Thursday, November 24, 2011

ඇවිදින විටත් නිදියන දූ පුතුන් ලද

"ෆිස් එක බලාගන්න ඉන්න කට්ටියත් මම එනකොට හොදට ගොරව ගොරව නිදි " පෙරේදා (22/11/2011) ඔෆිස් එකේ මමයි, බාප්පයි, බාප්පාගේ පුතයි කතා කරකර ඉන්නකොට බාප්පා විහිළුවෙන් වගේ කිවුව කතාවක්. මේ කතාව ඇහුනාම මට පොලොව පලාගෙන යන්න හිතුන. මොකද ඔය ඔතන කට්ටියත් කියල කිවුවෙ මට හින්ද.

ඔෆිස් එකේ මට කරන්න තියන වැඩ අඩුවේගෙන ගිහිල්ල අන්තිමට කරන්න වැඩක් නැති තැනටම ආවට පස්සේ මම පටන්ගත්ත ඔෆිස් එකේ ටිකක් නාදාගන්න. ටිකක් කිවුවට ඇත්තටම ටිකක්මත් නෙවෙයි. ඒ දවස් වල අපේ බාප්පත් ඔෆිස් එන එක අඩු කරල තිබුනෙ. ඔෆිස් එකේ වැඩ බැලුවේ බාප්පාගේ පුතා. ඉතින් අපි දෙන්න (මමයි බාප්පගෙ පුතයි) උදේට ඔෆිස් ආපුවහම මට තියන ඔය පොඩි පොඩි වැඩ ටික ඉවර කරලා නවකතා පොතකුත් අරගෙන මම යනවා අපේ බාප්පගෙ පුතාගෙ රූම් එකට. යාහු නිවුස් වලින් පටන්ගන්න අපේ කතාව ඉවර වෙන්නෙ ෆේස් බුක් එකේ අලුතින් අප්ඩේට් කරලා තියන ෆොටෝස්, වීඩියෝස් ටිකත් බලල ඉවර උනහම තමයි. ඊට පස්සෙ මම පොත කියවන්න පටන්ගන්නවා. ඔන්න ඉතින් පොත ටිකක් කියවගෙන එනකොට ඇස්දෙක පියවෙන්න එනව ඉතින් පොත පැත්තකින් තියල ටිකක් නාදා ගන්නවා. ඔය වෙද්දී වෙලාව 12ට විතර ඇති. 2ක විතර වෙනකොට නගිටෙන්නෙ හොද බඩගින්නකුත් එක්ක. ගෙදරට ගිහිල්ල දවල්ට කාල ආයෙත් ඔෆිස් එකට එනකොට හවස 3 විතර වෙනවා. ඒ ආවට පස්සෙ බ්ලොග් දෙක තුනක් කියවල ෆෝන් එකෙන් ගේම් එකක් එහෙම ගහද්දි ඔෆිස් එක වහන වෙලාව හරි. මාස එකහමාරකට විතර කලින් මේක තමයි මගෙ සාමාන්‍ය දින චර්යාව. සතියකට දවසක් දෙකක් විතර මේක පොඩ්ඩක් වෙනස් වෙන්නෙ ඔෆිස් එකේ වැඩ වලා එලියට යන්න වෙන හින්ද. කැලේ වෙනස් උනාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නෙ නෑ වගේ, මම ඔෆිස් එකෙන් පිට හිටිය කියල මගෙ නිදා ගනිල්ලා වෙනස් වෙන්නෙ නෑ. වාහනේ එලවන ගමනුත් නින්ද ගිය අවස්ථා එමටයි. සිග්නල් එකක හිටියොත් අනිවාර්යෙන් නින්ද ගිහින්, පිටිපස්සෙ වාහන වල හෝන් එකට තමයි නගිටෙන්නෙ.


ඔන්න ඔහොම තමයි මාස එකහමාරකට කලින් මම ඔෆිස් එකේ වැඩ කෙරුවෙ, ඒත් අහම්බෙන් ඇහුන සින්දුවක් හින්ද, වැඩ කරන වේලාවට නිදා ගන්න සම්පුර්ණයෙන්ම නැවැත්තුව. ඒ සින්දුව ඒ තරමට මගෙ හිතට වැදුන. "ඇවිදින විටත් නිදියන දූ පුතුන් ලද මේ මගෙ නිජබිමයි ලෝකෙන් උතුම් රට" මෙන්න මේ පද පේලිය ඇහෙන කොට මට හැගුන මමත් ඔය කියන ජාතියේම කෙනෙක් නේද කියල. හරිම ලැජ්ජාවක් දැනුන. මම නිදාගෙන ඉන්න ෆොටෝ ෆේස් බුක් එකේ තිබුනත් මට මෙතරම් ලැජ්ජාවක් දැනිල නෑ. රටේ මේදේ වෙනස් වෙන්න ඕනෙ, අර දේ වෙනස් වෙන්න ඕනෙ කියල නිතරම වාද කරන මමත් මෙහෙමද කියල මට හිතුන.


