ඔෆිස් එකේ මට කරන්න තියන වැඩ අඩුවේගෙන ගිහිල්ල අන්තිමට කරන්න වැඩක් නැති තැනටම ආවට පස්සේ මම පටන්ගත්ත ඔෆිස් එකේ ටිකක් නාදාගන්න. ටිකක් කිවුවට ඇත්තටම ටිකක්මත් නෙවෙයි. ඒ දවස් වල අපේ බාප්පත් ඔෆිස් එන එක අඩු කරල තිබුනෙ. ඔෆිස් එකේ වැඩ බැලුවේ බාප්පාගේ පුතා. ඉතින් අපි දෙන්න (මමයි බාප්පගෙ පුතයි) උදේට ඔෆිස් ආපුවහම මට තියන ඔය පොඩි පොඩි වැඩ ටික ඉවර කරලා නවකතා පොතකුත් අරගෙන මම ය

ඔන්න ඔහොම තමයි මාස එකහමාරකට කලින් මම ඔෆිස් එකේ වැඩ කෙරුවෙ, ඒත් අහම්බෙන් ඇහුන සින්දුවක් හින්ද, වැඩ කරන වේලාවට නිදා ගන්න සම්පුර්ණයෙන්ම නැවැත්තුව. ඒ සින්දුව ඒ තරමට මගෙ හිතට වැදුන. "ඇවිදින විටත් නිදියන දූ පුතුන් ලද මේ මගෙ නිජබිමයි ලෝකෙන් උතුම් රට" මෙන්න මේ පද පේලිය ඇහෙන කොට මට හැගුන මමත් ඔය කියන ජාතියේම කෙනෙක් නේද කියල. හරිම ලැජ්ජාවක් දැනුන. මම නිදාගෙන ඉන්න ෆොටෝ ෆේස් බුක් එකේ තිබුනත් මට මෙතරම් ලැජ්ජාවක් දැනිල නෑ. රටේ මේදේ වෙනස් වෙන්න ඕනෙ, අර දේ වෙනස් වෙන්න ඕනෙ කියල නිතරම වාද කරන මමත් මෙහෙමද කියල මට හිතුන.
මේ සින්දුව තියන සී

පලවෙනි දවස් දෙක තුන හරිම අමාරුවෙන් හිටියෙ නින්ද යන්නම එනව. ඒ වෙලාවට පුටුවෙන් නැගිටලා ඔෆිස් එකේ ඇවිදිනවා, එහෙමත් නැත්නම් තේ එකක් බොනවා. වාහනේ යද්දිත්
පොඩි වතුර බෝතලයක් අරගෙන ගියා. සිග්නල් එකක නැවතුනාම මූඩියට වතුර ටිකක් අරගෙන මුණ හොද ගත්ත. දැන් මම ඔෆිස් වෙලාවෙ නිදා ගන්නෙ නෑ.
පෙර රජ දවස වැවු දාගැබ් ගණන් කොට
ගල් කණු අතර හප කරමින් බුලත් විට
ඇවිදින විටත් නිදියන දූ පුතුන් ලද
මේ මගෙ නිජබිමයි ලෝකෙන් උතුම් රට
කහට කෝප්පේ පොගවා ගිලින්නට
පාන් කෑල්ලක් යදිනා දනන් හට
ඇස් නැත සිදුව ඇති දේ ගැන දකින්නට
එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට
රැවටී සුවහසක් බොරුකාරයින් හට
පාඩම් ලබා නැත යුග යුග ගනන් සිට
දෑසේ කදුළු ඉතිරිව නැත අඩන්නට
එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට
උගසට තබා මගෙ රට පිට රටුන් හට
ලොව බලවතුන් අභිමුඛයෙ දනින් සිට
සිග්මන් යදිමු සාගින්දර නිවන්නට
එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට
සින්දුව ඩවුන්ලෝඩ් කරගන්න මෙතනින්
මෙන්න මේ සින්දුවට පින්සිද්ද වෙන්න දැන් මම ඔෆිස් එකේ ඇහැරගෙන ඉන්නව. තව ගොඩක් දේවල් මේ සිංදුවෙන් අපට ඉගෙනගන්න පුළුවන්. නමුත් ඒ දේවල් ගැන කතා කරන්න ගියොත් මගෙ බ්ලොග් එකත් දේශපාලන බ්ලොග් එකක් වෙන නිසා මම මෙතනින් ලිපිය නවත්තනවා.
ඒක නම් හැබෑව - ඉගෙන ගත්තු සිල්ප සාස්ත්රයක් වැඩි දියුණු කරගන්න කාලේ යොදවන්ට මලේ - බාප්පා හෝ බාප්පාගේ පුතා දවසක නොහොඳ නෝකාඩු වුනොත් දෙයියනේ කියලා ඉන්ට පුලුවනිනේ
ReplyDeleteමට නම් පුදුම ආඩම්බරයක් ඇති උනා මන් ගැනම, සිංදුව ඇහුවම :-D තව ටිකක් වැඩියෙන් නිදා ගන්න ඕනේ
ReplyDeleteඅපෝ අර නිදන් ඉන්න කැත බලහන්කො සික්
ReplyDeleteමේ නිදා ගෙන ඉන්නේ ඔබ තුමාද??
ReplyDeleteමචෝ මේකත් අහලා බලපන් http://www.mediafire.com/?cun5jd2jiiz
ReplyDeleteමහ දවල් මෙහෙම නිදි රෑට ඇහැරිලාද හික්ස්
ReplyDeleteඅනේ අපිට කොහෙද ඔහොම වාසනාවක්... ආව වෙලේ ඉඳං වැඩ වැඩ වැඩ....
