteනැහැ යකෝ සැරියුත් හාමුදුරුවොම තමා..හා වරෙං වාදෙට..වරෙං වාදෙට...
තනියම බෑ සෙට් එකක් හොයාගෙන එන්නං... :P
Deleteමහෙමයි බීටලයියා. වැඩිය හිතන්න එපා. හැමදේම ආගමෙන් පහදාගන්න යන්න එපා! එහෙම උනොත් ආගම් බොරු වෙලා යනවා. ඔයා පව් කාරයෙක් වෙනවා. මිනිස්සුන්ව දෙයියෝ මැව්වනං සාක මැව්වෙත් දෙයියෝ. එච්චරයි! ලේසියි පහසුයි! දෙයියන්ව සැක කිරීම මහා පාපයක්! :D
Deleteමේ පැත්තෙ වලියක් කියලා ආරංචියක් ආවා.........?P
Deleteහුටා..බීටා..උඹ සෙට් එකත් අරං එනවද..මට බැහැ මට බැහැ..ඔව්වා ඔට්ටු නැහැ...
Deleteගේම නං ගේම අද මම හාෆ් ඩේ දාලා මේකටම බහින්න හිතං ඉන්නේ...
Deleteබීට්ල් මල්ලි , රස පොළොව.. භදාලතා වැල් ගැන එහෙම නැත්නම් ස්වයං ජාත හැල් ගැන අහල තියෙනවද...
Deleteබීටා...හාෆ් ඩේ මදි..මොකද මං අද ෆුල් ඩේ දාලා ඉන්නේ...
Deleteසපා අයියා..දැන් මෙයාලා හදන්නේ මං ලවා ලින්ක් දම්මවන්න..මොකද කියන්නේ මමත් පටන් ගන්නද මගේ දැන්වීම් තීරුවක් මෙතන දාන්න...
අහලා තියෙනවා... කල්ප වෘක්ෂය කියලා එකක් ගැනත් අහලා තියෙනවා... ඒත් ඒවා "පහලවුනා" කියලා කියන තැනදි තමයි අවුල එන්නේ...
Deleteලොලේ ලොල් මාරෙ... ධර්ම යුද්දෙ කියල එකකුත් තියනවලු නෙ...
Deleteනැතිව නැතිව..
Delete(හැබැයි ඔය බීටා ඕන නැති පුරස්න අහන්න ආවොත් ධර්මේ අධර්මේ වෙලා තමා නවතින්නේ)
ඉතින් බුදු මල්ලියෙ අපේ විද්‍යා මහත්තුරු කියන්නෙත් මුහුදෙ අණු වගයක් තිබිල ඒව එකට හැපිල ඉබේ ජීවය "පහලවුණා" කියල නේද...?
Deleteඊටත් ඩිංගක් එහාට ගියොත් බිග් බෑං තියරි වගේ එක කින් කියන්නෙ ඩෝං ගාල මේ විශ්වය "පහලවුනා" කියන එක නෙමෙයිද...
අන්න අන්න "පහලවුනා" කියන එකයි "නිර්මාණය වුනා" (හෝ නිර්මාණය කලා?) කියන එකයි දෙකක් ඔන්න...
Deleteඒකත් ටපලාගෙනම ඉස්සරහට යන්න නේද හැදුවේ... ඉස්සෙල්ලා ඒක ක්ලියර් කරගෙන ඉමුකෝ කල්ප වෘක්ශය, රස පොලව බාදාලතා වැල් ස්වයං ජාත හැල් යනාදී මේ හැම එකම යම්කිසි දෙයකින් නිර්මාණයවුනාද පහලවුනාද..? :)
ප්‍රෝටීන් ඩී.එන්.ඒ., ආර්.එන්.ඒ. යනාදිය පහලවුනේ නෑ එකඟයිනේ...?
බිග් බෑං මේකට ටපලන්නත් එපා සපා අයියා... මෙතන කතාව බුරිය හෙවත් ජීවයේ උපත හොදේ..? :) විශ්වයේ උපත ගම්මු රුචාට කියලා වෙන පෝස්ට් එකකින්...
විද්‍යාවේ ඉබේ පහල වීම් නෑ නේද? බිග් බෑං කියන්නේ විශ්වයේ ඇරඹුම විද්‍යාත්මකව පහදන්න අදට තියෙන සාර්ථකම ක්‍රමය.(මං පිළිගන්නවා ඒක තාර්කික කරුණු බොහොමයක එකතුවක් කියන එක) ඒකෙන් පහදන්නේ අද ලෝකේ මේ තැනට ක්‍රමක්‍රමයෙන් ආව විදිහ ගැන. අපේ ලෝකය සහ ජීවය ඉබේටම සුටුස් ගාලා ඇතිඋනාය කියනවාට වඩා බිග් බෑන් තියරිය මට ෆිට්.
