මමත් හිතන් හිටියෙ ජනවාරි 7 ගාල්ලෙ තිබුන ගෙට්ටුගෙදර් එක ගැන පෝස්ට් එකක් දාන්න ඒත් , ගියපු අය දාල තිබුන පෝස්ට් ටික ඔක්කම් කියෙව්වට පස්සෙ මට හිතුන මට, අලුතෙන් දාන්න දෙයක් ඉතිරි වෙලා නෑ කියල. අනික එදා වෙච්ච සමහර දේවල් මම දැන ගත්තෙත් මේ පෝස්ට් වලින්. මොකද එදා මම හිටියෙත් පියවි සිහියෙන් නෙවෙයි කොහෙද නෙ. :D ඉතින් ඒක නිසා මම තීරණය කළා ජනවාරි 6 වෙනිදා මම ගිය කැළණි ට්‍රිප් එක ගැන ලියන්න.
ම්ම්ම්.... මම මේ කියන්න හදන කතාව ගාල්ලෙ ගමනට කෙලිනම් සම්න්බන්දයක් නම් නෑ. හැබැයි සම්බන්දයක් නැත්තෙමත් නෑ. මට තේරෙන විදියට නම් මේක දබුලු ගිහින් තලගොයිත් මරාගෙන එනව වගේ කතාවක්. ඒත් මට නම් තලගොයෙක් තියා කබරයෙක් වත් මරා ගන්න හම්බවුනේ නෑ.
2011 දෙසැම්බර් 30 (හරියටම කතාව පටන් ගන්නෙ මෙදා ඉදන්)
සිකුරාදා දවසක් හින්ද නැගිටිනකොට හවස 4ත් පහුවෙලාද කොහෙද, ඒ නැගිට්ටෙත් කාම්බරේ දොර කැඩෙන්න වගේ ගහපු සද්දෙට. "කෑම හදල නැගිටලා කාල ඉන්න" කියල කටහඩකුත් ආව. දැන් නම් ඉතින් නැගිටින්නම වෙනව. මමත් නැගිටලා මූන කට හෝදගෙන කෑම කාල එහෙම ඉදගත්ත ලැප් එක ලගින්. කට්ටිය ඔක්කොම ලෑස්ති වෙනව ජනවාරි 7 වෙනිද ගාලු යන ගමනට. ඒ ඇවිත් තිබුන මේල් ටික දැක්කහම මටත් යන්නමයි හිතුනෙ. ඒත් කොහොම හරි අමාරුවෙන් ඒ ආශාව යටපත් කරගත්ත. හැබැයි එකම එක මේල් එකක් දැම්ම "මටත් එන්න ආසයි" කියල.
2011 දෙසැම්බර් 31
වෙලාව දවල් 12.22 ෆේස් බුක් චැට් එකක් මමයි එයයි
මම :- හායි (හැමදාම වගේ එදත් මම තමයි මුලින්ම හායි කියල තියෙන්නෙ)
එයා :- හායි, මොකද අනේ විශ් කලාම රිප්ලයි නැත්තෙ (ෆේස් බුක් එකේ ශෙයා කරපු ෆොටෝ එකක් ගැන මේ කියන්නෙ) මම :- දැන්ම බෑ රෑ 12න් පස්සෙ
එයා :- ඒ වුනත් මම දාපු ෆොටෝ එකට ලයික් එකක් වත් දාන්නකොමම :- ඒක ඔයාද හැදුවෙ
එයා :- මම නෙවෙයි තමයි හැදුවෙ, මම ඔය පාට පාට ඒවට ආස නෑ නෙ
මම :- ඒ කියන්නෙ
එයා :- මොකක් ගැනද අහන්නෙ
මම :- "මම ඔය පාට පාට ඒවට ආස නෑ නෙ" කියල කිව්වෙ මොකක් ගැනද
එයා :- නෑ අනේ මම දාපු ෆොටෝ එක සෝ චාම් නෙ. ඒකයි
මම :- හ්ම්ම්, ඒක නෙවෙයි නංගි 6 හරි 8 හරි නිවාඩුද (ඔලුව දාන්න කලින් මුට්ටිය දාල බලන්න එපෑ ගෙදර හොරු.. නෑ ගෙදර මිනිස්සු ඉන්නවද කියල)
එයා :- ඇයි අහන්නෙ ? (ශික් ගැහුව පොල්ලෙන්)
මම :- නෑ නිකන් ඇහුවෙ
එයා :- 6 නිවාඩුයි
මම :- මම ආවොත් එදාට හම්බවෙන්න පුලුවන්ද :P