මේ සින්දුව තියන සීඩි (නෑසෙන ගී නද- නන්දා මාලිනි) ඒක මම ගත්තෙ මීට මාස 6කට විතර උඩදි, ලංකාවෙ ගුවන්තොටුපොලෙන්. ඒත් ඒකෙ තියන ඔක්කොම සින්දු ටික අහන්නත් කලින් මිතුරෙක් ඒ සීඩි එක ඉල්ලන් ගියා අද වනතුරුත ඒක ලැබුනේ නෑ. කොපියක් දාගත්ත නිසා ඒක ඉල්ලන්න උවමනා උනෙත් නෑ. මේ සැරේ ලංකාවට ගිහිල්ල එනකොට තමයි ඒ සින්දුව පලවෙනි වතාවට අහන්න ලැබුනේ. තව දෙතුන් පාරක් ඒ සින්දුවම ඇහුවෙ ඒක මගෙ සිතට තදින්ම කා වැදුණු නිසා වෙන්න ඇති.කොහොම නමුත් මේ සින්දුව මගෙ ජිවිතේ ලොකු වෙනසක් කළා.


පලවෙනි දවස් දෙක තුන හරිම අමාරුවෙන් හිටියෙ නින්ද යන්නම එනව. ඒ වෙලාවට පුටුවෙන් නැගිටලා ඔෆිස් එකේ ඇවිදිනවා, එහෙමත් නැත්නම් තේ එකක් බොනවා. වාහනේ යද්දිත්
පොඩි වතුර බෝතලයක් අරගෙන ගියා. සිග්නල් එකක නැවතුනාම මූඩියට වතුර ටිකක් අරගෙන මුණ හොද ගත්ත. දැන් මම ඔෆිස්‌ වෙලාවෙ නිදා ගන්නෙ නෑ.

පෙර රජ දවස වැවු දාගැබ් ගණන් කොට
ගල් කණු අතර හප කරමින් බුලත් විට
ඇවිදින විටත් නිදියන දූ පුතුන් ලද
මේ මගෙ නිජබිමයි ලෝකෙන් උතුම් රට

කහට කෝප්පේ පොගවා ගිලින්නට
පාන් කෑල්ලක් යදිනා දනන් හට
ඇස් නැත සිදුව ඇති දේ ගැන දකින්නට
එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට

රැවටී සුවහසක් බොරුකාරයින් හට
පාඩම් ලබා නැත යුග යුග ගනන් සිට
දෑසේ කදුළු ඉතිරිව නැත අඩන්නට
එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට

උගසට තබා මගෙ රට පිට රටුන් හට
ලොව බලවතුන් අභිමුඛයෙ දනින් සිට
සිග්මන් යදිමු සාගින්දර නිවන්නට
එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට



සින්දුව ඩවුන්ලෝඩ් කරගන්න මෙතනින්
මෙන්න මේ සින්දුවට පින්සිද්ද වෙන්න දැන් මම ඔෆිස් එකේ ඇහැරගෙන ඉන්නව. තව ගොඩක් දේවල් මේ සිංදුවෙන් අපට ඉගෙනගන්න පුළුවන්. නමුත් ඒ දේවල් ගැන කතා කරන්න ගියොත් මගෙ බ්ලොග් එකත් දේශපාලන බ්ලොග් එකක් වෙන නිසා මම මෙතනින් ලිපිය නවත්තනවා.

22 comments:

  1. ඒක නම් හැබෑව - ඉගෙන ගත්තු සිල්ප සාස්ත්‍රයක් වැඩි දියුණු කරගන්න කාලේ යොදවන්ට මලේ - බාප්පා හෝ බාප්පාගේ පුතා දවසක නොහොඳ නෝකාඩු වුනොත් දෙයියනේ කියලා ඉන්ට පුලුවනිනේ

    ReplyDelete
  2. මට නම් පුදුම ආඩම්බරයක් ඇති උනා මන් ගැනම, සිංදුව ඇහුවම :-D තව ටිකක් වැඩියෙන් නිදා ගන්න ඕනේ

    ReplyDelete
  3. අපෝ අර නිදන් ඉන්න කැත බලහන්කො සික්

    ReplyDelete
  4. මේ නිදා ගෙන ඉන්නේ ඔබ තුමාද??

    ReplyDelete
  5. මචෝ මේකත් අහලා බලපන් http://www.mediafire.com/?cun5jd2jiiz

    ReplyDelete
  6. මහ දවල් මෙහෙම නිදි රෑට ඇහැරිලාද හික්ස්

    ReplyDelete
  7. අනේ අපිට කොහෙද ඔහොම වාසනාවක්... ආව වෙලේ ඉඳං වැඩ වැඩ වැඩ....

    ReplyDelete
  8. මටත් හිතුනෙම සිහිනයා කියපු කතාවමනේ....... හලේ....... සංසාලේ......... :D

    ReplyDelete
  9. හෆ්ෆේ මෙහෙමත් නින්දක්... සිහින කිව්වා වගේ හුස්මක් ගන්නවත් අපිටනම් වෙලාවක් නෑ ඔෆිස් එකේදී... :(

    ReplyDelete
  10. රුචා ඔක්කොමත් හරි කියමුකෝ මේ දිනේ කොයි ලෝකේ එකක්ද බං.... //(20/22/2011)//

    ReplyDelete
  11. @තිසා අයිය : ගොඩක් ස්තුතියි අයියෙ දුන්නු උපදේසෙට. මම ලගදීම පටන් ගන්න කියල තමයි හිතන් ඉන්නෙ. ලංකාවට ගිය කාලෙක හරි බය නැතුව ඉන්න පුළුවන් එතකොට.