Deleteජීවයේ උපත් ප්‍රධාන ආගම් හැම එහෙකම පැහැදිලි කරන්න ට්‍රයි කරලා තියෙනවා මේං මේ විදිහට.
ක්‍රිස්තියානි සහ මුස්ලිම් ආගම් වල මේ හැමදේම මැව්වේ දෙයියෝ. දෙයියෝ කිව්ව දේ ගැන ප්‍රශ්න කිරීම පවක්ය කියලා වැඩේ ශේප් කරලා දැම්මා.
බුද්ධාගමේ ලෝක විශය අචින්ත්‍යයි කියලා වැඩේ ශේප් කරලා දැම්මා.
අපේ රටේ තාම අවුලක් නැතිව පරිනාමවාදය අරක මේක උගන්නනවා. එතකොට අපි දන්නවා මේවා ඉබේ පහල උනේ නෑ කියලා. ඒත් ආගමෙ කියන එක ඊට වඩා දරුණු විදිහට් ඔළුවේ පැලපදියම් වෙනවා. අපි දන්නවා ලෝකේ ඉබේ පහල උනේ නෑ කියලා. ඒක අපි ඉගෙනගත්තුවා නිසා අපේ දැනුමේ කොනක තියෙනවා තියෙනවා වගේ. ඒත් ආගමේ වෙන්ස් දෙයක් තියෙන හන්දා අරක කොනේ තිබ්බත් ආගමේ කියලා තියෙන එක ඉස්සරහට එනවා. අපි කැමති නෑ ආගමේ එන දේවල් බොරුයි කියන්න. එතකොට අපේ ඔළුව විකාර වෙලා යනවා. අනේ ඕන මඟුලක් කියලා අමතක කරලා දානවා! :D :D
(තරහා ගන්න එපා ඈ. මේ මට තියෙන ප්‍රශ්න තමයි! :D)
මට හිතෙන්නෙ බීටලේ හරි..ඌ බණ දහම් ගැන දන්න එකා වෙච්චි කොට..
ReplyDelete@ මාරයා...
හිටු තොට..ගහන්න අවස්තාවක් ආවාම පන්සල විකුණල හරි ගහන්න ඕන...එහෙමයි හෙළයා
අඩේයි..ඔටුවා... උඹ ඇවිල්ලා කාන්තාරෙට පැනලා එහෙ වාසි ගන්න තම්බි තොප්පියත් ඉහේ දාං තුන් වරුවේ පල්ලි යන එකා... ආවද මෙතන මගේ මෙව්වා එකට මෙව්වා කොරන්න... හිටු...
Delete(ගහන කොට ගහන්න ඕන පණ පිහිටෝලා බොරු වලින්...)
හරි උඹ කොහොමද මුගලන් හාමුදුරුවො නෙවෙයි කියන්න..එහෙම නැහැ කියලා එක සෙල් ලිපියකවත් අඩුම ගානෙ පොතකවත් තියනවද ? දැන් කියපං එහෙම තිබුනා ..බමුණො ඒවා පුච්චලා කියලා...
Deleteහුහ්...අප අහුවෙයි ඕවට :D:D
යකෝ ඔව සේරම තිබුණ... සැරින් සැරේ පර සුද්දො ඕව ගෙනිහින්.. ආං ඒරියා 51 එකේ තියාගෙන ඉන්නව...නාස එක ඔය සැරින් සැරේ අරක මේක හොයා ගත්ත කියන්නෙ ඕව බලල මිසක් වෙන කොහොමද...
Deleteඑව්වා ඔට්ටු නැහැ පුතා..එව්වා ඔට්ටු නැහැ..උඹට රාවණ සාධක ඔප්පු කිරීමේ ක්‍රම වේදයට අනුව මට නෙලන්න බැහැ..ඒවට කොපි රයිට් තියෙන්නේ අපිට විතරයි.. උඹ කොහොමද සෙල් ලිපි කතාවක් ඇදලා ගත්තේ.. ඔන්න ඕක මම මෙහෙම කිව්වනං තමා ඒක වලංගු වෙන්නේ..
Delete"හරි උඹ කොහොමද සැරියුත් හාමුදුරුවෝ නෙවෙයි කියලා කියන්නේ..කෝ එක සෙල්ලිපියක්වත් තියෙනවද ඒක එහෙම නෙවෙයි කියලා කියන්න"
අන්න හරි සපා අයියා..ආන්න අරි...
Deleteතව ටිකකින් මූ ජයාට ටෙලිපති යවනවා... බුවා බැස්ස ගමන් වටේටම නෙලනවා නිරුක්තියෙන්... හොදි ඕන්නෑ ඊට පස්සේ...
Deleteඅඩේ හිටපං..මට දැන්නේ අදිසි උපකාරකය ගන්න පුළුවන් කියලා මතක් උනේ..හිටහං...