එයා :- බලමු. (ගෑණු ළමයි බලමු කියන්නෙ හා කියන එකටද)
මම :- 7 වෙනිදා ගෙට්ටුගෙදර් එකක් තියනව. මමත් ඉතින් ඒකට එන්න හිතන් ඉන්නව. (පට්ට පල් බොරුවක්. ඒ වෙනකොට මම ලංකාවට යන්න හිතල තිබුනෙ නෑ )
එයා :- සෝ
මම :- මම එන එක තවම ශුවර් නෑ. එන්න පුළුවන් වුනොත් ආසයි හම්බවෙලා නංගිත් එක්ක කතා කරන්න :D (දැන්නම් අනිවා ලංකාවට යනව)
එයා :- හ්ම්ම් බලමු
එයා :- හැබැයි සින්දු කියන්න ඔට්ටු නෑ . ස්පෙශලි හින්දි එව්ව
මම :- ආයෙ කවදාවත්ම නෑ :D (සින්දු නෙවෙයි නංගි ඔයා කියනවනම් කතාත් නොකර ඉන්නම්)
මම :- අර සීඩි ටිකත් මම අරන් එන්නම් (එයා ආසම බෑන්ඩ් එකේ ඇල්බම් වගයක්)
එයා :- අනේ එපා මට මුකුත් ගේන්න ඕනෙ නෑ
මම :- එහෙනම් ඉතින් අපේ මල්ලිටවත් ඒ ටික දෙන්නම් (ඔයාට එපා නම් වෙන කාටවත් දෙන්නෙ කොහොමද මම ම තියා ගන්නව)
එයා :- අන්න හොදයි
මම :- එතකොට ඔයා මට, අර මම කියපු පොත ගෙනත් දෙන්නෙ නැද්ද?
එයා :- වෙන දවසක දෙන්නම්
මම :- හා එහෙම වුනොත් අපිට ආයෙමත් හම්බවෙන්න පුළුවන්
එයා :- නෑ මම පෝස්ට් කරන්නම්
මම :- :D
දැන් ඉතින් මම ගාලු ගමන යන එක ස්ථිරයි. ආ තවම නිවාඩු අනුමත කරගන්න බැරි වුනා නෙ. මම ගියා අපේ පොඩි බොස් ලගට ගිහිල්ල සීන්ස් එක කියල දවස් 3ක නිවාඩුවක් අනුමත කරගත්ත.
මහින්ද ලංකා ෆ්ලයිට් එකෙන් අඩු ගානට ටිකට් එකකුත් අරගත්ත. කොළබ ඉදන් ගාලු යන සෙට් එකටත් මේල් එකකුත් දැම්ම "මමත් ගාලු යන්න එනේ" කියල.
බ්ලොග් ලියන සෙට් එක හම්බවෙලා කතා බහ කරන්නයි, අවුරුදු 3කින් විතර නොදැකපු, මට සුවිශේෂ කෙනෙක් හම්බවෙන්න ලැබෙන එකයි
ඇත්තටම වචන වලින් කියා ගන්න බැරි තරම් සතුටක්
2011 දෙසැම්බර් 31
වෙලාව රාත්‍රී 10.30 ට පමණ
ෆේස් බුක් චැට් ලිස්ට් එකේ ඉන්න දන්න නොදන්න හැමෝටම සුබ පතන අතරෙ, "ෆේස් බුක් යූසර්" කියල කෙනෙකුත් ඉන්නව. පරණ චැට් එකක් ඕපන් කරලා බැලුව මම මේ කවුද කියල. වෙන කවුරුවත් නෙවෙයි ඒ "එයා"
අද උදේ චැට් කරපු එයා රෑ වෙනකොට ෆේස් බුක් එකවුන්ට් එක ඩිසේබල් කරල. (අපි නම් සැලෙයි ඔව්වට) මං ලග තිබුන එයාගෙ ෆෝන් නම්බර් 2ක්. කෝල් කරල බැලුව දෙකටම, ඒ දෙකෙන්ම කිව්වෙ එකම දෙයයි "චාරයක් නොමැත".
මම කොයිතරම් ට්‍රයි කලත් පුන පුනා ඒකම කියපු නිසා වැඩේ අතෑරල දැම්ම.
6 වෙනිද වෙනකම් ට්‍රයි කරනව කන්ටැක්ට් කරගන්න බැරි වුනොත් මොනව කරන්නද බුක් කරපු ටිකට් එකෙන් 6 වෙනිද ලංකාවට ඇරෙන්න කියල හිතා ගෙන ෆෝන් එක සාක්කුවෙ දාගත්ත,
මතුවට සම්බන්දයි....!!!