    @මරණය : හොදට නිදා ගන්න අයියෙ. හරියට නින්ද යන්නෙ නෑ වගේ නම් කොට්ටේකුත් අරං ගිහින් නිදාගන්න. :D

    @ශානු : ලස්සනට නිදාගන්න කියල දුන්න දවසෙ ඉස්කෝලේ යන්න බැරි උනා. පරක්කු වෙලා ඇහැරුණ හින්ද. ඉතින් ලාස්සනට නිදාගන්න දන්නෙ නෑ.

    @දිනේෂ් : නැතුව ඉතින් වෙන කවුද :D

    @කිඩෝ : පවන CD එකේ තියන ලස්සන සින්දුවක් නේද මල්ලි

    @හිම කුමාරි : ඔව් රෑටනම් ටිකක් විතර ඇහැරගෙන ඉන්නව. ඒත් සමහර දවස් වලට විතරයි.

    @සිහින : හැම තිස්සෙම බස් එකේ ඉන්නෙ, උබ වැඩ කරන්නෙ ගූගල් කම්පැනියේ වෙන්න ඇති නේද මල්ලි.

    @ජේ.ඩි : මොනව කරන්නද බං සංසාරෙ හැටි ඔහොම තමයි. වැඩිපුර පින් කරපන් එතකොට ඊලග ආත්මෙ හොදට නිදාගන්න පුළුවන් වෙයි. :D

    @හසී : හසී නංගිගෙනුත් අහන්න තියෙන්නෙ සිහිනගෙන් අහපු එකම තමා :D

    @ප්‍රසන්න : ස්තුතියි මචන් වැරැද්ද පෙන්නුවට මම දැන් හැදුව දිනේ.වෙලාවට උඩ කමෙන්ට් කරපු කවුරුවත් දැකල නෑ :D

    ReplyDelete
  12. ane කොච්චර ලොකු දෙයක්ද ... ඔහොම තමයි ඉන්න ඕනා..

    ReplyDelete
  13. සැහ් ආන්න සිංදු . . . මරේ කියපු කතාවම තමයි ආයෙත් කියන්න වෙන්නෙ . . මම කියනවට මෙතන බලපංකො . . .

    ReplyDelete
  14. සිරාවට!රට හදන්න යන උන් ගොඩ දෙනෙක් තේරුම් ගන්නේ නැති දෙයක් තමා ඊට කලින් තමුන් හැදිලා ඉන්න ඕන කියන එක!

    ReplyDelete
  15. සික් විතරක් නිදාගෙන ඉන්න කැත . .

    තොගේ නින්ද ගැන නම් බ්ලොග් දහයක් විතර ලියන්න ඇහැක් වෙයි බුද්ධිව කන්ටෑක්ට් කලා නම් . .

    ReplyDelete
  16. මූ වගේ ටොම් පචයෙක්..අදත් දවල් කපලා නිදි..ඊයේ බලද්දිත් එහෙමයි..ඒත් ටෝක දෙන්නේ දැන් හැදිලා වගේ කියලා..අනේ අම්මපා...

    @මරණේ..
    මේ මොනව කියනවද..මටත් එහෙමයි

    ReplyDelete
  17. මම ටීවී එකේ දැක්කා සමීක්ෂනයක්, රාජකාරි වෙලාවේ නිදියන උන් අතරේ එයාර් ට්‍රැෆික් කන්ට්‍රෝලර්ස් ලා පවා ඉන්නවා කියලා කිව්වේ... :D :D

    ReplyDelete
  18. අනේ බාප්පත් සෑහෙන්න පින් කරල තියෙනව මෙහෙම පුත්තු ලබන්න...

    ReplyDelete
  19. අනේ යකෝ........අම්මටයි තාත්තටයි හදන්න බැරුව ගිය උබේ ඔය ගතිගුණ නන්දා මාලිනිගේ සින්දුවකට හදන්න පුලුවන්ද?

    ReplyDelete
  20. වාහනේ එලවන කොට නං නිදාගන්ණ එපා.
    නිදිමත නං මග නවත්තලා නිදාගෙන ඉඳලා පස්සේ යන්න.

    ReplyDelete
  21. වාහනේ එලවන කොට නං නිදාගන්ණ එපා.
    නිදිමත නං මග නවත්තලා නිදාගෙන ඉඳලා පස්සේ යන්න.

    ReplyDelete
  22. මට නම් සැපට නින්ද යන්නේ lecturesවලදී. පැය දෙකේ හරි පැයේ හරි lectures වලදී මුල් පැය භාගේ ගිය ගමන් පුතා සැපට නිදි :))

    ReplyDelete

Real Time Web Analytics