ReplyDeleteමටත් හිතුනෙම සිහිනයා කියපු කතාවමනේ....... හලේ....... සංසාලේ......... :D
ReplyDeleteහෆ්ෆේ මෙහෙමත් නින්දක්... සිහින කිව්වා වගේ හුස්මක් ගන්නවත් අපිටනම් වෙලාවක් නෑ ඔෆිස් එකේදී... :(
ReplyDeleteරුචා ඔක්කොමත් හරි කියමුකෝ මේ දිනේ කොයි ලෝකේ එකක්ද බං.... //(20/22/2011)//
ReplyDelete@තිසා අයිය : ගොඩක් ස්තුතියි අයියෙ දුන්නු උපදේසෙට. මම ලගදීම පටන් ගන්න කියල තමයි හිතන් ඉන්නෙ. ලංකාවට ගිය කාලෙක හරි බය නැතුව ඉන්න පුළුවන් එතකොට.
ReplyDelete@මරණය : හොදට නිදා ගන්න අයියෙ. හරියට නින්ද යන්නෙ නෑ වගේ නම් කොට්ටේකුත් අරං ගිහින් නිදාගන්න. :D
@ශානු : ලස්සනට නිදාගන්න කියල දුන්න දවසෙ ඉස්කෝලේ යන්න බැරි උනා. පරක්කු වෙලා ඇහැරුණ හින්ද. ඉතින් ලාස්සනට නිදාගන්න දන්නෙ නෑ.
@දිනේෂ් : නැතුව ඉතින් වෙන කවුද :D
@කිඩෝ : පවන CD එකේ තියන ලස්සන සින්දුවක් නේද මල්ලි
@හිම කුමාරි : ඔව් රෑටනම් ටිකක් විතර ඇහැරගෙන ඉන්නව. ඒත් සමහර දවස් වලට විතරයි.
@සිහින : හැම තිස්සෙම බස් එකේ ඉන්නෙ, උබ වැඩ කරන්නෙ ගූගල් කම්පැනියේ වෙන්න ඇති නේද මල්ලි.
@ජේ.ඩි : මොනව කරන්නද බං සංසාරෙ හැටි ඔහොම තමයි. වැඩිපුර පින් කරපන් එතකොට ඊලග ආත්මෙ හොදට නිදාගන්න පුළුවන් වෙයි. :D
@හසී : හසී නංගිගෙනුත් අහන්න තියෙන්නෙ සිහිනගෙන් අහපු එකම තමා :D
@ප්රසන්න : ස්තුතියි මචන් වැරැද්ද පෙන්නුවට මම දැන් හැදුව දිනේ.වෙලාවට උඩ කමෙන්ට් කරපු කවුරුවත් දැකල නෑ :D
ane කොච්චර ලොකු දෙයක්ද ... ඔහොම තමයි ඉන්න ඕනා..
ReplyDeleteසැහ් ආන්න සිංදු . . . මරේ කියපු කතාවම තමයි ආයෙත් කියන්න වෙන්නෙ . . මම කියනවට මෙතන බලපංකො . . .
ReplyDeleteසිරාවට!රට හදන්න යන උන් ගොඩ දෙනෙක් තේරුම් ගන්නේ නැති දෙයක් තමා ඊට කලින් තමුන් හැදිලා ඉන්න ඕන කියන එක!
ReplyDeleteසික් විතරක් නිදාගෙන ඉන්න කැත . .
ReplyDeleteතොගේ නින්ද ගැන නම් බ්ලොග් දහයක් විතර ලියන්න ඇහැක් වෙයි බුද්ධිව කන්ටෑක්ට් කලා නම් . .
මූ වගේ ටොම් පචයෙක්..අදත් දවල් කපලා නිදි..ඊයේ බලද්දිත් එහෙමයි..ඒත් ටෝක දෙන්නේ දැන් හැදිලා වගේ කියලා..අනේ අම්මපා...
ReplyDelete@මරණේ..
මේ මොනව කියනවද..මටත් එහෙමයි
මම ටීවී එකේ දැක්කා සමීක්ෂනයක්, රාජකාරි වෙලාවේ නිදියන උන් අතරේ එයාර් ට්රැෆික් කන්ට්රෝලර්ස් ලා පවා ඉන්නවා කියලා කිව්වේ... :D :D
ReplyDeleteඅනේ බාප්පත් සෑහෙන්න පින් කරල තියෙනව මෙහෙම පුත්තු ලබන්න...
ReplyDeleteඅනේ යකෝ........අම්මටයි තාත්තටයි හදන්න බැරුව ගිය උබේ ඔය ගතිගුණ නන්දා මාලිනිගේ සින්දුවකට හදන්න පුලුවන්ද?
ReplyDeleteවාහනේ එලවන කොට නං නිදාගන්ණ එපා.
ReplyDeleteනිදිමත නං මග නවත්තලා නිදාගෙන ඉඳලා පස්සේ යන්න.
වාහනේ එලවන කොට නං නිදාගන්ණ එපා.
ReplyDeleteනිදිමත නං මග නවත්තලා නිදාගෙන ඉඳලා පස්සේ යන්න.
මට නම් සැපට නින්ද යන්නේ lecturesවලදී. පැය දෙකේ හරි පැයේ හරි lectures වලදී මුල් පැය භාගේ ගිය ගමන් පුතා සැපට නිදි :))
ReplyDelete