❅❅❅❅❅❅❅❅❅❅❅❅❅❅
❅❅❅❅❅❅❅❅❅❅❅❅❅❅
ප.ලි
පසුව ලියන්න තියන එකත් ඊලග කොටසටම දාන්න තීරණය කළා .
ඇයි යකෝ අපි හිතන් හිටියෙ මේ අපේ සෙට් එක බලන්න ආවා කියලනෙ තකහනියෙන්ම !!! එහෙම නෙවෙයිද ???? කඩිම කන්න ඕනි මේ වෙච්ච නවනිංගිරාවට !!
ReplyDeleteඅපේ සෙට් එක බලන්නම තමයි වෙනී අයියෙ ආවේ
Deleteඅහ්හ් මාර සීන් එක.
ReplyDeleteමාර නෑ මාර නෑ :D
Deleteනෑ නෑ මාරයි
Deleteමමනං දැනං උන්න ගොනා හැරෙන්නෙ පොල් කොලේට කියල.. හික්ස්.. තලගොයා කෙසේ වෙතත් තඩි නයි, ගැරඬි දෙතුන් දෙනෙක් මරාගත්තනෙ.. හික්ස්
ReplyDeleteයුගයේ පෙරලිකාර අති භයංකර හෙලිදරවුවක දෙවනි කොටස බලාපොරොත්තු වන්න !!!!
කවුද ඩෝ ගොනා :D
Delete"යුගයේ පෙරලිකාර අති භයංකර හෙලිදරවුවක දෙවනි කොටස බලාපොරොත්තු වන්න !!!!"
හික් හික්
කොටියම කාපිය උඹව....
ReplyDeleteමං පවූ බං
Deleteඅප්පද බොල..එදා ඇවිල්ලා සින්දු කියද්දි ප්‍රේම ගීත වලට මූඩ් ගැහුවේ මේක නිසා තමයි නේද? ආ ආ ඔහොම යං ඔහොම යං
ReplyDeleteඅඩේ උබ එදා ප්‍රේම ගීතත් කිව්වද බං. මට මතක නෑ නෙ :D
Deleteදඹුලුත් ගිහින්..... තලගොයෙකුත් මරාගෙන.....තොග වෙළඳපොළෙන් ලොකු ලූනුත් අරගෙන....
ReplyDeleteඅනේ හොඳයි.... ඉන්නවැයින්නෙ ඉතින්...
දබුලු ගිහින් තලගොයින්ව මරාගේනලු එන්නේ......
Deleteඅයිස් කිරීම් දන්සැලකට ගියත් මොකද වෙන්නේ....
:D
ඊළඟ කොටසත් බලල කොමෙන්ට් එකක් දාන්නම තමා හිතුනෙ යන විදිහට නම් හයියෝ සල්ලි කියලා තමා හිතෙන්නෙ :D
ReplyDeleteකියල වැඩක් නෑ බං :(
Deleteහපොය් පව් කොල්ල,
ReplyDelete01.මෙහෙම වෙන්න පුළුවන්
"මෙහෙ ඉන්න එවුන් ගැන දන්නේ නැද්ද.මුන් ෆේක් එකවුන්ට් එකකින් උඹව ගොනාට අන්දලා හි හි ,එත් උඹට ටිකට් එකක් ගන්නේ නැතුව ඒ ගැන කස්ටියට එව්වා නම් උන් ටික ඕක කෙලින් ම කියනවා නේ ".
02.නැත්තම් මෙහෙම වෙන්නත් පුළුවන්
"මේකේ ඉන්න කෙල්ලෝ ඉතින් ලෝකේ කාල ඉන්න එවුන්,උන් දෙන ලණුවක් කාල උඹත් අපරාදේ චාටෙර් කෑව නේ.උඹ ටිකට් ගන්නේ නැතුව ඒකිට සල්ලි දුන්න නම් දවස් තුනක් උඹට රස්සාව කරලා කීයක් හරි හම්බ කරගන්න තිබ්බ."