Deleteමී ජයා..
ReplyDeleteදැන් බලමු මේකෙ නිරුක්තිය..
මෙය ලියා ඇත්තේ රුචක නම් මානවකයෙක් බව පෙනී යයි..
ඔහු කවරෙක්ද..
රු + චක .. රු = රූපය, චක= චකබ්ලාස් වූ.
එසේ හෙයින් රූපය චකබලාස් වූ මානවකයෙකු විසින් මෙය එසේ තමාව චක බ්ලාස් කොට මැවීමට එදිරිව ලියූවක් බව පෙනේ...
මේ කමෙන්ට් එක දැක්කයි කියල වලියට යන්න යෑ. මොකද මේ කතාව 100%ක්ම ඇත්ත නෙ
Deleteඔන්න ඕකනේ උඹලත් එක්ක බැරි..දැන් ඕක ලියපු එකා උඩ යයි උඹ බය උනා කියලා..එහෙම ලේසියෙන් එකෙකුට දිනන්න දෙන්න එපා..උඹත් අල්ලහං කොනක්... අනික මංනේ කියන්නේ..මේ බ්ලොග් එකේ උඹ කැමති වලියක් ඇදපං... මං අවසර දීලා තියෙන්නේ...
Delete(මේක මගේ එක නේද..?)
මී = මීයා වන = වනවී (කුනුවෙලා) පළානේ = පැලුවා (දැන් කපලම දාල)
Deleteජයරත්න
ඒ කියන්නෙ මිවනපළනේ ජයරත්න = පො@න ජයරත්න.
මා= මාර්ගයේ ර= රෙන යා= යාචකයා
Deleteඒ කියන්නෙ මාර්ගයේ රෙන යාචකයා හෙවත් හිඟන්නා තමයි මාරයා කියන්නෙ
ඇනෝ තියෙන්නෙ කුණුහරප ලියන්නම නෙමෙයි ළමයිනේ...
Delete'මම ඉපදුන වෙලාවෙ මගෙ උප්පැන්නෙ හදන්න යන්න ඇත්තෙ මගෙ තාත්ත. ඉතින් ඒ වෙලාවෙ රෙජිස්ටාර් අහන්න ඇති තාත්තගෙන්, තාත්තගෙ ආගම මොකක්ද කියල. තාත්ත කියන්න ඇති බෞද්ධ කියල. ඒ හින්ද රෙජිස්ටාර් ලියන්න ඇති මගෙ උප්පැන්නෙ බෞද්ධ කියල ලියන්න ඇති. අන්න එදා ඉදල මම බෞද්ධයෙක්'මෙන්න මේ ලිවීමේ ශයිලියට මම හරිම කැමතියි! :)
ReplyDeleteයකෝ මුන් මේ රුචකයගේ බොගට මොකද්ද මේ කරලා තියන අපරාදය
ReplyDeleteඇයි බං ඩිලා..මොකද මේකට මුං කරලා තියෙන්නේ..මේ තියෙන්නේ යසට.."බැබලි බැබලි"
Deleteමට මතක් වුනා සමන් ද සිල්වාගේ ගීතයක්.
ReplyDelete“දෙයියො මැව්වෙ තුන්දෙනෙක්ව බුරිය නැතුවලු“
“බුරිය නැති නිසා බුරි-ලස් (buriless) කියල කිව්වලු“
අහල ඇතිද?
Dear Sir,
ReplyDeleteI understand you listen to metal music and thinking like a western roddie who roam around asking for existence of god. God is alive. He can see all this. When the judgement day comes you and your commode both will burn in the flames hell. You are fucking messenger of satan. We are not scared. We are not shaken. We all united and believe in the heavenly father. He created this world. His son woke up from the death. If you try to rise against the will of god you ll burn just like the rest of satanist.
God may bless you for your pathetic soul. When u burn in the flames with your master do not forget to tell your blog being monitored by father of all master of all slayer of all. all MIGHTY GOD !!!
Dear Anonymous,
DeleteI understand that you were raised in a religiously well manner.
I also believe that you're a strict religion follower.
However, you seem to be blinded by your own obsession, and I also understood that you're being rude and behaving like a SO CALLED SATAN AND A GUY OF WESTERN CULTURE. All that you know is to defend your view. But I'm afraid you didn't answer the question but reflected your own personality by using words as "Fuking."
All that the blogger needs, is answers and not your discrimination.
Everyone has their own ways of beliefs, and just because of that, you simply cannot call another " Fucking messenger of Satan".
Be open minded or go to church and sleep in the church!