03.මේක ඉතින් වෙන්න තියෙන ඉඩ බොහොම අඩුය්,
"ෂාහ් කියල වැඩක් නෑ, බන් උඹ වෙලාවට සෙට් උනේ මොනවා නැතත් පරස්තාව හරි හරි යන්න තිබ්බ.මෙච්චර දවසක් ගෙදරට බොරු කියා කියා හිටිය එක අද වත් නවත්තන්න පුළුවන් නේ "
01. වැරදි
Delete02. වැරදි
03. වැරදි
යකෝ මේ මම දන්න ගෑණු ළමයෙක්
මූ මේ තකහනියෙම ගිහිල්ල තියෙන්නේ වෙල නැටුමක් නටන්න... අනේ අම්මප මුන් තමයි... බලමුකො වෙන්නෙ මොකද කියල
ReplyDeleteමචං අන්තිමේදී නටපු බෙරේකුත් නෑ, නැටුමෙ පලුවකුත් නෑ :D
Deleteතවත් එක් අතුරු කතාවක්... :)
ReplyDeleteකියමුකෝ බලන්න ඔක්කොම
අද හෙටම දාන්නම් මචං
Deleteමං මේ ඒත් බැලුවා මෙච්චරවත් ## අමාරු තියෙන උන් ඉන්නවද කියලා.. :D ඇයි 7 දෙයියනේ ලංකාවට එනවද දවස් 3ක ට :D :D මම් හිතන්නෙ අයියා ෆේක් එකකට අහු වෙලාද :D :D
ReplyDeleteමේකයි මේ හොරේ ඇ.. අයියෙ මොකො කියන්නෙ තව ගෙට් එකක් තියන්නද ? කෙල්ලෙක් අපිවත් හොයලා දෙන්නම් :D :D
මෙ මම දන්න ගෑණු ළමයෙක් බං
Deleteමමනම් කියන්නේ ශුවර් එකට උඹ චැට් කරලා තියෙන්නේ ගෙට් සංවිධානය කරපු එකෙක්ගේ ෆේක් ප්‍රොෆයිල් එකක් එක්ක....
ReplyDeleteබ්ලොග් ලියන එකෙක් කාලයක් දාගෙනත් හිටියා තව බ්ලොග් ලියන එකෙක්ගේ ෆේක් ප්‍රොෆයිල් එකක්..... :D
අභීත අයියෙ මේ මම දන්න ළමයෙක්
Deleteඊලඟ පාරවත් මොනවහරි කරගමු නේද.....පවු අයිය....
ReplyDeleteවැඩක් නෑ කියල :(
Deleteඔය එලිවෙන්නෙ ඇත්ත කතා
ReplyDeleteනවකතාවක් නෙමෙයි නේද ?
නව කතාවක් නෙවෙයි බං සති 3ක් විතර පරණ කතාවක්
Deleteඅම්ම ගහයි බැට් එකෙන් කිව්වලු..
ReplyDeleteකවුද බොලේ ඔය කියන විදියේ අවාසනාවන්තියෙක් මට මතක නෑනේ????
O.o
උබ ආවද බං ගාලු
Deleteඉතුරු ටික ඉක්මන්ට දාන්න...හොදම හරිය කියෝගන එනකොට මතු සමිබන්දයි...
ReplyDeleteඅද හෙටම දානව මචං
Deleteරුචා මොකාටද එන්නේ....????
ReplyDeleteකෙහෙල් පැලේ කන්න නම් නෙවෙයි
Deleteමාත් බැලුවා කස්ටියක් ගුවනින්ම රූමස්සලට ගොඩ බැස්සා කිව්වම... :0 එහෙනම් මෙකයි කාරණය...ඉක්මනින්ම ඉතිරි කොටසත් දාන්න බලන්න තලගොයෙක් මරාගෙනමද ගියේ බලන්න.. :D :D
ReplyDeleteමොන තලගොයිද කබරයෙක්වත් නෑ :(
Deleteකොටියම කාපිය උඹව....
ReplyDeleteරිදෙයිනෙ බං මට
Deleteඒක තමයි කොල්ලා RR එකක ඇවිල්ලා තිබුනෙ..... ඒත් ඉතින් එදා රෑ ඒකට වෙච්චි වැඩේ දන්නවානම්......................................???????
ReplyDeleteශ්ශ්ශ්.. යැංකියා.. කෑ නොගහ හිටු !!!
Deleteසිහිනයාට බම්ම් ගහගන්න කියලා කියපන් යැංකියෝ. අතුරු කතා තමා රස බං.
Deleteචීත්තෙකට කරන්න බැරි දෙයක් නෑ කියන්නේ ඕකනේ..
ReplyDeleteහොහෙද මන්දා ආණඩුත් පෙරළුනාලුනේ ඕවා හන්දා...
අර ඇල්බම් ටික දුන්නද කියපන් රුචා අයියේ. නැත්තන් මට දීපන්..
ඕකට කියන්නෙ හෝමෝන කුලප්පුව කියල මචෝ
ReplyDelete