As the power granted by the holy father we can call them in that way. wait a minute i saw your mom in a Buddhist temple bending down to 70 year old monk
Deleteආවෙත් අදමයි මේ පැත්තට. ටිකක් පරණ කතාවක් උනාට නොමෙන්ට් එකක් දැම්මා කියලා තරහ වෙන එකක් නෑ මං හිතන්නේ. (තරහ උනත් සොරි හොදේ)
ReplyDeleteඔය මැවීම සම්බන්ධයෙන් නම් මටත් පුරස්න ටිකක් තියෙනවා. මේ ළගදි මට යාලුවෙක්ගෙන් හම්බුනා Ancient Aliens කියලා Documentary එකක්. දන්න තරමින් History Channel එකක තමයි ගිහිල්ලා තියෙන්නෙ. මං ගාව නම් තියෙන්නේ එක season එකක් විතරයි. ඒත් 4ක් ද කොහෙද තියෙනවාලු. (සමහරවිට ඔයාලා මේ ගැන දන්නවා ඇති.) මේකේ ලින්ක් දාන්න නම් මට තේරෙන්නෙ නෑ. හැබැයි මේ තියරි එකෙන් කියවෙන්නේ දේව සංකල්පය මිනිසුන් විසින් තමන්ට තේරැම් ගැනීමට අපහසු බලවේගයක් හදුන්වාදීම සදහා යොදා ගන්නා ලද බවත් ඒ ඇත්තවශයෙන්ම දෙවියන් නොව පිටසක්වල සිට පැමිණි අජටාකාශගාමීන් ලෙසත් (හෝ කාල සංචාරකයින් බවත්). මේ සදහා සාක්ෂි වශයෙන් ඔවුන් යොදා ගන්නේ ශුද්ධ වූ බයිබලයේ. ශුද්ධ වූ කුරානයේ, ඉන්දියානු පුරාණ පොත් සහ නොයෙකුත් ජන කණ්ඩායම් අතර පවතින ෛඑතිහාසික මූලාශ, ජන කතා ආදිය. මේකත් ඩාවින්ගේ පරිණාමවාදය වගේම තියරි එකක් විතරයි. හැබැයි අපි දන්නා සමහර සාධක වලට මේ තියරි එක ගැලපෙනවා කියලා මට හිතෙනවා. අපි හිතනවාට වඩා දියුණු තාකෂණික කම පැරණි මානවයන්ට තිබුනා කියලා වගේම සමහර ශිෂ්ටාචාර එකවරම නැති වී ගියේ ඇයි කියන දේට මේ තියරි ඓකෙන් යම් යම් කරැණු සැපයෙනවා.
කොෙහාම වුනත් මේ තියරි එකෙනුත් ඩාවින්ගේ පරිණාමවාදෙයන් වගේම දේවවාදයට පහර වැදීමක් සිදුවෙනවා.
මේ සාධකවල සම්බන්ධයෙන් පිලිගත නොහැකි කරැණු තියෙනවා කියලාත් මතයක් තියෙනවා. හැමදේම ඇත්ත වෙන්නත් බෑෙන්.
තවා දෙයක්.
Deleteදවසක් බමුණෙක් ආවලු බුදු හාමදුරැවො ළගට. ඇවිත් ඇහුවලු ලොකයේ ආරම්භය හා අවසානය නොොහමද වුනේ කියලා. (මේක මේ විදියම නොවෙයි කතාවෙ තියෙන්නේ. මට මතක මම අහලා තියෙන දෙයක් විතරයි. ) බුදුහාමුදුරැවො උත්තරයක් දුන්නේ නැහැලු. තුන් පාරක් ඇහුවලු පුරස්ෙන්. අන්තිමට බුදුහාමුදුරැවො ඒ බමුණට කියපු දෙයි සාරාංශය තමයි ලෝකයේ ආරම්භය ගැන දැනගෙන තේරැම් ගන්න පුළුවන් කමක්, ඥානයක් ඒ බමුණට නැති බව. කතාව නම් මට ඇත්තටම මතක නෑ. මට වැඩිය ඒ ගැන දැනුම් තේරැම් ඇති අය මෙතන ඇති. කියන්න ඹ්නෙ උනේ සමහර ගැඹුරැ දේවල් තේරැම් ගන්න තරම් මිනිස් වර්ගයාගේ සිත් තාම දියුණු නැතිව ඇති කියන එකයි. ඒ තත්වයට ළං වෙන නිසා තමයි මේ වගේ දේවල් ගැන ප්‍රශ්න කරන්න පටන් අරගෙන ඇත්තේ කියන එකයි මගේ නම් හැගීම. (දැං සමහරැ කියයි ලෝක විනාශය අත ළග නිසයි දෙයියො ගැන ප්‍රශ්න කරන්නේ නියලා)
සින්දුවනම් මරු
ReplyDeleteආදම් ඒවා එක්ක මොනවා වත් කලේ නැද්ද?
ReplyDeleteනැත්තං ආදම්ට අරවා එකක් තිබුනෙ නැද්ද?